සමහරුන්ට stressed වෙද්දි “දුමක් දැම්මනම් හරි” කියලා හිතෙනවා. ඒක කොයිතරම් මිනිස්සු අතර මුල් බැහැලද කිව්වොත් දුම්වැටි කියන්නෙ එදා මෙදා තුරා මිනිස්සුන්ගේ “stress relief button” එකක් වගේම මිනිස්සු අතරට ගිහින්. ඒත් ඒක stress එකට හරියටම හරියන පිළියමක්ද? නැත්තම් හුඟාක් dangerous illusion එකක්ද?
Smoke කරාම ඔයාගෙ stress එක අඩුවෙන්නෙ කොහොමද?
දුම්වැටියේ තියෙන නිකොටින් (nicotine) වලින් ඔයාගෙ මෝලේට dopamine (feel-good chemical) එකක් release කරනවා. අන්න ඒ නිසා ඔයාට ඒ වෙලාවට temporary calmness එකක් දැනෙනවා, ඔයාගෙ anxious thoughts ටික වෙලාවකට fade වෙලා යනවා, ඔයාට සනීපයක් දැනෙන “ආතල් feeling” එකක් දෙන lag effect එකක් දැනෙනවා.
හැබැයි මේක long-term පුරුද්දක් විදිහට ඔයාගෙ මනසට වගෙම ශරීරයට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද, ඔයා stress වෙන්නෙ ඔයාගෙ external issue හින්දා. ඒ වෙලාවට දුම්වැටියෙන් දෙන නිකොටින්, ඔයාට temporary “cover-up” එකක් විතරයි. ඒත් ඒක නැති වෙද්දි ඔයාගෙ මොලේ withdrawal stress එකක් එවලා, තව cigarette එකක් ඉල්ලනවා. මෙන්න මේක Addiction Loop එකක් වෙනවා. නැතුව මේක calm වෙන්න විදිහක් නෙවෙයි, calmness එක fake කරන vicious cycle එකක් විතරයි.
දුම්බීම නොකර ඔයාගෙ stress එක handle කරන ක්‍රම 3ක් මං කියා දෙන්නම්.
1. Breathing Reset – 4-7-8 Method
දුම් බොද්දි ඔයාගෙ මොලේට ඕනේ වෙන්නෙ නිකොටින් නෙවෙයි ඔයාගෙම oxygen විතරයි ඒ නිසා ඒ වෙලාවට මේ විදිහ Try කරන්න.
• තත්පර 4 කින් හුස්ම උඩට ඇදගන්න
• තත්පර 7 කට හුස්ම රඳවන්න
• තත්පර 8 කින් හුස්ම පිටවන්න
මේක ඔයාගෙ nervous system එක calm කරන්න පුළුවන් හොඳ tested method එකක්.
2. Behavioral Swap – “Smoke Time = Walk Time”
ඔයාට දුම්වැටියක් බොන්න පුරුදු උන වෙලාවක් තියෙනවද? එහෙනම් ඒ වෙලාවට ඔයා open space එකකට ගිහින් ඔයා breathing focus කරන්න. ඔයාගෙ Brain එක gradually reward එක හැමවෙලේම swap කරනවා.
3. “Stress Journal” – ලියලා සන්සුන්වෙන්න.
ඔයාගෙ stress මොකක්ද කියලා ලියන එක ඔයාගෙ brain එකට clear signal එකක් දෙනවා. "මම ඕනිම situation එකක් control කරනවා. ඒකට ඕනි දුම්වැටි නෙවෙයි.” මේ වගේ කෙටි වචනවලින් හරි, ඒක ලියන්න. ඔයාට මේකෙන් calm & clarity combo එකක් ලැබෙයි.
ඔයා තවමත් smoke කරනව නම් ඔයාට දුම්වැටි වලින් calmness එකක් දෙනවා කියලා හිතෙන්න පුළුවන්. ඒත් ඒක ඔයාගෙ brain එක රවට්ටන ගොඩක් අවදානම් ක්‍රමයක්. මොකද ඔයාට ඇත්තටම stress එකකදි calm වෙන්න ඕනි නම්, ඔයාට ඔයාගෙම breath controlling movement එකක් සහ self-awareness එකක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.
අමතක කරන්න එපා,
“Stress එක නැති කරන නෙවෙයි, ඕනිම වෙලාවක stress එක හරියට handle කරන්න පුළුවන් කෙනයි ජීවිතය ජයගන්නෙ.”
Pramod Weerarathna
Motivator | Life Coach
Transformation Mentor
#pramodweerarathna #හිනාවෙලා_හිටපං

No comments:
Post a Comment