- එයාලට ගොඩක් හොඳ කෙනෙක් වෙන්න.
- එයාලගේ ජීවිතයේ වටිනාකම වැඩි කරන්න.
- ආදරය උපරිමයෙන්ම දෙන්න.
- වටිනාකමත් ඒ විදිහටම දෙන්න.
- එයාට අවශ්‍ය වෙලාවකදී කතා කරන්න.
- එයාල වෙනුවෙන් පුළුවන් හැමවෙලේම ඉන්න.
ඔයා මෙහෙම වෙනකොට එයාලා හිතනවා ඔයා එයාලගේ ජීවිතයට නිකං ලැබුණු කෙනෙක් කියලා. (They take you for granted). ඊට පස්සේ ටික ටික එයාලගේ ජීවිතයේ ඔයාට දීලා තියෙන වටිනාකම අඩු වෙනවා. සමහරවිට අන්තිමට ඔයාවත් නොදැනම එයාලා ඔයාගේ ජීවිතෙන් අයින් වෙලා යනවා.
කෙනෙක් ජීවිතයෙන් අයින් කරන්න ඕනෙනම් වැඩිපුර "ආදරය" කරන්න. මේක නොවරදින ඇත්තක්. එහෙම වෙන්නෙ තමන් ජීවිතේ කවදාවත් විඳලා නැති දේවල් ඉදිරියේදී මිනිස්සු ඒ දේවල් වලට ළං වෙන්න කැමති නෑ. එතැනදී ඔයා තේරුම් ගන්න ඕන එක දෙයක් තමයි, ඔයා දුර්වල කෙනෙක් නෙවෙයි කියන එක. තමන්ට පෙරළා දෙයක් නොලැබෙන තැනකදි වුනත් ආදරේ කරන්න පුළුවන් වෙන්නේ ඉතාමත් ශක්තිමත් මිනිසුන්ට විතරයි. ඔයා ඒ ලබාදුන්න ආදරේ කවදාවත් අපතේ යන්නේ නෑ. මේ සොබාදහමෙ, විශ්වයේ නීතියට අනුව තමන් ලබා දෙන දේවල් වලට සමාන දේවල් තමන්ට අනිවාර්යයෙන්ම ආපහු ලැබෙනවා. ඒකේ සැක කරන්න දෙයක් නෑ.
මෙතන තියෙන හොඳම දේ තමයි ඒ වගේ අයට ඔයා යන්න දෙන්න ඕනි කියන එක. මොකද ඒ වගේ තැනක රැඳිලා ඉඳලා ඔයා ඔයාගේ හදවත තුවාල කරගන්න එපා. කවද හරි දවසක එයාලට තේරෙයි, එයාල නැති කර ගත්තෙ මොන තරම් වටින අවස්ථාවක්ද කියලා.
හැබැයි එයාලගෙ අවාසනාවකට එයාල ඒක තේරුම් ගන්නකොට එයාලගෙ ජීවිතයේ ඔයා වගේ වටින කෙනෙක් එයාලට නැතිවෙලා ඉවරයි. ඒ සිද්දිය නිසා ඒ වෙද්දි ඔයා ඔයාගෙ වටිනාකම හරියටම අඳුරගෙනත් ඉවරයි!
Pramod Weerarathna
Motivator | Life Coach
Transformation Mentor
#pramodweerarathna #හිනාවෙලා_හිටපං

No comments:
Post a Comment