ඔබ ඔබවම නැති කරගන්න තැන ඉතිරි වන ආදරය…
ඇත්තටම ආදරය නෙවෙයි ඒක නිකම්ම සම්බන්ධතාවයක් විතරයි, පුරුද්දක්, නැත්නම් අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්.
මනෝවිද්‍යාත්මකව බලද්දි, මිනිසා සම්බන්ධතාවයකට යන්නෙ අනිත් කෙනාට දීමට පමණක් නෙවෙයි.තමා ලෙසම පිළිගැනීමක් ලැබීමටත් කියන ගැඹුරු අවශ්‍යතාවයක් නිසා.
හැබැයි, ඔබ ඔබවම අඩු කරගෙන, ඔබේ හඬ නිහඩ කරගෙන, ඔබේ හැඟීම් පසෙකට දාලා, අනිත් කෙනා වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගත්තොත් ඔබට ලැබෙන්නෙ ආදරයක් වගේ පෙනෙන ප්‍රතිචාරයක් විතරයි.
ඒක මෙහෙමයි.
ඔබ වැඩි වැඩියෙන් දෙන විට, අනිත් කෙනා ඒක සාමාන්‍ය කරගන්නවා.
ඔබ නිහඩව හිටිය විට, ඒ නිහඩකම ඔබේ ස්වභාවය වෙලා යනවා.
ඔබ හැමදේම ඉවසන විට, ඒ ඉවසීම ඔබේ වගකීම වෙලා යනවා.
ඒක තමයි emotional conditioning කියන එක
ඔබ නොදැනුවත්වම අනිත් කෙනාව ඉගැන්වෙනවා, මම මේ තරම් දෙනවා… ඒක ලැබෙන එක ඔයාට සාමාන්‍යයි කියලා.
ඉතිං, දවසක් ඔබට වෙහෙස දැනුනොත්…
ඔබට “මමත් මනුස්සයෙක්” කියලා හිතෙන දවසක් ආවොත්…
ඔබ ටිකක් පස්සට යද්දි, ඒ සම්බන්ධතාවය තුළ හිස්කමක් දැනෙන්න පටන් ගන්නවා.
ඒ වෙලාවේ ඔබට වැටහෙන්නේ
ඔවුන් ඔබව ආදරය කරලා නෙවෙයි…
ඔවුන් ආදරය කරලා තියෙන්නේ, ඔබ දෙන දේට.
මේක හරිම සංවේදී තත්ත්වයක්.
මොකද, මේ වගේ සම්බන්ධතා තුළ burnout, resentment, සහ emotional emptiness වගේ දේවල් ඉතා සරලව ඇති වෙනවා.
ඇත්ත ආදරය කොහොමද වෙනස් වෙන්නේ?
ඇත්ත ආදරය කියන්නේ ඔබ ඔබව අහිමි කරගන්න දෙයක් නෙවෙයි…
ඔබ ඔබ ලෙසම ඉන්නට ඉඩ දෙන දෙයක්.
ඔබට නැහැ කියන්න පුළුවන් තැනක්,
ඔබට ඔබේ හැඟීම් කියන්න පුළුවන් තැනක්,
ඔබට දුක් වෙන්න, මහන්සි වෙන්න, හිනාවෙන්න නිදහස තියෙන තැනක් ඒක තමයි සෞඛ්‍යමත් බැඳීමක්.
මතක තියාගන්න…
ඔබ ඔබවම දිය කරලා ලැබෙන ආදරය,
දිගටම පවත්වාගන්න නම් ඔබට තව තවත් ඔබව නැති කරගන්න වෙනවා.
නමුත්, ඔබ ඔබව රැකගෙන දෙන ආදරය කාලයත් එක්ක ගැඹුරු වෙනවා, ආරක්ෂිත වෙනවා, ඇත්ත
වෙනවා.
ඒ නිසා…
ඔබේ සීමාවන් හඳුනාගන්න.
ඔබේ හඬ අහන්න.
ඔබ ඔබටම අහිමි නොවී ආදරය කරන්න.
මොකද…
ඔබ නැතිවුණ තැන, ආදරයට ජීවත් වෙන්න පුළුවන් තැනක් නැහැ.
වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist
BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

No comments:
Post a Comment