Sunday, May 3, 2026

 High Vibration එකක් තියෙන අය කියල කියන්නෙ අමුතු පිරිසක් නෙමෙයි. ආධ්‍යාත්මය දියුණු මිනිස්සුන්ට... ආධ්‍යාත්මය දියුණු කරන් යන මිනිස්සුන්ට...

ලෝකෝත්තර මාර්ගයෙ යද්දි ඒ ඒ මට්ටම් පසු කරන් ඉහළට යද්දි ඒ අයගෙ කම්පන ශක්තීන්, මනසේ තියෙන Vibe එක ඉහළ යනවා. ඒ හේතුව නිසයි ඒ අයට High Vibration එකක් තියෙන මිනිස්සු කියල කියන්නේ... 


එයාලා හරියට Light House එකක් වගේ. එයාලා දියුණු කරගත්ත මානසික ශක්තියෙන් අනිත් මිනිස්සුන්ව දිරිගන්නනවා. Positive Thinking Patterns ලෝකෙට බෙදලා දෙනවා. ලෝකෙට සේවයක් කරනවා.


මේ ධනාත්මක චින්තන රටාවන්, දොරටු මේ ලෝකෙ විශාල ප්‍රමාණයක් තියෙනවා. එක එක චරිත සංසාරෙ වඩපු ක්‍රමවේද අනුව, සසර ගෙනාපු පුරුදු අනුව, පාරමිතා අනුව, මේ ජීවිතයේ උප්පත්තියෙන් ආපු කාරණා ආදී සියල්ල එකට එකතු වෙලා, ඒ ඒ කෙනාට විවෘත වෙන පැතිකඩවල් එකිනෙකාට විවිධ වෙනවා. ඒ විවෘත වූ පැතිකඩවල් ලෝකෙට බෙදා දීමයි ඒ අයගෙ ස්වභාවය... මනස වැඩෙන්න වැඩෙන්න ගුණධර්ම මතු වීම සිද්ධ වෙනවා.


එවැනි අයව ඇසුරු කරන්න යාමේදී සහ ඒ අයව සමීපව ඇසුරු කරන පුද්ගලයන් ඉතා පරිස්සම් විය යුතු පැතිකඩවල් කිහිපයක්ම තියෙනවා.


පළවෙනි කාරණය එවැනි අයට අභූතයෙන් චෝදනා කලොත් ඒ අය එක්ක පැටලෙන්න ගියොත් හානි කරන්න ගියොත් ඒ පැටලෙන පුද්ගලයන්ට මෙලොවදීම ඒවගෙ විපාක විඳින්නට සිදුවීමයි.. ඒ හරහා සිදුවන අඳුරු පැතිකඩ ඉහළයි. ජීවිතයට සිදුවෙන හානිය ඉහළයි. විශාල Shock එකක් විදිහට වේගවත්ව විපාක වාර එනවා. හරියට බූමරංගයක් වැඩ කරනවා වගේ. හිතපු නැති වෙලාවල් වලදි, හිතපු නැති තැන් වලදි, දරන්න බැරි විදිහට, අවාසනාවන්ත ඉරණම් වලට මූණ දෙන්න වෙනවා. කර්ම විපාක ගැන අමතක නොවෙන පාඩමක් උගන්වන අවස්ථාවක් එන්න පුලුවන්.


සමහරවිට මේ ආධ්‍යාත්මය ඉහළ අයට සෘණාත්මක ගති තියෙන කෙනෙක් කරන හානිය පොඩි දෙයක් වෙන්න පුලුවන්. ඒත් එහි විපාක වාරය විශාල වශයෙන් බරපතළ ලෙස එන්න පුලුවන්. හේතුව මේ High Vibration කෙනාගෙ පවතින ඉහළ ආධ්‍යාත්මික මානසික මට්ටම නිසා.


මේ High Vibration පුද්ගලයන්ගේ ගති ස්වභාවයන් කිහිපයක් තියෙනවා. එයාලා ආධ්‍යාත්මය දියුණු කරගෙන යද්දි එයාලට දැනෙනවා එයාලගෙ ගමනට, එයාලගෙ Vibe එකට මේ වටේ ඉන්න පිරිස ගැළපෙන් නෑ කියලා. පොසිටිව් ගමනකට සෘණාත්මක ලෝකයක් ගැළපෙන් නෑ කියලා. ආධ්‍යාත්මය දියුණු කරන් යන පිරිසගෙ ආකල්ප වෙනස් වෙද්දි Vibe එක වෙනස් වෙද්දි අනිත් අයගෙ Vibe එකට සමාන වෙන් නැතුව යනවා. Match වෙන් නැතුව යනවා. එතකොට වටේ ඉන්න ගොඩක් පිරිසක් හැලෙන්න ගන්නවා. 


එයාලට දැනෙනවා සෘණාත්මක ලෝකයක් එක්ක ගනුදෙනු කරන්න බැරි බව. එකට වාසය කිරීමේ අපහසුව. ඒ නිසා Negative Vibe තියෙන අයව, සෘණාත්මක පිරිසව තමන්ගෙන් ඈත් කරලා තියන්න දුරස්ථ භාවයක් තියාගන්න එයාලා උත්සාහ කරනවා. 


High Vibration අයගෙ මනස දියුණු වෙන්න වෙන්න මනසේ ප්‍රතිශක්තී ශක්තිය වැඩි වෙනවා. බොහෝදුරට එයාලව ඇසුරු කරන අයටත් මේ ධනාත්මක ශක්තීන් බෝවෙන්න ගන්නවා. 


සාමාන්‍යයෙන් මේ ලෝකෙ පුරුද්දක් විදිහට අනුන්ට අපහාස කරන, නිතරම අනුන්ව විවේචනය කරන, Negative Vibe එකක් තියෙන පහළ මට්ටමේ විෂ සහිත කොට්ඨාසයක් ඉන්නවා. ඒ අයගෙ ස්වභාවය නිතරම අනිත් අයව අවුස්සන එක, අනිත් අයට රිදවන එක, මඩ ගහන එක, අනුන්ව පාලනය කරන්න හදන එක, අනුන්ගෙ ජීවිතවලට කපටිකම් කරන එක...


මෙවැනි විෂ සහිත පිරිසක් අතරට High Vibration සහිත පුද්ගලයෙක් ඇතුල් උනොත් එයාගෙ තියෙන ආධ්‍යාත්මික ශක්තිය නිසා වටේ තියෙන සෘණ ශක්තිය නැති කරලා පිරිසුදු කරලා ධනාත්මක ඉහළ Vibe එකක් ඇති කරනවා. ඒ අය තුළ තියෙන ප්‍රතිශක්ති ශක්තිය විෂ අයින් කරන පිරිසුදුකාරකයක් ලෙස ක්‍රියා කරනවා.


මේ හේතුව නිසා Negative පිරිසට ආධ්‍යාත්මය ඉහළ පිරිසව දිරවන් නැතුව යනවා. දරන්න බැරුව යනවා. එයාලා අපහසුතාවට පත්වෙනවා. කලබල වෙනවා. මොකද එයාලගෙ සුපුරුදු පෝෂණ භූමිය වෙනස් වෙමින් යන නිසා. ඒ විෂ සහිත පිරිස නිතරම පෝෂණය වෙන්නෙ සෘණ ශක්තියෙන්. එයාලට නිතරම ඕනෙ කුණු. ඒත් මේ Positive අයගෙන් පිටවෙන ධනාත්මක පිරිසිදු කිරණ ශක්තිය නිසා ඒ වටේ ඉන්න අනිත් අයත් පිරිසුදු වෙන්න ගන්නවා. ඒ වටේ ඉන්න පිරිස හොඳ පැත්තට පරිවර්තනය වෙන්න ගන්නවා. ධනාත්මකව වැඩෙන්න ගන්නවා. 


මෙන්න මේ අවස්ථාවෙදි මේ විෂ සහිත පිරිස අර ආධ්‍යාත්මය දියුණු High Vibration එකක් තියෙන කෙනාට කරදර කරන්න පටන් ගන්නවා. හානිකර විදිහට හැසිරෙන්න ගන්නවා. සමහර වෙලාවට එයාලට ඉන්න තැන පවා නැති කරන තත්ත්වයට පත් කරනවා. මේක ඒගොල්ලො දන්නෙ නැති උනාට Return එක එනවා වැඩිකල් යන්න කලින්ම... ඒ නිසයි High Vibe එකක් තියෙන අයව ඇසුරු කරද්දි ඉතාම පරිස්සම් විය යුත්තේ. ඒ අය එක්ක පැටලෙන්න යන එක අනිත් අයට හානිකර වෙන්නෙ මේ ආකාරයටයි. මේවා ගැන දැනුවත් වෙලා ඒ වගේ අය එක්ක කටයුතු කළ යුතුයි.


ඊළඟ කාරණාව තමයි මේ ඉහළ ආධ්‍යාත්මික ශක්තියක් තියෙන High Vibration අයට ස්වභාවිකව පිහිටන හැකියාවක් තියෙනවා ඒ අය ඇසුරු කරන පුද්ගලයන්ගෙ හැංගිලා තියෙන අඳුරු පැතිකඩවල් දකින්න. අනිත් මිනිස්සුන්ව කියවන්න හැකියාවක් තියෙනවා. හිත දකින්න හැකියාවක් තියෙනවා. අනිත් මිනිස්සු කරන සියුම් කපටි වංචාවල් අදුරගන්න හැකියාවක් තියෙනවා. පිටතින් පේන මූණට වඩා ඇතුළත තියෙන හැංගිලා තියෙන මූණු ඒ අයට දැකගැනීමේ හැකියාව තියෙනවා. ආධ්‍යාත්මය දියුණු වෙද්දි එයාලට ලැබෙන සහජ සංවේදතාවක් එය.


මේ හැකියාවන් නිසා ව්‍යාජ කපටි පුද්ගලයන්ට මේ අය ඉස්සරහා තමන්ගෙ කපටිකම් වංචාකම් කරන්න බැරුව යනවා. Confidence නැතුව යනවා. 


High Vibration එකක් තියෙන කෙනෙක් ඉස්සරහා ඔබ පරිස්සමට කල් අරගෙන මොන විදිහකට බොරුවක් ගොතාගෙන කීවත් ඒකෙ ඇත්ත එයාලට දැනෙනවා. ඇත්ත එළියට ඇදලා ගන්න බලවත් Vibe එකක් එයාලට තියෙනවා. ඒ අයගෙ බලවත් තියුණු eye contact එකක් තියෙනවා. එසේ කරන්නෙ ඔබව අපහසුතාවට පත් කිරීමට නොව. ඒ අය ස්වභාවයෙන්ම ව්‍යාජකමට බොරුවට වංචාවට අකමැති වීමයි. ඒ අය මුල් තැන දෙන්නෙ අව්‍යාජ බවටයි, අවංකකමටයි. 


එම නිසා ඔබ බොරුවක් වංකකමක් කරද්දි ඒ අයට අහු උනොත් ඔබ ගැන තිබ්බ විශ්වාසය ආයෙ කවදාවත් වෙනස් කරන්න බැරි විදිහට කැඩිලා යන්න පුලුවන්.


බුද්ධිමත් කෙනා මේ අයගේ මේ හැකියාවෙන් තමන්ගෙ අඩුපාඩු හදාගන්න උත්සාහ කරනවා. 


අනිත් කරුණ තමයි මේ High Vibe එකක් තියෙන අයගෙ ශක්තීන් නිසා අවට පිරිසගෙ ජීවිතවලට විශාල බලපෑමක් වෙන්න පුලුවන්. සෞඛ්‍ය සම්පන්න යහපත් බලපෑමක් වෙන්න පුලුවන්. මේ High Vibe අය යම් පිරිසක් මැද්දට යම් තැනකට ගියාම මේ අය තුළ තියෙන ආධ්‍යාත්මික ඉහළ මට්ටම නිසාම එම පිරිස අතර ස්වභාවිකවම මුල් තැනට පත්වෙනවා. එම High Vibration තත්ත්වය නිසා එම ස්ථානයේ හෝ පිරිස අතර එතුවක් කල් තිබ්බ වැඩපිළිවෙළ, සම්ප්‍රදාය, වෙනස් වෙන්න කටයුතු සිද්ධ වෙනවා. තිබ්බට වඩා ඉහළට ගොඩනැගෙන්න කටයුතු සිද්ධ වෙනවා. 


මේ විදිහට මේ අයගෙ තියෙන High Vibe එක නිසා එම ස්ථානවල සිටින Negative අයගෙ ජීවිතවලට තර්ජනයක් වෙනවා. මේ අයව දරාගන්න බැරුව එක එක උගුල් අටවනවා. කරදර කරනවා. මොන ක්‍රමේකින් හරි මේ අයව ඒ තැන්වලින් අයින් කරන්න උත්සාහ කරනවා. ඒ සිදුවීම් නිසා මේ දෙගොල්ලොන්ගෙම වෙනස බුද්ධිමත් අයට තේරුම් ගන්න අවස්ථාවක් සැකසෙනවා වගේම කරදර කරන Negative ශක්තීන් තියෙන අයට බලවත් කර්ම ටිකක් රැස්වෙනවා සංසාරයෙ ගෙවන්නට...


තව දෙයක් තමයි මේ High Vibration අයට හැකියාව තියෙනවා කිසිම අනුකම්පාවක් නැතුව (අනුකම්පා විරහිත ලෙස) බැදීම් කඩලා දාන්න. එය කරන්නෙ නරක හැඟීමකින් නෙමෙයි. මේ අයට අවශ්‍ය උනොත් සම්බන්ධතා විසන්ධි කරන්නට, වැනි වැනී ඉන්නෙ නෑ දැඩිව ක්‍රියාත්මක කරනවා. මේක හිමින් හිමින් කරන දෙයක් නෙමෙයි. ක්ෂණිකව වේගවත්ම ස්ථිර ලෙස සම්බන්ධතා අත හැරීම සිදුකරන නිසා අනිත් අයට ඒක ලොකු Shock එකක් වෙන්න පුලුවන්. 


මෙහෙම කරන්නේ අනුකම්පාවක් නැතිකම නිසාවත් කෲරකමකටවත් නෙමෙයි. මේ අයගේ ආධ්‍යාත්මික ශක්තීන් සමබර කරගැනීමට, ශක්තීන්ගේ සමබර බව රැකෙන විදිහට, තමන්ගෙ යහපැවැත්ම උදෙසායි. තමන්ගෙ මානසික සාමකාමීත්වයට, ආධ්‍යාත්මික දියුණුවට වර්ධනයට බලපෑමක් එනවා යැයි දැනුනොත් කිසිදු පැකිලීමක් නැතුව, කිසිදු පසුතැවීමක් නැතුව, දෙපාරක් හිතන්නෙ නැතුව ඒ සම්බන්ධතා අත ඇරලා දානවා.


එයාලා එවැනි තීරණ ගන්නේ ගැඹුරු අවබෝධයක් ඇතුවයි. හිතුමනාපෙට කරන දෙයක් නෙවෙයි. වටේ ඉන්න අයට හැගෙන්න පුලුවන් මෙයාලා හැඩි දැඩි චරිත ක්ෂණික තීරණ ගන්න චරිත කියලා. නමුත් මෙයාලා මේ තීරණ හදිස්සියට ආවේගශීලීව ගන්න තීරණ නෙමෙයි. බොහෝ කාලයක් තිස්සෙ කල්පනා කරලා, මනස ගැන විපරම් කරලා යම් යම් දේවල් තේරුම් අරගෙන එයට විසඳුමක් ලෙස ගන්න තීරණයි.


ඒගොල්ලො දන්නවා තමන්ගෙ ගෙවත්තෙ සෞඛ්‍ය සම්පන්න හොඳ දේවල් වැඩෙන්න නම් තණකොළ ප්‍රයෝජනයක් නැති වල් පැළෑටි ඉවත් කරන්න ඕනෙ කියලා. 


ආධ්‍යාත්මික ඉහළ Vibe එකක් තියෙන අයව ඇසුරු කරද්දි මේ කාරණා දැනගෙන හිටියෙ නැත්නම් ඔවුන්ගේ ස්වභාවය ඔවුන් කටයුතු කරන ස්වභාවය තේරුම් ගත්තෙ නැත්නම් එයාලා වටේ ඉන්නෙ පිරිස, එයාලා හා සම්බන්ධ වෙන පිරිස මේ අය හරහා බරපතළ අකුසල් රැස්කර ගෙන පහළටම යන්න හේතු හදාගන්නවා. ඒකයි මේ වගේ අයව ඇසුරු කරද්දි පරිස්සම් විය යුත්තේ. ළඟින් ඇසුරු කිරීමට නොයා යුත්තේ. ඇසුරු කරනවා නම් දැනගෙනම ඇසුරු කළ යුත්තේ.


උපුටා ගැනීමකි....yoga hamuduruwo


#hilightseveryonefollowers2025 #topfanseveryone #highlightseveryonefollowers2025highlightseveryonefollowers2025 #everyoneシ゚viralシviralシfypシ゚viralシalシ #highlightseveryonefollowers #foryoupageシforyou #foryoupageシ #topreels #hilights #all #2026challenge #2026Goals #spiritualgrowth #spirituality #spiritualjourney #SpiritualAwakening #eckharttolle #stillnessspeaks  #buddhism #buddha #buddhadharma #buddhistteachings #BuddhistMonks #mindfulness #mindset #1millionviews #1m #wisdom #vibes #mindset

No comments:

Post a Comment

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...