Friday, April 17, 2026

 මම දන්න භාවනා කිරීම : භාවනා කරන එක ගැන පෙරේද මම දාපු පොඩි Text පෝස්ට් එක ගොඩක් දෙනෙක් අතරට ගිහින් තිබ්බනෙ, ඉතින් මට මේ ගැන දිගට යමක් ලියන්න හිතුන. මගෙ හැම ආර්ටිකල් එකක් අතරින්ම මම කැමතිම ආර්ටිකල් දෙක තමයි comment section එකේ මම දාල තියෙන්නෙ. Brain එක සම්බන්ධයෙන් මම ලියපු ආර්ටිකල් දෙකක්. නොහිතපු විදිහට ඒ දෙක කට්ටිය share කරගත්ත. ඇත්තටම ඔයාලට පුලුවන්නම් ජීවිතේ සමහර දේවල් දිහා biologically බලන්න ගොඩක් දේවල් තේරුම්ගන්න වගේම ප්‍රයෝජනයක් ගන්නත් පුලුවන්. ඉතිං මම කාලයක් තිස්සෙ භාවනාව කියන දේ ගැන හොයල දැනගහ්ත දේවල් කීපයක් කියන්නම් . ඒ වගේම ඒ දේවල් ප්‍රායෝගිකව කරල මම ඒ දේවල් වල ලොකු සත්‍යතාවයක් අත්විඳල තියෙනව දැන්. 


භාවනාව ( Meditation ) කියපුවහම අපේ ඔලුවට යන්නෙ අපි ඉස්කෝලෙ කාලෙ කරපු මෛත්‍රී භාවනාව වගේ දේවල්. භාවනාව කියන වචනය ආගම එක්ක බැදිල. විශේෂයෙන්ම බුද්ධාගමත් එක්ක. ඒත් මේ භාවනාව ආගමට සම්බන්ධ දෙයක් විතරක්ම  නෙමෙයි, අද වෙනකොට බටහිර විද්‍යාව එහෙමත් නැතිනම් modern neuroscience and biology වලින් භාවනාව කියන දේ සෑහෙන්න study කරල තියෙනව. මේ studies වලට ගොඩක්ම පාවිච්චි වෙලා තියෙන ක්‍රමයක් තමයි අපි දන්න "අනාපානාසති භාවනාව"  සරලවම මේ භාවනවෙන් වෙන්නෙ අපේ හිත එක දෙයක් ගැන අවධානය යොමු කරල සංසුන් කරන එක. 


ඉතිං මෙහෙම එක දෙයකට හිත යොමු කරල කරන මේ භාවනාව ගැන මෙන්න මේ වගේ දේවල් ටිකක් මම කියන්නම්. අවංකවම ප්‍රායෝගිකව මම මේ දේවල් දැන් අත්දකින්න පටන් අරන් තියෙන්නෙ. ඔයාට මේක ඇත්තද නැත්තද කියල බලාගන්න ඕනිනම් මේක කරල බලන්නම වෙනව. අඩුම තරමෙ සතියක්වත් එක දිගට. මම recommend කරනව දවසකට විනාඩි 15ක්  ( specially උදේ දවස පටන් ගන්න කලින් ) භාවනා කරන්න කියල. මහා ලොකු දේවල් ඕනි නැහැ තමන්ට සුව පහසු තැනක සාමාන්‍යයෙන් භාවනා කරන ඉරියව්වෙන් ඉදගෙන හුස්ම ඉහල පහල ගන්න එකට හිත යොමු කරල පුලුවන්නම් විනාඩි 15ක් කරන්න. එහෙම විනාඩි 15 ක් හිත එක තැනකට ගන්න බැරිනම්  ඇයි කියල biologically දැනගන්න ඕනිනම් comment section එකේ තියෙන ආර්ටිකල් දෙක කියවන්න. හිත ටික ටික පුරුදු කරගන්න. 


මේ බලන්නකො භාවනා කරනකොට අපි ඇතුලෙ ඇත්තටම වෙන biological දේවල් සහ ඒ දේවල් නිසා අපේ වෙන වෙනස්කම් මොනවද කියල. ඒ වගේම ඒ නිසා අපිට හම්බ වෙන ප්‍රතිඵලත් බලන්නකො.  මේ දේවල් වලට model science වල කියන්නෙ "meditation වලින් brain එකේ measurable physical and functional changes" වෙනව කියල. 


🧠 භාවනාවෙන් Brain Structure එකට වෙනස්කම් (Neuroplasticity)


Neuroplasticity කියන දේ ගැන වෙනම කතා කරන්න ඕනි. පස්සෙ දවසක ඒ ගැන ලියන්නම්. මේකෙති වෙන්නෙ අපේ මොළය ක්‍රියාකරම විදිහ අනුව මොළය විසින්ම මොළය physically re structure කරගන්නව වගේ දේවල් තමයි මේ Neuroplasticity කියම දේදි වෙන්නෙ. මේක හරියට මොළය rewiring කරන වැඩක් වගේ කියලත් කියනව. 


ඉතිං MRI scan researchers reports වලින් හොයාගෙන තියෙනව භාවනා කිරීම මේ Neuroplasticity කියන දේ සෑහෙන්න activate කරන දෙයක් කියල. විශේෂයෙන්ම භාවනා කරන්න පුරුදු කරහම brain එකේ තියෙන ගොඩජ් වැදගත් areas වල gray matter changes ( gray matter වල Density එක සහ  Volume එක ) විශාල වශයෙන් වැඩි වෙනව කියල මේ MRI scans වලට පෙනිල තියෙනව. 


■ Gray Matter කියන්නේ මොකද්ද?


"Gray matter = neuronal cell bodies" කියල කියන්න පුලුවන්. අපේ මොළය ඇතුලෙ signals අරගෙන යන නියුරෝන වල cell bodies ගොඩක් තියෙන areas මේ gray matter areas කියල කියනව. මොළය ඇතුකෙ information processing වෙන්නෙ මේ gray matter වල.  ඉතිං අර කියපු MRI scans වලින් පෙනිල තියෙනව භාවනා කරන අයගෙ මොළයේ,


👉 Hippocampus එකේ, ඒ කියන්නෙ අපේ මතකය සහ ඉගෙනීමට අදාල brain area එක ඇතුලෙ gray matter concentration වැඩිවීමක් එහෙම නැතිනම් වර්ධනයක්.


👉 Prefrontal Cortex එකේ ඒ කියන්නෙ අපේ attention එක සහ  decision making වලට සම්බන්ධ areas වගේම insula / cingulate regions ඒ කියන්නෙ  emotional දේවල් පාලානය කරන areas වගේ වැදගත්ම කලාප වල පැහැදිලි වෙනස් වීමක් gray matter වැඩි වීමක් පෙනිල තියෙනව්ව්. 


ඉතිං Neuroplasticity කියන දේට භාවනාව කෙලිම්ම බලපානව. පේනවනෙ ඊට පස්සෙ gray matter වැඩි කරන areas මොනවද කියල. මනුස්සයෙක් විදිහට අපේ develop වෙන්නම ඕනි දේවල් තමයි වර්ධනය වෙන්නෙ. අපි සාමාන්‍යයෙන් කියන්නෙ භාවනා කරහම හිත එකතැන් වෙනව, ඉගෙන ගන්න පුලුවන් වෙනව, අපිව සන්සුන් වෙනව, අපේ අවධානය වැඩි වෙනව කියක එක එක දේවල් කියනවනෙ. පේනවද ඒව නිකම් වචන නෙමෙයි ඒව ඇත්තටම biologically වෙන දේවල් කියල. 


තව හොයාගෙන තියෙන වැදගත් දේවල් කීපයක් බලමු.


👉 Default Mode Network (DMN)


DMN කියන්නෙ අපේ හිත අපිට පාලනයක් නැතිව මේ මොහොතේ අවධානයෙන් බැහැර වෙලා පාලනයක් නැතුව brain එකේ defualt තත්වයක් මත ඔහේ අතීතය, වර්තමානය, අනාගතය ගැන අරමුණක් නැතුව හිතන්න ගන්න එක. ඒක අපි පාලනය කරන දෙයක් නෙමෙයි. 


භාවනාව මගින් මේ DMN එක control කරන්න ගන්නව. භාවනා කරන අයගෙ අදාල මොහොත ඇතුලෙ කරන දේවල් වලට focus එක වැඩි කරනව වගේම overthinking අඩු වෙලා අවශ්‍ය දේවල් විතරක් හිතන්න process කරන්න brain එක පුරුදු වෙනව. Defualt mode එකෙන් අපේ mind එක අපේ control එකට අරන් දෙන ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනව. අපිට ස්වයං පාලනයක් ඇති වෙනව අපේ focus එක ගැන. 


👉 Amygdala Controling 


Amygdala කියන කොටසෙ වෙන කාර්‍ය්න් අතරෙ  අපේ brain එකේ stress එකට එහෙම නැතිනම් ආතතියට එහෙමත් නැතිනම් අනතුරුදායක දේවල් වලට අවදානය දෙන area එක, "බය" කියල අපිට feel වෙන දේ දැනෙන්නෙ පාලනය වෙන්නෙත් මෙතනින්.


ඉතිං භාවනා කිරීම මගින් මේ Amygdala වලින් අපිට ඇති කරන බය , negative thinking වගේ දේවල් අඩු කරනව. දෙයක් කරන්න බැරුව ඒකට බයේ ඉන්න ගතිය අඩු කරනව. අපි සාමාන්‍යයෙන් හොල්මන කියන එකට කියන සාමාන්‍ය description එකනෙහ් හෙලවෙන මනස = හොල්මන කියල. අපේ mind එක පාලනයක් නැතුව තිහෙනකොට තමයි අපි බය වෙන්නෙ එක පාරටම. ඒත් අපි හරි මනසකින් ඉන්නකොර අපිව බය වෙන්න තියෙන ඉඩ අඩුයි. භාවනා කරන කෙනෙක්ගෙ brain function ගොඩක් ශක්තිමත් වෙනව. මේ Amygdala වගේ areas ගොඩක් හොදට පාලනය වෙනව. 


👉 Hypothalamic Pituitary Adrenal (HPA) axis එක පාලනය වීම


stress එක කියන දේ ඇති වෙන්නෙ ප්‍රධාන වශයෙන්ම cortisol කියන hormone එක දිගුකාලීනව ඉහල මට්ටමක පවතින නිසා. මේ නිසා ප්‍රතිශක්ති සහ බුද්ධිමය ක්‍රියාකාරකම් දුර්වල වෙනව කියල හොයාගෙන තියෙනව. ඕක ඉතිං අපි දන්නවනෙ. Stress වෙන්න වෙන්න අපිව ලෙඩ වෙනව අපිට වැඩක් කරගන්න බැහැ අපිට ඉගෙන ගන්න බැහැ කිහන එක අපි අතර සාමාන්‍යයෙන් තියෙන දෙයක්. 


ඉතිං භාවනා කරන එකෙන් අපේ cortisol level එක පට්ට විදිහට control කරනව අඩු කරනව. ඒ වගේම parasympathetic nervous system  කියන දේ  activate කරනව.මේ system එකෙන් තමයි අපිව relax කරල අපේ brain එකේ මැරුන විනාද උන cells එහෙන re generate කරන්නෙ. භාවනා කරන එකෙන් මේ activities ඉක්මන් කරනව. 


neuroscience වල මේකට කියන්නෙ භාවනා කිරීම මගින් අපේ ශරීරය "maintenance & recovery mode එකකට ඉතා වේගයඑන් මාරු කරනව" කියල. විශේෂයෙන්ම භාවනා කරන එකෙන් අපේ නින්ද කියන දේ ක්‍රමවත් කරනව. එහෙම කරන්නෙ අපේ brain එක  maintenance & recovery mode එකට දාල අපේ brain එක repair කරන්න. හරි ලස්සන ක්‍රියාකාරකම් නේද මේව. හොයන්න මේව හොයනකොට මාර ආස හිතෙනව, ඒ විතරක් නෙමෙයි මේව කරල බලන්නත් ආස හිතෙනව. 


තව අතිශයින්ම වැදගත් දෙයක් තමයි මේ cortisol වගේ hormones අපේ ඇගට මාර විෂයි. මේ දේවල් එක සීමාවක් ඇතුලෙ විතරයි අපිට ඕනි. ඒත් දිගින් දිගටම අපි stress වෙන්න වෙන්න මේ hormones වැඩි වෙලා අපේ ශරීරයේ විශේෂයෙන්ම අපේ මොළය ඇතුලෙ සෛල මරනව. දන්නවද, කට කහනවට නෙමෙයි කියන්නෙ "කේන්ති ගන්න එපා වයසට යයි" කියල. අපි කේන්ති හන්නකොට අපිව stress වීමක් වෙන්නෙ. ඒ නිසා හැදෙන cortisol , adrenaline වගේ hormones අපිට ඕනිවට වඩා අවශ්‍ය නැහැ. 


ඉතිං භාවනා කරන එකෙන් මේ දේවල් අතිශයින්ම පාලනය කරනව. ඒ ජිසා දිගින් දිගටම භාවනා කරන අයගෙ අයු ප්‍රමාණය වැඩි වෙනව කියල හොයාගෙන තියෙනව. හරියට මේ කියපු දේවල් link කරගන්න, ඔයාට එතකොට තේරුම් යයි. 


මේ විදිහට ගොඩක් දේවල් කියන්න පුලුවන්. මම comment section එකේ article කීපයක් දාන්නම්, ඒව බලන්න. 


ඔයා ඉගෙන ගන්න ආස කෙනෙක්නම් , ඔයා රැකියාවක් කරල ඒකෙන් ඉස්සරහට යන්න කැමති කෙනෙක්නම්, ඔයා ජීවිතේ ලස්සනට ඉන්න සාර්ථකව ජීවත් වෙන්න කැමති කෙනෙක්නම් මේ දේවල් ජීවිතේට එකතු කරගන්න බලන්න. මේව නිකම් concepts විතරක් නෙමෙයි. මේව Scientifically ඔප්පු කරල තියෙ දේවල්. භාවනා කරන එකෙන් direct biological impacts අපිට වෙනව. මේව හරි ලස්සනයි. හොයන්න මේව ගැන. 


අපේ මනස clear and clean වෙන්න වෙන්න අපිට වැඩ කරන්න පුලුවන්කම වැඩි වෙනව. අපි මානසිකව සහ කායිකව ශක්තිමත් වෙනව..


ජය වේවා..🤟


#meditation #lifestyle

No comments:

Post a Comment

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...