Friday, April 17, 2026

 🧠 ඔබ ලබා දෙන කුඩා දෙයකින් අනිත් අය ලවා ලොකු දෙයක් කරවා ගන්න පුළුවන් අඳුරු මිනිසුන්ව හසුරුවන මනෝවිද්‍යා ක්‍රමවේදය 🎁


හිතන්න, ඔයාගේ යාළුවෙක් ඔයාට නොහිතපු වෙලාවක පොඩි තෑග්ගක් දෙනවා. නැත්නම් ඔයා පාරේ ඉන්න වෙලාවක කවුරුහරි ඇවිත් උදව් කරනවා. ඊළඟ පාර ඒ කෙනා ඔයාගෙන් මොකක් හරි උදව්වක් ඉල්ලුවොත්, ඔයාට බෑ කියන්න පුළුවන්ද? අපි හැමෝම ජීවිතේ එක පාරක් හරි මේ අත්දැකීමට මුහුණ දීලා ඇති. .. නේද...


අන්න එතනයි The Reciprocity Rule හෙවත් අන්‍යෝන්‍යභාවයේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ.


📍මොකක්ද මේ Reciprocity Rule කියන්නේ?


සරලවම කිව්වොත්, කවුරුහරි අපිට යම් දෙයක් කළාම, ඒ වෙනුවෙන් පෙරළා යමක් කිරීමට අපේ හිත ඇතුළේ ඇතිවන සදාචාරාත්මක ණයගැතිභාවය මේක ලෝකයේ ඕනෑම රටක, ඕනෑම සංස්කෘතියක මිනිස්සුන්ට පොදු දෙයක්.


ප්‍රකට මනෝවිද්‍යාඥ Robert Cialdini ඔහුගේ Influence කියන පොතේ මේ ගැන හරි අපූරුවට විස්තර කරනවා ඔහුට අනුව, අපිට කවුරුහරි පොඩි දෙයක් කළොත්, ඒක අපේ හිතට ලොකු බරක් ඒ බර නිදහස් කරගන්න නම් අපි ඔහුට ඊට වඩා ලොකු දෙයක් හරි කරන්න පෙළඹෙනවා එකේ වෙන්නේ අපේ අතුලාංතයෙන්ම,


🚀 දැන් අපි බලමු පොඩි දෙයක් දීලා ලොකු දෙයක් ගන්නේ කොහොමද කියලා,

ඇත්තටම මේක Manipulation එකක් වගේ පෙනුණට, ව්‍යාපාරික ලෝකයේ සහ එදිනෙදා සබඳතා වලදී මේක හරිම ප්‍රබල ආයුධයක්. ඉතින් මේක හොඳ දේවල් වලට විතරක් යොදාගන්න, 


1. නොමිලේ දෙන එකේ බලය 


ඔයා Supermarket එකකට ගියාම චීස් කෑල්ලක් හරි, අලුත් ජූස් එකක් හරි නොමිලේ රහ බලන්න දෙනවා දැකලා ඇතිනේ? ඒක නිකන්ම රහ බැලීමක් නෙමෙයි. ඔයා ඒ පුංචි කෑල්ල කෑවට පස්සේ, ඒක විකුණන කෙනා දිහා බලලා එපා කියලා යන්න ඔයාගේ හිත ඉඩ දෙන්නේ නැහැ. ඒ පුංචි සංග්‍රහය වෙනුවෙන් ඔයා ලොකු පැකට් එකක් මිලදී ගන්න තියෙන ඉඩකඩ වැඩියි.


2. මුලින්ම උදව් කරන්න


ඔයාට කවුරුහරි ලවා වැඩක් කරගන්න ඕන නම්, මුලින්ම ඔහුට උදව්වක් කරන්න ඒක සල්ලිම වෙන්න ඕන නැහැ ඔහුගේ වැඩක් අගය කරන්න.

වැදගත් තොරතුරක් ලබා දෙන්න පොඩි තෑග්ගක් දෙන්න මේ හරහා ඔහු නොදැනුවත්වම ඔයාට "ණයගැති" වෙනවා ඊළඟ වතාවේ ඔයා උදව්වක් ඉල්ලද්දී ඔහු දෙපාරක් හිතන්නේ නැහැ, මොකද එයාගේ මනස බැහැ කියන්න ඉඩ දෙන්නේ නැහැ,


3. "නැහැ" කියන්න බැරි තැනට පත් කිරීම

මේක හරිම ලස්සන උපක්‍රමයක් මුලින්ම කෙනෙක්ගෙන් කරන්න බැරි තරමේ ලොකු ඉල්ලීමක් කරන්න ඔහු ඒක ප්‍රතික්ෂේප කළාම, "හරි ඒක බැරි නම් මේ පොඩි වැඩේ කරලා දෙන්න" කියලා ඔයාට ඇත්තටම අවශ්‍ය දේ ඉල්ලන්න. එතකොට ඔහු හිතන්නේ "මම කලින් එකට බෑ කිව්වනේ, මේකවත් කරලා දෙන්න ඕනේ" කියලා.


💡හැබැයි විශේෂයෙන්ම කියන්න ඕන ඔයා මේක අවංකවම කරන්න ඕන, මොකද ඔයා මේක කරන්නේ තනිකරම වාසියට කියලා අනිත් කෙනාට දැනුනොත් මේ නීතිය වැඩ කරන්නේ නැහැ. ඒක Deal එකක් වගේ පෙනෙන්න දෙන්න එපා.


ඔයා මොනවා හරි දෙනවනම් ඒ ගැන කලින් කියන්න එපා, කලින් කියලා දෙන දේට වඩා, හදිසියේ දෙන පුංචි තෑග්ගක හෝ උදව්වක බලය වැඩියි.


පෞද්ගලික වන්න (Personalization): හැමෝටම දෙන පොදු දෙයක් දෙනවාට වඩා, ඒ කෙනාටම විශේෂ දෙයක් ලබා දෙන්න උත්සාහ කරන්න.


⚠️ හැබැයි පුතේ මෙන්න මෙන්න පරිස්සම් වෙන්න ඕන තැන් කිහිපය ගැන හොඳට අවදානය දෙන්න,


මේ නීතිය අපිට විරුද්ධවත් පාවිච්චි වෙන්න පුළුවන් විකුණුම් නියෝජිතයෝ, දේශපාලනඥයෝ වගේ අය අපිට පොඩි පොඩි දේවල් දීලා අපේ තීරණ වෙනස් කරන්න බලනවා ඒ නිසා කවුරුහරි ඔයාට යමක් කරද්දී, ඒක ඇත්තටම උදව්වක්ද නැත්නම් ඔයාව හසුරුවන්න කරන දෙයක්ද කියලා බුද්ධියෙන් තේරුම් ගන්න.


🎯 මිනිස් සබඳතා ගොඩනැගෙන්නේ දීම සහ ලැබීම මතයි. The Reciprocity Rule කියන්නේ එක අතකින් ලෝකය ලස්සන කරන දෙයක් ඔයා මුලින්ම දෙන්න පුරුදු වුණොත්, නිරායාසයෙන්ම ඔයාට ලැබෙන දේ වැඩි වෙනවා...


හැබැයි මතක තියාගන්න, දක්ෂ නායකයෙක් හෝ ව්‍යාපාරිකයෙක් කියන්නේ මිනිස්සුන්ව රවට්ටන කෙනෙක් නෙමෙයි, මිනිස්සුන්ගේ හදවත දිනාගෙන ඒ හරහා සාර්ථකත්වය කරා යන කෙනෙක්ටයි.


ඔයාලත් මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවද? කවුරුහරි කරපු පුංචි උදව්වක් නිසා ඔයා ලොකු කැපකිරීමක් කරපු අවස්ථා තියෙනවද? 👇


#Psychology #ReciprocityRule #HumanBehavior #Mindset #SuccessTips #Influence #SriLanka #SocialPsychology

No comments:

Post a Comment

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...