🤯මොකද්ද බං Elon Musk ට මේ 'X' අකුර එක්ක තියෙන පිස්සුව? ❌🚀
උඹලත් කල්පනා කරා නේද ඇයි මූ Twitter එකේ කුරුල්ලව එලවලා 'X' කියලා දැම්මේ කියලා? SpaceX, Tesla Model X, xAI... හැම දේම X නේ....මේක පිටිපස්සේ තියෙන ඇත්තම කතාව මේකයි.
1. බාර් එකකදි දාපු ඔට්ටුවක්?🍺
මේ පිස්සුව පටන් ගන්නේ අද ඊයේ නෙමේ 1999 දී! එතකොට මස්ක් පොඩි කොල්ලෙක්. පොරට ඕන වුනා ඔන්ලයින් බැංකුවක් පටන් ගන්න. දවසක් මූ යාළුවෝ එක්ක බාර් එකක ඉඳගෙන කල්පනා කරා මේකට දාන නම මොකද්ද කියලා. Q.com ද? Z.com ද? නැත්නම් X.com ද?....ඉතකොටම එතන හිටපු වේටර් අක්කා කෙනෙක් කිව්වලු "X.com එක මරු" කියලා. අන්න එතනින් තමයි මූට මේක ඔළුවට ගියේ.
ආතල් සීන් එක 😂
එතකොට හිටපු අනිත් එවුන් මූට කිව්වලු "එපා යකෝ X.com කිව්වම මිනිස්සු හිතයි මේක 'වැල' (P-orn) සයිට් එකක් කියලා". ඒත් මූ ඇහුවේ නැල්ලු . මූ ඒ නමට පිස්සු වැටිල ඒකම දැම්මා.
2. පරණ පෙම්වතියව ආයේ සල්ලි දීලා ගත්තා වගේ වැඩක්!💔➡️❤️
පස්සේ කාලෙක මේ X.com එක PayPal එකත් එක්ක එකතු වුනාම ඒ නම අයින් කරා. හැබැයි මූට මේක අමතක කරන්න බැරි වුනා. 2017 දී, ඒ කියන්නේ අවුරුදු ගාණකට පස්සේ මූ PayPal එකෙන් 'X.com' ඩොමේන් එක ආයේ සල්ලි දීලා ගත්තා!.
මූම කිව්වා මේකේ මාර හැඟීම්බර වටිනාකමක් තියෙනවා කියලා. නිකන් පරණ ලව් එකක් වගේ බං.
3. Twitter එක X කරේ ඇයි? 📱💸
ගොඩක් එවුන් හිතුවේ මූට පිස්සු කියලා. Twitter එක X කරේ නිකන් නම මාරු කරන්න නෙමේ.
මස්ක්ගේ ප්ලෑන් එක තමයි "Everything App" එකක් හදන එක. ඒ කියන්නේ WeChat ( චීනයේ messaging, payments, social media, services ඔක්කොම තියෙන ඇප් එකක්) වගේ මැසේජ් කරන්නයි, වීඩියෝ බලන්නයි, සල්ලි ගෙවන්නයි (Banking) ඔක්කොම පුළුවන් ඇප් එකක්.
නිකන් හිතපන් බැංකු වැඩ කරන ඇප් එකකට "ට්විටර්" (කුරුල්ලා) කියලා නම දාන එක ගැලපෙන්නෙ නෑනේ? "X" කිව්වම තමයි ඒකේ ගැම්ම තියෙන්නේ. අනාගතේ එන මූල්‍ය පද්ධතියට ගැලපෙන්නේ X තමයි.
4. මූ ආස "අභිරහස්" පොරක් වෙන්න!🕵️♂️
ගණිතයේදී එහෙම අපි නොදන්න දේට දාන්නේ "x" නේ (Unknown Variable)
X කියන්නේ අනාගතය.
X කියන්නේ අනතුර (Danger)
X කියන්නේ අලුත් දේවල් (Exploration)
මූට ඕන මූව ලෝකේ ඉන්න අමුතුම ඩයල් එක විදියට පෙන්නන්න. ඒකට X අකුර පට්ටට මැච් වෙනවා.
තව ජෝක් එකක් 😂
Tesla කාර් වල නම් ටික (Model S, 3, X, Y) එකතු කරාම හැදෙන්නේ "S3XY" (S-e-x-y) කියලනේ. මූම කියලා තියෙනවා ඒක පොඩි ආතල් එකට කරපු වැඩක් කියලා.
ඉලෝන් මස්ක් කියන්නේ නිකන්ම බිස්නස් කරන එකෙක් නෙමේ. මූ අවුරුදු 25ක් තිස්සේ මූගේ ඔළුවේ තිබ්බ හීනයක් (X.com) හැබෑ කරගන්න ගේමක් ගහන පොරක්. Twitter එක ගත්තෙත් ඒ පරණ හීනෙ සම්පූර්ණ කරන්න මිසක් ට්වීට් කර කර ඉන්න නෙමේ 😎🚀
(Source: Elon Musk Biographies & Industry Interviews)
#TechSona #ElonMusk #X #Twitter #SpaceX #Branding #Technology #SriLanka #Facts

No comments:
Post a Comment