Sunday, May 3, 2026

 හිත මගෙන් ඇහුවා, 

"මනුස්සයෙක් වෙලා ඉපදිලා, උඹ කොහොමද කිසිම ප්‍රේමයක් නැතුව මෙච්චර හයියට හිත හදාගත්තේ?" කියලා...


මම හිතට දුන්නේ හරිම කෙටි උත්තරයක්.


"මම හිත හදාගත්තා නෙවෙයි හිතවත, මම මගේ ආත්මය පාවා නොදී රැකගත්තා."


කෙනෙක් මට අවධානය දෙනකල් පින්සෙන්ඩු වෙන එකේ තියෙන අසරණකමට මම දැන් වෛර කරනවා. 

මගේ සතුට කියන දේ තව කෙනෙක්ගේ "මූඩ්" එක මත තීරණය වෙන්න ඉඩ දෙන්න තරම් මම දැන් නිවට නැහැ. 

උන් හිතන වෙලාවට මට හිනාවෙන්නත්, 

උන් මාව මගහරින වෙලාවට මට අඬන්නත් මම මොකෙක්වත් නෙවෙයි.


ඇයි මම මගේ වටිනා ජීවිතය තව කෙනෙක්ගේ පයට පෑගෙන දූවිල්ලක් කරගන්නේ?


මම ගැන හොයන්නේ නැති, 

මගේ අගයක් නැති මනුස්සයෙක් වෙනුවෙන් රෑ එළිවෙනකල් ෆෝන් එකේ තිරය දිහා බලන් ඉන්න ඒ මානසික වහල්කම මට ඇති වෙලා.

කෙටි පණිවිඩයක් එනතුරු දහස් වාරයක් ෆෝන් එක 'අන්ලොක්' කර කර බලන ඒ වෙහෙසකර බලාපොරොත්තුව මම මගේ හිතින් අතුගාලා දැම්මා.


අහපන්...


තව කෙනෙක්ගේ ආදරය කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි, 

ඒක මගේ සතුට විනාශ කරන්න මම උන්ට දෙන "බලපත්‍රයක්" විතරයි. 

මගේ හිනාව මරාගන්න, 

මගේ පපුව පිච්චෙන තරම් වේදනාවක් දෙන්න මම කිසිම මනුස්සයෙක්ට ආයී බලය දෙන්නේ නැහැ.


තනිකම කියන්නේ මට දැන් සාපයක් නෙවෙයි,

මහා ලොකු අභිමානයක්. 

මට මාව මගහැරෙන්න ඉඩ දීලා, 

තව කෙනෙක් පස්සේ දුවන එක මම නතර කළා. 

මට මාව හම්බවුණ දවසේ ඉඳන් මම මගේ ලෝකයේ රජෙක්. 

කිසිම ප්‍රේමයකට මගේ මේ නිදහස සහ සැනසීම උදුරගන්න මම ආයෙත් ඉඩ දෙන්නේ නැහැ. 🌻🖤


✍️ Thusitha Dayanga

No comments:

Post a Comment

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...