❛❛ දෙනෝදාහක් මැද වුනත් ඉඹින්න බයනැති ආදරේක අයිතිකාරයෙක් වෙයං, මුලු ලෝකෙම ගිනිගන්න තැනකදි වුනත් උඹගෙ අත අතාරින්නැති මනුස්සයෙකුගෙ ආදරේකට අයිතිවෙයං ! ❤️ ❛❛
ගොඩක් මිනිස්සු ආදරේ පෙන්නන්න තමන්ගෙ ජීවිතේ 'නිදහස්ම, හොඳම" මොහොත එනකල් බලාගෙන ඉන්නවා. ඒත් ඇත්තනම්, අපේ ජීවිතවල සාමකාමී මොහොතක් එන්නෙ බොහොම කලාතුරකින්. ගොඩක් වෙලාවට එහෙම මොහොතවල් එන්නෙ නැතිතරම්. අපි ජීවත්වෙන ලෝකෙ හැමවෙලේම ඝෝෂාකාරී, හිත කලඹනසුලුයි, ජීවිතේ එක එක ඝට්ටන අපේ හිත හැමවෙලේම වෙන වෙන දිහාස්වල අරන් යනවා.
අපේ goal එක වෙන්න ඕනෙ බාහිර ලෝකෙ ප්රශ්න වලින් හැංගිලා ඉන්න, බාහිර ලෝකෙන් අපි එක්ක හැංගෙන්න කැමති කෙනෙකුව ජීවිතේට ලංකරගන්න එක. ඒ කෙනාගෙන් තොර ලෝකයක් තියෙනවා කියන එක මොහොතකට අපේ හිතට අමතක කරන එක.
කුණාටුවක් මැද වුනත් හිත නිවන්න දන්න කෙනෙකුව ජීවිතේට මුණගැහුනොත් දෙපාරක් හිත හිත ඉන්න එපා. ඒ අත හරි හයියෙන් අල්ලගන්න. ජීවිතේ හැම දවසකටම ඒ කෙනාව තෝරගන්න, විශේෂයෙන්ම අමාරු දවස්වලට. පිටින් බලන ඇස් නොපෙනී යනකල්ම ඒ කෙනාට ලෝකෙටම පේන්න ආදරේ කරන්න.
ඇත්තම කතාව...
හිත හිත තීරණ ගන්නවත්, හිතෙන දේවල් කල්දාන්නවත් බැරිතරම් අපේ ජීවිත කෙටියි. ඒ හින්දා තමන්ගෙ ආදරේට ඇබ්බැහිවෙන්න, ඒ ආදරේ වෙනුවෙන් ජීවත්වෙන්න. වටපිටාවෙ පේන ලෝකෙ මොන වගේ එකක් වුනත් තමන්ගෙ ආදරේ දිනන බව ඒ ලෝකෙටම පේන්න ආදරේ කරන්න ..

No comments:
Post a Comment