"ලෝකෙ තියෙන අමාරුම දේ පොත් කියවන එක නෙවෙයි මිනිසුන්ව කියවන එක" කියල post එකක් දැක්ක.
හැබැයි යෝගා කියනවා,අනුන්ව කියවන්න කලින්, "යම-නියම" වලින් ඔයාව කියවගන්න කියලා 📖🧘♀️
FB එකේ මේ post එක දැක්කම මට හිතුණා, "ඇත්ත තමයි. මිනිස්සු කියවන එක අමාරුයි."
එයා හිනාවෙන්නේ ඇත්තටමද? තරහා ගිහින්ද? මට ඒ රිද්දන්නද හැදුවේ?
අපි දවසම අනුන්ගේ හිතේ මොනවද තියෙන්නෙ හොයනවා.
හැබැයි පතංජලී ඍෂිවරයා අවුරුදු 2000කට කලින් කිව්වා,
අනුන්ව මනින්න කලින්, තමන්ව මනින්න පුලුවන් වටිනා සංකල්ප කිහිපයක් ගැන.හැමදේම ගැන කතා නොකර කිහිපයක් ගැන කතා කරමු.
🌸 1. යම - "සරලව අපි අනුන් එක්ක ඉන්න විදිහ" හදාගත්තම මිනිස්සු කියවන එක ලේසියි
👉 Ahimsa - හිංසාව නැතිකම,
කෙනෙක් කතාවක් කියද්දි අපි හිතන්නේ "මේකට මම මොනවා කියලා රිද්දන්නද" කියලනේ.
Ahimsa පුරුදු වුණාම, අපි අහන්නේ "මේ මනුස්සයා ඇයි මෙහෙම කිව්වේ? එයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?" කියලා.
වචන වලින් ගහන්න කලින්, හිතෙන් අහන එක පුරුදු වෙනවා.
එතකොට මිනිස්සුන්ගේ කේන්තියට පිටිපස්සේ තියෙන තුවාලේ පේන්න ගන්නවා.
👉 Satya - ඇත්ත කතා කරන එක,
අපි අනුන්ව කියවන්න යන්නේ අපේම බොරුවකින්. "මම හරි, එයා වැරදියි" කියන බොරුවෙන්.
Satya කියන්නේ මුලින්ම ඔයාටම ඇත්ත කියන එක. "මටත් වැරදුනා, ඒක මටත් අව්ලක්" කියලා.
ඔයා ඔයාට අවංක වුණ දවසට, අනිත් අයගේ මූණේ තියෙන බොරු මූණු ගැලවෙනවා.
👉 Asteya - නැති දෙයක් නොගන්න එක,
අපි මිනිස්සුන්ගෙන් "attention" හොරකම් කරනවා. "මට විතරක් ආදරේ කරන්න" කියලා බල කරනවා.
Asteya පුරුදු වුණාම තේරෙනවා, කෙනෙක් නිශ්ශබ්ද නම් ඒ එයාගේ "ඉඩ". ඒකට බලෙන් පනින්න එපා කියලා.
අනුන්ගේ නිහඬතාවයට ගරු කරද්දි, එයාලගේ ඇත්තම කතාව ඇහෙනවා.
👉 Brahmacharya - ශක්තිය නිවැරදිව පාවිච්චි කිරීම.
මේ "No Sex" නෙවෙයි. ඔයාගේ වටිනා කාලය, වචන, ශරීර ශක්තිය අනවශ්‍ය Drama, ගොසිප් වලට නාස්ති කරන එක නවත්තන එක.
කෙනෙක් ඔයාව කුපිත කරද්දි, ඒකට පැටලිලා ඔයාගේ මුළු දවසම විනාස කරගන්නේ නැතුව, ඒ ශක්තිය ඔයාගේ හුස්මට, ඔයාගේ වැඩකට යොදවන එක.
ශක්තිය ඉතුරු කරගත්තම, මිනිස්සුන්ගේ නාට්‍ය නෙවෙයි, එයාලගේ වේදනාව පේන්න ගන්නවා.
👉 Aparigraha - අනවශ්‍ය දේවල් එකතු නොකර සිටීම.
"මට එයාගෙත් ආදරේ ඕන", "මට එයාගෙත් Validation ඕන", "එයා මට එහෙම නොකියා ඉන්න ඕන" මේ ඔක්කොම 'එකතු කිරීම්'.
Aparigraha කියන්නේ "අනේ මට මේක නැතුවම බෑ" කියන බැඳීම අතහරින එක.
අනුන්ගෙන් බලාපොරොත්තු එකතු කරන එක නැවැත්තුවම, එයාලා ඇත්තටම කවුද කියලා පේනවා. ඒක අපිට බරක් නෙවෙයි.
🌸 2. නියම - "ඔයා එක්ක ඉන්න විදිහ" හදාගත්තම ඔයාව කියවන එක ලේසියි
👉 Saucha - පිරිසිදුකම,
ඇඟ හෝදනවා වගේ හිතත් හෝදන්න ඕන. දවසකට 10 වතාවක් "එයා මට එහෙම කළානේ" කියලා හිත හිත ඉන්න එක කුණු ගොඩක් ලග ඉදගෙන ගද එන්නෙ කොහෙන්ද කියල හොයනව වගේ වැඩක්.
Saucha කියන්නේ ඒ කුණු ටික හුස්මකින් එලියට දාන එක.
හිත පිරිසිදු වුණාම, අනුන්ගේ කුණු කතා ඔයාගේ ඇඟේ ගෑවෙන්නේ නෑ.
👉 Santosha - ලැබුණු දේ ගැන සතුටු වෙන එක,
"එයාට මට වඩා Likes තියෙනවා", "එයා මට වඩා සතුටින් ඉන්නවා" - මේ ඉරිසියාව නිසා අපි මිනිස්සු වැරදියට කියවනවා.
Santosha පුරුදු වුණාම, "මට මගේ ගමනක් තියෙනවා, එයාට එයාගේ ගමනක්" කියලා තේරෙනවා.
ඉරිසියාව නැති ඇහැට, අනිත් මිනිස්සුන්ගේ සතුටත් ලස්සනට පේනවා.
👉 Tapas - උත්සාහය / විනය.
"අනේ මට බෑ, මේ මනුස්සයව තේරුම් ගන්න අමාරුයි" කියලා අතෑරලා දාන එක ලේසියි.
Tapas කියන්නේ "බෑ" කියන හිතත් එක්කත්, තව හුස්මක් ගන්න, තව විනාඩියක් අහගෙන ඉන්න විනය හදාගන්න එක.
කේන්ති ගිය වෙලාවට කෑ ගහන්නේ නැතුව, විනාඩියක් නිශ්ශබ්දව ඉන්න උත්සාහ කරන එකත් Tapas.
ඉවසීම පුරුදු වුණාම, මිනිස්සුන්ගේ කේන්තියට යටින් තියෙන බය පේන්න ගන්නවා.
👉 Svadhyaya - ස්වයං අධ්‍යයනය,
මේක තමයි මේ කතාවේ හදවත. දවසට විනාඩි 5 හරි අහන්න "ඇයි මට අද එයා ගැන තරහා හිතුණේ?"
පොතක් කියවනවා වගේ ඔයාගේම හිතේ Trigger points කියවන්න.
ඔයාගේ පිටු ටික කියෙව්වම, ලෝකෙ හැම මනුස්සයම එකම පොතේ වෙනස් පරිච්ඡේදයක් කියලා තේරෙනවා.
👉 Ishvara Pranidhana - උසස් බලයකට යටත් වීම,
"මට ඕන විදිහටම මේ මනුස්සයව හදන්න ඕන", "එයා මට ඕන විදිහට හැසිරෙන්න ඕන" මේක ලොකුම මායාව.
Ishvara Pranidhana කියන්නේ "හැමදේම මගේ Control එකේ නෑ" කියලා පිළිගන්න එක. ඔයාගේ උපරිමය කරලා, ඉතුරු ටික විශ්වයට/දෙවියන්ට බාර දෙන එක.
Control කරන එක අතහැරියම, මිනිස්සුන්ව 'හදන්න' නෙවෙයි, 'තේරුම් ගන්න' හිතෙනවා.
අන්තිමට...
පොත් කියවන එක ලේසියි. අකුරු වෙනස් වෙන්නේ නෑ.
මිනිස්සු කියවන එක අමාරුයි. එයාලා හැමදාම වෙනස් වෙනවා.
හැබැයි "යම-නියම" කියන කණ්ණාඩියෙන් ඔයාව බැලුවම,
ඔයාට තේරෙනවා, වෙනස් වෙන්නේ අනිත් මිනිස්සු නෙවෙයි, එයාලා දිහා බලන ඔයාගේ ඇස් කියලා.
යෝගා කියන්නේ අනුන්ව විනිශ්චය කරන්න දෙන නඩුකාර පුටුවක් නෙවෙයි.
යෝගා කියන්නේ "යම-නියම" වලින් ඔයාගේම චරිතය ලස්සනට ලියගන්න දෙන පෑනක්.
ඔයාගේ කතාව ලස්සන වුණ දවසට, අනුන්ගේ කතාන්දරේ කඳුළු තැන් ටිකත් තේරෙනවා.
ඉතින් අද ඉඳන්, කාවහරි "කියවන්න" කලින්...
ඔයාගෙන්ම අහන්න: "මම අද යම-නියම වලින් කීයක් රැක්කාද?"
මමත් තාම ඉගෙන ගන්න ගමන්.
ඔයාලත් පටන් ගන්න 👇
Vidu de silva✍️
#YamaNiyama #AshtangaYoga #Svadhyaya #YogaPhilosophy #ReadYourselfFirst #Mindfulness #YogaSriLanka #vidudesilva #SelfAwarenessMatters
