සමහරුන්ගේ හිත්, පොඩි message එකකින්, meme එකකින්, විහිළුවකින් වගේ පොඩි දේවල් වලින් පවා හරි ඉක්මණින් ගොඩක් රිදෙනවා. සමහරවිට ඔයාගෙ හරි, ඔයා දන්න කාටහරි එහෙම ඉක්මණට හිත රිදෙනවා නම්, ඒකට එයාලට සාධාරණ හේතු ගොඩක් තියෙනවා, ඒ අතරේ තියෙන ලොකුම හේතුව තමයි “Emotional Sensitivity” කියන මනෝවිද්‍යාත්මක තත්ත්වය. මොකද මේ වගේ ඉක්මනට හිත රිදෙන මිනිසුන්ගේ මනෝභාව ටිකක් වෙනස්.
1. මෙයාලා Overthinking කරනවා. එහෙම වෙන්නෙ එයාලගෙ “Emotional Sensitivity” කියන එක හින්දයි.
2. මෙයාලට Low self-worth එකක් තියෙනවා.
3. මෙයාලගෙ සනීප නොවුන Childhood wounds තියෙනවා.
4. හැමවෙලේම Emotional replay කරනවා. ඒ කිව්වෙ පැරණි දුක හිතෙන සිදුවීම් නැවත නැවත මතක් කරගන්නවා.
ඔයාත් මේ වගේ නම්, මේකෙන් එලියට එන්න අද ඉඳන් try කරන්න පුළුවන් ප්‍රතිඵල තියෙන ලේසි ක්‍රම 3ක් මං ඔයාට කියා දෙන්නම්.
1️⃣ Thought distancing
ඔයාට හිත රිදෙන දෙයක් උනොත්, ඇහුනොත් ඒකෙන් හිත රිද්දගන්න නොයා හිතන්න "මේක එයාලගෙ එක හැසිරීමක් විතරයි. මේ මගේ අගය නෙවෙයි” කියලා. මේක repeat කරන්න: “Not everything is about me.”
2️⃣ Inner child healing
ඔයාට මේ රිදෙන්නෙ දැන් වෙන දේවල් හින්දා නෙවෙයි. ඔයාට අතීතෙදි නොලැබුණු caring, protection දැන් ඔයා හොයන නිසා. ඒ හින්දා Journal කරලා, ඒ පොඩිකාලෙ අඳුරුඋන හැටි ගැන ලියලා, තමන්ම ඒ ගැන බය නැති කරගන්න.
3️⃣ Emotional boundaries හදාගන්න.
කාගෙ හරි නිශ්ශබ්දතාවකට meaning එකක් attach කරන්න එපා. "ඒක එයාලගෙ හැටි සහ එයාලට තමයි මේ ගැටලුව තියෙන්නෙ, ඔයාට නෙවෙයි” කියලා mind-set එක switch කරගන්න.
ඔයාට ඉක්මනට රිදෙන්නෙ ඔයාගෙ හිත නරකයි හින්දා නෙවෙයි. ඔයාගෙ හිත ගොඩක් සෙන්සිටීව්. ඒ නිසා ඔයා මේ විදි වලින් ඔයාගෙ මනස අභ්‍යන්තරයෙන් ශක්තිමත් කරගන්න, හැමදාම ඔයා අනිත් අයගෙ actions වලට දෙන response පාලනය කරගන්න ඉගෙන ගන්න.
📍ඔයාට මේ විදිහට තනියෙම මේ වැඩේ කරගන්න අමාරු නම් අනිවාර්යයෙන්ම coaching එකකට යොමුවෙන්න. එතකොට ඔයාට ලේසියෙන් මේ තත්වෙන් ගොඩ එන්න පුළුවන්!
“Feel everything. But choose what to hold on to.” 🫂
Pramod Weerarathna
Motivator | Life Coach
Transformation Mentor
#pramodweerarathna #හිනාවෙලා_හිටපං

No comments:
Post a Comment