අතිශයින් ප්‍රේමණීය සහ අතිශයින් සරාගික මිනිස්සු හරියට කවි වගේ ශේන්යා. ඒ මිනිස්සු කාගෙහරි ජීවිතේකට ආවම ඒ ජීවිතේ ආදරෙන් උතුරවනවා. හැම කුඩා සාමාන්‍ය මොහොතක්ම එයාල විශේෂ මොහොතක් බවට හරවනවා. පුංචි ලස්සන කවියකින්, උණුසුම් හාදුවකින්, නැත්නම් කැලෑ මලකින් හරි !
එයාලා අපේ ජීවිත කලාගාර කරනවා.
ඒත් එහෙම මිනිස්සු ජීවිතේට එන්නෙ වස්සානයත් සිසිරයත් දෙකම එකවරම අරගෙන!
අතිශය ප්‍රේමණීය ගැහැණු වගේම පිරිමිත් බොහෝ විට සැරිසරන්නන්. ඔවුන්ගෙ ජීවිත වල කවදාවත් පිරෙන්නෙ නැති හිස්තැන් තියෙනවා. එයාල කවදාවත් ප්‍රේමයෙන් සෑහීමකට පත් වෙන්නෙ නෑ. නොලැබුනු දේ හොය හොයා උමතුවෙන් සැරිසරනවා.
ඒ අතරමඟකදි "ඔයා" එහෙම කෙනෙක්ට කුඩා නවාතැන් පළක් වුනෝතින්?
අන්න එතකොට ඔයාට වසන්තය උදා වෙනවා.
එයා ඔයාව ආදරෙන් පුරවනවා. ලෝකෙ වටේ සැරිසරල විවිධ දිහාවල් වලින් උරාගෙන ආව ප්‍රේමය එයාල ගාව ඇතිවෙන්න තියෙනවා. එයාල ලෝබ නැතුව ඒ ප්‍රේමය බෙදනවා. ඉතින් ඔයා අලුතින් උපදිනවා. ලස්සන මතක ගොඩක් ඔයා ළඟ ගොඩගහනවා.
ඒත් අවසනාවට කවදාවත් ඔයාගෙ කුඩා හදවතේ ඇති සදාතනික ස්ථිර ප්‍රේමයෙන් එයාලව නවත්තගන්න බෑ. එයාලගෙ විශාල හදවත් කවදාවත් පිරෙන්නෙ නෑ. ඉතින් එයාල යනවා ශේන්යා. කොයි වෙලේක හරි ඉගිලිලා යනව.
එයාල හදවත් බිඳිමින්, හදවත් ආදරෙන් පුරවමින් ආයෙමත් හදවත් බිඳිමින් ඉගිලෙනවා.
ඊටපස්සෙ තමයි මල් නොපිපෙන සිසිරය!
ඔයා තරුවක් වගේ කඩාගෙන වැටෙයි. ඔයාට ආයෙ කවදාවත් ඒ වගේ ආදරේ කරන කෙනෙක් හම්බ වෙන්නෙ නෑ කියල හිතෙයි. මොකද ඒ වගේ අය දුර්ලභයි. ඔයාට සිද්ධ වෙනව සදාකාලික රස මිහිරි වේදනාවක් කර තියන් ජීවිතේ ඉස්සරහට යන්න.
ගමනාන්තය වේදනාකාරී වීමේ අවධානම අරන් මේ මොහොත විඳින්න ඔයාට පුලුවන් නම් විතරක් එයා වගේ කෙනෙක් එක්ක ආදරේ කරන්න පටන් ගන්න. ඒක ලස්සන වගේම භයානක ගමනක්!
Copied

No comments:
Post a Comment