ඔයා 'පෙම්වතියක්' ද? නැත්නම් 'පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්' (Rehab Center) ද? 🚫🧠
මචං, මේක කෙලින්ම වදින්නේ "මම මගේ ආදරෙන් එයාව හදාගන්නවා" කියලා හිතාගෙන, ජීවිතේ විනාශ කරගත්ත කෙල්ලන්ට.
අපි දකිනවා සමහර කෙල්ලෝ ඉන්නවා, පණ දාගෙන ආදරේ කරන්නේ කුඩුකාරයන්ට, බේබද්දන්ට, නැත්නම් පට්ටම Toxic කොල්ලන්ට. යාලුවෝ කෑගහලා කියනවා "එපා බං ඕකා හරියන්නෙ නෑ" කියලා. අම්මලා අඬනවා. ඒත් මේ කෙල්ල අහන්නේ නෑ.
ඇයි? මේක ඇත්තටම ආදරයක් ද? නෑ. මේකට මනෝවිද්‍යාවේ කියන්නේ "Savior Complex" එක කියලා.
අපි බලමු මේකෙ Algorithm එක:
1. "මම තමයි එයාගේ ගැලවුම්කාරිය" (The Ego Trap)
ඇත්තම කතාව මේකයි. ඔයා එයාට ආදරේ නෑ. ඔයා ආදරේ "එයාව හදන Project" එකට. සාමාන්‍ය, හොඳ, වැදගත් කොල්ලෙක් එක්ක යාලු වුණාම ඔයාට ලොකු "Challenge" එකක් නෑ. ඌ කොහොමත් හොඳයිනේ. හැබැයි මේ වගේ "වළක වැටුණු" එකෙක්ව ගොඩ ගත්තම, ඔයාගේ යටි හිතට එනවා මාර ගැම්මක්. "ලෝකේ කාටවත් බැරි වුණාට, මමයි එයාව හැදුවේ" කියන ඒ උඩඟුකම (Ego) තමයි ඔයාව මේ සම්බන්ධය ඇතුලේ හිර කරලා තියෙන්නේ. ඔයාට ඕන 'Beauty and the Beast' එකේ වගේ මෘගයාගේ ශාපය නිම කරන කුමාරිය වෙන්න. ඒත් හැබෑ ලෝකේ මෘගයෝ කුමාරයෝ වෙන්නේ නෑ.
2. දුක සැප බවට පත්වන මොහොත (The Dopamine Hook)
ඔයා දන්නවද ඇයි ඔයාට "හොඳ කොල්ලෝ" (Nice Guys) බෝරින් වෙන්නේ කියලා? මොකද හොඳ කොල්ලා ඔයාට දිගටම ආදරේ දෙනවා. ඒක Predictable (පුරෝකථනය කළ හැකියි). හැබැයි අර Toxic එකා එහෙම නෑ. ඌ දවස් 29ක් ඔයාව අඬවනවා. ඊට පස්සේ එක දවසක් ඔයාට මලක් දීලා, "සොරි මැණික" කියනවා. අන්න ඒ වෙලාවට ඔයාගේ මොළේ Dopamine Spike එකක් යනවා හරියට කැසිනෝ එකක ජැක්පොට් එකක් වැදුණා වගේ. ඔයා ආදරේට නෙවෙයි, අන්න ඒ "කලාතුරකින් ලැබෙන සතුටට" (Intermittent Reinforcement) ඇබ්බැහි වෙලා. ඔයා දිනන දවසක් එනකන් දුක නැමැති මැෂින් එකට කාසි දානවා.
3. ඔයා එයාගේ අම්මා නෙවෙයි! (Lover vs. Mother)
දැන් ඔයා ඉන්න තත්ත්වය බලන්න. එයාගේ ණය ගෙවන්නේ ඔයා, එයාගේ වැරදි සමාජයෙන් හංගන්නේ ඔයා, එයා බීලා වැටුණම ගෙදරට ගෙනිහින් දාන්නේ ඔයා. ඔයා එතන කරන්නේ "පෙම්වතියගේ" රෝල් එක නෙවෙයි, "අම්මා කෙනෙක්ගේ" රෝල් එක. මතක තියාගන්න, පිරිමියෙක් (විකෘති කාම ආශා ඇති අසාමාන්‍ය උන් හැර) කවදාවත් තමන්ගේ "අම්මා" එක්ක ලිංගිකව ආකර්ෂණය වෙන්නේ නෑ. ඔයා එයාට "Mothering" කරන්න කරන්න, එයා ඔයාව දකින්නේ පාලකයෙක් වගේ. එතකොට එයා තව තවත් ඔයාගෙන් ඈත් වෙලා වැරදි වැඩ වලටම යනවා.
4. පුනරුත්ථාපන මධ්‍යස්ථානය වසා දමන්න (Close the Rehab)
මිනිස්සු වෙනස් වෙන්නේ ආදරේ වැඩි වුණාම නෙවෙයි මචං. මිනිස්සු වෙනස් වෙන්නේ තමන් කරන දේ වැරදියි කියලා තමන්ටම තේරුණාම. නැත්නම් හොඳටම කෙළවුණාම (Rock Bottom). ඔයා හැමදාම මැද්දට පැනලා එයාව බේරගන්න තාක් කල්, එයා කවදාවත් එයාගේ වැරදි වල බර දකින්නේ නෑ. ඔයා කරන්නේ එයාට උදව් කරන එක නෙවෙයි, එයාගේ විනාශයට පාර හදන එක (Enabling).
ඇත්ත තිත්තයි: ඔයා මේ ලෝකෙට ආවේ ආදරේ විඳින්න මිසක්, Hospital දාන්න නෙවෙයි. කැඩුණු බිඳුණු මිනිස්සු අලවන්න තියන 'ගම්' බෝතලයක් නෙවෙයි ඔයාගේ ජීවිතේ කියන්නේ. ඔයාගේ වටිනාකම තේරෙන, තමන්ගේ ජීවිතේ වගකීම ගන්න පුළුවන් පිරිමියෙක් හොයාගන්න. නැත්නම් තනියම ඉන්න. මොකද ඔයා හදන්න යන "Project" එක අන්තිමට නතර වෙන්නේ ඔයාගේ මිනී වළෙන්.
තීරණය ඔයාගේ අතේ. 🥀🖐️
- 𝗔𝗻𝗼𝗻𝘆𝗺𝗼𝘂𝘀 𝗟𝗼𝘃𝗲𝗿 -
[👁️ See Beyond the Illusion]
⚠️ Copyrighted Content. අවසරයකින් තොරව උපුටා පළ කිරීම තහනම්. (Share Button එක භාවිතා කර සහය වන්න).
©️ Anonymous Lover - All Rights Reserved
#AnonymousLover #SaviorComplex #ToxicRelationships #Psychology #RealityCheck #SelfLove #WakeUp

No comments:
Post a Comment