දිනන්න ඕනෙ නම් අඩුවෙන් වැඩ කරන්න? මොකක්ද ඒ හරුපෙ? එහෙම නේද හිතුනෙ… හැබැයි ඒත් එක්කම හිතුන නේද, අඩෝ මොකක්ද මේ කියන්න යන්නෙ, මේක නම් කියවලම බලන්න ඕනෙ වගේ එකකුත්…
මම කියන්නෙ ඇත්ත. දිනන්න ඕනෙ නම් අඩුවෙන් වැඩ කරන්න ඕනෙ. අපට හැමතැනම ඇහෙන්නෙ, නිදි නැති රැයවල් ගත කරන්න, නිවාඩු දවස් කියල ඒව නෑ, Hustle, Grind, වගේ වචන. හැබැයි මම කියන්නෙ වෙනස් කතාවක්. මේක මම නොදැනුවත්වම කරල තියෙන දෙයක්, මට මේ ගැන වීඩියෝ එක්කුත් බලන්න හම්බුන නිසා මගේ අත්දැකීම්, ඒ විඩීයෝ එකේ කිව්ව දේවල් එක්ක ඔයාලට මේ article එක ගේන්න හිතුවා. එහෙනම් අපි යමු මේ හරුපෙ තේරුම් ගන්න…
💙✨දිනනව කියන්නෙ ඇත්තටම මොකක්ද?
ගොඩක් දෙනෙක්ට දිනනව කිව්වම එක පාරට ඔලුවට එන්නෙ, degree එක ඉවර කරගන්න එක, හොද job එකක් හොයාගන්න එක, job එකේ ඉස්සරහට යන එක, සල්ලි උතුරන බිස්නස් එකක් හදන එක, ඔය වගේ ඒවා. ඒ හැමදේම මාර materialistic. ඒත් ඒ හැමදේම කරන්නෙ මොනව වෙනුවෙන් ද? හොඳ ජීවිතයක් ළඟා කරගන්න තමයි ඒ දේවල් කරන්නෙ කියන එක තමයි ගොඩ දෙනෙක්ගෙ උත්තරේ වෙන්නෙ. ඒත් ඔයාගෙ ඔය hustle එක කවදාවත් ඉවර නොවෙන එකක් නම්? ඔයා කවද්ද හොඳට ජීවත් වෙන්නෙ?
මම මේ කියන්නෙ degree එක අරන් stable වෙලා, බිස්නස් එකක් යම් තාක් මට්ටමට ගෙනල්ල stable වෙලා, තමන්ගෙ ඇත්ත අවශ්‍යතාවයන් සහ උවමනාවන් අඳුනගෙන සැපසේ ජීවත් වෙනව කියන එක දන්නෙ නැති අය ගැන. බහුතරයක් ඉන්නෙ එහෙම අය. එයාල හැමදාම මොකක්දෝ goal එකක් පස්සෙ යනවා. Qualifications හදනවා, certificates ගන්නවා, expand වෙනවා, ඉවරයක් නැති journey එකක් යනවා. ඒත් අවසානෙ බැලුවම goals achieve කලාට life එක දිනල නෑ. සතුටින් ජීවත් වෙලා නෑ…
💙✨ ෆුල් සැපේ ජීවත් වෙන්න ඔයාට ජීවිත කාලෙටම කොච්චර වියදම් වෙයිද?
මේක තමයි වැදගත්ම කොටස. මට ඉස්සර ඕනෙ වුනා ලොකු සල්ලිකාරයෙක් වෙන්න. එසේ මෙසේ එකෙක් නෙවෙයි. බිලියනපතියෙක් වෙන්න. ඒත් පස්සෙ කාලෙක මම කල්පනා කලා, බිලියනපතියෙක් වෙන්නෙ ඇයි කියල. ඒ ගමනෙ මට ආයෙ හැරීමක් නෑ. මගේ කෑදරකම එන්න එන්න වැඩිවෙයි, මට ජීවත් වෙන්න අමතක වෙයි. මට එහෙම හිතුනා…
ඊට පස්සෙ මම හෙව්ව මට ෆුල් සැපේ ඉන්න, මම බලාපොරොත්තු වෙන නිදහස්, සාමකාමී ජිවීතේ ගෙවන්න මට ඕනෙ මොනවද, ඒ වෙනුවෙන් මම දළ වශයෙන් අවුරුදු 75ක් ජීවිත වුනොත් කොච්චර සල්ලියක් ඕන වෙයිද කියලා. ඊට පස්සෙ මම ආව එක number එකකට. මම හොයන්න ඕනෙ මෙච්චරයි කියල දැන් ගාණක් තියෙනවා. ඒ ගාණ හොයන්න මම මොන මොන වැඩ කොච්චර කොච්චර ප්‍රමාණයක් කරන්න ඕනෙද කියල options ඕනෙ තරම් තියෙනවා. මම දැන් දන්නවා මේ යන ගමනෙදි මම මේ දිවිල්ල නතර කරන තැනක් එනව කියල. ඒකත් calculate කරන්න පුළුවන් කාලයක්. තාම ඒ ගානෙන් 1%ක්වත් හොයල නැති එක වෙනම කතාවක්, ඒක ගැනත් මම ඉස්සරහට කියන්නම්. ඒත් දැන් මට SMART goal එකක් තියෙනවා. ඒක specific, measurable, achievable, realistic, ඒ වගේම time-bound goal එකක්.
💙✨ ඔයා චීන උණ පැලයක්
එහෙම goal එක set කරගත්තට පස්සෙ ඔයා මුල් කාලෙ වැය කරන්න ඕනෙ ඔයාගෙ background එක හදාගන්න. ඉගෙනගන්න, ඔයාගෙ skills use කරල වැඩ කරන්න, network එක හදාගන්න වගේ දේවල් වලට. මේ කාලෙදි ඔයාව දකින ඔයාගෙ අම්මට තාත්තට වුනත් හිතෙන්න පුළුවන්, වැඩ කරන තැන පඩිය පොඩ්ඩක් වැඩි වුනාට මූගෙනම් ලොකු දියුණුවක් පේන්නෙ නෑ කියල. ඒක එහෙම තමයි. මේක චීන උණ පඳුර වගේ scene එකක්. අවුරුදු 5ක් 6ක් යනකන් අංකුරයක්වත් එන්නෙ නැ. හැබැයි ඊට පස්සෙ මාසෙන් දෙකෙන් උස, කොළ පිරුණු ගහක්.
ඔයා මේ කාලෙ ඇතුලෙදි කරන්නෙ ඔයා කරන්න ඕනෙම දේවල් විතරයි. ඔයා හදාගත්තනෙ අර goal එකට යන්න ඔයාට කරන්න ඕනෙ දේවල්. අන්න ඒ දේවල් වලට අවශ්‍ය background එක හදාගන්න තමයි ඔයා මේ කාලෙ වැය කරන්නෙ. කරන වැඩේ අනුව කාලෙ වෙනස් වෙන්න පුළුවන්. ඒක අවුරුද්දක්, අවුරුදු 5ක් 10ක් අතර කාලයක් වෙන්න පුළුවන්. You decide it. It’s up to you!
මේ කාලෙ ඇතුලෙ ඔයාට වුනත් මහ කාළ*කන්නි හැඟීමක් ඔයා ගැනම එන්න පුළුවන්. ඒත් මතක තියාගන්න, ඔයා ඉන්නෙ game එකක. අත හරින්න එපා. ඔයා කියන චීන උණ පැලේට දිගටම වතුර දාන්න. එලියෙන් වගේම ඔයාගෙ මනස ඇතුලෙන් එන ප්‍රශ්න වලට shot එක දෙන්න.
මේක එක අතකින් මගේ කතාව තමයි. හැබැයි මම හිතනවා මේක තමයි මනුස්සයෙක්ට ඇත්තටම සතුටින් ජීවත් වෙන්න හොඳම option එක කියල. (ඒක මගේ මතේ). මොකද, අර මුල් කාලෙ අවශ්‍ය දේ විතරක් කරන නිසා ඔයාට ඒ කාලෙත් නිදහස තියෙනවා, ඊට පස්සෙ goals achieve කරන දාට කොහොමත් නිදහස හම්බෙනවා. හැමදාම එක එක level වල නිදහසක් ඔයා අත්විඳිනවා…
ඉතින්, නොනවතින ගමනක හැල්මෙ දුවන ගමන් පොඩ්ඩක් නැවතිලා මේ ගැන හිතන්න. මේක යාලුවොත් එක්ක share කරගන්න… ඔයාගෙ අදහස් මතක ඇතිව පහළින් ලියාගෙන යන්න…
ජයවේවා!
Lasith Marambage
#Factswithlasithmarambage

No comments:
Post a Comment