එන්න අපි අපේම මොළය Hack කරමු. මේ වගේ පෝස්ට් හැමෝටම සෙට් වෙන්නෙ නැහැ ඉතිං උවමනාවක් තියෙන කෙනෙක්ට විතරයි සෙට් වෙන්නෙ. හැබැයි අන්තිමට මම Brain Functions ගැන දාපු පෝස්ට් එකට හොද ප්‍රතිචාර තිබ්බ්. ඒකෙදි මම කිව්වෙ "මට මේක කරන්න පුලුවන්, මම මේකට ආසයි, මම කොහොම හරි මේක කරන්න ඕනි. ඔව් මට පුලුවන්" වගේ motivational talks කියන්නෙ නිකම්ම නිකම් වචන නෙමෙයි. ඒවයින් ඇත්තටම අපි ඇතුලෙ දෙයක් වෙනව. අපිට පුලුවන් වෙනව. මම පෝස්ට් එකකුත් දැක්ක මෙන්න මෙහෙම,
-------පුළුවන් කියලා හිතුවාම මොළය වෙනස් වෙනවා.--------
----Neuroplasticity ඉගෙන ගන්න.----
ඉතිං Neuroplasticity කියන්නෙ මොකද්ද කියල මම දාපු කලින් පෝස්ට් එක comment section එකේ ඇති. මේක කියවන්න කලින් ඒකත් කියවල ආවනම් සුපිරි. හරි මේ කතාවල core එක තමයි "Dopamine Loop" එක. මේ dopamine loop එක තමයි අපිව දේකට ආස කරවන්නෙ. අපිට නැවත නැවත කරන්න පොළඹවනනෙ සහ ඒ මාර්ගයෙන් අපිට ඒක පුරුදු කරවන්නෙ සහ පුරුදු උනාට පස්සෙ අපි ඒ දේවල් දිගටම කරගෙන යන්නෙ. ඉතිං මේ dopamine loop එක හොද සහ නරක දෙපැත්තටම හේතු වෙනව. නරක පැති ගැනත් මම දාපු ආර්ටිකල් ඇති. Specially social media addiction එක කරවන්නෙ මේ dopamine circle එකෙන්.
හරි දැන් මම කිහන්න යන්නෙ මෙන්න මෙහෙම දෙයක්, හිතන අපි වැඩිය කැමති නැති ආස නැති දෙයක් තියෙනව අපිට ඉගෙන ගන්න, නමුත් මේක අපි එච්චර කැමැති නැති උනත් අපිට මේක කරන්න වෙලා. අනිවාර්යයෙන්ම අපිට ඒක ඉගෙන ගන්න වෙලා. එහෙම දේවල් සෙට් වෙනවනෙ. ඉතිං මම මේ කියන්නෙ කොහොමද අපි අපේ මොළය hack කරන්නෙ කියල එහෙම දෙයක් කරන්න ආස හිතෙන තැනට. අපි අපේ dopamine loop එක crack කරල අපිට ඕනි දේ කරගන්න හදන්නෙ. දන්නවද අපි බුද්ධිමත් වගේම අපේ මොළය මෝඩයි. අපිට ඒක අදුරගත්තහම අපිට ඕනි විදිහට මොළය හදාගෙන ප්‍රයෝජන ගන්න පුලුවන්.
අපි බලමු කොහොමද අපි අකමැති දෙයක් කරන්න අපිව කැමති කරගන්නෙ අපිට ඒක කම්මැලි නැතුව ආසාවෙන් කරන්න පුලුවන් තත්වයකට අපිවම පත් කරගන්නෙ කියල. මේක අවශ්‍ය වෙන පොඩි ක්‍රම කීපයක් කියන්නම්. මේ දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව. ඒ නිසා මේ දේවල් වලින් guidance අරගෙන තමන්ට හරියන විදිහට හදාගන්න.
🔰1). ඔයා අකමැති දේ ඔයා කැමති දේවල් එක්ක කලවම් කරගන්න.
ඒ කියන්නෙ? ඒ කියන්නෙ මේකයි, අපේ මොළයට ඕනි මොනම හේතුවක් නිසා හරි dopamine. එයාට මේ අපි කරන්න හදන මූලික දේ නිසාම dopamine produce කරන්න ඕනි කියල එකක් නැහැ. ඉතිං ඔයා ඉගෙන ගන්න අකමැති දේ කරන්න ඔයා කැමති දේවල් එක්ක. ඒ කොහොමද? මෙන්න මේ වගේ ක්‍රම ටිකක් පාවිච්චි කරන්න පුලුවන් ඔයාට.
👉 - ඔයා ඉගෙන ගන්න වට පිටාව වෙනස් කරන්න. ඔයාගෙ හිතට කැමති හිතෙන ආස හිතෙන තැනකට යන්න. ඔයා කලින් පාඩම් වැඩ කලේ ඉගෙන ගන්න දේවල් කලේ ඔයාගෙ කාමරේ ඇතුලෙනම් ඊට වඩා ඔයා කැමති වෙන තැනක් තියෙනවනම් එතනට යන්න. එක්කො ඔයාට හිතෙනවනම් පොඩ්ඩක් workstation එක වෙනස් කරන්න ඕනි ඔයාට ආස හිතෙනව එහෙම කලහම කියල එහෙනම් එහෙම කරන්න.
ඔයාට හිතෙනවම් යාලුවො එක්ක සෙට් වෙලා ඉගෙන ගන්න එක හොදයි, library එකට යන එක හොදයි, එක්කො ටිකක් open area එකකට යන එක හොදයි, මිදුලට ගිහින් හොදයි කියල මොනම හරි ඔයා මේ විදිහට කැමති තැනකට යන්න.
ඔයා මෙහෙම කැමති තැනකට ගියහම ඒ තැන නිසා එතනට තියෙන කැමතිකම ආසාව සැහැල්ලුව නිසා ඔයාගෙ dopamine release වෙනව. මේ dopamine release එක නිසා ඔයාගෙ තියෙන කම්මැලි කම අඩු වෙනව ඒත් එක්කම ඔයා අර අකමැති දේ කරන්න තිබ්බ ගතිය අඩු වෙනව. කැමති දේ නිසා start වෙන dopamine loop එක අකමැති දේටත් mix වෙනව.
👉 - ඔයා කැමති සිංදුවක් අහන්න, ඒ සිංදුව හෙමීට background එකේ play වෙන්න දාන්න. ඒ ඔයා කැමති සිංදු නිසා ඔයාගෙ dopamine loop එක start වෙනව. ඒක ඔයාට අර අකමැති වැඩේ කරගෙන යන්න උදව්වක් වෙනව.
👉 - ආස කරන පොඩි කෑමක් කන්න , කෝපි එකක් බොන්න. ඒ වගේ දේවල් වලිනුත් ඔයාගෙ dopamine release වෙනව. ඒ dopamine loop එක නිසා ඔයා සාමාන්‍යයෙන් අකමැති උන වැඩේ කරගෙන යන්න ආස වෙයි.
ඔයා හොයාගන්න ඔයාට අකමැති දේ කරන ගමන් සමාන්තරව කරන්න පුලුවන් ඔයා කැමති දෙවල්. ඒ දේවල් සහ ඔයාගෙ අකමැති දේ mix කරන්න. කැමති දේ නිසා ඇති වෙන dopamine loop එක ඔයා අකමැති දේ කරගෙන යන්නත් උදව් වෙනව. ඔයාට නොදැනිම ඒක වෙයි. ඊට පස්සෙ මේක පුරුද්දට යනකොට ඔයා අකමැති දේට ඔයා නොදැනුවම කැමති වෙලා. සමහර විට ඔයා මේ dopamine loop ගැන දන්නෙ නැති උනත් මම මේ කියපු විදිහට වෙච්ච දේවල් ඇති. හිතල බලන්න. අන්න ඒවයෙ background එකෙන් biologically සිද්ධ උන දේ තමයි මේ මම කියපු දේ. ඉතිං මේ biological hacks ඉගෙන ගන්න.
🔰2). අකමැති දේ පුංචි කොටස් වලට කඩාගන්න.
අපි වැඩක් සාර්ථකව කරල ඉවර කරා අපේ target එකක් achieve කරා කියලම දෙයක් වෙන්න ඕනි නැහැ අපි දේකට කැමති වෙන්න අපේ මොළය motivate වෙන්න. පුංචි දේකින් උනත් අපිට අපේ dopamine loop එක start කරවන්න පුලුවන්. හිතන්න ඔයාට ඉගෙන ගන්න තියෙනව python ගැන ( මම කලින් ආර්ටිකල් එකෙත් ගත්තෙ මේ උදාහරණය. සමහරවිට හැමෝටම python කියන්නෙ මොකද්ද තේරෙන්නෙ නෑනෙ. ආර්ටිකල් එක බලන IT නොවෙන අයට කියන්නෙ python කියන්නෙ computer language එකක් කියල හිතන්නකො ). ඉතිං ඔයා ඕක කඩල ගන්න පුංචි කොටස් වලට.
python වලින් පොඩි function එකක් ලියන්න, එක්කො පොඩි variable එකක් හදන්න, පොඩි loop එකක් හදන්න, පොඩි if else එකක් ලියන්න. ඔහොම පොඩි පොඩි දේවල් කරන්න. ඒ ඒ පොඩි දේවල් හරියනජොට ඔයාගෙ dopamine hits යනව. ඒව ඊට පස්සෙ loops වෙනව. Loops වලින් reenforcment එක activate වෙනව. ඔයාටම නොදැනි ඔයා කැමැත්තෙන් වැඩේ කරගෙන යනව.
🔰3). Visual progress tracking
අපේ මොළය හරි කැමති Progress bars, streak counters, visible project results, වගේ දේවල් දකින්න. ඕව පේනකොට dopamine hits create වෙනව. මතකද A/L කරන්කොට "3As" කියල එහෙම බිත්තියෙ අලව ගන්නව. ඔයාට තේරෙනවද දැන් ඒව දකිනකොට අපිට මේ නිකම්ම නිකම් ගැම්මක් එනව නෙමෙයි ඒව දකින්කොට අපේ dopamine hit වෙනව. අපි අපේ භාෂාවෙන් කියන අඩෝ මේකෙන් මාර ගැම්මක් එනව , අඩෝ මම ඊයෙ ලියපු function එක හරි ගියා පට්ට කික් එකක් ආවෙ කියල , අන්න ඒ ගැම්ම, කික් එක කියන දේවල් අපිට දැනෙන්නෙ මේ dopamine hits නිසා.
ඉතිං මේ වගේ ඇහැට දැක්කහම ඔයාට ආසාවක් කැමැත්තක් ඇති වෙන දේවල් හදාගන්න අකැමැති දේවල් උදේසා. ඒව ඔයාට උදව් කරනව අකමැති දේවල් කැමති කරගන්න.
🔰4). වැඩක් කරල ඉවර උනහම ඔයාටම පොඩි තෑග්ගක් දීගන්න
ඔයා ඔයා ඇතුලෙම පොඩි පොඩි rewards හදාගන්න. ඔයා ඔයාට කියන්න හරි මම පැයක් මේ කොටස ඉගෙන ගන්නව. පැයක් ගියාට පස්සෙ මම යනව මොනව හරි කාල එන්න, මම පොඩ්ඩක් එලියට ගිහින් එන්නව, වගේ ඔයා කරන්න කැමති දෙයක් දාගන්න හිතට. ඊට පස්සෙ අර වැඩේ කරගෙන ගිහින් පැය ඉවර උනහම ඔයා කැමති දේ කරල එන්න. ඔන්න ඔහොම ඔයා ඔයාටම rewards දීගන්න කොට මොළය හුරු වෙනව අපි මේ වැඩේ කරහම අපිට reward එකක් ලැබෙන්න තියෙනව කියන දේට. Rewards කියන්නෙ මොළයට පට්ට dopamine hits. Dopamine වලට අපේ මොළය පට්ට පෙරේතයි. ඒ පෙරේතකමින් ප්‍රයෝජන අරගන්න, හොද දේවල් වලට හැබැයි 😀😀
🔰5). Positive emotional framing
Motivational දේවල් හිතන්න, possitive විදිහට හිතන්න කියන්නෙ, possitive විදිහට හිතන මිනිස්සු එක්ක ඉන්න කියන්නෙ, මචන් වරෙන් පාඩම් කරමු කියන යාලුවො එක්ක ඉන්න කියන්නෙ නිකම් නෙමෙයි. ඒ දේවල් වලින් අපේ dopamine hit වෙනව. කියල කලින් ආර්ටිකල් එක කියෙව්වනම් තේරෙයි තවත්. ඉතිං මෙහෙම හිතන්න. මම මේකට අකමැති උනත් මගෙ target එකට යන්න මට මේක කරන්න වෙනව. මේක අනිවාර්යයෙන්ම ඕනි කරන දෙයක්. මම මේක කරන්න ඕනි. මට දැන් මේක එක පාරටම අවුල් කියල පෙනුනත් මේක කරගත්තහම ඇත්තටම මට ලොකු දෙයක් ලැබෙනව. කියල ඔන්න ඔහොම හිතන්න පුරුදු වෙන්න. ඔහොම හිතන්කොට dopamine loops start වෙනව. ඔයාට ඒක කරගෙන යන්න ටික ටික කැමති හිතෙනව.
______________
ඉතිං මේ දේවල් අපි එදිනෙදා ජීවිතේ දි ඕනි තරම් අත්විඳල ඇති. Motivational දේවල් වලින්, උත්සහයෙන් , උවමනාවෙන් අපි දේවල් පුලුවන් කරගෙන ඇති. අපි මුලින්ම අකමැති දේවල් පවා. අපි කාලයක් අකමැති දෙයක් අද අපි කැමතිම දේ වෙලා ඇති. අපි කොහොම හරි කරනව කියල හිතපුව අපි කරල ඇති. අපි achieve කරගන්නව කියල targets හදාගත්ත දේවල් අපි achieve කරගෙන ඇති. දැන් තේරෙනවද මේව කරන්න අපිව හැඩගැගෙන්නෙ කොහොමද කියල. බයිල නෙමෙයි ඒව ඇත්තටම වෙන දේවල් කියල.
ඉතිං නොදැනුවත වෙන මේ biological දේවල් දැනගත්තහම අපිට තවත් ලේසි. ඒකයි මම මේ දේ මේ තරම් කියන්න උත්සහ කරන්නෙ. මේව පට්ට ප්‍රායෝගික ක්‍රම. පුද්ගලිකව මම කරපු කරන දේවල්. මම ඉස්සර කාලෙක දවස් 4කින් PHP ඉගෙන ගත්ත හදිස්සි වැඩකට. මට ඒක පටන් ගන්නකොට අප්පා මේක කියල හරි කම්මැලි feeling එකක් ආවෙ. ඒත් මන් ඒක කරා. ඒ මේ කියපු විදිහට.
මේ methodologies පාවිච්චි කරල ඔයාගෙ මොළය hack කරන්න. කරල ඔයාට ඕනි විදිහට වැඩ කරගන්න උත්සහ කරන්න..
ජය වේවා..🤟

No comments:
Post a Comment