Wednesday, April 15, 2026

 කෝටියක් දීලාවත් අහන්න නොලැබෙන කතාවක් ,පුද්ගලිකව මමත් සෝෂල් මීඩියා එකේ Follow කරන පට්ට චරිතයක් ,දමීෂ අයියා,, කියවලාම බලපල්ලා,කියවද්දිත් පට්ට මොරාල් එකක් එන්නේ ✊❤️


උපුටා ගැනීම ✊ 


අවුරුදු ගානක් පුරාවට සාර්ථක වෙන්න දගලන දස දහස් ගනක් මිනිස්සුන්ට Digital Business උගන්වල, සාර්ථක වෙන්න උණ තියන එක එක වයස්වල උන්ව ආශ්‍රය කරල ලැබුන අත්දැකීම් වලින් මම කියන්නද  උඹල "සාර්ථක නොවෙන්න" හේතු ටික?


01) උඹල දන්නේ නෑ සාර්ථකයි කියන එක සාපේක්ශයි කියල. හොදම version එකට එනකම් දුවන්න ඕන කියල උඹල දන්නේ නෑ.


02) Planning වැදගත් නමුත් Action ඊට වඩා වැදගත් කියල උඹල තේරුම් අරන් නෑ. 


03) ඕනවට වඩා smart thinker කෙනෙක් වුනාම උඹට මෙලෝ දෙයක් කොරගන්න බෑ කියල උඹල විස්වාස කරන්නේ නෑ.


04) බිස්නස් කියන්නේ කොහෙන් හරි තැනකින් අටවන් පටන් ගන්න එකක් මිසක් 100% accurate හැමදෙයක්ම කරල පටන් ගන්න එකක් නෙවෙයි කියල උඹල තේරුම් අරන් නෑ.


05) කරන දේවල් අසාර්ථක වෙන එකෙන් ලැබෙන learning එක කෝටි ගානක් වියදම් කරලවත් ගන්න බෑ කියන එක නොදැන උඹල දේවල් "ෆේල් වෙයි" කියල හිත හිත දෙයක් පටන් ගන්න බයේ ඉන්නවා.


06) ඕනම ව්‍යාපාරයක්/විශයක් ගැන හැමදේම දැනගෙන ඉන්න ඕන කියල නිතියක් නෑ කියල උඹල දන්නේ නෑ.


07) මුකුත්ම නැති තමන්ට තියන ලොකුම වත්කම තමන් කියල උඹල තේරුම් අරන් නෑ.


08) සාර්ථකත්වය තියෙන්නේ සෝශල් මීඩියාවල නෙවෙයි කියල උඹල දන්නේ නෑ. 


09) සල්ලි හොයාගන්නකම් කියල පැත්තක තියල තියන බිස්නස් අයිඩියාස් 99.99% ක්ම කවදාවත් හැබෑවක් වෙන්නේ නෑ කියල උඹල තේරුම් අරන් නෑ.


10) ඉනොවේටිව් අයිඩියාස් හැමදාම හැමෝටම එන්නේ නැති නිසා පවතින ව්‍යාපාරයක් හරි පටන් අරන් කරන් යන්න ඕන කියන එක උඹල තේරුම් අරන් නෑ.


11) ඩඩ්ලි, ධම්මික ලෙවල් එන්න කලින් හන්දියේ කඩේ මුදලලාලි ලෙවල් එකට ඇවිත් ඉන්න ඕන කියන එක බොලා තේරුම් අරන් නෑ.


12) මනුස්සයෙක්ගේ ගන්න ඕන දේ මොකක්ද, නොගන්න ඕන දේ මොකක්ද කියල උඹලට මෙලෝ අදහසක් නෑ.


13) කොන්ටිටි වලට වඩා කොලිටිය දිනනව කියල උඹල තේරුම් අරන් නැ. 


14) බිස්න්ස් කියන්නේ යුද්ධයක් මිසක් හනිමූන් එකක් නෙවෙයි කියල බොලා තේරුම් අරන් නෑ. 


15) මෝටිවේශන් කියල එකක් නෑ උඹල රැවටිල ඉන්නේ ටෙම්පරි ස්ටිමියුලේශන් එකකට කියල උඹලා තේරුම් අරන් නෑ.


16) අදාල කාලයට ෆෝකස් කරන්න ඕන මොකක්ද නැත්තේ මොකක්ද කියල උඹල තේරුම් අරන් නෑ.


17) මේ ලෝකේ පිරිමින්ට ගෑනු හිග වෙන්නෙත් නෑ.. ගෑනුන්ට පිරිමි හිගවෙන්නෙත් නෑ කියල උඹල තේරුම් අරන් නෑ.


18) මේ ලෝකේ උඹට වැඩියෙන්ම ආදරේ උඹ විතරයි, උඹේ හීන හැබෑකරන්න පුලුව  උඹටම විතරයි කියල උඹල තේරුම් අරන් නෑ.."නෑ අපිට තේරෙනවා.." 

තේරෙනවා ####


19) තමන් හැර වෙන කිසිම කෙනෙක්ව ලොවෙත් විශ්වාස කරන්න එපා කියල උඹල දන්නේ නෑ..කෝටි ගනන් වලින් පාඩුවෙන්නේ..ඇත්තටම උඹල විතරක් නෙවෙයි මමත් දැනගත්තේ මේ ලගදී. 


20) දායක සභාවල් වල වාඩි වෙලා එක එක අයියගේ තේජස විද්‍යාමාන වෙන හැටි බලන්න කාලය නස්ථි කරන එක අපරාදේ කියල උඹල දන්නේ නෑ.


මල්ලිලා නංගිලා මෙන්න මේක හොදට මතක තියාගනිං. මේ සෝශල් මීඩියා ඇතුලේ තියෙන්නේම උඹලව උඹලගේ best version එකෙන් වහන් කරවන ජාතියේ කොන්ටෙන්ට්. ඒවට අහුවෙන්න එපා. 

ජපානේ ලක්ශ 60ට තියන වාහනේ 300 ට ගෙනත් ටික්ටොක් කරල " මම දැං හෙන පොරක්" වගේ මානසික ආතල් ගන්න හදන උන්ගේ මෝඩ චූන් ඇබ්සෝබ් කරගන්න නම් එපා උඹල ඉවරටම ඉවරයි.


හැමවෙලාවෙම liabilities එකතු කරගන්නේ නැතුව Assets එකතු කරහන්. 

රු. 100 /= වියම් කරත් තේරුමක් ඇතුව වියදම් කරහන්. හැම අවස්ථාවක්ම උපරිම ගන්න බලහන්. හැම තත්පරයක්ම ගේමේ ඉදපං. ෆෝකස් එක ඩිස්ටර්බ් වෙන්න දෙන්න එපා. 


අපි පටන් ගනිපු කාලේ වගේ නෙවෙයි පුතේ දැං උඹලට මේ ගේම චීස් කනව වගේ ලේසියි. එකම කරුමේ උඹල හිතන විදිහ හෙනම අවුල්. ඇස් පනාපිට අවස්ථා දස දහස් ගානක් තියෙද්දී " අයියේ කරන කිසි දෙයක් හරියන්නේ නෑ" කියන උන් මට දෑහැට පේන්න බෑ ඒකයි මෙහෙම ලිවුවේ. 


ආයෙත් කියනව වැදගම්මකට ඇති එක ස්කිල් එකක් හදාගනිං දෙයියනේ. එතකොට දොරවල් ගොඩක් ඇරෙනවා.. 


මතක තියාගනිං සල්ලි කතාකරන කොට හැමෝම නිශ්ෂබ්ධයි කියල!


© Dhameesha Karunarathne

No comments:

Post a Comment

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...