Tuesday, June 23, 2026

 දෙමව්පියන් ටොක්සික් නම් ඒ දරුවන්ට ඉස්සරහට යන්න පුදුම අමාරුයි ! 


තමන්ගේ දරුවන්ව තේරුම් ගන්න තමන්ගෙ දරුවන්ට ආදරය කරන දෙමව්පියන් අතරේ..

සමහර දෙමව්පියන් ඉන්නවා දරුවන්ට පුදුම තරම් ටොක්සික්..


දෙමව්පියන් ටොක්සික් වෙන අවස්ථා කියන්නද !


- තමන්ගේ දරුවන්ව පහත් කරන දෙමව්පියන්..

තමන්ගේ දරුවන්ට කිසිම මොළයක් නැහැ මෝඩයන් කියලා හිතන දෙමව්පියන්. නිතරම තමන්ගේ දරුවන් කිසිම දෙයක් කරකියා ගන්නට බැරි අය විදියට දකින දෙමව්පියන්..


- තමන්ගේ දරුවන්ගේ අතේ නිතරම සල්ලි තියෙන්න ඕනේ කියලා හිතන දෙමව්පියන්. ඒ කියන්නේ මෙහෙමයි. හැමෝටම අමාරු කාලයක් එනවා. ඒත් සමහර දෙමව්පියන් හිතනවා..

මෙයාලට අමාරු කාල එන්නේ නැහැ මෙයාලගේ අතේ හැමදාම සල්ලි තියෙනව කියල. එතකොට එයාලා තමන්ට සල්ලි නැහැ කියලා කිව්වොත් ඒගොල්ලො හිතනවා , දෙමව්පියන්ට දෙන්නේ නැතුව මේගොල්ලො වෙන අයට වියදම් කරනවා කියලා. ඒත් ඇතැම් විට ඒ අය කරන දේවල් වලත් අමාරු කාල ඇවිල්ල කියලා එයාලා තේරුම් ගන්නේ නැහැ. පුළුවන් තරම් එයාලව සැක කරමින් එයාලව මානසිකව වට්ටනවා...


- සාප කරන දෙමව්පියන්. දෙමව්පියන් දරුවන් අතර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් පොඩ්ඩක් ඇත්නම් සාප කරන දෙමවුපියන් කියලා කියන්නේ ඇත්තටම දරුවෙක්ට ලැබෙන්න පුළුවන් නරකම හමුවීමක්. සමහර දෙමව්පියන් දරුවෝ ඉස්සරහ ඒ දරුවන්ට සාප කරනවා. සමහර වෙලාවට පිටස්තර මිනිස්සු කියනවා ඒ සාපයන් හදවතින්ම කරන ඒවා නෙමෙයි කියලා. ඒත් ඇත්තටම සාපයක් කියලා කියන්නේ බොහොම රිනාත්මක දෙයක්. ඒක අර දරුවන්ගේ හිතට බොහෝම දැනෙනවා..


- අනිත් අයත් එක්ක සංසන්දනය කරන දෙමව්පියන්. හැම දරුවෙක්ම එක හා සමාන නැහැ. සමහර දරුවන් පුදුමාකාර දුක් ගිනි අතරින් තමයි ඉස්සරහට යන්නේ. ඒත් ජීවිතේ අත් නොහැර ඒ තරමට හරි ඉදිරියට එන ඒ දරුවන්ගේ ජීවිතවල ලස්සන දකින්නේ නැහැ සමහර දෙමව්පියන්. ඒ දරුවන්ව පුදුමාකාර විදියට අනිත් අයත් එක්ක සංසන්දනය කරනවා...


- අගය කිරීමක් නැති දෙමව්පියන්. විවේචනය විතරයි. තමන්ගේ දරුවන්ගේ එක හොඳක් හෝ දකින්නේ නැහැ.. ඒ වගේම..

සමහර දෙමව්පියන් , එක් කෙනෙක්ගෙ එක දෙයක් අගය කරද්දී තවත් කෙනෙක් කරන දහසකුත් කැපවීම් දකින්නේ නැහැ. කොයිතරම් දේවල් අතීතයේ කරල තිබුනත් ඒ දේවල් එක තත්පරයෙන් අමතක කරලා විවේචනය විතරක්ම දෙනවා..


- නැගීම් විතරයි ජීවිතයේ තියෙන්නේ කියලා හිතන දෙමව්පියන්... කිසිම වැටීමක් වෙන්න බෑ කියලා හිතෙන දෙමව්පියන්. ඒ කියන්නේ සමහර දෙමව්පියන් හිතනවා ඒගොල්ලන්ගේ දරුවන්ට ප්‍රශ්න නෑ කියලා. එයාලා හිතනවා.. අනිත් අය වගේම මෙයාලටත් ඉහළට විතරක්ම යන්න පුළුවන් කියලා. ඒ නිසාම අනවශ්‍ය විදිහට පීඩාවට පත් කරනවා...


- පුළුවන් කාලේ පුළුවන් තරම් දෙමව්පියන්ට සලකපු දරුවෝ බැරි කාලේ ටිකක් නිශ්ශබ්ද වෙද්දී.. කියන්න පුළුවන් හැම කතාවක්ම කියන දෙමව්පියන්.. අතීතය අමතක කරන දෙමව්පියන්..

දෙමව්පියන් කරපු කැපකිරීම් වගේම සමහර දරුවනුත් එයාලා වෙනුවෙන් කැපකිරීම් කරලා තියෙනවා. ඒත් මෙවැනි දෙමව්පියන් බොහෝම ඉක්මනට ඒ දේවල් අමතක කරලා, එක වැරැද්දක් අල්ලගෙන දරුවන්ට ජීවිත කාලෙම එක එක දේවල් කියනවා. 


- දරුවන්ගේ දක්ෂතා දකින්න බැරි දෙමව්පියන්. කොයි තරම් දේවල් කරත් මදියි කියල හිතන දෙමව්පියන්. කොයි තරම් ඉහළින් හිටියත් ඒත් ඒ දේත් මදියි කියලා හිතන දෙමව්පියන්...


සමහර වෙලාවට අපි නොදන්නවා උනාට මේ සමාජයේ ටොක්සික් දරුවෝ වගේම ටොක්සික් දෙමව්පියනුත් ඉන්නවා..


දරුවන්ට ඕනෙ කරන්නේ කතා කරලා..

තමන්ව තේරුම් ගන්න දෙමව්පියෝ..

නිතරම විවේචනය කරමින් තමන්ව ඇද වට්ටන දෙමව්පියන් නෙමෙයි...

ඒ දරුවන්ව හරියට තේරුම් ගන්නේ නැතුව හොයන්නෙ බලන්නේ නැතුව එක පාරට චෝදනා කරන දෙමව්පියන් නෙමෙයි...


-Gumiho's Diary-

No comments:

Post a Comment

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...