ඇත්තටම ආදරේ කරන කෙනෙක්
කොහොමද දාලා යන්නෙ? මනෝවිද්‍යාත්මකව බැලුවොත්, ආදරය කියන්නේ කෙනෙකු අයිති කරගන්න උත්සාහයක් විතරක් නෙවෙයි.
ඒක කෙනෙකුගේ ජීවිතයට ඔහුගේ හෝ ඇයගේ සතුටට අපි දෙන වගකීමක්.ඒ නිසාම සමහර ආදර කතා තියෙනවා ආදරය තියෙනවා…
නමුත් එකට ජීවත් වෙන්න හැකියාව නැහැ.සමහර වෙලාවට ඒ ආදරය සමාජයෙන් පිළිගන්නෙ නැහැ. සමහර වෙලාවට
එක්කෙනෙක් ඒ වෙනකොට වෙන කෙනෙක්ට නීතියෙන් බැඳීලා ඉවරයි. සමහර ආදර කතා ඒක ඒක පාර්ශ්වීයයි. තවත් සමහර වෙලාවට
දෙන්නම ආදරෙයි… නමුත් එකට සිටීම
දෙන්නාටම වේදනාවක් වෙනවා.එහෙම වෙලාවට
කෙනෙක් නිහඬව සමු ගන්නවා.
බොහෝ වෙලාවට කැමැත්තෙන් නෙවෙයි. දරාගන්න බැරි වේදනාවක් තියෙන හදවතක් එක්ක.
ආදරය ගැන මනෝ විද්‍යාත්මකව කතා කරන විට
එය හෝමෝන සම්බන්ධතාවයක්.
මනෝවිද්‍යාත්මක බැඳීම්, සමාජික අවශ්‍යතා වගේ දේවල් එක්ක සම්බන්ධ වෙනවා.
නමුත් හදවතේ සියුම් තැනක කෙනෙක් වෙනුවෙන් දැනෙන ගැස්මට, නැතිවීමෙන් ඇතිවන ඒ නිහඬ වේදනාවට පූර්ණ විද්‍යාත්මක අර්ථයක් දෙන්න තවමත් අමාරුයි. ඒ වේදනාව ඉතිහාසයේ විශාල ආදර කතා වලටත් තිබුණා.එක මොහොතක් හරි ආදරයෙන් බැඳුණු හැම හිතකටම ඒ අත්දැකීම පොදුයි.ඒ නිසාම ජීවිතයේ සමහර හමුවීම් සම්මත වෙයි.සමහර හමුවීම් අසම්මත වෙයි.නමුත් ඒ හමුවීම් බොහොමයක් එක තැනකදි සමුගැනීමක් වෙලා අවසන් වෙනවා.
සමහර අය කිසිම වචනයක් නොකියා මග හැරලා යනවා.
නමුත් මේ ලෝකයේ වද දීලා අයිති කරගන්න හදන ආදරයන් අතර, තවත් විශේෂ ආදර කතාවක් තියෙනවා. අනික් කෙනාගේ ආත්ම ගෞරවය ගැන හිතලා… ඔහුගේ හෝ ඇයගේ
අනාගතය ගැන හිතලා… මහ මෙරක් තරම් ආදරේ තිබ්බත් ඒක හංගගෙන මම ආදරේ නැහැ වගේ දාලා යන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා.
මනෝවිද්‍යාත්මකව ඒක කියන්නේ පරිණත ආදරය.
අයිති කරගැනීමට වඩා අනික් කෙනාගේ යහපත තෝරාගන්න ආදරය.ඒ නිසාම ආදරය කියන්නේ සමහර වෙලාවට අත් අල්ලගෙන සිටීම.
ඒත්සමහර වෙලාවට හදවත කඳුළින් පිරුණත්
අත අතහැර සමු දෙන ධෛර්යය.
වත්සලා විජේරත්න
Psychological Counsellor, Psychotherapist
BSc Coun & Psy,
HND Psychotherapy,
Certified NLP Practitioner,
Dip Psy,Dip Coun
Cert Drug Counselling
Member of American Psychological Association. (APA)
Member of Sri Lanka Professional Psychological Counsellors Association (SLPPCA)
Member of NLPEA

No comments:
Post a Comment