පෙම්වතියගෙන් මේ ප්‍රශ්න 3 අහන්න - දවස් 2කට පස්සේ අතුරුදහන් වෙන්න
ආදරය කියන්නේ හරි පුදුම දෙයක්. ❤️ අපි හිතාගෙන ඉන්නේ, ඒක නිකම්ම හැඟීමක් විතරයි කියලා. හැබැයි ඇත්තටම ආදරය කියන්නේ "තේරීමක්" (choice) සහ "පිළිගැනීමක්" (acceptance). 🤔 හරියට කැටයමක් වගේ. දුරට ලස්සනට පෙනුනට, ළඟට ගිහින් බැලුවම තමයි ඒකේ තියෙන සියුම් කැටයම්, මහන්සිය පේන්නේ. 🥰
අන්න ඒ වගේ ඔයත් ආදරේ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන පෙම්වතෙක් නම් , පෙරලා ඒ දේම ඔබට ලැබෙන්න ඕනේ, එහෙම නැත්තම් අඩුම තරමේ ඔබට එහි ගෞරවයවත් ලැබෙන්න ඕනේ. අපි අද එක පරික්ෂා කරලා බලන්නයි යන්නේ.
එහෙනම් මේ දැන්ම ඔයාගේ ජිවිතේ ඉන්න විශේෂම කෙනාගෙන් මේ ප්‍රශ්න 3 අහන්න. 🤫 ඒ ප්‍රශ්න 3ට ලැබෙන පිළිතුරු ඔබේ මුළු ජීවිතයම වෙනස් කරාවි. 🌪️ බලන්නකෝ ඒ ප්‍රශ්න මොනවද කියලා:
1️⃣ "ඔයා ඇත්තටම මාත් එක්ක ඉන්න කැමතිද?" 👉 මම "හැමවෙලාවෙම ඉන්න හින්දවත් , මම "නරක නැති හින්දවත් නෙවෙයි. ඔයාගේ හදවතින්ම, "මම" කියන මේ පිරිමියාත් එක්ක ඉන්න කැමතිද?
එතකොට එයාගේ උත්තරය , "ඔයාට මොනවගේ එකක්ද අහගන්න ඕනේ?" වගේ එකක් වුනොත් , නැත්තම් එකපාරම හරියට උත්තරයක් එයාගේ කටට ආවේ නැති උනොත් , තත්වය ඉතාම නරකයි සහෝදරයා. 💔 එතනදී ඔයා තේරුම් ගන්න ඕනේ දේ තමයි , ඔබේ පෙම්වතිය කවදාවත් ඔයා ගැන එහෙම හිතලා නැහැ, නිකම්ම "ඉන්න හින්දා ඉන්නවා" කියලා. ✨ මොකද (නැහැ) කියන එක පැහැදිලි නැත්නම්, ඒකේ තේරුම (ඔව්) කියන එක නෙවෙයි නිසා.
2️⃣ "ඔයා ඇත්තටම මාව දකිනවද?" 👉 මම ඔයාගේ ප්‍රශ්න විසඳන, ඔයාට උදව් කරන කෙනෙක් විතරක් නෙවෙයි. මගේ බය, මගේ හීන, මගේ දුර්වලකම් - මේ ඔක්කොම එක්ක "මම" කියන කෙනාව ඔයා දකිනවද? 👁️
මේකට එයාගේ උත්තරය වුනේ "ඔයාට නිකම් පිරිමියෙක් වෙලා ඉන්න බැරිද?" කියන එක නම් , තත්වය තවත් භයානකයි. එතනදී ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි, ඔබේ පෙම්වතිය ඔබව දකින්නේ "භූමිකාවක් නැත්තම් චරිතයක් " (role) එකක් Play කරන කෙනෙක් විදිහට විතරයි කියන එක 😍 ඒ කියන්නේ යැපෙන මානසිකත්වය. ඇයව පෝෂණය කරන්න , ඇය වෙනුවෙන් වැඩකරන දාසයෙක් විතරයි කියන එක. ඔබත් මනුෂ්‍යයයෙක් කියන එක ඇය තකන්නේ නෑ
3️⃣ "මම ඔයාට පහසු නැති වුනොත් (inconvenient), ඔයා මාත් එක්ක ඉන්නවද?" 👉 මම ඔක්කොම ප්‍රශ්න විසඳන එක නැවැත්තුවොත්, "මට අමාරුයි" කියලා කිව්වොත් - එතකොටත් ඔයා මාත් එක්ක ඉන්නවද? ✨
එතකොට එයා කිව්වොත් "මට දුර්වල මිනිස්සු ඕනේ නැහැ" කියලා. එතනදී ඔයා තේරුම් ගන්න, ඔබේ ශක්තිමත්කම විතරයි එයාට ඕනේ කියලා. ඔබේ මනුස්සකමට ඇය අගයක් දීලා නැහැ කියලා. 🌊
මේ ප්‍රශ්න 3 ඇහුවට පස්සේ, නරක පිළිතුරු ලැබුනොත් , එයාගෙන් නිහඬවම ඈත් වෙන්න. මොකද ඔබට ඔබේ ආත්ම ගෞරවය (self-respect) වැදගත්. ආදරය කියන්නේ ගිවිසුමක් (service contract) නෙවෙයි ❤️මනුෂ්‍යත්වයේ ගැඹුරු තැනක්.
ඉතින් ඔයාගේ ආදරවන්තියත්, ඔබත් එක්ක, නිකම්ම "ඉන්න හින්දා ඉන්නවා" ද? නැත්නම් ඇත්තටම "තෝරාගෙන ඉන්නවා" ද? 🤔 කියලා මේ දැන්ම කෝල් එකක් අරන් පරික්ෂා කරලා බලන්න.
ජීවිතය කෙටියි. ඇත්තටම ඔයාව දකින, ඔයාගේ මනුස්සකමට ආදරය කරන කෙනෙක් එක්ක ඉන්න. ✨❤️
#trueLove #realRelationships #selfLove #lifeLesson #loveQuestion #loveIsAChoice

No comments:
Post a Comment