Thursday, April 16, 2026

 "🤫වැඩිහිටියන්ට පමණක් සීමා වූ" (Taboo) මාතෘකාවක් ලෙස සැලකුවත් මේ තත්ත්වය අද වන විට තරුණ වැඩිහිටි පරම්පරාවන් අතර ඉතාමත් සුලභව දකින්න පුළුවන් තත්ත්වය. මනෝ විද්‍යාත්මකවත් මෙහි ඉතා ගැඹුරු තත්වයක් තිබෙනවා. කරලා අමාරුවේ වැටෙන්න කලින් මේ තත්ත්වය ගැන අවබෝධ කර ගන්න. 


මම පොඩි කතාවකින් පටන් ගන්නම්. 


මම ගාවට උපදේශනය සදහා පැමිණියා වයස අවුරුදු හතලිහක් පමණ වන කාන්තාවක්. ඇය නාගරික මැද පාංතිය නියෝජනය කරන විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන කෙනෙක්. ඇයගේ හැසිරීම සහ කතා බහෙන් ම⁣ට තේරුම් ගියා ඇය ඉතාමත් සැහැල්ලු නිදහස් ජීවිතයක් ගත කරන කෙනෙක් බව.. 


👩‍🦰මේ කතාව කොහෙන් පටන් ගන්නද කියලා මට හිතා ගන්න බැහැ, මම හිනාවෙලා කතා කරන නිසා ඔබතුමාට තේරුම් ගන්න අපහසු ඇති මම ඉන්නෙ ප්‍රශ්නයකද කියලා.


නමුත් මම හිනා උනාට මේ ගෙවන හැම තප්පරයකදිම මම ඉන්නෙ පිච්චි පිච්චි. 


මම divorce වෙච්ච කෙනෙක් කසාද බැදලා අවුරුදු පහකට පසු අපි දික්කසාද උනා. අපිට එක දුවෙක් ඉන්නවා එයා ඉන්නෙ මමත් එක්ක. 


මම divorce උනාට පස්සේ දුව එක්ක තනියම හිටියේ අවුරුදු දහයක් විතර. ඔය කාලෙදී මට පොඩි පොඩි relationship තිබුණා, නමුත් ඒවා දුර දිග ගිය ඒවා නෙවෙයි.  අපි කතා කරා එළියට ගියා එච්චරයි. 


නමුත් මීට මාස හයකට විතර කලින් instagram එක හරහා මට හමු වෙච්ච කෙනෙක් එක්ක මම දිගටම චැට් කරන්න කතා කරන්න ගත්තා. එයත් marry කරපු මට වඩා අවුරුදු දෙකක් බාල කෙනෙක්. අපි ඔහේ නිකන් කතා බහ කරා. 


මමත් office එකේ ඉදලා හවසට ගෙදර ගියාම ගෙදර වැඩ දුවගේ වැඩ කරලා ඉවර උනාම එයා එක්ක කතා කරනවා නැත්නම් චැට් කරනවා. ඒකෙදි හරි සාමාන්‍ය දේවල් අපි කතා කරන්නේ. මට ඒක මහ අමුතු දෙයක් උනේ නැහැ.


ඔහොම කාලයක් යද්දි අපි හොඳ හිතවත් දෙන්නෙක් උනා. එයා දවසක් මට මෙහෙම කිව්වා. 


☺අද මම තනියම ඉන්නෙ ඔයා කැමැති නම් එන්න මාව හමුවෙන්න කියලා එයා නතර වෙලා ඉන්න apartment එකට මට එන්න කිව්වා. 


ඒ වෙනකම් අපි කවදාවත් හමු වෙලා තිබුණේ නැහැ. ඉතින් මමත් දෙපාරක් හිතන්නේ නැතුව හරි මම එන්නම් කියලා කිව්වා. 


මොකද දන්න කියන කෙනෙක් හිතවත් කෙනෙක් නිසා මට ඒක එච්චර හිතන්න ඕන දෙයක් උනේ නැහැ. අනික එයත් හොඳ රැකියාවක් කරන උගත් බුද්ධිමත් සමාජය පිළිගත් කෙනෙක් කියලා මම තේරුම් අරන් හිටියේ. 


මමත් කිව්වා වගේම ඒ දවසේ එයාගේ apartment එකට ගියා. ගියාට පස්සේ එයා මාව හොදින් පිළි අරගෙන මමත් එක්ක සාමාන්‍ය විදිහට කතා බහ කරා. 


ඉතින් කලින් ඉදලා අපි කන බොන දේවල් ගැන කතා බහ කරලා තිබුණ නිසාත් මම කන බොන හැටි එයා දැනගෙන හිටිය නිසාත් එයා මගෙන් කෙලින්ම ඇහුවා අපි පොඩි drink එකක් ගමුද කියලා. මමත් හරි බොමු කිව්වා. 


නිකන් බොන්න බැහැනේ අපි මොනවා හරි හදා ගමු කිචන් එකට ගිහින් කියලා එයාම කියලා, ආ ඔයාට ඉතින් රසට උයන්න පුළුවන් නේ අපි දෙන්න එකතු වෙලා මොනවා හරි හදා ගමු කියලා එයා මට කිචන් එකට යන්න කතා කරා. 


ඔයාට හොදින් උයන්න පුළුවන් නේද කියලා කියපු විදියට මට ගොඩාක් ආස හිතුණා කවදාවත් මට කවුරුත් එහෙම කියලා නැහැ මේ මනුස්සයා මාව ඒ විදියට අඟය කරා නේද කියලා මට හිතුණා 


ඒ යන ගමන් එයා මට එයාගේ ගෙදර විස්තර කිව්වා. මේක තමයි අපේ master bed room එක මෙතනින් balcony එකට යන්නේ. හවසට balcony එකට වෙල⁣ා මුහුද දිහා බලාගෙන drink එකක් ගන්න එක හරිම සතුට දනවන දෙයක් මම ගොඩාක් දවස්වලට ඔයාට කතා කරන්නේ එතන ඉදන් කියලා එයා කිව්වා. 


මට ඒ දේවල් කියද්දි හිතට හරි අමුතු හැඟීමක් ඒ අද්දැකීම් විදින්න ලොකු ආසාවක් ආවා. 


අපි දෙන්න එකතු වෙලා පොඩි කට ගැස්මක් හදන් balcony එකට ගිහින් බොන්න ගත්තා..


(දික්කසාද වෙච්ච දියණිය සමඟ හුදකලාව කල් ගෙවන මැදිවියේ කාන්තාවක් වෙච්ච ඇයගේ මානසික අවශ්‍යතා සහ හදිසි ආකර්ෂණය කියන කරුණු මෙතැනදී හරිම පැහැදිලිව ඇය තුළින් ඉස්මතු වෙනවා.)


කාලය යනවා දැණුනේ නැහැ මම මගේ ජීවිතයේ වෙච්ච හැමදේම එයාට කිව්වා. ඇත්තටම ඒවා මම කලිනුත් මෙයාට කියලා තියනවා, නමුත් එදා මම බොන ගමන් එයාට ඒ දේවල් කියද්දි පුදුම සැහැල්ලුවක් ඇති උනා. එයත් ඇස් පිය නොහෙලා මගේ කතාව අහන ගමන් ටික ටික මත් වෙන්න ගත්තා.


ඔහොම යද්දී දන්නෙම නැතුව රෑ උනා. මටත් ඒක ගාණක් උනේ නැහැ. එයාටත් වැඩියි වගේ මටත් හොදට වැඩියි..


මම ඔහේ කියවා කියවා විස්කි බිව්වා, එයා නිහඬව මගේ කතාව අසමින් විස්කි බිව්වා.


රෑත් උනා, දෙන්නටම වැඩිත් උනා.. 


ගෙදර යන එක ගැන වගේ වගක් මට නොතිබුණ තත්වයක එයා මට කෙලින්ම කිව්වා ඔයාට දැන් යන්න බැරි නම් අද රෑ මෙහේ ඉදලා හෙට උදේට යන්න ඔයාට මෙතන ඉන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. 


Oh really ඔයා මට බොන්නත් දීලා කන්නත් දීලා අද රෑට නතර වෙන්නත් දෙනවාද. හැබැයි එලිවෙනකම් මගේ කියවිල්ල අහන් ඉන්න වෙයි හොදද... 


එයා මට ඇග සෝද ගන්න ඕන කරන සේරම දීලා ඇග සේදුවට පස්සේ අදින්න ඇදුමකුත් දුන්නා එයාගේ wife ගේ. 


එදා රෑ අපේ කැමැත්තෙන් අපි දෙන්න අතරේ ලිංගික එක් වීමක් සිදු උනා... 


ජීවිතයේ මට කවදාවත් අමතක කරන්න බැරි තරම් සුන්දර සන්ද්‍යාවක් වගේම රැයක් පහන් කරන්න ලැබුණා ඔහු සමඟ. 


පහුවදා උදේ වෙද්දී මම ඔහුට ආදරයෙන් උපරිම බැදිල හිටියේ. 


මම උදේ එන්න සූදානම් වෙලා එයාව බදාගෙන එයාගේ නළලට කිස් එකක් දීලා මට මේ දුන්න අමතක නොවන අද්දැකීමට ස්තුති කරලා ආවේ. 


මම ඔයාට ගොඩාක් ආදරෙයි කියලා කිව්වා. එයා නම් මුකුත් කිව්වේ නැහැ. අපි ආයේ ඉක්මනින් මේ වගේ මුණ ගැහෙමු කිව්වා එච්චරයි..


"එදා ඒ ආරම්භය විතරයි. ඊට පස්සෙත් අපි කිහිප වතාවක්ම ඒ විදියටම හමු වුණා. හැම හමුවීමකටම පස්සේ මම එයාට තවත් ලං වුණා. මම හිතුවේ මම මගේ පාලුව මකන, මාව තේරුම් ගත්ත මගේ ආදරවන්තයාව හොයාගත්තා කියලා.


හැබැයි මාස දෙකක් විතර යද්දී එයා හෙමින් හෙමින් වෙනස් වෙන්න ගත්තා. මම මැසේජ් කළොත් 'හ්ම්' කියනවා, 'Busy' කියනවා. ඉස්සර මාව අගය කරපු ඒ මනුස්සයා දැන් මාව මඟ හරිනවා. මම දවස් ගණන් ඇඩුවා.


උපදේශක තුමා දැන් මම ඉන්නේ ලොකු අපායක. මම එයාට පුදුම විදියට ඇබ්බැහි වෙලා. මට දැන් මේකෙන් ගොඩ එන්න විදියක් නැහැ. මම කොහොමද මාව මෙච්චර අසරණ කරගත්තේ? 


ඇයි ඇය මේ වගේ තත්ත්වයකට පත් උනේ...


මෙන්න මේ තත්ත්වය (Sex before Love) පිළිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණය...


🧠 ලිංගිකත්වයෙන් පසු ආදරය ඇති වීම, මනෝවිද්‍යාත්මක රහස..

1. ඔක්සිටොසින් (Oxytocin) සහ බැඳීම


🫵ලිංගික සබඳතාවයකදී මොළයෙන් Oxytocin නමැති හෝමෝනය අධික ලෙස ශ්‍රාවය වෙනවා. මෙයට අපි කියන්නේ "Cuddle Hormone" හෝ "Bonding Hormone" කියලා. මෙහි ප්‍රතිඵලයක් ලෙස, දෙදෙනා අතර පෙර ආදරයක් නොතිබුණත්, ලිංගිකත්වයෙන් පසු දැඩි මානසික බැඳීමක් සහ ආරක්ෂිත බවක් දැනෙන්න පටන් ගන්නවා.


ඉහත දෙදෙනා අතරේ ආදර සම්බන්ධයක් පැවැතුණේ නැහැ. නමුත් ලිංගික එකතු වීමෙන් පසු එය ඒකපාර්ශ්වික ආදරයක් බවට පත් උනා...


2. ශරීරය මුලින් සහ හදවත පසුව (Body First, Heart Later)


🧠🫀සමහර අවස්ථාවලදී මොළය "ලිංගික ආකර්ෂණය" (Lust), "ආදරය" (Love) ලෙස වරදවා වටහා ගන්නවා. 


විශේෂයෙන්ම තනිකමෙන් හෝ මානසික පීඩනයකින් ඉන්නා කෙනෙක් ලිංගිකව එක් වූ විට, එමඟින් ලැබෙන තාවකාලික සතුට සහ සහනය නිසා අනෙක් පුද්ගලයා කෙරෙහි ආදරයක් ඇති වී ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. 


මේ කාන්තාව හිටපු තත්ත්වය මත මෙය ඔහුට දැඩිව ඇලුම් කරන්න හේතුවක් උනා..


3. ඒකපාර්ශවික ආදරය (One-sided Attachment)


😳මෙහි ඇති භයානකම තත්ත්වය මෙයයි. 


එක් අයෙකුට මෙය හුදෙක් ශාරීරික අවශ්‍යතාවයක් පමණක් වන විට (Casual sex), අනෙක් පුද්ගලයා හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා ඔහුට/ඇයට මානසිකව බැඳෙනවා. මෙහිදී බැඳුණු පුද්ගලයා දැඩි මානසික පීඩනයකට සහ ප්‍රතික්ෂේප වීමකට (Rejection) ලක් වීමේ ඉඩකඩ වැඩියි.


කෙනෙකුට තවත් කෙනෙක් අවශ්‍ය වන්නේ චැට් එකක් දාන්න, අඩියක් ගහන්න, time spend කරන්න වගේ දේවල් වලට විතරයි. නමුත් ඒ තුළ ලැබෙන අවදානය සැලකිල්ල අනෙක් පාර්ශවය ආදරය ලෙස තේරුම් ගෙන එයට ආකර්ෂණය වෙන්න පුළුවන්.. ඉහත කතාව එයට හොඳ උදාහරණයක්.


4. අනාරක්ෂිත බව වැසීමට ලිංගිකත්වය පාවිච්චි කිරීම..


😣තමන්ගේ වටිනාකම (Self-worth) ගැන සැක සහිත පුද්ගලයන්, කෙනෙකුව තමන් අසල රඳවා ගැනීමට හෝ අවධානය ලබා ගැනීමට ලිංගිකත්වය පාවිච්චි කරනවා. ඉන්පසු ඔවුන් එම පුද්ගලයාට ඇබ්බැහි වීම (Dependency) ආදරය ලෙස වටහා ගන්නවා.


ඉහත කතාවේ "ඇය තමාගේ වටිනාකම තීරණය කරන්නේ අනෙක් පුද්ගලයා ඇයව රඳවා ගැනීමට දක්වන කැමැත්ත මතයි. (එයා මට ආදරෙයි නම් එයි මාව තියාගන්න හදනවනම් තමයි මම වටින්නේ)


☺මෙය පිරිමියකුට උනත් වෙන්න පුළුවන් තත්වයක්... 


5. ලිංගිකත්වය vs ආදරය (The Reality)


බොහෝ විට පිරිමින්ට මෙය 'Casual' සම්බන්ධයක් පමණක් වුවත්, කාන්තාවන්ට එය 'Emotional Connection' එකක්. මේ වැරදි වැටහීම නිසා අවසානයේ ඉතිරි වන්නේ තනිකම සහ පසුතැවීම පමණයි.


🫵The Reality ගැන තවදුරටත්... 👇


පිරිමි සහ ගැහැණු අතර පවතින මේ වෙනසට "Sexual Psychology" වලදී කියන්නේ පිරිමින් "Compartmentalize" (ලිංගිකත්වය සහ ආදරය වෙන් කර තැබීම) කරන බවත්, කාන්තාවන් එය "Integrate" (එකක් ලෙස දැකීම) කරන බවත්ය. 


ඉතින් මේ ගැන තවත් යමක් දැන ගැනීමට අවශ්‍ය නම් පහළින් comment එකක් දාන්න..


Psychological Counselor 

Kasun Rajapaksha

@top fans

#mentalhealthsrilanka

#srilanka

#1millionviews

#counseling

#mentalhealthculture

No comments:

Post a Comment

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...