Sunday, May 3, 2026

 ඔබ දැක තිබේද මේ හොලිවුඩි තරුව,

ඔහු නමින් ජේසන් ස්ටේතමි.!💫


ඇත්තටම ජේසන් ස්ටේතම් කියන්නේ,

හොලිවුඩ් වල ඉන්න,

රළු පෙනුමක් තියෙන නළුවෙක් වුණාට, කැමරාවෙන් පිටුපස ඔහු,

හරිම ආදර්ශමත් පුද්ගලයෙක්.!😇 


ඔහු තමන්ගේම ප්‍රතිපත්ති මාලාවකට අනුව, ජීවත් වෙන කෙනෙක්.!👊


හුදෙක් රග පෑමට සිදුවන,

චිත්‍රපට දර්ශනයක හැර,

ජේසන් කිසිම වෙලාවක වෙනත් කාන්තාවන්, ස්පර්ශ කරන්නේ නැහැ.!🚫 


චිත්‍රපට ප්‍රවර්ධන වැඩසටහන් වලදී වුණත්, ඡායාරූප වලට පෙනී සිටිද්දී වුණත් ඔහු අනෙක්, කාන්තාවන්ගෙන් පොඩි දුරක් තබා ගන්නවා.!📸 


ඔහු අනිත් අයව බදාගන්න යන්නේ නැහැ, 

අඩුම තරමේ ආචාරශීලී වෙන්න කියලවත්,

ඔහු ඒ දේ කරන්නේ නැහැ.!🙅‍♂️


මේ දේ ඔහුගේ රසිකයෝ ගොඩක් දෙනෙක්ට,

මීට කලින්ම නෝට් වෙලා තිබුණා.!👀 


තමන්ගේ සහෝදර නිළියන් එක්ක ඉන්නකොට, පවා ඔහු හරිම සංයමයකින් ඉන්නේ.!🧘‍♂️ 


හරියට ඔහුත් ඒ අයත් අතර,

නොපෙනෙන සීමාවක් තියෙනවා වගේ.!📏


මේකට හේතුව ඔහුගේ උඩඟුකම නෙවෙයි.!❌ 


ඔහු තමන් තෝරාගත් සහකාරියට තියෙන,

දැඩි ගෞරවය නිසයි එහෙම කරන්නේ.!❤️ 


2010 අවුරුද්දේ ඉඳලා ඔහු රෝසි හන්ටින්ටන් වයිට්ලි එක්ක තමයි ජීවත් වෙන්නේ.!💍 


ලෝකයම දන්න සුපිරි තරුවක් වුණත්,

තමන්ගේ ආදර සම්බන්ධය පළුදු කරගන්න,

ඔහු කවදාවත් ඉඩ දුන්නේ නැහැ.!🌟


අපකීර්තිය සහ පාවාදීම් පිරුණු මේ ලෝකේ,

ඔහු තෝරා ගත්තේ තමන්ගේ සහකාරියට,

අවංක වෙන්නයි.!🤝 


ඔහු ආදරය ගැන ලොකු ලොකු කතා,

කියවන්න යන්නේ නැහැ.!🙊 


ඒ වෙනුවට ඔහු තමන්ගේ ක්‍රියාවෙන්,

ඒක ඔප්පු කරලා පෙන්වනවා.!💪


ගොඩක් අය සමාජ මාධ්‍ය වල,

ජනප්‍රිය වෙන්න ආදරය පෙන්වන කාලෙක, ජේසන් තමන්ගේ හැඟීම්,

නිහඬව ආරක්ෂා කරනවා.!🤫 


මිලියන ගණනක් මිනිස්සු ඔහුට,

ගරු කරන්නේ අන්න ඒ නිසයි.!🫡 


මොකද නියම පිරිමියෙක් කියන්නේ,

හයියෙන් කෑගහලා කතා කරන,

කෙනෙක් නෙවෙයි,

තමන් දුන්න පොරොන්දුව,

ඒ විදිහටම රකින කෙනෙක්ටයි.!💎✨


#ChathurangaLakmal🇱🇰

 හිත මගෙන් ඇහුවා, 

"මනුස්සයෙක් වෙලා ඉපදිලා, උඹ කොහොමද කිසිම ප්‍රේමයක් නැතුව මෙච්චර හයියට හිත හදාගත්තේ?" කියලා...


මම හිතට දුන්නේ හරිම කෙටි උත්තරයක්.


"මම හිත හදාගත්තා නෙවෙයි හිතවත, මම මගේ ආත්මය පාවා නොදී රැකගත්තා."


කෙනෙක් මට අවධානය දෙනකල් පින්සෙන්ඩු වෙන එකේ තියෙන අසරණකමට මම දැන් වෛර කරනවා. 

මගේ සතුට කියන දේ තව කෙනෙක්ගේ "මූඩ්" එක මත තීරණය වෙන්න ඉඩ දෙන්න තරම් මම දැන් නිවට නැහැ. 

උන් හිතන වෙලාවට මට හිනාවෙන්නත්, 

උන් මාව මගහරින වෙලාවට මට අඬන්නත් මම මොකෙක්වත් නෙවෙයි.


ඇයි මම මගේ වටිනා ජීවිතය තව කෙනෙක්ගේ පයට පෑගෙන දූවිල්ලක් කරගන්නේ?


මම ගැන හොයන්නේ නැති, 

මගේ අගයක් නැති මනුස්සයෙක් වෙනුවෙන් රෑ එළිවෙනකල් ෆෝන් එකේ තිරය දිහා බලන් ඉන්න ඒ මානසික වහල්කම මට ඇති වෙලා.

කෙටි පණිවිඩයක් එනතුරු දහස් වාරයක් ෆෝන් එක 'අන්ලොක්' කර කර බලන ඒ වෙහෙසකර බලාපොරොත්තුව මම මගේ හිතින් අතුගාලා දැම්මා.


අහපන්...


තව කෙනෙක්ගේ ආදරය කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි, 

ඒක මගේ සතුට විනාශ කරන්න මම උන්ට දෙන "බලපත්‍රයක්" විතරයි. 

මගේ හිනාව මරාගන්න, 

මගේ පපුව පිච්චෙන තරම් වේදනාවක් දෙන්න මම කිසිම මනුස්සයෙක්ට ආයී බලය දෙන්නේ නැහැ.


තනිකම කියන්නේ මට දැන් සාපයක් නෙවෙයි,

මහා ලොකු අභිමානයක්. 

මට මාව මගහැරෙන්න ඉඩ දීලා, 

තව කෙනෙක් පස්සේ දුවන එක මම නතර කළා. 

මට මාව හම්බවුණ දවසේ ඉඳන් මම මගේ ලෝකයේ රජෙක්. 

කිසිම ප්‍රේමයකට මගේ මේ නිදහස සහ සැනසීම උදුරගන්න මම ආයෙත් ඉඩ දෙන්නේ නැහැ. 🌻🖤


✍️ Thusitha Dayanga

 පළවෙනි වීඩියෝ එකේ රහස (ලැජ්ජාව පැත්තකින් තියමු) 🤫📸


 කලින් පෝස්ට් වලින් අපි Niche එකක් තෝරගෙන, ප්‍රොෆෙෂනල් විදිහට චැනල් එකේ settings හදාගෙන, ෆෝන් එකෙන් වීඩියෝ කරන්න ලෑස්ති වුණානේ. අද අපි කතා කරන්නේ යූටියුබ් ගමනේ තියෙන ලොකුම කඩුල්ල ගැන. ඒ තමයි පළවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරන එක.


ගොඩක් අයට චැනල් එකක් තිබ්බට පළවෙනි වීඩියෝ එක දාගන්න බෑ. ඇත්ත කියපන්, උඹලටත් කැමරාව ඉස්සරහට එන්න බයයි නේද? 'මූණ ලස්සන නෑ', 'කටහඬ කැතයි', 'මිනිස්සු මොනවා හිතයිද' කියලා හිතෙනවා නේද? ඕක සාමාන්‍ය දෙයක් මචං. අද මම කියලා දෙනවා ඒ බය පැත්තකින් තියලා, මුකුත්ම නොදන්න කෙනෙක් වුණත් පළවෙනි වීඩියෝ එක කොලිටියට කරන්නේ කොහොමද කියලා.


1️⃣ මූණ පෙන්නන්න බැරිම නම් 'Faceless' කරමු! 😷❌👀

ඔයා මූණ පෙන්නන්නම ලැජ්ජා නම්, කැමරාව ඉස්සරහට එන්නේ නැතුව වීඩියෝ කරන්න ක්‍රම ඕන තරම් තියෙනවා. ලෝකේ ලොකුම චැනල් ගොඩක් දුවන්නේ 'Faceless' ක්‍රමයට.

🔹 Screen Recording: උඹ Tech ගැන කරනවා නම්, ෆෝන් එකේ හරි ලැප්ටොප් එකේ හරි Screen එක Record කරලා voiceover (කටහඬ) විතරක් දෙන්න.

🔹 Gaming: ගේම් ගහන එක Record කරලා, ඒකට උඹේ කතාව (Commentary) දාන්න. මූණ ඕනේ නෑ.

🔹 Top 10 / Info: අන්තර්ජාලයෙන් Google, Pixabay, Pexels වගේ තැන් වලින් Copyright නැති Photos/Videos අරගෙන, ඒවට voiceover එකක් දීලා "ලෝකේ අමුතුම තැන් 10ක්" වගේ වීඩියෝ කරන්න.

🔹 Hand Gestures: අත විතරක් පෙන්නලා කෑම උයන හැටි, මොනවා හරි හදන හැටි, එහෙමත් නැත්නම් අකුරු ලියන හැටි පෙන්නලා වීඩියෝ කරන්න.


2️⃣ ස්ක්‍රිප්ට් එකක් ලියාගමු (මුල අග පැටලෙන්නේ නැති වෙන්න) 📝🤔

මුකුත් නොදන්න කෙනෙක්ට උනත් පට්ට වැදගත් වෙන දෙයක් තමයි ස්ක්‍රිප්ට් එක. දන්නවා කියලා නිකන්ම බ්ලා බ්ලා ගාන්න ගියොත්, පළවෙනි වීඩියෝ එකේදී ඔයා අතරමං වෙනවා. ඒ නිසා වීඩියෝ එක කරන්න කලින් මේ ටික ලියාගන්න.

🔹 Hook (මුල් තත්පර 15): වීඩියෝ එක පටන් ගද්දිම බලන කෙනාව අල්ලගන්න ඕනේ. (උදා: "අද මම කියලා දෙනවා ෆෝන් එකෙන් සල්ලි හොයන පට්ටම ක්‍රමයක්!").

🔹 Intro: උඹ කවුද, චැනල් එක මොකක්ද කියලා පොඩියට අඳුන්වලා දීලා වීඩියෝ එකේ මාතෘකාව කියපන්.

🔹 Body (ඇත්ත කතාව): ඔයා කියලා දෙන්න යන දේ කරුණු 3-4කට කඩලා ලියාගනින්. එතකොට කතා කරන එක පැටලෙන්නේ නෑ. (කරුණ 1, කරුණ 2...).

🔹 Conclusion & CTA: අන්තිමට ඔයා කියපු දේ සාරාංශයක් කියලා, "වීඩියෝ එක හොඳ නම් Subscribe කරන්න" කියලා මිනිස්සුන්ට කියන්න.


3️⃣ ලයිටින් සහ ඕඩියෝ (කලින් පෝස්ට් එකේ කිව්වා මතකද?) 💡🎤

කලින් පෝස්ට් එකේ මම කිව්වා ලොකු බඩු ඕනේ නෑ කියලා. හැබැයි තියෙන ෆෝන් එකෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න ඕනේ.

🔹 Lighting: ජනේලයක් ඉස්සරහට යන්න. ඉර එළිය මූණට වැටෙන්න වීඩියෝ කරන්න. පිටිපස්සෙන් එළිය තිබ්බොත් මූණ කළු වෙනවා. එච්චරයි!

🔹 Audio (වඩාත්ම වැදගත්): මිනිස්සු වීඩියෝ කොලිටිය අඩු උනත් බලනවා, හැබැයි සද්දේ කැත නම් තත්පර 5න් වීඩියෝ එකෙන් යනවා. සද්දේ නැති තැනක, ෆෝන් එක කටට ටිකක් කිට්ටුවෙන් තියන් රෙකෝඩ් කරන්න. හෑන්ඩ්ස් ෆ්‍රී එකක් හරි ගහලා කතා කරන්න. (voiceover එකක් දෙනවා නම් Adobe Podcast AI පාවිච්චි කරන්න).

මචංලා, සාර්ථකත්වයේ රහස තියෙන්නේ පටන් ගැනීමේ. පළවෙනි වීඩියෝ එක පට්ට ගජරියක් (අවුල්) වෙන්න පුළුවන්. ඒකට කමක් නෑ. සාර්ථක හැම යූටියුබර් කෙනෙක්ගෙම පළවෙනි වීඩියෝව කැතයි. ඒක දාන්නේ නැතුව මොකක්ද අවුල කියලා හොයන්න බෑ. අදම Script එක ලියලා, හෙට රෙකෝඩ් කරලා දාන්න.


ඔයාගෙ නිශ් (Niche) එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. Faceless කරන්න හොඳ අයිඩියා ටිකක් ඉස්සරහට දෙන්නම්.

ඊළඟ පෝස්ට් එකෙන් අපි කතා කරන්නේ, වීඩියෝව දැම්මට පස්සේ මිනිස්සුන්ව ක්ලික් කරවන්න කරන මායාව - Thumbnails සහ Titles ගැන.


මුකුත් නොදන්න අපේ කොල්ලෝ කෙල්ලොන්ටත් ගැම්මක් ගන්න මේක ශෙයාර් පාරක් දාලා සපෝට් එකක් දෙන්න. දිගටම Tecnic life lanka පේජ් එකත් එක්ක සෙට් වෙලා ඉන්න! 💪🔥. 

#YouTubeMasterclass #YouTubeSinhala #OvercomeCameraShyness #FacelessYouTubeChannel #VideoScriptTips #YouTubeForBeginners #ContentCreationSinhala #TecnicLifeLanka #FirstYouTubeVideo #DigitalCreatorLK

 සම්බන්ධතා බිද වැටෙන්නේ, toxic නිසා විතරද, තමන්ට නොදැනෙන තැනක, නොදැනෙන පුද්ගලයෙක් එක්ක දිගටම ජීවත් වෙන්න ඕනෙද?

"Ideal Partner" තෝරගන්න, එයා එක්ක ජීවත් වෙන්න මනුස්සයෙකුට අයිතියක් නැද්ද?


සමහර සම්බන්ධතා අවුරුදු ගාණක් ගැටලුවක් නැතුව හොඳින් පවත්වාගෙන යනවා. තමන්ගේ  සහකරු, සහකාරිය විෂ සහිත කෙනෙක් නෙමෙයි. තමන්ව හොඳින් තේරුම් ගත්ත තමන්ගෙ ජීවිතේ හැම දේටම උදව් කරන කෙනෙක්.


ඒත් එකපාරටම එක්කෙනෙක් වෙනස් වෙනවා.


ඇයි එහෙම වෙන්නේ? 


මිනිස්සුන්ගේ හිත් වල තමන්ට ගැලපෙන සුදුසුම කෙනා කියන රූපයක් ඇඳලා තියෙනවා. (Ideal partner). නමුත් ගොඩක් මිනිස්සු මේ තමන්ට සුදුසුම කෙනා කියල හිතාගෙන ඉන්න පුද්ගලයා හෝ ගැහැණිය, මුණ ගැහෙන්න කලින් තමන්ට ගැලපෙනවා කියලා හිතෙන මිනිස්සු එක්ක සම්බන්ධතා පටන් ගන්නවා. සමහර වෙලාවට විවාහය දක්වාම මේ සම්බන්ධතා යනවා.


එහෙම සම්බන්ධතා පටන් ගත්තත්, විවාහයෙන් බැඳුණත්, තමන්ගේ සුදුසුම කෙනා කියලා හිතාගෙන හිටපු කෙනාගේ චිත්‍රය වෙනස් වෙන්නෙ නෑ. ඒක එහෙම්මම තියෙනවා. ඉතින් යම් කාලයක් ගිහිල්ලා,  එයාගේ හිතේ මවාගෙන හිටපු "Ideal Partner" (ෆැන්ටසියට ගැළපෙන කෙනා) වගේ කෙනෙක් එයාට මුණගැහුණු ගමන්, මෙච්චර කාලයක් තමන් එක්ක හිටපු මනුස්සයාව එපා වෙනවා. ඒ මනුස්සයව දැනෙන්නෙ නැතුව යනවා.


මේ ආත්මාර්ථකාමිත්වය ගැන ඔයා පොඩ්ඩක් හිතන්න


1. තමන්ගෙ අවශ්‍යතාවලට මනුස්සයෙක්ව පාවිච්චි කරන්න එපා


තමන්ට සුදුසුම (ideal) කෙනා හම්බවෙනකල් තනිකම මකාගන්න, තමන්ට ආදරය විඳින්න, කවුරු හරි ළඟ නතර වෙන්න එපා. ඔයාට ගැළපෙන කෙනා කවුද කියලා ඔයා දන්නේ නැත්නම්, ඒ කෙනා කවුද කියලා, තමන්ගෙන්ම අහල බලල තීරණයක් ගන්න. අවංකව තව කෙනෙක්ට ආදරය කරන්න බැරි නම්, ඒ මනුස්සයාට බලාපොරොත්තු දීලා පස්සේ අතරමං කරන එක මාරම අසාධාරණයක්.


2. සිතුවිලිවල පාලනය (Self-Control)


හිතෙන හිතෙන වෙලාවට, හිත යන යන පුද්ගලයා පස්සේ යන එක ආදරය නෙමෙයි. ඔයාට සුදුසුම කෙනා හම්බවුණේ පස්සේ නම්, ඒක ඔයාගෙ වරදක් මිසක්, ඔයාට ආදරේ කරපු මනුස්සයාගේ වරදක් නෙමෙයි. තමන්ගේ වැරැද්දට තමන්ට ආදරය කරපු කෙනෙකුට දඬුවම් දෙන්න එපා.

තමන්ට ඇත්තටම ආදරේ කරපු, තමන් වෙනුවෙන් කැපවුණු මනුස්සයාට පක්ෂපාතී (Loyal) වෙන්න.


3. දෙවනියා අතහැරලා තුන්වෙනියා ළඟට?


අද ඔයාට ගැළපෙනම කෙනා කියලා හිතෙන කෙනා, හෙට ඔයාට තව කෙනෙක් හම්බවුණාම "නොගැළපෙන" කෙනෙක් වෙන්න පුළුවන්. ඒක එහෙම වෙන්නේ ම නැහැ කියලා ඔයාට කියන්න බැහැ. ඔයාට පළවෙනි මනුස්සයා හම්බවෙන වෙලාවෙත් ඔයාට හිතුනෙ මෙයාට මට ගැලපෙන කෙනා කියලානේ. ඒත් හිතේ ඉන්නවා කියලා හිතන් හිටපු මනුස්සයා හම්බවුණාම, ඒ අදහස වෙනස්වුණා. 

දැන් ඔයා ඔයාට සුදුසුම කෙනා කියලා හිතන, කෙනාගෙත් ඔයා බලාපොරොත්තු වෙන හැමදේම නැතිවෙන්නන පුළුවන්. ඔයා බලාපොරොත්තු වෙන දේවල් වලින් 90% තියෙන කෙනා දෙවෙනි කෙනා කියලා ඔයාට හිතෙන්න පුළුවන්, හැබැයි දවසක, ඔයා බලාපොරොත්තු වෙන දේවල් වලින් 95% තියෙන කෙනෙක් ඔයාට හම්බ වුණොත්, ඔයාට ඔය 90% තියෙන කෙනත් අතාරින්නන වෙනවා. 


මේ දුවන මානසිකත්වය තියෙන කෙනෙක්ට කවදාවත් එක තැනක සැනසීමක් හම්බවෙන්නේ නැහැ. ඔයා කරන්නේ පෞරුෂයක් නැති මනුස්සයෙක් විදිහට මිනිස්සුන්ගේ හිත් රිදවන එක විතරයි.


මෙතනදී අනිත් පාර්ශවයට මතක් කරන්න තියෙන කාරණය තමයි, ඔයා සම්බන්ධතාවය පටන් ගන්න යන කෙනා, ඔයා ළඟට එන්නේ තව කෙනෙක්ව අතෑරලා දාලා නම්, ඔයාටත් ඒ දේම කරන්න පුළුවන් කියන එක අමතක කරන්න එපා.


4. දරාගැනීමේ සීමාව


මිනිස්සු මිනිස්සුන්ට ආදරය කරන්න ඕන, ඒත් ඇබ්බැහි වෙන්න හොඳ නැහැ. අනිත් කෙනාට ආදරය කරන ගමන්, ඊට වඩා දශමයක් හරි වැඩියෙන් තමන්ට ආදරය කරන්න ඕන. ඒත් හැම මනුස්සයෙක්ම සම්බන්ධතාවයක් පටන් ගන්නේ එහෙම නෙමෙයි. සමහර අය මිනිස්සුන්ට ඇබ්බැහි වෙනවා. එයාලා ඕනෑම වෙලාවක මේක නැති වෙන්න පුළුවන් කියන සූදානමකින් නෙමෙයි ඉන්නේ. ඉතින්, ඔයාගේ ආත්මාර්ථකාමී තීරණයක් නිසා තව මනුස්සයෙක් මුළු ජීවිත කාලයම විඳවන්න පුළුවන්. ඒ පවට ඔයාට කවදා හරි වන්දි ගෙවන්න වෙනවා. 


ආදරය කියන්නේ හිතෙන හිතෙන වෙලාවට මාරු කරන ඇඳුමක් නෙමෙයි. ඔයාට කෙනෙක්ට අවංක වෙන්න බැරි නම්, ඔයාගේ "සිහින කුමාරයා හෝ කුමාරිය" හම්බවෙනකල් තව මනුස්සයෙක්ගේ ජීවිතය නාස්ති නොකර තනිවම ඉන්න ඉගෙන ගන්න.


ජීවත් වෙද්දී මහ ලොකු ධාර්මික මනුස්සයෙක් වෙන්න ඕනෙත් නැහැ. තමන්ට වෙනවට අකමැති කිසිම දෙයක් තව කෙනෙකුට නොකර ඉන්න.


බාලිකා හේවගේ

Psychology Practitioner & Author

BA (English), PgD in Counseling Psychology (Reading) - UOC

 ශුක්‍රාණු තරඟය: මානව ලිංගේන්ද්‍රියන්ගේ පරිණාමීය හැඩය සහ සැඟවුණු ස්ත්‍රී තේරීම!


🟢 ඒකාධිකාරී ප්‍රබන්ධය සහ රංචු සමාජයේ ජීව විද්‍යාව (The Monogamy Myth vs. Ancestral Promiscuity)


නූතන සමාජය විසින් අතිශය පූජනීයත්වයෙන් සලකනු ලබන 'ඒකාධිකාරී පවුල් සංස්ථාව' (Monogamy) සහ එක් සහකරුවෙකුට පමණක් සීමා වූ ලිංගිකත්වය යනු, මානව ඉතිහාසයේ ඉතා මෑතකදී නිර්මාණය වූ හුදු සංස්කෘතික සහ ආර්ථිකමය ප්‍රබන්ධයක් පමණි. කෘෂිකර්මාන්තය ආරම්භ වී පුද්ගලික දේපළ රැකගැනීමේ අවශ්‍යතාවය මතුවන තුරුම, මානවයාගේ ජීව විද්‍යාත්මක සැලැස්ම තුළ 'විවාහය' හෝ 'සදාචාරය' නැමැති සංකල්පයන් පැවතියේ නැත. මෙම වර්තමාන කෘත්‍රිම රාමුවෙන් මිදී, මානව පරිණාමයේ සැබෑ ආරම්භය සිදුවූ ප්ලයිස්ටොසීන යුගයේ (Pleistocene epoch) දඩයම් සහ ආහාර රැස්කරන රංචු සමාජ (Hunter-gatherer tribes) වෙත ගමන් කළ විට, ලිංගිකත්වයේ නිරුවත් ජීව විද්‍යාත්මක යථාර්ථය මනාව අනාවරණය වේ.


ආදිකාලීන රංචු සමාජ ජීවත් වූයේ බහු-පුරුෂ සහ බහු-ස්ත්‍රී (Multi-male, multi-female) ව්‍යුහයන් ලෙසිනි. අතිශය කටුක සහ අනතුරුදායක පාරිසරික තත්ත්වයන් යටතේ මානවයාට නොනැසී පැවතීමට තිබූ එකම අවිය වූයේ 'ජානමය විවිධත්වයයි' (Genetic diversity). විවිධ රෝග, වසංගත සහ පාරිසරික විපර්යාසයන්ට ඔරොත්තු දිය හැකි ශක්තිමත් දරු පරපුරක් බිහිකිරීම සඳහා, එක් ස්ත්‍රියක් කෙටි කාලසීමාවක් තුළ පුරුෂයන් කිහිප දෙනෙකු සමඟ ලිංගිකව එක්වීම පරිණාමීය අවශ්‍යතාවයක් මෙන්ම අනිවාර්ය ජීව විද්‍යාත්මක නියමයක් විය.


මෙම බහු-සහකරු ලිංගික හැසිරීම් රටාව (Promiscuity) හේතුවෙන්, පරිණාමීය ඉතිහාසය තුළ පුරුෂයන්ට වෙනත් ගෝත්‍ර සමඟ යුධ වදිනවාට වඩා බිහිසුණු යුද්ධයකට මුහුණ දීමට සිදුවිය. එනම්, තමන්ගේ ශුක්‍රාණු සහ ජාන, වෙනත් පුරුෂයන්ගේ ශුක්‍රාණු සමඟ එකම ස්ත්‍රී ප්‍රජනක පද්ධතියක් (Female reproductive tract) අභ්‍යන්තරයේදී එකිනෙක ගැටෙන 'ශුක්‍රාණු තරගයයි' (Sperm Competition). තරඟකරුවන් කිහිප දෙනෙකුගේම ශුක්‍රාණු යෝනි නාලයක් සහ ගර්භාෂයක් තුළ එකවර ගමන් කරන විට, ඩිම්බය සංසේචනය කිරීම සඳහා එම රසායනික පරිසරය තුළ දැවැන්ත කායික විද්‍යාත්මක සටනක් නිර්මාණය වේ. අද අප දකින මානව ලිංගේන්ද්‍රියන්ගේ හැඩය, ප්‍රමාණය සහ ක්‍රියාකාරිත්වය වසර මිලියන ගණනක් තිස්සේ පරිණාමය වී ඇත්තේ, ප්‍රේමයක් ප්‍රකාශ කිරීමට නොව, මෙම අඳුරු ශුක්‍රාණු තරගයෙන් ජයගෙන තමන්ගේ ජාන පමණක් අනාගතයට සම්ප්‍රේෂණය කිරීමේ අරමුණින්මය.


🟢 මානව ශිෂ්ණයේ භෞතික හැඩය: 'ජීව විද්‍යාත්මක ප්ලන්ජරය' (The Physical Shape of the Penis: An Evolutionary Plunger)


ශුක්‍රාණු තරගය නැමැති ජීව විද්‍යාත්මක සටනේ ප්‍රබලතම සාක්ෂිය සටහන් වී ඇත්තේ, පුරුෂ මානව ශිෂ්ණයේ (Human Penis) සුවිශේෂී ව්‍යුහ විද්‍යාව (Anatomy) මතය. අනෙකුත් ක්ෂීරපායී සතුන්ට හෝ සමීපතම ප්‍රයිමේටාවන් (Primates) වන චිම්පන්සීන් සහ ගෝරිල්ලන්ට සාපේක්ෂව, මානව ශිෂ්ණය අසාමාන්‍ය ලෙස දිගු වන අතර ඊටත් වඩා සුවිශේෂී භෞතික හැඩයකින් යුක්ත වේ. විශේෂයෙන්ම ශිෂ්ණ මුණ්ඩය (Glans penis) සහ එයට පහළින් පිහිටා ඇති 'කිරීටක දාරය' (Coronal ridge / Coronal sulcus) නැමැති නෙරා ගිය ව්‍යුහය, හුදෙක් ස්නායුක උත්තේජනයක් ලබාගැනීමට පමණක් නිර්මාණය වූවක් නොවේ. සායනික පර්යේෂණ සහ ව්‍යුහ විද්‍යාත්මක දත්ත වලට අනුව, එය මුළුමනින්ම සැලසුම් කර ඇති අතිශය සාර්ථක 'පරිණාමීය ආයුධයකි'.


ස්ත්‍රියක් වෙනත් පුරුෂයෙකු සමඟ එක්වීමෙන් පසුව, එම පුරුෂයාගේ ශුක්‍රාණු තැන්පත් වන්නේ ස්ත්‍රියගේ යෝනි නාලයේ ඉහළම කෙළවරේ පිහිටි ගැබ්ගෙලට (Cervix) ආසන්නවය. ඉන් කෙටි කාලයකට පසුව තවත් පුරුෂයෙකු එම ස්ත්‍රිය සමඟ ලිංගිකව එක්වීමේදී, දෙවන පුරුෂයාගේ මූලිකම ජීව විද්‍යාත්මක අරමුණ වන්නේ තම ජාන තැන්පත් කිරීමට පෙර, පළමු පුරුෂයා විසින් තැන්පත් කර ඇති තරඟකාරී ශුක්‍රාණු යෝනි නාලයෙන් ඉවත් කර දැමීමයි. මානව ශිෂ්ණයේ කිරීටක දාරය සහ පෙරසම ඒකාබද්ධව ක්‍රියාත්මක වන්නේ හරියටම මෙම කාර්යය ඉටු කරන භෞතික 'රික්තකයක්' හෝ 'ප්ලන්ජරයක්' (Vacuum / Plunger effect) ආකාරයෙනි.


ලිංගික එක්වීමකදී සිදුවන ඝර්ෂණයේදී (Thrusting), ශිෂ්ණය යෝනි නාලය තුළට ගමන් කරන විට එහි ඇති නෙරා ගිය කිරීටක දාරය මගින්, යෝනි බිත්තිවල සහ ගැබ්ගෙල ආසන්නයේ තැන්පත් වී ඇති තරඟකරුවන්ගේ ශුක්‍රාණු තරලය (Seminal fluid) පහළට සූරාගෙන එයි (Scooping out). ශිෂ්ණය නැවත පිටතට අදින විට, එම හැඩය නිසා යෝනි නාලය අභ්‍යන්තරයේ සෘණ පීඩනයක් (Negative pressure) ජනනය වන අතර, එමගින් විදේශීය ශුක්‍රාණු සම්පූර්ණයෙන්ම ශරීරයෙන් පිටතට ඇද දමයි. මෙම භෞතික විස්ථාපන ක්‍රියාවලිය (Semen displacement) කොතරම් ප්‍රබලද යත්, සාර්ථක ඝර්ෂණයන් කිහිපයක් හරහා පමණක්, පෙර සිටි තරඟකරුවෙකුගේ ජානවලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් යෝනි නාලයෙන් ඉවත් කර දැමීමේ හැකියාව මානව ශිෂ්ණයේ හැඩයට පවතී. එනම්, මානව ලිංගේන්ද්‍රිය යනු ආදරයේ සංකේතයක් නොව, අන්‍යයන්ගේ ජාන සමූලඝාතනය කරමින් තමන්ගේ ජාන වලට පමණක් පැවැත්මේ මාවත විවර කර දෙන අතිශය ආත්මාර්ථකාමී සහ රුදුරු පරිණාමීය උපකරණයකි.


🟢 ඝර්ෂණයේ වේගය සහ ජීව විද්‍යාත්මක අරමුණ (The Kinematics of Thrusting)


ලිංගික එක්වීමක් අතරතුරදී සිදුවන ශ්‍රෝණි මාංශපේශීන්ගේ චලනය හෙවත් 'ඝර්ෂණ ක්‍රියාවලිය' (Thrusting) සමාජය විසින් අර්ථකථනය කරනු ලබන්නේ, හුදෙක් කායික ආශ්වාදයක් සහ උත්තේජනයක් ලබාගැනීමේ යාන්ත්‍රණයක් ලෙසිනි. නමුත් චලන විද්‍යාව (Kinematics) සහ කායික විද්‍යාවට (Physiology) අනුව, මෙම රිද්මයානුකූල චලනය පිටුපස ඇත්තේ අතිශය නිරවද්‍ය සහ ගණනය කරන ලද පරිණාමීය සමීකරණයකි. විශේෂයෙන්ම, ඝර්ෂණයේ වේගය සහ එහි ගැඹුර ලිංගික ක්‍රියාවලියේ විවිධ අවධීන්හිදී වෙනස් වන ආකාරය නිරීක්ෂණය කිරීමෙන්, ශුක්‍රාණු තරගයේ තවත් බිහිසුණු මානයක් අනාවරණය වේ.


පුරුෂයෙකුගේ ලිංගික උත්තේජනයේ ආරම්භක සහ මධ්‍යම අවධීන්හිදී (Before ejaculation), ශිෂ්ණය යෝනි නාලය තුළට ගමන් කරන ඝර්ෂණ රටාව අතිශය ගැඹුරු මෙන්ම වේගවත් (Deep and rapid thrusting) ස්වභාවයක් ගනී. මෙම ආක්‍රමණශීලී චලනයේ ජීව විද්‍යාත්මක අරමුණ වන්නේ උත්තේජනය ලබාගැනීම පමණක් නොවේ. මීට පෙර අප සාකච්ඡා කළ පරිදි, මානව ශිෂ්ණයේ ඇති ප්ලන්ජරයක් වැනි හැඩය උපරිම ඵලදායීතාවයකින් යුතුව ක්‍රියාත්මක වීමට නම්, එය යෝනි නාලයේ ගැඹුරුම කෙළවර වන ගැබ්ගෙල (Cervix) දක්වාම ගමන් කළ යුතුය. එලෙස උපරිම ගැඹුරකට ගමන් කරමින් වේගවත් රික්තක චලනයක් යෙදීමෙන් පමණක්, ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ තැන්පත්ව ඇති ප්‍රතිවාදීන්ගේ තරඟකාරී ශුක්‍රාණු මුළුමනින්ම සූරා ඉවත් කිරීම (Semen displacement) සහතික කෙරේ.


නමුත් මෙම ඝර්ෂණ රටාවේ නියම පරිණාමීය තර්කනය හමුවන්නේ ශුක්‍රාණු පිටවීමට ආසන්න මොහොතේ සහ ඉන් පසුවය. තමන්ගේ ශුක්‍රාණු පිටවීම ආරම්භ වනවාත් සමගම පුරුෂයාගේ ගැඹුරු ඝර්ෂණ රටාව ස්වයංක්‍රීයවම වෙනස් වී, එය අතිශය නොගැඹුරු සහ මන්දගාමී චලනයක් (Shallow and slow thrusting) බවට පත්වේ. මෙහි භෞතික විද්‍යාත්මක හේතුව අතිශය පැහැදිලිය. තමන්ගේ ජාන ස්ත්‍රී ශරීරය තුළට මුදාහැරීමෙන් පසුවත් පුරුෂයා පෙර පරිදිම ගැඹුරු ඝර්ෂණයක නිරත වුවහොත්, ශිෂ්ණයේ ඇති රික්තක හැඩය මගින් ඔහුගේම ශුක්‍රාණු නැවත යෝනි නාලයෙන් පිටතට ඇද දමනු ඇත. එනම්, තමන්ගේ ජාන තමා විසින්ම විනාශ කරගැනීමේ අවදානමක් පවතී.


එමෙන්ම, ශුක්‍රාණු පිටවූ වහාම ලිංගික උද්දීපනය ක්ෂණිකව බිඳවැටී ශිෂ්ණය අප්‍රාණික තත්ත්වයකට පත්වීම (Refractory period) ද අහඹුවක් නොවේ. එය තම ජාන සුරක්ෂිතව ස්ත්‍රී ශරීරය තුළ තැන්පත් කිරීමෙන් පසු, 'ආයුධය වහාම පසුපසට ගැනීමේ' ජීව විද්‍යාත්මක විධානයයි. එබැවින් ඝර්ෂණය යනු ප්‍රේමනීය කලාවක් නොව, ප්‍රතිවාදීන්ගේ ජාන ඉවත් කර තමන්ගේ ජාන සුරක්ෂිත කිරීමේ අතිශය තියුණු යාන්ත්‍රික චලනයකි.


🟢 'සැඟවුණු ස්ත්‍රී තේරීම': යෝනි නාලයේ රසායනික යුධ පිටිය (Cryptic Female Choice & The Acidic Battlefield)


ශුක්‍රාණු තරගය පිළිබඳව කතා කිරීමේදී, ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය යනු හුදෙක් පුරුෂයාගේ ශුක්‍රාණු තැන්පත් කරගන්නා උදාසීන සහ නිහඬ භාජනයක් (Passive Receptacle) යැයි පවතින පීතෘමූලික සහ දුර්වල මතය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතුය. නිරුවත් කායික විද්‍යාවට අනුව ස්ත්‍රී යෝනි නාලය සහ ගර්භාෂය යනු, දුර්වල සහ නොගැලපෙන ජාන සහිත ශුක්‍රාණු මිලියන ගණනින් ඝාතනය කර දමන, අතිශය රුදුරු සහ සංකීර්ණ රසායනික යුධ පිටියකි (Chemical Battlefield). ස්ත්‍රියක් බාහිරින් සහකරුවෙකු තෝරාගැනීමට අමතරව, ඇයගේ ශරීරය අභ්‍යන්තරයේ සිදුවන මෙම අතිශය දැඩි තෝරාගැනීමේ ක්‍රියාවලිය පරිණාමීය ජීව විද්‍යාව තුළ "සැඟවුණු ස්ත්‍රී තේරීම" (Cryptic Female Choice) ලෙස හැඳින්වේ.


පළමුවෙන්ම, ලිංගික එක්වීමක් අවසානයේ යෝනි නාලයට ඇතුළු වන මිලියන 250 කට අධික ශුක්‍රාණු හමුදාවකට මුහුණ දීමට සිදුවන්නේ භයංකර 'ආම්ලික ස්නානයකටය' (Acid bath). සාමාන්‍ය නිරෝගී යෝනි නාලයක pH අගය 3.8 ත් 4.5 ත් අතර පවතින අතර, එය තක්කාලි හෝ කෝපි වල ඇති ආම්ලිකතාවයට සමාන වේ. මෙම ආම්ලික පරිසරය බැක්ටීරියා වලින් ආරක්ෂා වීමට මෙන්ම, දුර්වල ශුක්‍රාණු තත්පර කිහිපයකින් විනාශ කර දැමීමට නිර්මාණය වී ඇත. ආම්ලිකතාවය මගහරවාගෙන ඉහළට පිහිනා යාමට හැකිවන්නේ අතිශය ශක්තිමත් වලිගයක් සහ සෞඛ්‍ය සම්පන්න DNA ව්‍යුහයක් සහිත ශුක්‍රාණු සුළුතරයකට පමණි.


මෙම ආම්ලික ප්‍රහාරයෙන් දිවි ගලවා ගන්නා ශුක්‍රාණු වලට මීළඟට මුහුණ දීමට සිදුවන්නේ ගැබ්ගෙල ප්‍රදේශයේ ඇති ඝනකම් 'ගැබ්ගෙල ශ්‍රාවයන්ටය' (Cervical mucus). මෙම ශ්‍රාවය අන්වීක්ෂීයව බැලූ කල පෙනෙන්නේ සංකීර්ණ දැලක් හෝ අතිශය ව්‍යාකූල වංකගිරියක් (Molecular maze) ලෙසිනි. ව්‍යුහාත්මක දෝෂ සහිත හෝ දුර්වල ලෙස පිහිනන ශුක්‍රාණු සියල්ලම මෙම දැලේ පැටලී මිය යයි. තවද, මෙය හුදෙක් භෞතික බාධකයක් පමණක් නොවේ. ස්ත්‍රියගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති සුදු රුධිරාණු (White blood cells / Macrophages), මෙම ශුක්‍රාණු සලකන්නේ ශරීරයට ඇතුළු වූ ආගන්තුක වෛරස හෝ රෝග කාරක ලෙසිනි (Foreign pathogens). ඒ අනුව, සුදු රුධිරාණු විසින් යෝනි නාලය පුරා සැරිසරමින් ශුක්‍රාණු ලක්ෂ ගණනින් ගිල දමමින් (Phagocytosis) විනාශ කර දමයි.


මෙම සමස්ත ඝාතන ක්‍රියාවලියේ ඇති විස්මිතම ස්නායු රසායනික ලක්ෂණය වන්නේ, අදාළ ස්ත්‍රියගේ මොළය විසින් පුරුෂයාගේ ජාන වල ගුණාත්මකභාවය (MHC ජාන ගැලපීම) තීරණය කරන ආකාරය මත මෙම යුධ පිටියේ ස්වභාවය වෙනස් වීමයි. අදාළ පුරුෂයාගේ ජාන අතිශය ප්‍රශස්ත නම්, ස්ත්‍රියගේ මොළය විසින් යෝනි නාලයේ ආම්ලිකතාවය තාවකාලිකව අඩු කර, ගැබ්ගෙල ශ්‍රාවය වඩාත් ජලීය (Watery) බවට පත්කර ශුක්‍රාණු වලට පහසුවෙන් ගමන් කිරීමට මාර්ගය විවර කරයි. නමුත් පුරුෂයාගේ ජාන දුර්වල හෝ නොගැලපෙන ඒවා නම්, කාන්තා ශරීරය මෙම රසායනික බාධක උපරිමයෙන් සක්‍රිය කර සියලුම ශුක්‍රාණු විනාශ කර දමයි. එනම්, ප්‍රජනන ක්‍රියාවලියේ අවසන් සහ තීරණාත්මක බලය පවතින්නේ පුරුෂයා අත නොව, කාන්තා ශරීරය අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන මෙම නිහඬ රසායනික තේරීම (Cryptic Selection) සතුවය.


🟢 සුරාන්තය සහ රික්තක න්‍යාය (The Female Orgasm and the "Upsuck" Hypothesis)


කාන්තා සුරාන්තය (Female Orgasm) යනු සමාජය සහ සාහිත්‍යය විසින් අර්ථකථනය කරන පරිදි හුදු ලිංගික ආශ්වාදයේ සංකේතයක් හෝ ආදරයේ උපරිම ප්‍රකාශනයක් නොවේ. ශුක්‍රාණු තරගය සහ සැඟවුණු ස්ත්‍රී තේරීම පිළිබඳව කතා කිරීමේදී, කාන්තා සුරාන්තය යනු පරිණාමය විසින් නිර්මාණය කර ඇති අතිශය තියුණු, භෞතික සහ ස්නායුක 'ජීව විද්‍යාත්මක පෙරහනකි' (Biological Filter).


මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ මොළයේ ආඝ්‍රාණ බල්බය සහ යටි සිත එක්ව සිදුකරන තත්පරයෙන් පංගුවක රසායනික ගණනය කිරීමක් මතය. එක්වීමක් අතරතුරදී ස්ත්‍රී මොළය විසින් අනෙක් කාබනික සැකිල්ලෙන් නිකුත් වන ෆෙරමෝන සහ MHC ජාන කියවා, එම ජාන අතිශය උසස් සහ තමන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට පරිපූර්ණවම ගැලපෙන බව (High genetic quality) තහවුරු කරගත්තොත් පමණක්, මොළය විසින් සුරාන්තය නැමැති ස්නායුක පිපිරීම ජනනය කරනු ලබයි. සුරාන්තයත් සමගම, ශ්‍රෝණි මාංශපේශීන් සහ ගර්භාෂ බිත්ති අතිශය ප්‍රබල සහ රිද්මයානුකූල සංකෝචනයකට (Uterine contractions) ලක්වේ.


මෙම ප්‍රබල සංකෝචනය හමුවේ ගර්භාෂය අභ්‍යන්තරයේ ක්ෂණික 'සෘණ පීඩනයක්' හෙවත් දැවැන්ත රික්තකයක් (Vacuum effect) නිර්මාණය වේ. විද්‍යාව තුළ මෙය "Upsuck Hypothesis" (ඉහළට ඇදගැනීමේ න්‍යාය) ලෙස හැඳින්වේ. මෙම රික්තක බලපෑම මගින් සිදුකරන්නේ, යෝනි නාලයේ ඉහළ කෙළවරේ තැන්පත්ව ඇති අදාළ උසස් ජාන සහිත ශුක්‍රාණු තොගය ක්ෂණිකවම සහ අතිශය වේගයෙන් ගැබ්ගෙල හරහා ගර්භාෂය අභ්‍යන්තරයට සහ පැලෝපීය නාල (Fallopian tubes) වෙත ඇද ගැනීමයි. එනම්, මීට පෙර සඳහන් කළ ආම්ලික බාධක සහ සුදු රුධිරාණු ප්‍රහාරයන්ගෙන් එම තෝරාගත් ශුක්‍රාණු වලට සම්පූර්ණ මුක්තියක් (Immunity) ලබා දෙමින්, කෙළින්ම ඩිම්බය වෙත ගමන් කිරීමට අධිවේගී මාර්ගයක් (Express pathway) විවර කර දීම කාන්තා සුරාන්තය හරහා සිදුවේ. අදාළ ජාන දුර්වල යැයි මොළය තීරණය කළහොත් සුරාන්තය අවහිර වන අතර, කිසිදු ඉහළට ඇදගැනීමක් සිදු නොවන බැවින් එම දුර්වල ශුක්‍රාණු වලට ආම්ලික යුධ පිටිය තුළ සෙමින් පිහිනා ගොස් විනාශ වීමට සිදුවේ.


🟢 කමිකාසේ ශුක්‍රාණු සහ අවහිර කරන්නන් (Kamikaze Sperm & Blockers)


ශුක්‍රාණු තරගයේ අතිශය බිහිසුණුම සහ විශ්මයජනකම අවධිය හමුවන්නේ යෝනි නාලය අභ්‍යන්තරයේ සිදුවන මෙම ක්‍රියාවලිය ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක (Microbiological) කාචයකින් නිරීක්ෂණය කරන විටදීය. පුරුෂයෙකු එක් වරකට මුදාහරින මිලියන 200 ත් 300 ත් අතර වන අතිවිශාල ශුක්‍රාණු හමුදාවක පවතින සියලුම සෛලවල අරමුණ ඩිම්බය සංසේචනය කිරීම යැයි පවතින මතය මුළුමනින්ම වැරදිය. සැබැවින්ම ඩිම්බය වෙත පිහිනා යාම සඳහා නිපදවා ඇති 'ඩිම්බ ගවේෂකයන්' (Egg-getters) සිටින්නේ සමස්ත ශුක්‍රාණු ප්‍රමාණයෙන් 1% කටත් වඩා අඩු සුළුතරයකි. ඉතිරි 99% කටම වඩා වැඩි ශුක්‍රාණු සෛල ප්‍රමාණයක් යනු, හුදෙක් ප්‍රජනනය සඳහා නොව, වෙනත් පුරුෂයන්ගේ ජාන විනාශ කර දැමීම උදෙසාම නිර්මාණය කර ඇති 'සටන්කාමී සෛල' (Fighter cells) සමූහයකි.


මෙම සටන්කාමී ශුක්‍රාණු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ගීකරණය වේ. පළමු කාණ්ඩය වන්නේ "කමිකාසේ ශුක්‍රාණු" (Kamikaze / Killer Sperm) ය. මොවුන්ගේ භෞතික ව්‍යුහය සාමාන්‍ය ශුක්‍රාණුවකට වඩා වෙනස්ය; ඝනකම් හිසක් සහ ශක්තිමත් වලිගයක් සහිත මොවුන්ගේ එකම කාර්යභාරය වන්නේ යෝනි නාලය තුළ සැරිසරමින්, වෙනත් පුරුෂයෙකුගේ ශුක්‍රාණු සෛලයක් හමුවූ වහාම එහි වලිගයේ පැටලී, රසායනික එන්සයිම (Destructive enzymes) නිකුත් කර ප්‍රතිවාදී සෛලය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමයි. මෙම සටනේදී කමිකාසේ ශුක්‍රාණුවද මිය යයි (ස්වයං ඝාතක).


දෙවන කාණ්ඩය වන්නේ "අවහිර කරන්නන්" (Blockers) ය. මෙම ශුක්‍රාණු සෛල වල වලිගය දඟර ගැසී ඇති අතර (Coiled tails), ඔවුන්ගේ ඉලක්කය වන්නේ ගැබ්ගෙල ආසන්නයේ ඇති පටු මාර්ග වෙත පිහිනා ගොස්, එකිනෙකාගේ වලිග එකට පටලවාගෙන අතිශය ඝනකම් භෞතික බැම්මක් (Physical blockade) නිර්මාණය කිරීමයි. මෙම බැම්ම නිර්මාණය කරන්නේ, අනාගතයේදී පැමිණිය හැකි වෙනත් පුරුෂයෙකුගේ තරඟකාරී ශුක්‍රාණු වලට ගර්භාෂය දෙසට පිහිනා යාමට ඇති මාර්ගය මුළුමනින්ම අවහිර කර දැමීම සඳහාය. එනම්, පුරුෂ ප්‍රජනක පද්ධතියෙන් නිකුත් වන තරලය යනු හුදෙක් ජීවය ගෙන යන දියරයක් නොව, ආරක්ෂක අගල් කපන, ප්‍රතිවාදීන් ඝාතනය කරන සහ බාධක බඳින අතිශය සංවිධානාත්මක රසායනික හමුදාවකි.


🟢 මායාවෙන් මිදී පරිණාමයට මුහුණ දීම (The Reality Check)


මෙම සමස්ත ව්‍යුහ විද්‍යාත්මක, චලන විද්‍යාත්මක සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක දත්ත සමුදාය අවසන් වරට විච්ඡේදනය කළ විට, ලිංගිකත්වය සහ ප්‍රජනනය පිළිබඳව සමාජය මවා ඇති සියලුම රොමෑන්ටික් සහ ආධ්‍යාත්මික ප්‍රබන්ධයන් අනුකම්පා විරහිතව කුඩුපට්ටම් වී යයි. ලිංගිකත්වය යනු දෙවියන් විසින් ලබාදුන් පූජනීය ත්‍යාගයක් හෝ ආත්මයන් දෙකක් අතර සිදුවන දිව්‍යමය එක්වීමක් නොවේ. එය මානව කාබනික සැකිලි ද්විත්වයක් අතර සිදුවන අතිශය ආත්මාර්ථකාමී, රුදුරු සහ පැවැත්ම උදෙසා කෙරෙන ජීව විද්‍යාත්මක සටනක් (Biological Battlefield) පමණි.


මානව ලිංගේන්ද්‍රියන්ගේ හැඩය, ලිංගික ඝර්ෂණයේ රිද්මය, යෝනි නාලයේ ආම්ලිකතාවය සහ ශුක්‍රාණු තුළ ඇති සටන්කාමීත්වය යන මේ සියල්ලම සාධනය කරන්නේ එකම එක භෞතික සත්‍යයක් පමණි. එනම්, ස්වභාවධර්මයේ එකම සහ අවසාන අරමුණ තමන්ගේ ජාන කෙසේ හෝ අනාගතයට සම්ප්‍රේෂණය කිරීම මිස, සදාචාරය හෝ ප්‍රේමය රැකගැනීම නොවන බවයි. මෙම නිරුවත් කායික විද්‍යාත්මක ගණිතයට (Physiological mathematics) අවනත වීමට තරම් මොළයේ ස්නායු පද්ධතිය පුහුණු කළ විට, සමාජය විසින් පටවා ඇති කෘත්‍රිම ලැජ්ජාවන්, අපේක්ෂාවන් සහ ලිංගික සදාචාරයන් සියල්ලම කිසිදු අර්ථයක් නොමැති හිස් සංකල්පයන් බවට පත්වනු ඇත. සත්‍යය පවතින්නේ කාව්‍යයන් තුළ නොව, ඩීඑන්ඒ (DNA) පැවැත්ම උදෙසා සිදුවන මෙම අඳුරු ශුක්‍රාණු තරගය තුළ පමණි.


🔴 මමත්වය බිඳවැටීම සහ ශුද්ධවන්ත මායාවෙන් අවදි වීම (The Death of Ego and Biological Reality)


පරිණාමීය ගමන් මගේදී මොළයේ පූර්ව-ලලාට බාහිකය (Prefrontal Cortex) අධි-වර්ධනය වීමත් සමඟ මානවයා ශිෂ්ටාචාරගත විය. එම බුද්ධියේ ස්වභාවික අතුරුඵලයක් ලෙස භාෂාව, ආගම්, ඇදහිලි, සදාචාරය, සාහිත්‍යය, කලාව මෙන්ම 'සදාකාලික ආත්මයන්', 'කර්මය' සහ 'පුනර්භවය' වැනි අතිශය සංකීර්ණ මනඃකල්පිත සංකල්ප ලෝකයට බිහිවිය. නමුත් මෙම සියලුම කෘත්‍රිම නිර්මාණයන් පිටුපස සැඟවී ඇත්තේ, ස්වභාවධර්මයේ අනෙකුත් සතුන්ට වඩා තමන් 'සුවිශේෂී, පාරිශුද්ධ සහ ශුද්ධවන්ත යැයි' (Holy and Superior) කියාගැනීමට මානවයා තුළ පවතින උමතු ආශාව සහ ඊගෝව (Ego) පිනවා ගැනීමේ මනෝවිද්‍යාත්මක අවශ්‍යතාවය පමණි.


එහෙත් තර්කනය සහ දර්ශනය නැමැති කොතරම් ඝනකම් ඇඳුම් ඇඳගත්තද, නිරපේක්ෂ ජීව විද්‍යාව ඉදිරියේ මානවයා යනු හුදෙක් ගසක්, වැලක් හෝ වනාන්තරයේ වෙසෙන තිරිසන් සතෙකු මෙන්ම ඉපදී මියයන 'තාවකාලික කාබනික රසායනික ප්‍රතික්‍රියාවක්' (Temporary Biochemical Reaction) පමණි.


මෙම පෘථිවිය මත ඇවිද යන අනෙකුත් සියලුම ජීවීන්ගේ මෙන්ම, මානව කාබනික සැකිල්ලේද මූලික සහ එකම ඒකායන ජීව විද්‍යාත්මක අරමුණ 'තම පැවැත්ම තහවුරු කරගැනීම සහ කෙසේ හෝ අනාගතයට ජාන සම්ප්‍රේෂණය කිරීම' (Survival and Reproduction) පමණි. එයින් එහාට ගිය කිසිදු ආධ්‍යාත්මික අරමුණක්, දෛවයක් හෝ විශ්වීය ඉරණමක් මෙම රසායනික යන්ත්‍රයට නොමැත.


මෙම නිරුවත් විද්‍යාව සහ පරිණාමයේ කුරිරු ගණිතය ග්‍රහණය කරගත හැකි වූ දවසට, සමාජය විසින් පටවා ඇති පූජනීයත්වයේ වෙස්මුහුණු, කෘත්‍රිම ලැජ්ජාවන් සහ මහා ලොකු 'මමත්වය' ක්ෂණිකවම වාෂ්ප වී යනු ඇත. ඉහළින් පැමිණි ආධ්‍යාත්මික ප්‍රබන්ධ අතහැර දැමූ විට ඉතිරි වන්නේ, හුදෙක් ජාන හුවමාරුව උදෙසාම පරිණාමය වූ, ඩොපමීන් වලට ඇබ්බැහි වූ දියුණු වානර කොට්ඨාසයක් පිළිබඳ භෞතික සත්‍යය පමණි!


- 𝗔𝗻𝗼𝗻𝘆𝗺𝗼𝘂𝘀 𝗟𝗼𝘃𝗲𝗿 -

[👁️ See Beyond the Illusion]


©️ Anonymous Lover - All Rights Reserved

 වොනබී පීටර් තීල්, වොනබි අ ස්ලේව් ටු මස්ක්.

මිනිමලිස්ටික් බට් කැපිටලිස්ට් ටෙක් බ්‍රෝ, මලින්ද අලහකෝන් කියනවා මුලින් සල්ලි හොයන්න, පස්සෙ සමාජයේ ගැටළු විසඳන්න, වෙලාවක් තිබුනොත් ආධ්‍යාත්මික පැත්තට යන්න ලූ.


සයිමන් සිනෙක් කියන පබ්ලික් ස්පීකර්නම් කියන්නෙ සමාජයේ ප්‍රශ්ණ වලට පිළිතුරු හේව්වොත් තමයි බිස්නස් කරන්න පුලුවන්. එවගේම බිස්නස් එකක් කරන්න ඔනේ 'ඇයි' කියන  ප්‍රශ්නය අහන්න. ඒ ප්‍රශ්නයට පිළිතුර 'මුදල් සෙවීම' කියන පිළිතුර වෙන්න බැහැ, මුදල් සෙවීම, මූල්‍යමය වශයෙන් පොහොසත් වීම එකෙ අතුරුඵලයක් විතරයි කියලා. 


සයිමන්ගෙ මේ කරපු Ted Talk  එක සෑහෙන්න ජනප්‍රියයි වගේම ඒක සැහෙන්න පොසිටිව් විදියට ගන්න පුලුවන් අර ගැරී වී කියන පොල්කාවයියා වගේ උන්ගෙ කතා වලට වඩා. 


මලින්දගේ ටෙක් විඩියෝ බලල පොරක් නේ කියලා හිතාගෙන හිටපු ඒ ඉමේජ් එක නැති වෙලා ගියා ලංකාවෙ පොඩ්කාස්ටර්ස්ලා පොරව පොර කරලා ගෙනල්ල කරපු ඉන්ටවිව්ස් බලලා. 


හද්ද කැපිටලිස්ටික් ඩයල් එකක්. අපේ අත්තලා මුත්තලා වගේ ඔලගාර්ක්ස්ලාට යටත් වෙලා හිස නමාගෙන ඉන්න, සරලව දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න කියන දර්ශනය ෆලොව් කරන කෙනෙක් පොඩ්ඩක්වත් ෆයිට් කරන්න එපා කියලා තමයි කියන්නේ. එයාට අනූවත් ක්ලයිමෙට් චේන්ජ්පවා හෝක්ස් වෙන්න ඇති.


ඔයාට හිතෙනවා නම් හම්මො වෙනදට වඩා රස්නෙයි නේද කියලා මලින්ද කියනවා වගේ ප්‍රශ්ණ කරන්න එපා, කල්පනා කරන්න එපා, සල්ලි හොයලා පස්සෙ නිවාඩු වෙලාවක මේ සමාජ එහෙම නැත්තන් ලොකෙට බලපාන කාරනා ගැන කතා කරන්න. 

මන් හිතන්නෙ ඔයාට වෙලාව මදිවෙයි. හැබැයි ග්‍රෙටාට හිනාවෙන්න, මාක්ස්ට හිනාවෙන්න වෙලාව වෙන් කරගන්න.


එකක් කියන්නම්. මේ ටෙක් බුවාලා කියන් එවා සතපහකට අහන්න එපා. ඊට වඩා ඇත්තටම හොඳයි ආතල් එකට හරි කොටුවෙ හාමුදුරුවන්ගේ බනක් අහන එක.

 "ලෝකෙ තියෙන අමාරුම දේ පොත් කියවන එක නෙවෙයි මිනිසුන්ව කියවන එක" කියල post එකක් දැක්ක.

හැබැයි යෝගා කියනවා,අනුන්ව කියවන්න කලින්, "යම-නියම" වලින් ඔයාව කියවගන්න කියලා 📖🧘‍♀️


FB එකේ මේ post එක දැක්කම මට හිතුණා, "ඇත්ත තමයි. මිනිස්සු කියවන එක අමාරුයි."

එයා හිනාවෙන්නේ ඇත්තටමද? තරහා ගිහින්ද? මට ඒ රිද්දන්නද හැදුවේ?  

අපි දවසම අනුන්ගේ හිතේ මොනවද තියෙන්නෙ හොයනවා.


හැබැයි පතංජලී ඍෂිවරයා අවුරුදු 2000කට කලින් කිව්වා, 

අනුන්ව මනින්න කලින්, තමන්ව මනින්න පුලුවන් වටිනා සංකල්ප කිහිපයක් ගැන.හැමදේම ගැන කතා නොකර කිහිපයක් ගැන කතා කරමු.


🌸 1. යම - "සරලව අපි අනුන් එක්ක ඉන්න විදිහ" හදාගත්තම මිනිස්සු කියවන එක ලේසියි


👉 Ahimsa - හිංසාව නැතිකම,

කෙනෙක් කතාවක් කියද්දි අපි හිතන්නේ "මේකට මම මොනවා කියලා රිද්දන්නද" කියලනේ.  

Ahimsa පුරුදු වුණාම, අපි අහන්නේ "මේ මනුස්සයා ඇයි මෙහෙම කිව්වේ? එයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?" කියලා.  

වචන වලින් ගහන්න කලින්, හිතෙන් අහන එක පුරුදු වෙනවා.

එතකොට මිනිස්සුන්ගේ කේන්තියට පිටිපස්සේ තියෙන තුවාලේ පේන්න ගන්නවා.


👉 Satya - ඇත්ත කතා කරන එක,

අපි අනුන්ව කියවන්න යන්නේ අපේම බොරුවකින්. "මම හරි, එයා වැරදියි" කියන බොරුවෙන්.  

Satya කියන්නේ මුලින්ම ඔයාටම ඇත්ත කියන එක. "මටත් වැරදුනා, ඒක මටත් අව්ලක්" කියලා.  

ඔයා ඔයාට අවංක වුණ දවසට, අනිත් අයගේ මූණේ තියෙන බොරු මූණු ගැලවෙනවා.


👉 Asteya - නැති දෙයක් නොගන්න එක,

අපි මිනිස්සුන්ගෙන් "attention" හොරකම් කරනවා. "මට විතරක් ආදරේ කරන්න" කියලා බල කරනවා.  

Asteya පුරුදු වුණාම තේරෙනවා, කෙනෙක් නිශ්ශබ්ද නම් ඒ එයාගේ "ඉඩ". ඒකට බලෙන් පනින්න එපා කියලා.  

අනුන්ගේ නිහඬතාවයට ගරු කරද්දි, එයාලගේ ඇත්තම කතාව ඇහෙනවා.


👉 Brahmacharya - ශක්තිය නිවැරදිව පාවිච්චි කිරීම.

මේ "No Sex" නෙවෙයි. ඔයාගේ වටිනා කාලය, වචන, ශරීර ශක්තිය අනවශ්‍ය Drama, ගොසිප් වලට නාස්ති කරන එක නවත්තන එක.  

කෙනෙක් ඔයාව කුපිත කරද්දි, ඒකට පැටලිලා ඔයාගේ මුළු දවසම විනාස කරගන්නේ නැතුව, ඒ ශක්තිය ඔයාගේ හුස්මට, ඔයාගේ වැඩකට යොදවන එක.  

ශක්තිය ඉතුරු කරගත්තම, මිනිස්සුන්ගේ නාට්‍ය නෙවෙයි, එයාලගේ වේදනාව පේන්න ගන්නවා.


👉 Aparigraha - අනවශ්‍ය දේවල් එකතු නොකර සිටීම.

"මට එයාගෙත් ආදරේ ඕන", "මට එයාගෙත් Validation ඕන", "එයා මට එහෙම නොකියා ඉන්න ඕන"  මේ ඔක්කොම 'එකතු කිරීම්'.  

Aparigraha කියන්නේ "අනේ මට මේක නැතුවම බෑ" කියන බැඳීම අතහරින එක.  

අනුන්ගෙන් බලාපොරොත්තු එකතු කරන එක නැවැත්තුවම, එයාලා ඇත්තටම කවුද කියලා පේනවා. ඒක අපිට බරක් නෙවෙයි.


🌸 2. නියම - "ඔයා එක්ක ඉන්න විදිහ" හදාගත්තම ඔයාව කියවන එක ලේසියි


👉 Saucha - පිරිසිදුකම,

ඇඟ හෝදනවා වගේ හිතත් හෝදන්න ඕන. දවසකට 10 වතාවක් "එයා මට එහෙම කළානේ" කියලා හිත හිත ඉන්න එක කුණු ගොඩක් ලග ඉදගෙන ගද එන්නෙ කොහෙන්ද කියල හොයනව වගේ වැඩක්.

Saucha කියන්නේ ඒ කුණු ටික හුස්මකින් එලියට දාන එක.  

හිත පිරිසිදු වුණාම, අනුන්ගේ කුණු කතා ඔයාගේ ඇඟේ ගෑවෙන්නේ නෑ.


👉 Santosha - ලැබුණු දේ ගැන සතුටු වෙන එක,  

"එයාට මට වඩා Likes තියෙනවා", "එයා මට වඩා සතුටින් ඉන්නවා" - මේ ඉරිසියාව නිසා අපි මිනිස්සු වැරදියට කියවනවා.  

Santosha පුරුදු වුණාම, "මට මගේ ගමනක් තියෙනවා, එයාට එයාගේ ගමනක්" කියලා තේරෙනවා.  

ඉරිසියාව නැති ඇහැට, අනිත් මිනිස්සුන්ගේ සතුටත් ලස්සනට පේනවා.


👉 Tapas - උත්සාහය / විනය. 

"අනේ මට බෑ, මේ මනුස්සයව තේරුම් ගන්න අමාරුයි" කියලා අතෑරලා දාන එක ලේසියි.  

Tapas කියන්නේ "බෑ" කියන හිතත් එක්කත්, තව හුස්මක් ගන්න, තව විනාඩියක් අහගෙන ඉන්න විනය හදාගන්න එක.  

කේන්ති ගිය වෙලාවට කෑ ගහන්නේ නැතුව, විනාඩියක් නිශ්ශබ්දව ඉන්න උත්සාහ කරන එකත් Tapas.  

ඉවසීම පුරුදු වුණාම, මිනිස්සුන්ගේ කේන්තියට යටින් තියෙන බය පේන්න ගන්නවා.


👉 Svadhyaya - ස්වයං අධ්‍යයනය,

මේක තමයි මේ කතාවේ හදවත. දවසට විනාඩි 5 හරි අහන්න "ඇයි මට අද එයා ගැන තරහා හිතුණේ?"  

පොතක් කියවනවා වගේ ඔයාගේම හිතේ Trigger points කියවන්න.  

ඔයාගේ පිටු ටික කියෙව්වම, ලෝකෙ හැම මනුස්සයම එකම පොතේ වෙනස් පරිච්ඡේදයක් කියලා තේරෙනවා.


👉 Ishvara Pranidhana - උසස් බලයකට යටත් වීම,

"මට ඕන විදිහටම මේ මනුස්සයව හදන්න ඕන", "එයා මට ඕන විදිහට හැසිරෙන්න ඕන"  මේක ලොකුම මායාව.  

Ishvara Pranidhana කියන්නේ "හැමදේම මගේ Control එකේ නෑ" කියලා පිළිගන්න එක. ඔයාගේ උපරිමය කරලා, ඉතුරු ටික විශ්වයට/දෙවියන්ට බාර දෙන එක.  

Control කරන එක අතහැරියම, මිනිස්සුන්ව 'හදන්න' නෙවෙයි, 'තේරුම් ගන්න' හිතෙනවා.


අන්තිමට...


පොත් කියවන එක ලේසියි. අකුරු වෙනස් වෙන්නේ නෑ.  

මිනිස්සු කියවන එක අමාරුයි. එයාලා හැමදාම වෙනස් වෙනවා.  

හැබැයි "යම-නියම" කියන කණ්ණාඩියෙන් ඔයාව බැලුවම,

ඔයාට තේරෙනවා, වෙනස් වෙන්නේ අනිත් මිනිස්සු නෙවෙයි, එයාලා දිහා බලන ඔයාගේ ඇස් කියලා.


යෝගා කියන්නේ අනුන්ව විනිශ්චය කරන්න දෙන නඩුකාර පුටුවක් නෙවෙයි.  

යෝගා කියන්නේ "යම-නියම" වලින් ඔයාගේම චරිතය ලස්සනට ලියගන්න දෙන පෑනක්.  

ඔයාගේ කතාව ලස්සන වුණ දවසට, අනුන්ගේ කතාන්දරේ කඳුළු තැන් ටිකත් තේරෙනවා.


ඉතින් අද ඉඳන්, කාවහරි "කියවන්න" කලින්...  

ඔයාගෙන්ම අහන්න: "මම අද යම-නියම වලින් කීයක් රැක්කාද?"


මමත් තාම ඉගෙන ගන්න ගමන්.  

ඔයාලත් පටන් ගන්න 👇


Vidu de silva✍️


#YamaNiyama #AshtangaYoga #Svadhyaya #YogaPhilosophy #ReadYourselfFirst #Mindfulness #YogaSriLanka #vidudesilva  #SelfAwarenessMatters

 Toxic දෙමව්පියන්ගේ ලක්ෂණ 👇🏼👇🏼


📍දරුවන්ව ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත් කිරීම ,

📍දරුවන්ගේ වැරදි සහ අඩුපාඩු තැන නොතැන බලා ප්‍රසිද්ධ කිරීම ,

📍එක දරුවෙක්ට විශේෂයෙන් සැලකීම හෝ වෙනස්කම් කිරීම ,

📍තමන්ගේ අරමුණු දරුවන් ලවා ඉෂ්ට කරගැනීමට උත්සාහ කිරීම,

📍කුමන ආකාරයේ හෝ කායික වද හිංසා කිරීම ,

📍වැඩිහිටි දරුවන්ගේ ජීවිතවල තීරණ වලට බලපෑම්  කිරීම ,

📍අපි කිරි දුන්නා ,බත් දුන්නා ඉගැන්නුවා කියමින් දරුවන්ව මානසිකව බ්ලැක් මේල් කිරීම ,

📍දරුවන් ඉදිරියේ නිතර හැඬිම ,

📍සැමියාගේ හෝ බිරිඳ ගේ වැරදි හෝ අඩුපාඩු දරුවන්ට කියමින් ඔවුන්ට එපා කරවීම ,

📍තම සතු දෙයක් වේනම් එය දරුවන්ට සමානව නොදී එක් එක් දරුවන්ට විශේෂ කොට සැලකීම ,

📍දරුවන්ගේ අනුකම්පාව තකා බොරු කීම හෝ මවා පෑම ,

📍දරුවන්ගේ සහයක සහයිකාවන්ට වෙනස් කම් කිරීම ,

📍නිතර අඬ දබර හෝ රණ්ඩු සරුවල් කිරීම ,


දැන් මේ ටික කියවලා අප්පෝ දෙමව්පියන්ට බනින්න එපා ,එයාලා පව් ,එයාල හැමදේම කරන්නෙ දරුවන්ට ගගා කියවන්න එපා ,

දරුවන්ගේ ජීවිත ගොඩ දාන දෙමව්පියෝ තරමටම දරුවන්ගේ ජීවිත විනාශ කරලා දාන දෙමව්පියොත් අපි අතර ඉන්නවා ,


ඔයා දරුවෙක්නම් ඔයාගෙ දෙමව්පියොත් මෙහෙම නම් ඒ මිනිස්සු නිසා හිත රිද්දගන්න එක මානසිකව වැටෙන එක නවත්තගන්න ,

ඔයා දෙමව්පියෙක් නම් ඔයා අතිනුත් දැන හෝ නොදැන මේ දේවල් වෙනවද කියල අවංකව හිතල බලන්න .


මොකද වර්ථමානයේ හුඟක් දරුවො දෙමව්පියෝ නිසා බිඳිලා ,

තවත් කොටසක් දෙමාපියෝ නිසා විඳ වනවා ,


Toxic දෙමව්පියෝ ඕන තරම් ඉන්නවා ,ඔබ පිළිගත්තත් නැතත් ඒක තමයි ඇත්ත !

 "අනේ මිස් මම දන්නවා මේක වැරදී කියලා හැබැයී මට මේක අත අරින්න අමාරුයි"


"මට එයා නැතුව ඉන්න බෑ"


මේ අනියම් පෙම් සබදතා ඇති අය මන් එක්ක කීව කතා.අද අපි බලමු අනියම් සම්බන්ධයක් අත්හරින හැටි.මනෝවිද්‍යාත්මක පියවර 


අනියම් සම්බන්ධයක් කියන්නේ නිකන් “නවත්තනවා” කියලා නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඒක ඇතුලේ ලිංගිකත්වය විතරක් නෙමෙයි, රහස, උද්වේගය, තහනම් දෙයක් කරනවා කියන Adrenaline එක, තනිකමට බෙහෙතක්, ආත්ම-වටිනාකම හොයන එක වගේ ගොඩක් මනෝවිද්‍යාත්මක නූල් පැටලිලා තියෙනවා. ඒ නිසා අත්හරිනවා කියන්නේ ඒ නූල් එකින් එක ලිහා ගන්න එක.


“ඇයි මම මේකට ගියේ” කියන මුල හොයාගන්න 


 මුල හොයන්නේ නැතුව අත්ත කපන්න බෑ*  


අනියම් සම්බන්ධයක් කියන්නේ රෝග ලක්ෂණයක්. රෝගය වෙන එකක්. රෝගය හොයාගන්නේ නැතුව බෙහෙත් බිව්වට හරියන්නේ නෑ.  


*මනෝවිද්‍යාව*: ගොඩක් වෙලාවට මේවා “Attachment Need” එකක් පුරවගන්න කරන දේවල්. ගෙදරින් ලැබෙන්නේ නැති අගය කිරීම, ඇහුම්කන් දීම, ස්පර්ශය, උද්වේගය, “මම තාම වැදගත්” කියන හැඟීම පිටින් හොයනවා. සමහර අයට Trauma Bonding එකක්. ළමා කාලේ අතපසු වීම් තියෙන කෙනෙක්ට, අනතුරුදායකයි / අස්ථිරයි කියන සම්බන්ධතා “ආදරේ” වගේ දැනෙනවා.  


උදාහරණය-නිමල් ගෙදර බිරිඳ එක්ක කතා කරන්නේ බිල්, ළමයින්ගේ පාඩම් ගැන විතරයි. අවුරුදු 10ක් තිස්සේ “ඔයා අද ලස්සනයි” කියලා අහලා නෑ. Office එකේ අලුත් කෙනා “අයියේ ඔයා අද මහන්සි පාටයි” කියලා කෝපි එකක් දුන්නම, නිමල්ගේ අවුරුදු ගාණක් බඩගින්නේ හිටපු මොළය ඒකට ඇලෙනවා. ප්‍රශ්නය කෝපි එක නෙමෙයි. ප්‍රශ්නය ගෙදර තියෙන චිත්තවේගීය බඩගින්න.  


*කරන්න*: කඩදාසියක් අරන් ඇත්තම හේතුව ලියාගන්න. “මට තනියි”, “මට විවාහ ජීවිතේ Sex නෑ”, “මගේ මහත්තයා මාව ගණන් ගන්නේ නෑ”, “මට වයසට යනවා කියලා බයයි, මම තාම ආකර්ෂණීයයි කියලා ඔප්පු කරගන්න ඕනේ” කියලා. හේතුව දැනගත්තම තමයි විසඳුම හොයන්නේ.


Dopamine උගුල තේරුම් ගන්න 


මේක ආදරේ නෙමෙයි, මොළයේ රසායනික ඇබ්බැහියක්


අනියම් සම්බන්ධයක තියෙන “රහස”, “හොරෙන් Message කරන එක”, “අහුවෙයිද දන්නේ නෑ” කියන බය, “අද හම්බවෙයිද” කියන නොදන්නාකම කියන ඔක්කොම මොළයේ Dopamine, Adrenaline, Norepinephrine කියන රසායනික පිපිරවීමක් ඇති කරනවා. මේක කොකේන් වලට සමාන High එකක්. මොළය ඒ High එකට ඇබ්බැහි වෙනවා. ඒක නිසා “එයාව නැතුව මට ජීවත් වෙන්න බෑ” කියලා හිතෙන්නේ එයා නැතුව බැරි නිසා නෙමෙයි, ඒ රසායනික සැප නැතුව බැරි නිසා.  


උදාහරන - සන්ධ්‍යාට අනියම් පෙම්වතාගෙන් දවසට Call 10ක් එනවා. ඒ Call එක එනකන් බලන් ඉන්නකොට එන කිචි කැවිල්ල, Phone එක Ring වෙනකොට පපුව ගැහෙන එක, ඒ සේරම Dopamine. එයාව අත්හරින්න හදනකොට සන්ධ්‍යාට අඬන්න එන්නේ එයා නැති පාලුවට නෙමෙයි, ඒ Dopamine නැති වුණාම එන “Withdrawal” එකට. කුඩු නවත්තපු කෙනෙක්ට එන අමාරුව වගේ.  


“මට එයාව මතක් වෙන්නේ ඇයි” කියලා හිතෙන හැම වෙලාවෙම මතක් කරගන්න “මේ මගේ හිත නෙමෙයි, මගේ මොළයේ රසායනික කෑගැහිල්ල” කියලා. ඇබ්බැහියක් අත්හරිනකොට අමාරුයි කියලා පිළිගන්න. ඒ අමාරුව සදාකල් තියෙන්නේ නෑ.


පැහැදිලිව සහ ස්ථිරව සන්නිවේදනය කරලා සියලු පාලම් කපන්න (No Contact Rule)


 ඇබ්බැහියක් නවත්තන්න නම් “සපයන මාර්ගය” සම්පූර්ණයෙන්ම වැහිය යුතුයි. “යාලුවෝ විදියට ඉමු”, “සතියට එක පාරක් කතා කරමු”, “අවසාන වතාවට හම්බවෙමු” කියන්නේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිකාරයෙක්ට “දවසට එක සීනි පැකට් එකක් විතරක් ගහන්න” කියනවා වගේ වැඩක්. මොළයට “තව චාන්ස් එකක් තියෙනවා” කියලා හිතුණොත්, ඒක ඒ දොරෙන්ම රිංගනවා.  


*උදාහරණය*: කසුන් අනියම් සම්බන්ධය නවත්තන්න ඕනේ කියලා 5 පාරක් තීරණය කළා. ඒත් හැමපාරම “අවසාන වතාවට” කියලා හම්බවෙන්න ගියාම, ඒ “අවසාන වතාව” තව මාස 6ක් දික් වුණා. 6 වෙනි පාර එයා Message එකක් දැම්මා: “මම අපේ සම්බන්ධය මෙතනින් නවත්වනවා. මේ මගේ තීරණය. මට ආයෙත් කතා කරන්න, Message කරන්න, මාව හොයන්න එපා. ඔයාට සුබ පතනවා.” ඊට පස්සේ Number Block කළා, Social Media Block කළා, දෙන්නටම පොදු යාලුවොත් Unfollow කළා. මුල් සති 2 අපායක් වගේ. ඒත් 3 වෙනි සතියේ ඉඳන් ඔළුව නිදහස් වෙන්න ගත්තා.  


තීරණය දැනුම් දෙන්න. දොස් කියන්න, වාද කරන්න යන්න එපා. “මම නවත්වනවා” විතරයි. 


සියලු සම්බන්ධතා මාර්ග Block කරන්න. 


දෙන්නා ගියපු තැන්, අහපු සින්දු, දුන්න තෑගි ටිකත් ඇහැට නොපෙනී යන්න අයින් කරන්න. මේවා “Triggers”.


ඇතිවෙන හිස්තැනට දරාගන්න දෙයක් හදාගන්න.


 හිස් තැනක් ඇරියොත් ආයෙත් පරණ දේම ඒකට එනවා 


අනියම් සම්බන්ධය ඔයාගේ දවසෙන් පැය ගාණක්, ඔයාගේ හිතෙන් 80%ක් අල්ලගෙන හිටියා. ඒක එකපාරටම අයින් කළාම ලොකු හිස්තැනක්, නිහැඬියාවක්, කම්මැලිකමක් එනවා. මොළය හිස්තැනට කැමති නෑ. ඉතින් ඒක පුරවන්න ආයෙත් ලේසියෙන්ම Dopamine දෙන දේම හොයනවා. ඒ කියන්නේ ආයෙත් ඒ කෙනාටම කතා කරන එක, නැත්තන් තව අලුත් අනියම් සම්බන්ධයක්.  


උදාහරණ - චමරි සම්බන්ධය නැවැත්තුවට පස්සේ හැමදාම 9ට කතා කරපු කෙනා නැති නිසා, 9ට ලොකු පාලුවක් දැනුනා. ඒ වෙලාවට එයා අඬ අඬා ආයෙත් එයාට Call ගත්තා. පස්සේ චමරි 9ට Gym යන්න පටන් ගත්තා. සතියක් යනකොට 9ට Call එක මතක් වෙන එක නැවතිලා, Gym Bag එක මතක් වෙන්න ගත්තා. හිස්තැන “දහදිය” වලින් පිරෙව්වා.  


 අනියම් සම්බන්ධය වෙනුවෙන් වැය කළ කාලය සහ චිත්තවේගීය ශක්තිය වෙන සෞඛ්‍ය සම්පන්න දේකට යොදවන්න. Gym, පන්තියක්, පොතක්, ව්‍යාපාරයක්, ධර්මය, දරුවන් එක්ක කාලය. අලුත් “Dopamine ප්‍රභවයක්” හදාගන්න. නැත්තන් පරණ එකම ආයෙත් එනවා.


වරදකාරී හැඟීම සහ ලැජ්ජාව එක්ක වැඩ කරන්න  ගල් ගැසීම නවත්වන්න


සම්බන්ධය නැවැත්තුවට පස්සේ “මම මොන ජරා වැඩක්ද කළේ”, “මම කැතයි”, “දෙවියෝ මට දඬුවම් දෙයි” වගේ වරදකාරී හැඟීම් සහ ලැජ්ජාව ගංවතුරක් වගේ එනවා. මේ ලැජ්ජාවෙන් දෙකක් වෙන්න පුළුවන්. 


තව තවත් හිත රිද්දගෙන විෂාදයට යන එක. 


 “මම කොහොමත් ජරා එකෙක්නේ” කියලා ආයෙත් ඒ වැරැද්දම කරන එක. ලැජ්ජාව කියන්නේ විසඳුමක් නෙමෙයි, දඬුවමක්.  


උදාහරණ - සුමනාවතී අනියම් සම්බන්ධය නැවැත්තුවා. ඒත් හැමදාම රෑට ඒ ගැන හිත හිතා අඬනවා, නිදාගන්නේ නෑ. “මම අම්මා කෙනෙක් වෙලා මෙහෙම කළා නේද” කියලා දවසම හිත රිද්දගන්නවා. අන්තිමට ඒ වේදනාව දරාගන්න බැරිම තැන ආයෙත් ඒ පෙම්වතාටම කතා කළා. මොකද ඒ “වරද” එක්ක ජීවත් වෙනවට වඩා, ඒ වැරැද්ද කරන එකෙන් හිතට සහනයක් ආවා.  


වුණ දේ පිළිගන්න. “ඔව්, මම වැරද්දක් කළා.”


 ඒකට ඔයාටම සමාව දෙන්න. “මම ඒ වෙලාවේ හිටපු මානසික මට්ටමෙන් මට ගන්න පුළුවන් හොඳම තීරණය මම ගත්තා. ඒක වැරදියි. ඒත් මම ඉගෙනගත්තා.” වරදකාරී හැඟීම “වගකීම” බවට පෙරලගන්න. “මම වරදක් කළා. ඒ නිසා මම මගේ විවාහයට / මටම වුණ හානිය හදාගන්න මොකක්ද කරන්නේ?” කියලා අහන්න. වගකීමෙන් වැඩ කරන්න, ගල් ගැහිලා ඉන්න එපා.


අවශ්‍ය නම් වෘත්තීය උදව් ගන්න 


තනියම බැරි නම් කමක් නෑ


සමහර අනියම් සම්බන්ධතා Trauma Bond, Narcissistic Abuse, Sex Addiction වගේ ගැඹුරු මනෝවිද්‍යාත්මක ප්‍රශ්න එක්ක බැඳිලා තියෙන්න පුළුවන්. ඒවා තනියම ලිහගන්න අමාරුයි. දොස්තර කෙනෙක් ගාවට යනවා වගේම මේකටත් මනෝ උපදේශකයෙක් ගාවට යන එක සාමාන්‍යයි.  


උදාහරණ - රොෂාන්ට ගෙදර ප්‍රශ්න නැතත්, අනියම් සම්බන්ධ 5ක් තිබිලා තියෙනවා. එයාට තේරුණා මේක “Sex Addiction” එකක් කියලා. එයා Sex Addiction Therapist කෙනෙක් හම්බවෙලා මාස 6ක් Therapy ගියාට පස්සේ තමයි ඇත්තටම ඒ චක්‍රයෙන් ගැලවුණේ.  


ඔයාට හිතෙනවා නම් “මට තනියම මේක අතඇරගන්න බෑ, මම ආයෙත් වැටෙනවා, මට මාව පාලනය කරගන්න බෑ” කියලා, ලැජ්ජා නැතුව සුදුසුකම්ලත් මනෝ උපදේශකවරයෙක් හමුවෙන්න. 


සුමිත්‍රයෝ 0112692909


1926


1333 කතා කරන්න.


අනියම් සම්බන්ධයක් අත්හරින එක “බ්‍රේකප්” එකකට වඩා අමාරුයි. මොකද ඒක ඇතුලේ රහස, බය, වරදකාරී හැඟීම, ඇබ්බැහිය ඔක්කොම තියෙනවා. දවසින් දෙකින් හිත හදන්න බෑ. වැටෙයි. ආයෙත් මතක් වෙයි. ඒත් වැටුණ තැනින් ආයෙත් නැගිටින්න.  ඔයාගේ වටිනාකම තීරණය වෙන්නේ ඔයා කරපු වැරදි වලින් නෙමෙයි. වැරදුණාට පස්සේ ඔයා තෝරගන්න පාරෙන්.


ඔයාට පුළුවන්. ඔයාට අයිතියක් තියෙනවා අවුල් නැති, නිදහස් ජීවිතේකට.


ජිවීතේ ලස්සනයි ඉතින් හිනාවෙලා ඉන්න🙂


✍️නිශානී නානායක්කාර මනෝඋපදේශිකා 

LastLOVE පෙජ් එක ෆලෝ  කරන්න..like එකක් දාන්න


කාටහරි වැදගත් කියලා හිතෙනවා නම් share කරන්න

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...