Tuesday, April 14, 2026

 මිත්‍රවරුනි දුර්වල මානසිකත්වයක් තියන හැමෝටම ඕන තමන් කවුද කියල අනිත් මිනිස්සුන්ට ඔප්පු කරනකන්... ඒක පෙන්නනකම් උන්ට නින්ද යන්නේ නෑ..එහෙම තමයි.. තමන් හෙන වැඩ්ඩෙක් කියල පෙන්නල.. වටේ බලන් ඉන්න වුන්ට කියල අත්පුඩිගස්සගන්න තමන් ගැන අධිතක්සේරුවෙන් හිතාගෙන ඉන්න සමහර අඥාන පණ්ඩිතයෝ මාර ආසයි..

ඒ කිසිම වැඩකට නැති වට්නාකමක් නැති  අත්පුඩිය ලබාගන්න උන් උන්ගේ ලග තියන මුලු ශක්තියම වැය කරනව.. සමහර විට තමන්ගේ ලග තියන ධනයත් වැය කරනව.. තමන්ට තියන හොදම පහර වැය කරනව.. තමන්ගේ හොදම වචන වැය කරනව.. තමන්ගේ හොදම කනෙක්ශන්ස් පාවිච්චි කරනව.. තමන්ට තියන ලොකුම දැනුම පවා පාවිච්චි කරනව.. 


නමුත් ඇත්තම වැඩ්ඩා ඔය මොන මගුලක්වත් කරන්නේ නෑ.. එයා දන්නව නිකං බොරුවට වැඩකට නැති මානසික ආතල් වෙනුවෙන් තමන්ගේ පෙට්‍රල් පුච්චල තේරුමක් නෑ කියල.. එයා එයාගේ ශක්තිය, හැකියාව, බලය, දැනුම, සම්බධතා, හොදම පහර, හොදම වචන අවශ්‍ය තැනදි පාවිච්චි කරන්න විතරක් තියාගෙන ඉන්නවා.. තමන්ගේ තරම තමන් හොදටම දන්න එකාට ඒක ලෝකෙට කෑගහල කියන්න ඕන වෙන්නේ නෑ... මොකද තමන් දන්නවා තමන් කොහොමත් අර දගලන උන්ට වඩා බලවත්, වේගවත්, ධනවත්, දැනුවත්, උගත් කියල..

ඇත්තටම බලවත් අයට තමන්ව අභිබවල දුවන්න හදන අර භල්ලෝ පේන්නේ නිකම්ම නිකං අවධානය දෙන්නවත් වටින්නේ නැති පඹයෝ වගේ..


භල්ලෝ හිතන් ඉන්නවා තමන් හෙන ලොකු වැඩක් කරා කියල.. තමන්ට තරගයක් දෙන්න බැරි නිසා චීටා දුවන්නවත් ආවේ නෑ කියල හිතල සතුටු වෙනවා. වීරකම කියනව..හුරේදානවා.. සමහර විට භල්ලෝ ඒක සමරන්න පාටියක් දාවී.. හැබැයි චීටට ඒකවත් දැනෙන්නේ නෑ.. මොකද ඌ දන්නවා තමන්ගේ වේගය හමුවේ කොන්ද කෙලින් තියන් තමන්ට අභියෝග කරන්න පුලුවන් කිසිම සතෙක් මේ මිහිමත නෑ කියල.. 


මිත්‍රවරුනි.. ඔය වගේම තමයි සෝශල් මීඩියාවල තමන් හෙන පොරක් කියල දගලල රගල පෙන්වන්න හදන මිනිස්සු ඔයාලට ඕන තරම් පේනව ඇති...

උන්ගේ හිත් සංතෝස කරන්න පිං තකා පොඩි අත්පුඩියක් ගැහුවට කමක් නෑ.. පවුනේ..😁 හැබැයි උන් පොරවල් කරගන්න එපා.. ආදර්ශයට ගන්නත් එපා.. අදහන්න යන්නත් එපා.. උඹල උන්ගේ මැනුපිලේශන් වලට භෙල්ල තියන්න යන්නත් එපා.. උන්ගේ දායක සභාවල වාඩිවෙන්නත් එපා..


තේරුම් ගනිල්ලා..ඇත්තම වැඩ්ඩෝ සෑහෙන නිසොල්මන්.. උන්‍ උඹලගේ ඉස්සරහ කවදාවත් විහිලු සපයන්නේ නෑ.. සන්නස්ගල කියනව වගේ ඇත්තම දළ අත්තු වැඩිය දගලන්නේ නෑ. 


තොරණේ කවිකාරයට රු සීයක් දීල සද්දේට නම කියවගෙන මං හෙන සල්ලිකාර පොරක් කියල ආඩම්බරෙන් වටපිට බලල සිගිති ආතල් ගන්න වර්ගේ එකෙක් නොවී..නිහඩ වැඩ්ඩෙක් වෙලා අවශ්‍ය තැනදි විතරක් තමන්ගේ අයිඩෙන්ටිටි එක හෙලිකරපං.. අවශ්‍ය තැනදි විතරක් තමන්ගේ හැකියාව පාවිච්චි කරපං.. ඒ ඇති..කාට උඹව ඔප්පු කරන්නද බං නේද??


ඔය වීඩියෝ එක බලල අන්න ඒ යථාර්තේ උඹල තේරුම් අරගත්තානම් ඒ ඇති.. දැන් ගිහින් නිදාගනිල්ලා..


ගුඩ් නයිට් !

මම ධමීෂ කරුණාරත්න. 🤘

No comments:

Post a Comment

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...