කාල් මාක්ස් සහ ආගම ...
ආගම පිළිබද අදහස් දැක්වීමේදීද මාක්ස්
පරාරෝපන සංකල්පය භාවිත කරයි.පරරෝපනය මගින් මිනිසා තම අවට පරිසරයේ තමාට
තේරුම්ගත නොහැකි සිදුවීම් අදෘෂමාන බලවේගයන්ට පවරා ඊට යටත්ව ජීවත්වීමට
මිනිසා පෙළඹේ.ප්‍රාථමික කමියුනිස්ට් අවධියේදී තමාට තේරුම්ගත නොහැකි දෑ
විස්තර කිරීමට ආගමික හා අභිචාරාත්මක පදනමක
පිහිටා දෙවියන් හා ආගමවෙත බලය
පැවරුවද පංති සහිත සමාජයන් බිහිවීමත් සමග පාලක පංතිය විසින් පාලිතයන් කෙරේ
තම බලය පතුරුවා හැරීමට දේව විශ්වාස හා ආගම භාවිත කළහ.මාක්ස් තවදුරටත් අගම
පිළිබද දක්වන්නේ මෙවැනි අදහසකි˘මුළු මහත් ජීවිකාලයක් තිස්සේ වැඩකරමින් අග
හිඟකම් වලින් මිරිකෙමින් මිහිපිට ජීවත්වනතුරු යටහත් පහත් කමින් හා ඉවසීමෙන්
ජීවත්විය යුතු බවත් ඒ වෙනුවට මරණින්මතු ලැබෙන දිව්‍යමය සම්පත්
බලාපොරොත්තුවෙන් සැනසුම ලැබිය යුතු බවත් ආගම උගන්වයි. එහෙත් අනුන්ගේ ශ්‍රමය
සූරාකමින් ජීවත්වන අය මිහිපිට ජීවත්වන කාලය තුල පිනට දියයුතු බව ආගම
උගන්වයි.˘
ඒ අනුව සූරා කන්නන් ගේ මුළු මහත් ජීවන පැවැත්මම සාධාරණ
යැයි කියන ආගම දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් භුක්ති විදීම සදහා පහසු මිලට
බලපත්‍ර විකුණයි.එබැවින් ප්රාග්ධනයේ වහලුන් විසින් තම මිනිස් ප්‍රතිරූපය
ගිල්වා දමන අඩු වැඩි වශයෙන් මිනිසකුට තරම්වන ජීවිතයක් සදහා ඔවුන්ගේ ඉල්ලීම්
ගිල්වා දමන ආගම වූකලී එක්තරා අතකින් ආද්‍යාත්මික මත්වීමක් වැනිය.ආගම යනු
පුද්ගලයා මත් කරන අබිං වලට සමානය යනුවෙන් තවදුරටත් මාක්ස් ප්‍රකාශ
කරයි.මාක්ස් දක්වන ආකාරයට ආගම සැමවිටම පාලක පංතියටම සේවය කරයි.ඒ අනුව ධනපති
පංතිය ආගම වගා කරන අතර ධනපති ජංතියේ අවංක සඟයා ලෙස ආගම ක්‍රියා කරයි.පාලක
පංතිය ආගමට සෑම සහයෝගයක්ම ලබාදෙමින් මනස්කාරවාදී දර්ශනය දිගටම පවත්වා
ගනිමින් එය තම පාලන බලය තහවුරු කරන අවියක් බවට පත්කරගනී.ධනපති පංතියේ අණ
පිළිපදින පූජකයන් හා ප්රතිගාමී විද්‍යාඥයන් විද්‍යවේ ප්‍රහාරයෙන් ආගම බේරා
ගැනීම සදහා එකට එකතුව ක්‍රියාකරයි.සූරා කන්නන්ගේ බලය තහවුරු කිරීම සදහා
ආගම දැඩි මෙහෙයක් ඉටුකරයි..මාක්ස් අවසාන වශයෙන් දක්වන්නේ මිනිස් සංහතියමත
පටවා ඇති ආගම නැමැති වියගස සමාජයේ ඇති ආර්ථික වධබන්ධන නැමැති විය ගසේම
ප්‍රතිබිම්බයක් බවයි.
කාල් මාක්ස් ප්‍රකාශකරන ආකාරයට ආගම සැමවිටම
පංති සහිත සමාජයක් නිර්මාණය කිරීමට හා එහි පාලක පංතිය ආරක්ෂා කිරීමට
වෙහෙසෙයි.ආගම විසින් වහලා ප්‍රෙව්ණිදාසයා මෙන්ම නිර්ධනයා තමාට උපතින්
හිමිවූ තත්වයේම රැදී සිටීමට උපදෙස් දෙයි.තමා එසේ ඉපදීමට හේතුව දේව කැමැත්ත
හෝ කර්මය බව ආගම උගන්වයි.ආගම මගින් ධනාත්මක චින්තනයට වඩා ඍණාත්මක චින්තනය
වපුරුවයි.මිනිසා විසින්ම නිර්මානය කළ ආගමට සියළු බලය ලබාදී ආගමේ වහලකුවී
මිනිසා ජීවත්වීම නිසා මිනිසාගේ තාර්කිත චින්තනය නිර්මාණාත්මකභාවය
මොටවීයයි.ආගම සැමවිටම පවත්නා තත්වය වෙනස්කිරීමට නොව ඒතුලම ගැලී සිටීමට
උපදෙස් දෙයි.ඉදිරි ගමන වලක්වයි.එබැවින් මාක්ස් ප්‍රකාශ කරන්නේ මිනිසා ආගම
නිර්මාණය කළද ආගම මිනිසාව නිර්මානය නොකරනබවයි.එබැවින් මක්ස්වාදය අනුගමනය කළ
රටවල් වේගයෙන් දියුණුවූ බවත් ආගම හා සංස්කෘතිය තුල ඇලීගැලී සිටි සමාජයන්
සහිත රටවල් තවමත් දියුණුවෙමින් පවතින රටවල් ලෙසත් පවතිනබව මාක්ස්වාදී
විශ්ලේෂකයෝ අවධාරණය කරයි.
©️
Thursday, April 9, 2026
Subscribe to:
Post Comments (Atom)
මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...

No comments:
Post a Comment