Thursday, April 9, 2026

 රනිදු ලන්කාගේ
=============
අපි අද අරන් එන්නේ ඔයාලා ආසම කළාකරුවෙක්.1982 දී කොළඹ දී උපත ලද ඔහු රනිදු ලංකාගේ.RNB සහ HIPHOP ආර්ටිස්ට් කෙනෙක් වන මොහු දැන් ලෝකයේම ජනප්‍රිය ULTRA MUSIC FESTIVAL එකේදීත් තමන්ගේ හැකියාව පෙන්වූ DJ කෙනෙක්.මේ සියලු පැතිකඩ වලින් ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය රනිදු BBC RADIO හී පලමු වරට ගීතයක් විකාශනය වූ පළමු සිංහල කලාකරුවාද වෙයි.ඒ වගේම MTV , CHANNEL V , Z MUSIC වැනි ඉන්දියාවේ අතිශයින් ජනප්‍රිය රූපවාහිනී නාලිකාවලත් ඔහුගේ ගීත විකාශනය වුයේ එවැන්නක් කල ලන්කාවේ ප්‍රථම කලාකරුවා වෙමිනි.ඔහු YALE UNIVERSITY හි ආර්ථික විද්‍යාව පිලිබඳව උපාධිධාරීයෙකි.ඔහු පාසල් අධ්‍යාපනය ලබන්නේ කොළඹ රාජකීය විදුහලින් වන අතර 2000 වසරෙදී සාමාන්‍ය අධ්‍යන සහතික උසස් පෙළ විභාගයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ තෙවැනි තැනට පත්වන්නේ ද රනිදු ලංකාගේ බව ඔබ මීට පෙර දැන සිටියාද?.
රනිදු අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩවටත් මනා දස්කම් පෙන්වීය.ඔහු ආසියානු කණිෂ්ඨ ශූරතාවලියදි ස්කොශ් SQUASH ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර රාජකීය විදුහලේ ක්‍රිකට් කන්ඩායමේ ද නිත්‍ය සාමාජිකයෙකි.
ශ්‍රී ලාංකීය සංගීතය විප්ලවීය වෙනසක් සිදු කෙරූ රනිදු 2001 වසරේ කසකස්ථාන් වල පැවැති සංගීත උළෙලදි භාතිය සන්තුශ් සමග ඔවුන් දෙපලගේ කන්ඩායමට ද සහභාගි විය.2003 වසරේ ලංකාවේ අතිශයින් ජනප්‍රිය වූ 'ඔබ මගෙමයි' ගීතය ලංකාවේ පමනක් නොව ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම ජනප්‍රිය විය.ඒ වගේම ඉන්දියාවේ SONY MUSIC නම් ජාත්‍යන්තර Record lable හි අත්සන් කෙරූ ලාබාලම කළාකරුවන් බවට රනිදු සහ අශාන්ති පත් විය.2007 වසරේ DELON නම් රැප් ගායකයා සමග කෙරූ 'NASTY GIRL' නම් ගීතය BILLBOARD CHARTS හී අංක 36 ස්ථානයට පත්විය.ඔහුගේ 'ඔබ මගෙමයි' ගීත ඇල්බමය එකල වැඩියෙන්ම අලෙවූ ගීත ඇල්බමය වන අතර එය නිකුත් කරන්නේ M-Entareitment ලේබලය හරහාය.
2003 නැවතත් අවතීර්ණ වන රනිදු ඔහුගේ දෙවෙනි ඇල්බමය සදහා සූදානම් විය. එය 'දිවිය පුරා' නමින් 2004 වසරෙදි නිකුත් කරන ලද අතර එහි ඇතුලත් 'අහංකාර නගරේ' ගීතය දින කීපයක් තුල CHART SHOWS වල ඉහලින්ම වැජඹෙන්නට විය.මෙම ගීතය ද BBC හි ආසියානු සංගීත ලැයිස්තුවේ ද ඇතුලත් විය.එයත් ශ්‍රී ලාංකීක කළාකරුවෙකුගේ වඩාත්ම සාර්ථක ඇල්බමය පවට පත්විය.ඉන්පසු ඔහුගේ 'කෙල්ලේ' ගීතයට ද BBC'S ASIAN CHARTS හි ඉඩ ලැබුණි.ලොව පුරා ගුවන්විදුලි නාළිකා කීපයක එම ගීතය විකාශනය විය.
ඒ වගේම ඉරාජ් ගේ ඇල්බමයෙහි ද ගීත තුනකට රනිදු ගේ දායකත්වය දී තියෙනවා. 'නින්ද නොයන හැන්දෑවේ' , 'මධුමතියේ', 'Playes Lounge' එම ගීත තුනයි.2005 වසරේ මාර්තු මස සිඩ්නි නුවර ඔපෙරා හවුස් හී පැවැත්වූ ප්‍රසංගයට ද රනිදු සහ ඉරාජ් වීරරත්න සහභාගි විය.
ඒ වගේම රනිදු සහ ඉරාජ් සුසංයෝගයෙන් කෙරූ 'මට ආලෝකේ ගෙනදේවි' ගීතයත් BBC RADIO 1 , BBC ASIAN හී ප්‍රචාරය විය.එම ගීතය 'BOMBAY BRONX' හි සම්පාදනයට ද පත් විය.
ඔහුගේ තුන්වන ඇල්බමය ශ්‍රී ලංකා සංගීතය සහ රැප් අමෙරිකානු සහ කැරබියන් විලාසිතා වලට මුසු කරමින් ආසියානු හිපොප් සහ රෙගේ සංගීතය ද අඩංගු කරමින් නිර්මාණය විය.
රනිදු මෙහිදී DELON , IRAJ , රංග දසනායක , යොහාන් , යව්වාණන් , HOLEE SMOKEZ , ට්‍රිනිඩැඩ් වල DID CREW එකේ ඇන්සන් වැන්නන් සමග කටයුතු කරමින් තමයි ඔහුගේ තෙවැනි ඇල්බමය එලිදක්වන්නේ.
2006 වසරේ ඉරාජ් වීරරත්න විසින් නිශ්පාදනය කල 'හර්දේ කෙනිත්තූ' ගීතයෙන් රනිදු ලංකා ගේ සින්මාවට ප්‍රවිශ්ඨ වෙනවා.එය අංජලීකා චිත්‍රපටයේ තේමා ගීතය විය.ඒ වගේම '2006 වසරේ එළිදැක්වූ ANSONS සමග එක්ව ගායනා කල 'පා සළඹ සළා' ගීතය ආසියානු සංගීත ජාලයේ 'A' කාන්ඩයට ඇතුලත් විය.
මෙසේ සංගීත ගායනයෙන් මෙතරම් දස්කම් පෑ රනිදු ලංකාගේ මේ වනවිට සංගීත ගායනයෙන් ඈත්වී සිටියත් ඔහු අද ජනප්‍රිය DJ ARTIST කෙනෙක්..
සටහන හොදයි නම් ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

No comments:

Post a Comment

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...