Sunday, April 19, 2026

 Virginity එකක් නිසා ඔලුව අව්ල් වෙන කොල්ලො සහ කෙල්ලෝ.....


මේ කතාව පටන් ගන්න කලින්ම දෙයක් පැහැදිලි කරන්න ඕනි. අපි මේ කතා කරන්නේ ලිංගික ඇබ්බැහිවීම් නැත්තම් Sexual Addiction තියෙන, හැමතැනම රවුම් ගහන හැමෝම එක්ක නිදා ගන්න අය ගැන නෙවෙයි. මේ කතා කරන්නේ තමන්ගේ පවුල් ජීවිතේ ලස්සනට ගෙනියන්න හීන දකින, ඒත් "වර්ජිනිටි" කියන කාරණය නිසා හිරවෙලා, මානසිකව විදවන සාමාන්‍ය ගැහැණු සහ පිරිමි ගැන.


අපි ජීවත් වෙන්නේ බොහොම සංකීර්ණ සංස්කෘතික රාමුවක. ගොඩක් වෙලාවට කසාදෙකට යද්දි අනිවාර්ය සාධකයක් විදිහට "පිරිසිදුකම" හොයන එක තාමත් අපේ සමාජයේ දරුණුවටම තියනවා. හැබැයි මේ නිසා විනාශ වෙන්නේ ජීවිත දෙකක් කියන එක ගොඩක් අයට අමතකයි.


ඇයි මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ? (Psychological Perspective)


මනෝවිද්‍යාත්මකව බැලුවොත්, කසාදයක් කියන්නේ "විශ්වාසය" මත ගොඩනැගෙන ගනුදෙනුවක්. හැබැයි අපේ සමාජය විසින් පිරිමියාගේ ඔළුවට පොඩි කාලේ ඉඳන්ම කාවද්දලා තියනවා "තමන්ගේ බිරිඳ කාටවත් අයිති වෙලා තියෙන්න බෑ" කියන අදහස. මේක බයලොජිකල් දෙයකට වඩා, සමාජය විසින් හදපු "ඊගෝ" එකක්.


මේ නිසා සිද්ධ වෙන ඛේදවාචකය පැති දෙකකින් තියනවා. අපි ඉස්සෙල්ලම කොල්ලො ගැන කතා කරමු.


01. ඇත්තටම ආදරය කරන, ඒත් අතීතය නිසා විදවන කොල්ලෝ! 😔


ගොඩක් පිරිමි ළමයි ඉන්නවා තමන්ගේ බිරිඳට පණ වගේ ආදරෙයි. හැබැයි එයාගේ අතීතයේ වෙච්ච සිද්ධියක්, නැත්නම් "වර්ජිනිටි" එක පිළිබඳ සැකයක් නිසා මේ අය රෑට නිදාගන්නෙ නෑ. මේක Retroactive Jealousy කියන තත්ත්වයට පවා වර්ධනය වෙන්න පුළුවන්. මේ Retroactive Jealousy ගැන මන් කමෙන්ට්ස් සෙක්ශන් එකේ දාන්නම්.....


එයා හිතනවා "එයා මට කලින් වෙන කෙනෙක් එක්ක හිටියා නේද?" කියලා. මේ සිතුවිල්ල එයාව ඇතුලෙන් කෑවාම, එයාට බැරි වෙනවා තමන්ගේ බිරිඳ එක්ක තියන Emotional Connection එක තියාගන්න. අන්තිමට ඒ පිරිමියා විදවන්නේ තමන්ගේම සිතුවිලි එක්ක සටන් කරලා.


02. රැවටීමකට ලක්වෙලා, ජීවිත කාලෙම බයෙන් ඉන්න කෙල්ලෝ! 😢


අනිත් පැත්තෙන් ඉන්නවා අහිංසක කෙල්ලෝ. සමහරවිට එයාගේ කලින් සම්බන්ධතාවයේදී එයා රැවටීමකට ලක් වෙන්න ඇති. "කසාද බඳිමු" කියලා පොරොන්දු දීලා, විශ්වාසය දිනාගෙන අන්තිමට එයාව දාලා ගියපු අතීතයක් එයාට තියෙන්න පුළුවන්.


මේ වගේ ගැහැණු ළමයෙක් කසාදෙකට යද්දි ඉන්නේ පුදුම බයකින්. "මගේ මහත්තයා මාව ප්‍රතික්ෂේප කරයිද?", "එයා මාව සැක කරයිද?" කියන බය (Fear of Rejection) නිසා එයාගේ ලිංගික ජීවිතය වගේම ආදරයත් මැරිලා යනවා. එයා හැමදාම ජීවත් වෙන්නේ වරදකාරී හැඟීමකින්.


විද්‍යාව සහ මිත්‍යාව


සරලවම තේරුම් ගන්න ඕනි දෙයක් තියනවා. Hymen (කන්‍යා පටලය) කියන්නේ ගැහැණු ළමයෙක්ගේ පිරිසිදුකම මනින මිම්මක් නෙවෙයි. ක්‍රීඩා කිරීම, ව්‍යායාම හෝ වෙනත් සාමාන්‍ය හේතු නිසාත් එය වෙනස් වෙන්න පුළුවන්. බයලොජිකලි ගත්තම මේක බොහොම කුඩා පටලයක් විතරයි. ඒ පුංචි පටලය මත පදනම් වෙලා මුළු ජීවිත කාලයක් විදවන එක කොච්චර අසාධාරණද?


සමාජයට පණිවිඩයක්! 🛑


ආතල් ගන්න කොල්ලො කෙල්ලො ලං කරගන්න එපා, ඒකෙන් සෆර් කරන්නෙම තව පව්ලක අහිංසක මනුස්සයෙක්....!!


අතීතය කියන්නේ පාඩමක් විතරයි; ඒක ජීවිතේ නෙවෙයි. ඔයාට ලැබෙන මනුස්සයාගේ චරිතය, ආදරය, සහ ඔයාට දක්වන ගෞරවය "ලේ බිංදුවකට" වඩා වටිනවා.


රැවටුන කෙනෙක්ව ආයෙම රවට්ටන්න එපා.


බයලොජිකල් සාධකයක් මත ආදරය මනින්න එපා.


තමන්ගේ බිරිඳගේ හෝ සැමියාගේ අතීතය අල්ලගෙන වර්තමානය විනාශ කරගන්න එපා.


ආදරය කියන්නේ ශරීර දෙකක් එකතු වෙන එකට වඩා, මනසින් තේරුම් අරගෙන ජීවත් වෙන එකටයි. ඒ අවබෝධය නැති තැන තමයි නියම "අපිරිසිදුකම" තියෙන්නේ. ❤️🤝


Rusiru Galagoda

BA (Hons) Psychology

University of Sri Jayewardenepura

Diploma in Counseling Psychology

Licensed Member in APA


#MarriageLife #Relationships #MentalHealth #Psychology #Biology #VirginityMyth #SocialAwareness #LoveAndTrust #SriLanka #RelationshipAdvice #BreakingStigmas #HealthyMarriage #CoupleGoals

No comments:

Post a Comment

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...