ආත්මීය ලිංගිකත්වය (Soul Sexuality):
භෞතිකත්වයෙන් ඔබ්බට ගිය ආදරය කරන්නෙක් නැත්නම්
ආත්මීය ලිංගිකයෙකු (Soul sexual) කියන්නෙ හුදෙක් ශරීරයකට පමණක් නෙවෙයි, තවත් පුද්ගලයෙකුගේ සම්පූර්ණ පරාසයකට නැත්නම් ඔවුන්ගේ සිතුවිලි, හැඟීම්, සාරය සහ පැවැත්මට ආකර්ෂණය වන අයෙක්.
මෙවැනි ආකර්ෂණයන් භෞතික ආශාවන් අභිබවා ගිහින් ගැඹුරු, පරිවර්තනීය සහ පවතින සබඳතාවයක ක්ෂේත්රයකට පිවිසෙනව.
එය ආරම්භ වන්නේ හඳුනාගැනීමෙන්. ඔබේම වටිනාකම්, විශ්වාසයන් හෝ ආශාවන් සමඟ අනුනාද වන ගුණාංග ඔබ වෙනත් අයෙකු තුළ දකිනව. ඔබ ඔවුන් වෙත ඇදී යන්නේ තාවකාලික ආකර්ෂණයක් නිසා නෙවෙයි , ඔවුන්ගේ ශක්තිය (energy) ඔබේ ශක්තිය සමඟ ගැලපෙන ආකාරය නිසා. කාලයත් සමඟ, ඔබ ඔවුන්ගේ අභ්‍යන්තර ලෝකය නැත්නම් ඔවුන්ගේ සිතුවිලි, බිය, සිහින සහ ඔවුන්ටම ආවේණික වූ සියුම් ගුණාංග ගවේෂණය කරන විට එම ආකර්ෂණය ගැඹුරු වෙනව.
මෙහිදී ආවේගාත්මක සමීපතාවය (Emotional intimacy) පදනම බවට පත්වෙනව. හදවතින්ම කරන කතාබහ, සංවේදී අවස්ථා, හවුලේ බෙදාගන්නා සිනහව සහ මතභේද පවා නව වැදගත්කමක් ගන්නව, ඒ ඒවායින් ආත්මයේ විවිධ ස්ථරයන් හෙළිදරව් වන බැවින්. එවැනි අවස්ථාවලදී, ඔබ ඔවුන්ගේ දෘෂ්ටිකෝණය තේරුම් ගැනීමටත්, ඔවුන්ගේ අත්දැකීම් කෙරෙහි අනුකම්පාව දැක්වීමටත්, ඔවුන්ගේ වර්ධනය දැකීමටත් පටන් ගන්නව.
කෙනෙකුගේ ආත්මයට ආදරය කිරීම මගින් සම්පූර්ණත්වයේ හැඟීමක් ඇති කරනව. එය වෙළාගන්නා ආදරයකට වඩා පුළුල් වූත්, පරායත්ත (dependent) වීමට වඩා පෝෂණය කරන්නාවූත් ආදරයක්. ඔවුන් සමඟ එක්ව වර්ධනය වීමටත්, ඔබේම ගැඹුර ගවේෂණය කිරීමට සහ වඩාත් අව්‍යාජ වීමටත් ඔබ දිරිමත් වෙනව. ප්‍රතිලාභයක් ලෙස, ඔවුන්ටද ඔබ කෙරෙහි එම හැඟීමම දැනෙනව.
මෙවැනි සබඳතාවක් දෙපාර්ශවයටම සමෘද්ධිමත් වීමට අවකාශයක් නිර්මාණය කරනව , ජීවිතයේ ප්‍රීතිය එක්ව සැමරීමටත්, විශ්වාසය හා අවබෝධයෙන් යුතුව අභියෝග ජය ගැනීමටත්, එකිනෙකාගේ අනන්‍යතාවයට ඉඩ ලබා දීමටත් මෙහිදී අවස්ථාව ලැබෙනව.
භෞතික ආකර්ෂණය තවමත් පවතින නමුත්, එය සබඳතාවයේ කේන්ද්‍රය වීමට වඩා ගැඹුරු බැඳීමක පරාවර්තනයක් පමණක් වෙනව.
අවසාන වශයෙන්, ආත්මීය ලිංගිකයෙකුට ආදරය කිරීම යනු කල්පවත්නා බැඳීමක්. එය හුදෙක් හදවතේ පමණක් නොව, ඔබ ජීවිතය සහ සබඳතා අත්දකින ආකාරය කෙරෙහිද සලකුණක් තබනව.එය ඉවසීම, වර්තමානයෙහි ජීවත් වීම සහ ගැඹුරු සමීපතාවයක් උගන්වන ආදරයක්. එය ආරම්භක ආකර්ෂණයෙන් ඔබ්බට බොහෝ කල් පවතින අතර, සහකරුවන් දෙදෙනාම අර්ථවත් ලෙස හැඩගස්වනව .
#සර්කාරි
© නුවන් ගම්මම්පිල

No comments:
Post a Comment