අත් අරින්න 👇
❌ සංසන්දනය !
ඔයා ඔයාව තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න එපා. අපි අපිව අනිත් අයත් එක්ක සංසන්දනය කරනකොට අපිට අපි ගැන ලොකු අවිශ්වාසයක් වගේම කලකිරීමක් ඇතිවෙනවා. දන්නවද එකිනෙකාගේ ජීවිත හැමදේකින්ම එකිනෙකාට වෙනස්. දක්ෂතා , හැකියා , කාලය , මේ හැමදේම එකිනෙකාට වෙනස්. ඒ නිසා කිසිම මොහොතක තමන්ව තවත් කෙනෙක් එක්ක සංසන්දනය කරන්න එපා. ඔයා ඔයාව සංසන්දනය කරන්න ඕනේ ඊයේ දවසේ හිටපු ඔයා එක්ක. ඔයාට තරඟය තියෙන්න ඕනේ ඊයේ දවසත් එක්ක. ඔයාගේ අරමුණ වෙන්න ඕනේ ඊයේ දවසට වඩා අද දවස මම හොඳින් ගත කරනවා කියන එක ! ඉතිං සන්සන්දනය කරන්න එපා කිසිම කෙනෙක් එක්ක ඔයාව !
❌ පැමිණිලි කිරීම !
ඔයාගේ ජීවිතේ වැරදුනු තැන් වලට අනිත් අයට පැමිණිලි කිරීමෙන් වළකින්න. ඔයා ඔයාට පැමිණිලි කරගන්න එපා. ලැබුණු පුංචි දේට පැමිණිලි කරන්නේ නැතුව හැමදේකම හොඳ පැත්ත දකින්න පුරුදු වෙන්න .පැමිණිලි නොකර හැමදේකම හොඳ පැත්ත දකින තරමට හැම දේකටම ස්තූතිවන්ත වෙන තරමට ඔයාගේ ජීවිතේ ලස්සන වෙන්න පටන් ගන්නවා.
❌ එපා වීම !
ඒ කියන්නේ ඔයා පුරුද්දක් විදිහට මොනවා හරි දෙයක් පටන් අරගෙන අතරමග නවත්වනවා නම්. මේ තත්ත්වය වෙනස් වෙන්න ඕනේ. අපි එක දිගට උත්සහ කරන්න ඕනේ. ඒත් අපි නවතින්න හොඳ නැහැ. ඔයාගේ ජීවිතේ දියුණුව වෙනුවෙන් ඔයා ගන්නා සෑම උත්සාහයක්ම සෑම විටම සාර්ථක වෙන්නේ නැහැ. ඒත් ඔයා ඒ උත්සාහ කිරීම එක දිගට පවත්වා ගන්නවා කියලා කියන්නේ ඔයා හැමදාටම සාර්ථකයි. ඒත් ඔයා උත්සාහ කිරීමත් නවත්වලා ඔක්කොම නවත්වලා ජීවිතේම අතාරින්න හිතනවනම් ඔයා පරාදයි ! ඉතින් උත්සහ කරන්න ! කෙටි විවේක ගන්න ! ඒත් සදාකාලිකව නවතින්න එපා !
❌ වැඩ කල් දැමීම !
වැඩ කල් දැමීම නවත්වාගන්නට පුංචි ටිප් එකක් කියා දෙන්නම්.
5 Minute Rule : ඔයා මොනවා හරි දෙයක් කල් දදා ඉන්නවනම් ඒ වෙනුවෙන් විනාඩි පහක් වෙන් කරන්න. ඒ විනාඩි පහ ඒ වෙනුවෙන් වැඩ කරන්න. පුංචි තැනකින් පටන් ගන්න ඒ විනාඩි පහේදී. ටික ටික ටික ඔයාට වැඩේ කරන් යන්නට හිතෙනවා.
123 method : එකයි දෙකයි තුනයි කියලා වැඩ පටන් ගන්න. ඉන්න තැනින් එක පාරට වන් ටූ ත්‍රී කියලා කවුන්ට් කරලා නැගිටින්න. තත්පර ගානක් ඇතුලත ක්‍රියාත්මක වෙන්න.
❌කම්ෆර්ට් සෝන් comfort zone
ඔයාගේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට එන්න. ඔයා නිතරම සුවපහසු කලාපයේ රැඳිලා ඉන්නවා කියලා කියන්නේ ඔයා අභියෝග හමුවේ ආපස්සට යනවා කියන එක. ඔයා බය දේවල් වලට මුහුණ දෙන්න. කරන්න බයයි කියලා හිතෙන අභියෝග වලට මුහුණ දෙන්න. නිදහසට කාරණා දෙන්නේ නැතුව අභියෝග වලට භය නැතුව මුහුණ දෙන්නට පුරුදු වෙන්න.
❌ හොඳම වෙලාව එනකල් සිටීම !
හොඳම මොහොත මේ මොහොතයි ! නැකතක් එනවා වගේ කල් දදා ඉන්න එපා කිසිම වැඩක් කරන්න. ක්‍රියාත්මක වෙන්න මේ මොහොතේම !
අමතක කරන්න එපා හැම දෙයක්ම පර්ෆෙක්ට් වෙන්න අවශ්‍ය නැහැ. perfect වීමට වඩා වඩාත් වැදගත් වෙන්නේ.. ඔයාගේ කාර්ය නියමිත පරිදි උත්සාහවන්තව ඉෂ්ට කිරීම.. සමහර වෙලාවට පර්ෆෙක්ට් වීම කියලා කියන්නෙත් නිදහසට කාරණාවක්... ඒ වගේ නිදහසට කාරණා පාවිච්චි කරලා තමන්ගේ කාලය අපතේ යවාගන්න එපා.
❌ phone addiction ඔයාගේ දුරකථනය !
ඔයාගේ දුරකථනය නිසා කොයි තරම් වෙලාවක් ඔයා අපතේ යවනවද.. ඔයා කොයි තරම් වෙලාවක් සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වෙලාද.. ඔයාගෙන් කොයිතරම් වෙලාවක් නාස්ති වෙනවද දියුණු වෙන්නට තියන..
රෑට නිදාගන්න පැයකට කලින් දුරකථනය ඈත් කරන්න ඕෆ් කරන්න..
උදේම අවදිවෙලා පැයක් යනතුරු ෆෝන් එක ඕන් කරන්න එපා ඔයාට පුළුවන් නම්...
ඉතිං බ්‍රේකප් වෙන්න ! ඔව් ඔයා මෙන්න මේ නරක සබඳතාවලින් බ්‍රේකප් වෙන්න !
ෆෝන් එකත් එක්ක තියෙන සබඳතාවයෙන් ටිකක් ඈත් වෙන්න !
වැඩ කල් දාන එකත් එක්ක තියෙන සබඳතාවයෙන් බ්‍රේකප් වෙන්න !
මේ දේවල් වලින් ඈත් වුණාම ඔයාගේ ජීවිතේ ඇත්තටම වෙනස් වෙන්න පටන් ගන්නවා..
මේක මතක තියාගන්න ! දියුණු වෙන්න නම් මුලින්ම ඔයා ඔයාව වෙනස් කරන්න ඕනෙමයි !!
-Gumiho's Diary-
📷 Credit goes to respective owner 🙏

No comments:
Post a Comment