Relationship එකක් පටන් ගත්ත ගමන් ඔයත් ඔයාගෙ ආදරවන්තයා හෝ ආදරවන්තිය පාලනය කරන්න යනවද. Relationship ඇතුලේ ප්‍රශ්න පටන් ගන්නෙම මෙන්න මෙතන ඉඳන්. සමහර අය හිතනව Relationship එක පටන් ගත්ත මොහොතේ ඉඳන් එයා ඉන්න ඕනි මට ඕන විදිහට කියල. ඒක ඔයා කරන ලොකු වැරැද්දක්. සමහර අය විවාහ ජීවිතය ආරම්භ කරපු දවසේ ඉදන් කරන්න හදන්නෙම මේ දේ තමයි. ඔයත් එක්ක Relationship එකක් පටන් ගත්ත කියල එයාට එක මොහොතකින් වෙනස් වෙනව කියන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔයා ඒක උපේක්ෂාවෙන් යුතුව තේරුම් ගන්න ඕන. ඔයා මෙහෙම හිතන්නකෝ එයාට අවුරුදු විස්සෙදි ඔයා එක්ක Relationship එකක් පටන් ගත්ත කියල. එයා අවුරුදු විස්සක් ජීවත් වුන විදිහක් තියෙනව. එයාගේ පවුල , සර්කල් එක ඇතුලත එයා ජීවත් වෙලා තියෙන විදිය සම්පූර්ණ වෙනස්. ඔයාගේ පවුල සහ සර්කල් එක ඇතුලත ඔයා ජීවත් වෙලා තියෙන විදිහක් හාත්පසින්ම වෙනස්. සරලව කියනවනම් අඳින පළඳින විදිහෙ ඉඳන් කන බොන විදිහ දක්වාම ඔයාල දෙන්න සම්පූර්ණයෙන්ම එකිනෙකාට වෙනස් ගති ලක්ෂණ වලින් සමන්විත දෙදෙනෙක්. Ask out කරල එයා ඔයාට හා කිව්වට එක මොහොතකින් එයාගේ Attitudes වෙනස් වෙන්නෙ නැහැ. ඒක ඔයා බුද්ධිමත්ව තේරුම් ගන්න ඕනි. එයාගෙ ළඟ Bad habits ( නරක පුරුදු ) තියෙනව වෙන්න පුළුවන්. ඒ දේවල් වුණත් එකපාරම වෙනස් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඔයා ඒ දේවල් ඔයාට ඕන විදිහට ක්ෂණිකව වෙනස් කරන්න යනව කියන්නේ ඒ Relationship එක Toxic වෙනව. ඔයාට ගොඩක් නොගැලපෙන Bad habits එයා ළඟ තියෙනව නම් කොයි තරම් ආදරේ වුණත් කමක් නැහැ Relationship එක Brakeup කරන්න. දෙන්නෙක් ජීවත් වෙනකොට ආදරේ විතරක් තිබිල මදි. කවුරු කොහොම කිව්වත් පවුල් පසුබිම , ආර්ථික තත්වය , අධ්‍යාපනය , සමහර අවස්ථා වලදී ජාති ආගම් පවා Relationship එකක පැවැත්මට බලපානව. දැක්ක ගමන් ඔයාගෙ හදවතටම දැනුන කෙනාට ආදරේ කරන්න යනවට වඩා ඔයාට තරමක් දුරට හරි ගැලපෙන කෙනාට ඔයාට ආදරේ කරන්න පුළුවන් නම් ඒක මාරම වටින දෙයක්. ආදරේ කියන්නෙ ක්ෂණිකව දැනෙන හැඟීමක්. ඒක දැනුන ගමන් මෙයත් එක්ක මම ජීවත් වෙනව කියන තැනට ක්ෂණිකව මනස පරිවර්තනය කරගන්න යන්න එපා. සමහර සංසාරික පුරුදු ( අනුසය වශයෙන් භවයෙන් භවය කරා ගමන් කරන කෙලෙස් ධර්මතා ) ඔයාට වෙනස් කරන්න ඕන උනාට ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතනදි ගහ මරාගෙන ඒව වෙනස් කරන්න කොයිතරම් උත්සාහ කලත් ඔයාට ඒ දේ කරන්න බැහැ. Relationship එකක් ඇතුළෙදි ඒ දේවල් ගැනත් ටිකක් හිතන්න. ආදරේදී කවදාවත් අපිට හොඳම කෙනා ලැබෙන්නෙ නැහැ. ආදරේ කොයිතරම් තිබුනත් සමහර අයගේ Attitude's හොඳ නැති වෙන්න පුළුවන්. Attitude's කොයිතරම් හොඳ වුණත් සමහර අය ළඟ ආදරේ අඩු වෙන්න පුළුවන්. අපි කවදාවත් අපි කැමති දේවල් එයාගෙන් දකින්න සහ බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. එයත් එක්ක එකට ජීවත් වෙන්න තරම් අවුලක් නැත්නම් අපි දැනගන්න ඕනි ඒ දේවල් Balance කරගෙන ජීවත් වෙන්න. එයාගෙ විදිහට අපිට යම්තාක් දුරකට හරි අනුවර්තනය වෙන්න පුළුවන් නම් ඒක ඔයාට මාරම Advantage එකක් වෙනව.
ඔයා පිරිමි කෙනෙක් නම් relationship එකක් පටන් ගත්ත ගමන් ඔයාගෙ ආදරවන්තිය අඳින පළඳින විදිහ ක්ෂණිකව වෙනස් කරන්න යන්න එපා. එයා ආශ්‍රය කරන යාළුවො ඔයා තීරණය කරන්න යන්න එපා. එයා අවුරුදු ගානක් කොටට අඳින කෙනෙක් නම් ක්ෂණිකව එයාට දිග ඇඳුම් අන්දවන්න හදන්න එපා. යම්කිසි සාධාරණ කාලයක් එයාව හොඳින් නිරීක්ෂණය කරන්න. එයා ළඟ ඔයාට දරාගන්න බැරි තරම් bad habits නැත්නම් අනවශ්‍ය විදිහට එයාව වෙනස් කරන්න යන්න එපා. එයා traditional ( සාම්ප්‍රදායික ) කෙනෙක් නම් එයාට ටික කාලයක් ඒ විදිහට ඉන්න දෙන්න. එයා traditional කෙනෙක් නෙවෙයි නම් බලෙන් එයාව traditional කරන්න යන්නත් එපා. මොකද එයා අවුරුදු ගානක් එයාගේ අම්මා තාත්තා සහ පවුල ඇතුලේ හැදුන විදිහක් තියෙනව. ඔයත් එක්ක relationship එකක් පටන් ගත්ත කියල ඒ දේවල් ක්ෂණිකව වෙනස් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි දැඩිව නිරීක්ෂණය කරන එක. එයා ළඟ තියෙන ලිංගික හැඟීම් , රුචි අරුචිකම් වගේ දේවල් පවා ඔයා නිරීක්ෂණය කරන්න. මොකද හැම කෙල්ලම ලිංගිකත්වයට දැඩි ආශාවක් දක්වන්නෙ නැහැ. ලිංගිකත්වයට තරමක් කැමති අය , මධ්‍යම ප්‍රමාණයට කැමති අය , දැඩිව කැමති අය වශයෙන් කොටස් තුනක් ඉන්නව. ඒකට අවධානය යොමු කරන්න කියන්නෙ ඇයි දන්නවද ? හිතන්න ඔයා ලිංගිකත්වයට දැඩිව ආශා කරන කෙනෙක් නම් ලිංගිකත්වයට තරමක් ආශා කරන කෙනෙක් ඔයාට ගැලපෙන්නෙ නැහැ. ඔයා ලිංගිකත්වයට තරමක් කැමති පිරිමි කෙනෙක් නම් ලිංගිකත්වයට දැඩිව ආශා කරන කාන්තාවක් ඔයාට හරියන්නෙ නැහැ. අනියම් සබඳතා Buildup වෙන්න ඒ දේවලුත් හේතු සාධක වෙනව. ඒ සියලුම දේවල් වල අන්තර්ගතය ඔයාට ප්‍රශ්නයක් නැත්නම් ඔයා එයත් එක්ක ඉන්න. ඔයාට එයාගෙ attitude සහ රුචි අරුචිකම් පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනව නම් ඔයාට අවශ්‍ය විදිහට තරමක් දුරට වෙනස් කරන්න උත්සාහ කරන්න. අවම වශයෙන් හෝ වෙනස් කරන්න බැහැ කියල ඔයාට තේරෙනව නම් කොයි තරම් ආදරේ වුණත් බලෙන් එල්ලිලා ඉන්න එපා. දෙන්නම කතා කරල relationship එක නතර කරන්න. බැඳල අවුරුදු ගානක් ගහ මරාගෙන ළමයි හදලා ඩිවෝස් එකකට යනවට වඩා කලින්ම බ්‍රේකප් වෙන එක හොඳයි.
ඔයා කාන්තාවක් නම් relationship එකක් පටන් ගත්ත දවසේ ඉඳන් ඔයාගේ පෙම්වතාව වෙනස් කරන්න හදන්න එපා. කෙල්ලෙක් අකමැත්තෙන් හරි වෙනස් වුණත් කොල්ලෙක් එහෙම ලේසියෙන් වෙනස් වෙන්නෙ නැහැ. ඒක තමයි අමිහිරි යථාර්ථය. ඔයාගේ පෙම්වතා කියන්නෙ එයාගේ දෙමව්පියොත් එක්ක ඒ පවුල ඇතුලේ අවුරුදු ගානක් එක විදිහකට ජීවත් වුන පුද්ගලයෙක්. එයාගේ කන බොන විදිහේ ඉඳන් හැම දෙයක්ම ගොඩක් වෙනස්. කොල්ලො කියන්නෙ කොහොමත් අඩියක් ගහල චිල් එකේ ඉන්න කැමති පිරිසක්. relationship එක පටන් ගත්ත කියල ඔයා ඒ දේවල් වෙනස් කරන්න හදන්න එපා. යම්කිසි මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙලා ඉන්නව නම් ඔයා කරන්න ඕනි හිමින් අයින් වෙලා යන එක. බැන්දට පස්සේ මම මෙයාව හදාගන්නව කියල හිතනවනම් ඔළුව අතගාල බලන්න අන් එනවද කියල. කෙල්ලො කරන ලොකු වැරැද්දක් තමයි උන් හොයන්නෙම ආදරෙ. ගෑනු හිත් වලට ආදරේ දැනුනම හරියට නිකන් වෙඩරු වගේ උණු වෙලා යනව. ඔයාගෙ පෙම්වතා කොයි තරම් toxic ( විෂ සහිත ) කෙනෙක් උනත් ඔයා එයාගේ ආදරේට හරිම පෙරේතයි. යන්න හේතු අනූනමයක් තිබ්බත් ආදරේ කියන එක හේතුව නිසා ඔයා විඳව විඳව හරි අර මනුස්සයත් එක්කම ඉන්න බලනව. ඔයා කෙල්ලෙක් නම් ඔයා අවධානය යොමු කරන්න ඕනිම දෙයක් තියෙනව. අනිවාර්යෙන් ඔයාගෙ පෙම්වතාගේ පවුල් පසුබිම සහ විශේෂයෙන්ම එයාගේ අම්ම සහ සහෝදරියෝ ඉන්නවනම් ඒ ගැන හොඳටම හොයල බලන්න. ඔයාගෙ පෙම්වතාගෙ ලිංගික හැඟීම් පිළිබඳව පවා නිරීක්ෂණය කරන්න. ඔයා දැඩිව ලිංගිකත්වයට ආශා කරන කාන්තාවක් නම් ඔයාගෙ පෙම්වතාට ඒ ආශාවන් ඉතාමත් අවමයි නම් කොයිතරම් ආදරේ වුනත් අනිවාර්යෙන් එතන ප්‍රශ්නයක් තියෙනව. ඔයා relationship එකක් ඇතුලත මේ වගේ සියුම් දේවල් පවා හිතන්න ඕනි. ආදරේ කියන මාතෘකාවෙන් ඇස් අන්ධ කරගන්න එපා. ඔයාගෙ විදිහට එයාව හදාගන්න බැරි නම් සහ එයාගේ විදිහට තරමක් හෝ ඔයාට අනුවර්තනය වෙන්න බැරිනම් relationship එක බ්‍රේකප් කරල දාන්න. විවාහ වෙලා ළමයි හදලා ගහ මරාගෙන ඩිවෝස් වෙන තැනට යන්න එපා.
කෙනෙක් වෙනස් කරනව කියන එක ලේසි දෙයක් නෙමෙයි. අපි ගෙදරට බල්ලෙක් පූසෙක් ගෙනාවත් අපි ඌව ගේන්නේ පොඩි කාලේ. ඒ මොකද අපිට ඕන විදිහට ඌව හදාගන්න ඕනි නිසා. වැඩුණු සතෙක් ගෙනල්ල අපිට ඕන විදිහට හදාගන්නව කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඔයාගෙ පෙම්වතිය හෝ පෙම්වතා මේ වගේ වැඩුණු සතෙක්. ඉතින් ඒ සතාව ඔයාට අවශ්‍ය විදියට හදාගන්නව කියන එක කරන්න පහසු කාර්යයක් නෙවෙයි. මුලින්ම ඔයා ඒක තේරුම් ගන්න ඕනි. ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පරිසරය ආරක්ෂාකාරී නම් ඔයා එයා ළඟ රැඳෙන්න. එහෙම ජීවත් වෙන්න බැරි නම් , අවශ්‍ය අවම විදිහටවත් වෙනස් කරගන්න බැරි නම් , කොයි තරම් ලස්සන උනත් , කොයි තරම් ආදරේ වුනත් ඔයා ජීවිත කාලයම තනියම හිටියත් relationship එක බ්‍රේකප් කරන්න. මොකද අමාරුවෙන් මිනිස්සු වෙනස් කරගෙන හැමදේම හදාගන්න තරම් කාලයක් අපිට නැහැ. එහෙම කරන්න තිබ්බ අවුරුදු 300 ක් විතර ජීවත් වෙනව නම්. අපි ජීවත් වෙන අවුරුදු 75 ක් වගේ පොඩි කාලයක් ඇතුලේ හැඟීම් නිසා ජීවිතේ විඳවනව කියන්නෙ ලැබුන මනුස්ස ආත්මය මාරම අපරාධයක්. අපිට මිනිසත් බව ලැබෙන්නේ ආධ්‍යාත්මික ජීවිතය පිළිබඳව අවබෝධ කරගෙන සංසාරයෙන් ගැලවීමට මිස හේතු හදාගෙන බලෙන් විඳවන්න නෙවෙයි. අප්රමාදී නොවන්න අද රෑ වුණත් අපි මැරෙන්න පුළුවන්. ජීවිතය විඳින ගමන් අකමැත්තෙන් හෝ අධ්‍යාත්මයත් ප්‍රගුණ කරන්න උත්සාහ කරන්න. ආදරය යනු ජීවිතයම නොවේ.
සොඳුරු යථාර්ථවාදියා ✍️

No comments:
Post a Comment