Friday, April 17, 2026

 "සත්තුන්ට ආදරේ මිනිස්සු.." ❤️


සාමාන්‍යයෙන් මනුස්සයෙක් එක්ක කතාවක් පටන් ගන්නකොට, එයාගෙ ඇත්තම කරුණාව මනින්න මං පාවිච්චි කරන පුංචි මිම්මක් තියනවා. ඒ තමයි, සත්තු ගැන එයා හිතන්නේ කොහොමද කියලා බලන එක. ඒක හැම වෙලාවෙම, හැම කෙනෙක්ටම සාර්ථක ක්‍රමයක් නොවෙන්න පුලුවන්. ඒත් ගොඩක් වෙලාවට මං එහෙම කරනවා.

 

කාලෙකට කලින්, මං උසස්පෙළ කරන කාලේ මගෙන් කැමැත්ත අහමින් හිටපු පිරිමි ළමයෙක් හිටියා. දවසක් බස් එකේ කතාබහ කරමින් ආපු හවසක, මං එයාට පෙන්නුවා කඩපිලක හිටපු පූස් පැටව් කීපදෙනෙක්ව. එයාගෙ උත්තරේ උනේ "ආපෝ මං ඕ.කු.න්.ට කැමති නෑ" ඒ විතරක් නෙවෙයි එයා කකුලෙන් දුන්නු පාරකින් එයාලගෙ ගෙදර හිටිය පූසා මැ.රි.ලා ගිය හැටිත් කිසිම ගානක් නැතිව හරිම සැහැල්ලුවෙන්, කිසිම හැඟීමක් නැතිව කියලා හිනා උනා. ඒ වෙනකම් මට ඒ පිරිමි ළමයා ගැන විශේෂ කැමැත්තක්වත් අකමැත්තක්වත් තිබුණෙ නෑ. හැබැයි කොහොමහරි එදායින් පස්සෙ ආයිත් මං ඒ මනුස්සය එක්ක කතා කළෙත් නෑ. 

 

ඊටපස්සෙ මං කැම්පස් ආවා. එතැනදි මුණ ගැහිච්ච මගේ ආදරේට දැන් අවුරුදු පහකටත් එහා. එයා සෑහෙන්න සත්තුන්ට ආදරේ කරන, කරුණාවන්ත මනුස්සයෙක්. කොයිතරම්, සමහරවිට දවසම බඩගින්නෙ හිටියත්, බලු පූස් කෙනෙක් ළඟපාත ඉන්නව දැක්කොත් එයා කවදාවත් එයාලට කෑම ටිකක් නොදී කන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි ලේන්නු, කුරුල්ලොන්ට පවා එයා ළඟට ආවොතින් කෑමට මොනවමහරි ලැබෙනවා. වැඩ කරන සයිට් වල එයා එනකම්ම බලන් ඉන්න බලු යාලුවන්ට හැමදාම බනිස්, බිස්කට් අරන් යන්න පර්ස් එකෙන් හැමදාම ගානක් වෙන් කරන් ඉන්න එයා ගැන මට තියෙන්නෙ අසීමිත ආදරයක්. 😘❤️

 

මං දන්නෙ නෑ සත්තුන්ට ආදරේ නැති හැම මනුස්සයම සංවේදී  නැති මිනිස්සුද කියලා. එහෙම නැතිවත් ඇති. ඒත් මට හුඟක් තැන්වලදි දැනිල තියනවා, සත්තුන්ට ආදරේ හුඟක් මිනිස්සු ඇත්තටම කරුණාවන්ත මිනිස්සු කියලා ! 


ඉතිං ඔයත් දන්න එහෙම මිනිස්සු ඉන්නවා නම් පුංචි comment එකකින් එයාලට ආදරෙයි කියන් යමුද ? 


By Happy Life

 ආත්මීය ප්‍රේමයේ මනෝවිද්‍යාව: සිරුරු දෙකක තනි හද ගැස්ම🦋💖


අපේ ජීවිත කාලය තුළ මුණගැසෙන මිනිසුන් අතරින් බොහෝ දෙනෙක් අපේ "පෙනුමට" ආදරය කරති. තවත් පිරිසක් අපේ "පෞරුෂයට" ආකර්ෂණය වෙති. නමුත් කලාතුරකින් එක මනුෂ්‍යයෙක් මුණගැසෙනවා, ඔහු හෝ ඇය ආදරය කරන්නේ අපේ "ආත්මයටයි". මෙය හුදෙක් සම්බන්ධතාවයකට වඩා එහා ගිය, විශ්වීය බැඳීමකි.


1. හදවතේ රිද්මය හඳුනාගැනීම (The Rhythm of the Soul)

සැබෑ ආත්මීය සහකරුවෙකු යනු ඔබේ සතුටට වඩා ඔබේ "නිහඬතාවය" හඳුනන කෙනෙකි. ඔබ හිනා වෙලා හිටියත්, ඔබේ යටිහිතේ තිබෙන පොඩි හෝ රිදුමක් ඔවුන්ට දැනෙන්නේ තමන්ගේම රිදුමක් ලෙසයි. මනෝවිද්‍යාත්මකව මෙය Empathic Tuning ලෙස හඳුන්වන අතර, එහිදී පුද්ගලයන් දෙදෙනෙකුගේ චිත්තවේගීය තරංග එකම රිද්මයකට පතිත වේ.


2. යටිහිතේ තුවාල මැකීම (Subconscious Healing)

අප සැමගේම යටිහිතේ කුඩා කල පටන් රැස් කරගත් විවිධ මානසික තුවාල තිබිය හැක. ආත්මීය ප්‍රේමයකට ඇති සුවිශේෂීම හැකියාව වන්නේ ඒ තුවාලවලට ඖෂධයක් වීමයි. එවැනි කෙනෙකු අසලදී ඔබ කිසිවක් සඟවන්නට වෙහෙසෙන්නේ නැත. ඔබ ඔබේ සැබෑ ස්වරූපයෙන්ම (Authentic Self) පෙනී සිටින්නේ, ඔවුන්ගේ ආදරය තුළ ඇති "සුවපත් කිරීමේ බලය" ඔබ අත්විඳින නිසාමය.


3. සංසාරික හඳුනාගැනීම: "දේජා-වූ" හැඟීම

සමහර මිනිසුන් මුණගැසුණු මුල් දවසේම අපිට දැනෙන්නේ ඔවුන්ව වසර ගණනාවක් තිස්සේ දන්නා හඳුනන බවකි. මනෝවිද්‍යාවට අනුව මෙය දැඩි මානසික බැඳීමක් වුවද, ආත්මීය අර්ථයෙන් ගත් කල එය සංසාරික බැඳීමකි. ඒ බැල්ම තුළ, ඒ කටහඬ තුළ තිබෙන්නේ අමුතුම ආරක්ෂිත බවකි. එය හරියට බොහෝ කලක් අතරමංව සිට නැවත "ගෙදර" පැමිණියාක් වැනි හැඟීමකි.


4. ප්‍රේමයේ සදාකාලික ආලෝකය (The Eternal Glow)

එවැනි මිනිසෙකුගේ ආදරය ලැබීම මනුෂ්‍යයෙකු ලැබිය හැකි ඉහළම සම්පතයි. ඒ ආලෝකය ඔබේ ජීවිතය වෙනස් කරන්නේ හුදෙක් බාහිරින් පමණක් නොවේ. එය ඔබේ අභ්‍යන්තර චින්තනය, ඔබේ දයාව සහ ඔබේ ලෝකය දකින ආකාරයම වෙනස් කරයි. ඒ ප්‍රේමය සදාකාලික වන්නේ එය අස්ථිර ශරීරය මත නොව, අමරණීය ආත්මය මත ලියවී ඇති බැවිනි.


 "ලෝකය ඔබෙන් 'කවුද' කියා අසන විට, ඔබ 'කවුද' කියා දැනෙන කෙනෙක් මුණගැසීම දෛවයේ සුන්දරම තෑග්ගයි."🦋🦋💖


✍️

දමිත් විජේතිලක

 ධනවතෙකු වීමට පෙර ඔබේ "මනස" ධනවත් කරගන්න!


අද ඔබට කෝටි 10ක ලොතරැයියක් ඇදුනොත් ඔබ මොකද කරන්නේ? "දැන් ඉතින් ප්‍රශ්න ඉවරයි, සැපේ ඉන්න පුළුවන්" කියලා ඔබ හිතනවා ඇති. හැබැයි දත්ත පෙන්වන්නේ වෙනස්ම කතාවක්. 


ලොතරැයි දිනූ අයගෙන් 70%ක්ම වසර 3ක් ඇතුළත සිටියාටත් වඩා අන්ත දුප්පත් වෙනවා. මේකට කියන්නේ "ලොතරැයි සාපය" (Lottery Curse) කියලා.


ඇයි මෙහෙම වෙන්නේ?


 සල්ලි ලැබුනම මිනිස්සු විනාශ වෙන්නේ ඇයි? පිළිතුර සරලයි ඔබේ සාක්කුව පිරෙන්න කලින් ඔබේ ඔළුව පිරී තිබිය යුතුයි. ධනවත් මනසක් (Rich Mindset) ගොඩනගා ගැනීමට ඔබ දැනගත යුතු රහස් 5ක් මෙන්න


1. ඔබේ මූල්‍ය තාප පාලකය (Financial Thermostat) සකස් කරන්න


අපේ මොළය ඇතුළේ AC එකක වගේ උෂ්ණත්ව පාලකයක් තියෙනවා. ඔබේ මනස හුරුවෙලා තියෙන්නේ රුපියල් 50,000ක් පාලනය කරන්න නම්, ඔබට එකපාරට ලක්ෂ 10ක් ලැබුණොත් ඔබේ යටිසිත ඒක දරාගන්න බැරුව දඟලනවා. 


ප්‍රතිඵලය? ඔබ නොදැනුවත්වම ඒ සල්ලි වියදම් කරලා ආපහු අර රුපියල් 50,000 මට්ටමටම වැටෙනවා.


*සල්ලි හඹා යාමට පෙර, ලොකු මුදලක් කළමනාකරණය කළ හැකි පුද්ගලයෙක් බවට ඔබ පත්විය යුතුයි.


2. වත්කම් (Assets) සහ වගකීම් (Liabilities) හඳුනාගන්න


බොහෝ අය දුප්පත් වෙන්නේ ලැබෙන මුදලින් වගකීම් මිලදී ගන්නා නිසයි.


 * වගකීම්: ඔබේ සාක්කුවෙන් සල්ලි එළියට ගන්නා දේවල් (උදා: අලුත්ම iPhone එකක්, නිකන් පදින්න ගන්නා වාහනයක්).


 * වත්කම්: ඔබේ සාක්කුවට සල්ලි ගෙන එන දේවල් (උදා: ආයෝජන, ව්‍යාපාර, ඉඩම්).


රත්තරන් බිත්තර දාන කිකිළියගේ කතාව මතකද? දුප්පත් අය කරන්නේ කිකිළියව මරාගෙන කෑමයි. පොහොසත් අය කරන්නේ කිකිළියව රැකබලාගෙන බිත්තර විකුණා ලාභ ලැබීමයි.


3. සල්ලි කියන්නේ "කාලය" නෙවෙයි, "වටිනාකම"යි


පැය 12ක් මහන්සි වෙලා ගල් කඩන මනුස්සයාට වඩා, පැය 1ක් වැඩ කරන CEO කෙනෙක් හම්බ කරන්නේ ඇයි? හේතුව වටිනාකම (Value). ලෝකයට ඔබ ලබාදෙන වටිනාකම වැඩි වන තරමට ඔබට ලැබෙන මුදල වැඩි වේ.


 * වැඩිපුර මහන්සි වෙන්න එපා!  ඔබේ වටිනාකම වැඩි කරගන්න (Skills ඉගෙන ගන්න).


4. "කකුළුවා බාල්දියෙන්" එළියට එන්න


ඔබ ආශ්‍රය කරන සමීපතම මිතුරන් පස්දෙනාගේ සාමාන්‍යය තමයි ඔබ. ඔබේ යාළුවෝ හැමදාම ආණ්ඩුවට බනිමින්, අනුන්ගේ වැරදි හොයමින් ඉන්නවා නම්, ඔබට කවදාවත් දියුණු වෙන්න ලැබෙන්නේ නැහැ. ඔවුන් ඔබව පහලට ඇදලා දානවා. ධනවත්, බුද්ධිමත් මිනිසුන් ආශ්‍රය කරන්න.


5. සතුට කල් දැමීමේ කලාව (Delayed Gratification)


අද ලැබෙන රුපියල් 1,000 අදම වියදම් කරලා සතුටු වෙනවද? නැත්නම් ඒක ආයෝජනය කරලා හෙට ඒක 2,000ක් කරගන්නවද? අනාගත සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබේ ඉවසීම මතයි.


ඔබ දුප්පත් පවුලක ඉපදීම ඔබේ වැරැද්දක් නොවේ. නමුත් ඔබ දුප්පතෙක් ලෙසම මියයාම ඔබේ වැරැද්දකි. බැංකු පොතේ බිංදු ගණන වැඩි කරන්න කලින්, ඔබේ මොළයේ ඇති "සොෆ්ට්වෙයාර්" එක අප්ඩේට් කරගන්න.


ඔබත් අද සිට ඔබේ මනස වෙනස් කරන්න සූදානම්ද? පහතින් "Rich Mindset" කියලා කමෙන්ට් එකක් දාන්න. අපි බලමු අනාගත කෝටිපතියෝ කී දෙනෙක් මේ ලිපිය කියවනවද කියලා!


#RichMindset #MoneyManagement #FinancialFreedom #InvestmentTips #PersonalDevelopment #SuccessHabits #WealthBuilding #SinhalaBlog #MoneyMindset

 👑 "ධනවත් පවුල්" තමන්ගේ දුවලාට පිරිමි ගැන උගන්වන රහස් පාඩම් 15ක්! 💎 


සල්ලි තියෙන අය විතරක් නෙවෙයි, "වැදගත් පවුල්" තමන්ගේ දුවලාට පොඩි කාලේ ඉඳන්ම දෙන උපදෙස් ටිකක් මේවා. කෙල්ලෙක් වුණාම ආදරේ නාමයෙන් රැවටෙන්න නරක ඇයි කියලා මේකෙන් හොඳටම තේරෙනවා.


ඔයාගේ දුවටත්, නංගිටත් මේවා කියලා දෙන්න. 👇


1. "තමන්ව පාලනය කරගන්න බැරි පිරිමියෙක්ට, පවුලක් පාලනය කරන්න බෑ." 🚫


එයා අස්ථාවරයි නම්, විනයක් නැත්නම් එයා ඔයාගේ ආරක්ෂකයා නෙවෙයි. එතන ඔයාට ඉතුරු වෙන්නේ ප්‍රශ්න විතරයි.


2. "දුර්වල පිරිමි, ශක්තිමත් ගැහැණුන්ට බයයි."


එයා ඔයාව පහත් කරන්න හදනවා නම්, ඒ එයාගේ හීනමානය. දුර්වල පිරිමි ආදරේ කරන්නේ නෑ, එයාලා කරන්නේ තරඟ කරන එක.


3. "අවධානයයි (Attention), චේතනාවයි (Intention) පටලවා ගන්න එපා."


සමහරු පස්සෙන් එන්නේ විනෝදෙට (Sport). හැබැයි ඇත්තටම ආදරේ කරන කෙනා ජීවිතේට ආයෝජනය (Invest) කරනවා.


4. "පැහැදිලි බවක් නැත්නම්, එතන ආදරයක් නෑ."


එයා ආදරේ නම් හැමදේම පැහැදිලි කරනවා. එයා ඔයාව පාවිච්චි කරනවා නම්, හැම තිස්සෙම ඔයාව පැටලීලි සහගත (Confusion) තත්වයක තියනවා.


5. "පිරිමියෙක්ව හදන්න යන්න එපා." 🛠️


එහෙම කළොත් ඔයා වෙන්නේ එයාගේ අම්මා මිසක් බිරිඳ නෙවෙයි. ඔයා ඉන්නේ කෙනෙක්ව පුනරුත්ථාපනය කරන්න නෙවෙයි.


6. "එයා 'බෑ' (No) කියන දේ බාරගන්න විදිහ බලන්න."


ඔයා අකමැති වුණු දේකට එයා තරහ ගන්නවා නම්, පළිගන්න හදනවා නම්, එයා කවදාවත් ඔයාට ආදරේ කරලා නෑ.


7. "තරඟ කරන්න දෙනවා නම් එතනින් අයින් වෙන්න."


එයා ඔයාව වෙන ගැහැණු ළමයි එක්ක සංසන්දනය කරනවා නම්, තරඟ කරවනවා නම්, එයා ඔයාව දකින්නේ විනෝදාස්වාදයක් (Entertainment) විදිහට විතරයි.


8. "මුදල් පාවිච්චි කරන විදිහ බලන්න." 💸


සල්ලි ගැන වගකීමක් නැති කෙනාට, ජීවිතේ ගැන වගකීමකුත් නෑ.


9. "නැතිවෙයි කියන බය නැත්නම්, ගෞරවයක් නෑ."


ඔයා ඕනම වෙලාවක "Available" නම්, එයා ඔයාව ලාබෙට දකිනවා. සීමාවන් (Boundaries) තියෙන කොට තමයි වටිනාකම වැඩි වෙන්නේ.


10. "ප්‍රමිතීන් (Standards) තියෙන එකට වරදකාරී හැඟීමක් ඇතිකරගන්න එපා."


සුදුසුකම් තියෙන පිරිමියා ඔයාගේ ස්ටෑන්ඩර්ඩ් එකට බය නෑ, එයා උත්සාහ කරන්නේ ඒ මට්ටමට එන්න.


11. "නායකත්වයක් නැති පක්ෂපාතී බවෙන් වැඩක් නෑ."


හරි පාරක් පෙන්නන්න බැරි පිරිමියෙක් පස්සේ යන්න දුවෙක්ට උගන්වන්න එපා.


12. "පරිත්‍යාගශීලී කෙනා ගණන් බලන්නේ නෑ."


පොඩි දෙයක් දීලා, ඒක ගැන කියව කියව ඉන්නවා නම් එයා ත්‍යාගශීලී නෑ, එයා කරන්නේ බිස්නස් එකක් (Bargaining).


13. "එළිපිට පිළිගන්න බැරි නම්, එයා ඉන්නේ දාලා යන්න."


රහසිගත බව කියන්නේ පුද්ගලිකත්වය (Privacy) නෙවෙයි, ඒක මානසික ගේම් එකක්.


14. "පාලනය කරන්න බැරි වුණාම, මඩ ගහනවා."


ආර්ථිකව ශක්තිමත් වෙන්න බැරි පිරිමියා, ගෑණු ළමයාව මානසිකව වට්ටලා පාලනය කරන්න බලනවා.


15. "ඉවසන අයට වඩා, දිරිගන්වන අයට පිරිමි ආදරෙයි." ❤️


ඔයා එයාගේ වැරදි ඉවස ඉවස ඉන්නවට වඩා, එයාට ජීවිතේ දිනන්න හේතුවක් (Inspiration) වෙනවා නම් එයා කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ.


මේක කියවන ඔයා දුවෙක් නම්, මේ ටික ඔළුවට ගන්න.

ඔයා අම්මා කෙනෙක් නම්, දුවට මේ ටික කියලා දෙන්න.


Share කරලා තියාගන්න. 👑✨


#RichMindset #RelationshipAdvice #SelfWorth #ParentingTips #WishmaLokaya #HighValueWoman

 “සිතින් මවාගෙන ආදරය කිරීම – Fantasy ද? නැත්නම් උසස් ප්‍රේමයක්ද?”

හෝ

“Physical නැතිව, සිතින් පමණක් ආදරය කළ හැකිද?”

🧠 මනෝවිද්‍යාත්මක විග්‍රහය

1️⃣ Imaginal Intimacy (මනස තුළ ආදරය)

මිනිස් මොළය සත්‍යය හා සිතින් මවාගත් අත්දැකීම් අතර විශාල වෙනසක් නොකරයි.

ඔබ යමෙකු ගැන සිතමින්, ඔවුන් සමඟ කතා කරනවා ලෙස, ඔවුන් ඔබට ආදරයෙන් බලනවා ලෙස මවාගත් විට – මොළයේ dopamine සහ oxytocin වගේ හෝමෝන පවා ක්‍රියාත්මක වෙයි.

👉 ඒ කියන්නේ, සිතින් මවාගත් ආදරය හැඟීම් වශයෙන් සත්‍යයක් විය හැක.

2️⃣ මේක වටිනාද?

✔️ කෙනෙකුට වැරදි කරන්න කලින්, සිතින් ඔහු/ඇය සමඟ සම්බන්ධතාවය මවාගෙන බලන එක self-control එක වැඩි කරයි.

✔️ impulsive decisions (හදිසි තීරණ) අඩු කරයි.

✔️ Emotional maturity වැඩි කරයි.

ඔයා කියන වගේ —

“මෙහෙම කරලා වැරදි අඩු වෙනවා නේද?”

👉 ඔව්, self-regulation තියෙන කෙනෙකුට එහෙම වෙන්න පුළුවන්.

3️⃣ නමුත් අවදානම?

❗ සිතින් පමණක් ආදරය කරලා, සත්‍යය සම්බන්ධතාවයක් avoid කරනවා නම් —

ඒක emotional escape mechanism එකක් වෙන්න පුළුවන්.

Fantasy එක healthily use කරනවාද, නැත්නම් reality එකෙන් පලා යනවාද කියන එකයි මෙහි වැදගත්.

4️⃣ කොච්චර ප්‍රේමණීය වෙන්න ඕනෙද?

සිතින් ආදරය කරගන්න පුළුවන් කෙනෙක්,

💎 කායික ආකර්ෂණයට වඩා චිත්තවේගයට වැදගත්කම දෙන කෙනෙක්

💎 patience තියෙන කෙනෙක්

💎 attachment control කරන කෙනෙක්

💎 deep emotional intelligence තියෙන කෙනෙක්

මේක shallow attraction එකක් නෙවෙයි.

මේක emotional depth එකක්.

Ashadi Perera Ashi Perera 

#SexualPsychology

#HealthySexuality

#EmotionalControl

#MindOverBody

#RelationshipWisdom

 🤯මොකද්ද බං Elon Musk ට මේ 'X' අකුර එක්ක තියෙන පිස්සුව? ❌🚀


උඹලත් කල්පනා කරා නේද ඇයි මූ Twitter එකේ කුරුල්ලව එලවලා 'X' කියලා දැම්මේ කියලා? SpaceX, Tesla Model X, xAI... හැම දේම X නේ....මේක පිටිපස්සේ තියෙන ඇත්තම කතාව මේකයි. 


1. බාර් එකකදි දාපු ඔට්ටුවක්?🍺


මේ පිස්සුව පටන් ගන්නේ අද ඊයේ නෙමේ 1999 දී! එතකොට මස්ක් පොඩි කොල්ලෙක්. පොරට ඕන වුනා ඔන්ලයින් බැංකුවක් පටන් ගන්න. දවසක් මූ යාළුවෝ එක්ක බාර් එකක ඉඳගෙන කල්පනා කරා මේකට දාන නම මොකද්ද කියලා. Q.com ද? Z.com ද? නැත්නම් X.com ද?....ඉතකොටම එතන හිටපු වේටර් අක්කා කෙනෙක් කිව්වලු "X.com එක මරු" කියලා. අන්න එතනින් තමයි මූට මේක ඔළුවට ගියේ.


ආතල් සීන් එක 😂

එතකොට හිටපු අනිත් එවුන් මූට කිව්වලු "එපා යකෝ X.com කිව්වම මිනිස්සු හිතයි මේක 'වැල' (P-orn) සයිට් එකක් කියලා". ඒත් මූ ඇහුවේ  නැල්ලු . මූ ඒ නමට පිස්සු වැටිල ඒකම දැම්මා.


2. පරණ පෙම්වතියව ආයේ සල්ලි දීලා ගත්තා වගේ වැඩක්!💔➡️❤️


පස්සේ කාලෙක මේ X.com එක PayPal එකත් එක්ක එකතු වුනාම ඒ නම අයින් කරා. හැබැයි මූට මේක අමතක කරන්න බැරි වුනා. 2017 දී, ඒ කියන්නේ අවුරුදු ගාණකට පස්සේ මූ PayPal එකෙන් 'X.com' ඩොමේන් එක ආයේ සල්ලි දීලා ගත්තා!.

මූම කිව්වා මේකේ මාර හැඟීම්බර වටිනාකමක් තියෙනවා කියලා. නිකන් පරණ ලව් එකක් වගේ බං.


3. Twitter එක X කරේ ඇයි? 📱💸


ගොඩක් එවුන් හිතුවේ මූට පිස්සු කියලා. Twitter එක X කරේ නිකන් නම මාරු කරන්න නෙමේ.


මස්ක්ගේ ප්ලෑන් එක තමයි "Everything App" එකක් හදන එක. ඒ කියන්නේ WeChat ( චීනයේ messaging, payments, social media, services ඔක්කොම තියෙන ඇප් එකක්) වගේ මැසේජ් කරන්නයි, වීඩියෝ බලන්නයි, සල්ලි ගෙවන්නයි (Banking) ඔක්කොම පුළුවන් ඇප් එකක්.

නිකන් හිතපන් බැංකු වැඩ කරන ඇප් එකකට "ට්විටර්" (කුරුල්ලා) කියලා නම දාන එක ගැලපෙන්නෙ නෑනේ? "X" කිව්වම තමයි ඒකේ ගැම්ම තියෙන්නේ. අනාගතේ එන මූල්‍ය පද්ධතියට ගැලපෙන්නේ X තමයි.


4. මූ ආස "අභිරහස්" පොරක් වෙන්න!🕵️‍♂️


ගණිතයේදී එහෙම අපි නොදන්න දේට දාන්නේ "x" නේ (Unknown Variable)


X කියන්නේ අනාගතය.


X කියන්නේ අනතුර (Danger)


X කියන්නේ අලුත් දේවල් (Exploration)


මූට ඕන මූව ලෝකේ ඉන්න අමුතුම ඩයල් එක විදියට පෙන්නන්න. ඒකට X අකුර පට්ටට මැච් වෙනවා.


තව ජෝක් එකක් 😂


Tesla කාර් වල නම් ටික (Model S, 3, X, Y) එකතු කරාම හැදෙන්නේ "S3XY" (S-e-x-y) කියලනේ. මූම කියලා තියෙනවා ඒක පොඩි ආතල් එකට කරපු වැඩක් කියලා.


ඉලෝන් මස්ක් කියන්නේ නිකන්ම බිස්නස් කරන එකෙක් නෙමේ. මූ අවුරුදු 25ක් තිස්සේ මූගේ ඔළුවේ තිබ්බ හීනයක් (X.com) හැබෑ කරගන්න ගේමක් ගහන පොරක්. Twitter එක ගත්තෙත් ඒ පරණ හීනෙ සම්පූර්ණ කරන්න මිසක් ට්වීට් කර කර ඉන්න නෙමේ 😎🚀


(Source: Elon Musk Biographies & Industry Interviews)


#TechSona #ElonMusk #X #Twitter #SpaceX #Branding #Technology #SriLanka #Facts

 අපේ තියන ස්කිල්ස් වලින් අපි හරියටම වැඩක් ගන්නේ කෝමද? 


ගොඩක් වෙලාවට අපිට හිතෙන දෙයක් තමයි, "අනේ මට අරයා වගේ සින්දු කියන්න බෑනේ", "මට මෙයා වගේ බිස්නස් මොළයක් නෑනේ" කියන එක. 


අපි හැමතිස්සෙම කරන්නෙ අපේ නැති දේවල් ගැන වොරි වෙන එක. හැබැයි මේක Science එකෙන් ගත්තොත්, මේක මාරම අපරාධයක්!


ඇයි මම එහෙම කියන්නේ?


1. මොළයේ "Wiring" එක කාටවත් සමාන නෑ (Biological Fact එකක්)


අපි හැමෝගෙම මොළේ නියුරෝන බිලියන ගාණක් තියෙනවා. හැබැයි මේවා සම්බන්ධ වෙලා තියෙන විදිහ එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. ඔයාගේ මොළේ, ඔයාටම ආවේණික විදිහට ඩිසයින් වෙච්ච මැෂින් එකක්. සමහර විට ඔයාට ගණන් හදන්න බැරි වෙයි, හැබැයි මිනිස්සුන්ව හිනස්සන්න පුදුම හැකියාවක් ඇති. Biology වලට අනුව ඒක "Weakness" එකක් නෙවෙයි, ඒක තමයි ඔයාගේ "Signature" එක.


2. කොහොමද අපේ Skill එක හරියටම හොයාගන්නේ? 


මේකට සයිකොලොජි වල තියෙනවා පට්ට Trick එකක්. ඒකට කියන්නේ "Flow State" එක කියල. නිකමට හිතලා බලන්න, ඔයා මොන දේ කරනකොටද වෙලාව යනවා තේරෙන්නෙ නැත්තේ? බඩගිනි දැනෙන්නෙ නැත්තේ? Phone එක ඔබන්න හිතෙන්නෙ නැත්තේ? අන්න ඒ වෙලාවට ඔයාගේ මොළේ තියෙන Dopamine සිස්ටම් එක උපරිම ක්‍රියාත්මක වෙනවා. අන්න එතන තමයි ඔයාගේ ඇත්තම Skill එක හැංගිලා තියෙන්නේ. ඒක චිත්‍ර ඇඳීම වෙන්න පුළුවන්, මිනිස්සු එක්ක කතා කරන එක වෙන්න පුළුවන්, නැත්නම් නිකන්ම ලිපි ලියන එක වෙන්න පුළුවන්.


3. Talent එක Skill එකක් කරගන්නේ කොහොමද? 


අපිට නිකන්ම ලැබිච්ච හැකියාවක්ති බ්බට මදි, ඒක Skill එකක් කරන්න ඕනේ. අපේ මොළේ තියෙනවා Myelin කියල ද්‍රව්‍යයක්. අපි දෙයක් පුරුදු වෙන්න පුරුදු වෙන්න, අර නියුරෝන වටේ මේ Myelin පටලය හැදෙනවා. එතකොට සිග්නල් යන්නෙ හයිවේ එකක කාර් එකක් යනවා වගේ වේගෙන්. ට්‍රික් එක මේකයි: ඔයා ආස දේ අරගෙන, ඒක දවස ගානේ පොඩ්ඩ පොඩ්ඩ ප්‍රැක්ටිස් කරන්න. එතකොට තමයි ඔයා ඒ ෆීල්ඩ් එකේ වැඩ්ඩෙක් වෙන්නේ.


අනුන්ගේ පාරවල් වල යන්න එපා. 


"මාළුවෙක්ව ගහක් නගින හැකියාවෙන් මනින්න ගියොත්, ඌ මැරෙනකම්ම හිතාගෙන ඉඳියි ඌ මෝඩයෙක් කියලා." ඔයාගේ ඇතුලේ ඉන්න ඒ යුනික් මනුස්සයව එළියට ගන්න. ඔයාට පුළුවන් දේ ලෝකෙට දෙන්න. මොකද ඔයාට කරන්න පුළුවන් දේ, ඒ විදිහටම කරන්න පුළුවන් වෙන කෙනෙක් මේ ලෝකෙ නෑ!


තමන් ගැන විශ්වාස කරන්න. ඔයා හිතනවට වඩා ඔයාගේ මොළේ බලවත්! 


Rusiru Galagoda

BA (Hons) Psychology

University of Sri Jayewardenepura

Diploma in Counseling Psychology

Licensed Member in APA


#HumanPotential #Psychology #Biology #SelfGrowth #Motivation #BrainPower #SkillDevelopment #FlowState #LifeSkills #SinhalaArticles #Positivity #Beyourself #UnleashYourPotential

 ෂාරුක් ඛාන්ගේ පෙර භවය එළියට - මක්කම මවුලානා කෙනෙක්ද?


අපි කවුරුත් කැමතියි අපේ ගිය ආත්මෙ ගැන දැනගන්න. "මම කලින් කවුද? රජෙක්ද? හිඟන්නෙක්ද?" කියන කුතුහලය අපි හැමෝටම තියෙනවා. ළඟදී අන්තර්ජාලය කැළඹූ Vin Vin World පොඩ්කාස්ට් එකේ හත්වන එපිසෝඩ් එකේදී මේ ගැන හරිම පුදුම හිතෙන, ඒ වගේම ආන්දෝලනාත්මක කරුණු රැසක් එළියට ආවා. මේක නිකම්ම කතාවක් නෙවෙයි, මෝහනය සහ පෙර ආත්ම කියවීම (Past Life Regression) ගැන කරන විද්‍යාත්මක සහ අධ්‍යාත්මික විග්‍රහයක්.


සුපිරි තරු සහ ඔවුන්ගේ අතීතය


මේ සාකච්ඡාවේදී වැඩිපුරම කතාබහට ලක්වුණේ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගැන. මේ වැඩසටහනට සහභාගී වූ විශේෂඥයා පවසන විදියට, ෂාරුක් ඛාන් ඔහුගේ පෙර ආත්මයේදී මක්කම ප්‍රදේශයේ සිටි "මවුලානා" (Maulana) කෙනෙක්. ඒ වගේම ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සූරජ් බර්ජාත්‍යා ජෛන සාධුවරයෙක් විදියට හිටපු කෙනෙක්ලු. මේ වගේ ප්‍රසිද්ධ අයගේ වර්තමාන දක්ෂතාවලට මේ අතීත සම්බන්ධය බලපාන හැටි හරිම අපූරුයි.


ආදරය, රැවටීම සහ ස්ත්‍රී පුරුෂ භාවය


මෙතැනදී මතු වුණු තවත් බරපතල කාරණයක් තමයි කර්මය සහ ලිංගිකත්වය අතර තියෙන සම්බන්ධය. ඔහු ඉදිරිපත් කරන තර්කය ටිකක් භයානකයි වගේම හිතන්න යමක් ඉතුරු කරනවා. යම් පිරිමි පුද්ගලයෙක් පෙර භවයේදී කාන්තාවන් 5-6 දෙනෙකුට ආදරය නාමයෙන් රැවටීම් කරලා තියෙනවා නම්, මේ භවයේදී ඔහු සමලිංගික (Gay) අයෙක් වෙන්න ඉඩ තියෙනවා කියලා ඔහු කියනවා. ලෙස්බියන් (Lesbian) සංකල්පය හැදෙන්නෙත් මේ වගේ පෙර භවයේ කර්මයන් නිසා කියලා තමයි ඔහු විශ්වාස කරන්නේ. මේක සමාජයේ ලොකු කතාබහක් ඇති කරන්න පුළුවන් මාතෘකාවක්.


හිසකෙස්, බ්ලැක් මැජික් සහ තිරුපති


අපි තිරුපති ගිහින් කොණ්ඩේ පූජා කරනවා. හැබැයි ඇයි එහෙම කරන්නේ? මේ ගැනත් මෙතැනදී අමුතු කතාවක් කියවුණා. ගුප්ත විද්‍යාව හෙවත් "Black Magic" කරන අය වැඩිපුරම පාවිච්චි කරන්නේ හිසකෙස්. ඒ නිසා තමන්ගේ කර්මය හෝ නරක ශක්තීන් ඉවත් කරන්න හිසකෙස් දන් දීම පිටුපස ලොකු විද්‍යාවක් තියෙනවා කියලා මෙතැනදී පැහැදිලි කරනවා.


මනස සහ භෞතික ශරීරය පාලනය කිරීම


මේ සාකච්ඡාව අතරතුර සිදුවුණු තවත් පුදුම වැඩක් තමයි නිවේදකයාට එකපාරටම සීතලක් දැනෙන්න ගැනීම. ඒ වෙලාවේ අමුත්තා කියන්නේ ඔහු නිවේදකයාගේ ශරීරයේ "නාඩි" (Energy Channels) ක්‍රියාකාරීත්වය වෙනස් කළ බවයි. සූර්ය නාඩියෙන් චන්ද්‍ර නාඩියට මාරු කළාම ශරීරය සිසිල් වෙනවා කියන එක ඔහු ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නුවා.


දිල්ලි දූෂණ සහ ද්‍රෞපදීගේ ශාපය


ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ, විශේෂයෙන් දිල්ලියේ ස්ත්‍රී දූෂණ වැඩි වෙන්න හේතුව හැටියට ඔහු ගෙන එන්නේ මහා භාරතයේ ද්‍රෞපදීගේ කතාවයි. ඒ ප්‍රදේශයේ තිබෙන ඍණාත්මක ශක්තිය හෝ අතීත කර්මයන් වර්තමානයට බලපාන විදිය ගැන ඔහු මෙහිදී මතභේදාත්මක අදහසක් ඉදිරිපත් කරනවා.


මේ හැම දෙයක්ම අහගෙන ඉද්දි හිතෙන්නේ, අපි මේ ජීවත් වෙන ලෝකයට එහා ගිය, අපිට නොපෙනෙන ලොකු බලවේගයක් සහ මතක ගබඩාවක් අපේ මනස ඇතුළේ තියෙනවා කියන එකයි. විශ්වාස කරන නොකරන එක ඔබට බාරයි, නමුත් මේ කතාව අනිවාර්යයෙන්ම ඔබේ මනස අලුත් ඉසව්වකට අරගෙන යාවි.


#pastliferegression #shahrukhkhan #karma #spirituality #mystery #reincarnation #vinvinworld #podcast #facts #viral

 ✈️ රටවල් දෙකක හදවත් දෙකක්: Long Distance ආදරය රැකගන්නා රන්වන් නීති! 🌍❤️


ආදරය කරන දෙන්නෙක් අතරට "දුර" (Distance) කියන සාධකය ආවාම, ඒ බැඳීම එක්කෝ ගොඩක් ශක්තිමත් වෙනවා, නැත්නම් හරිම ඉක්මනින් බිඳිලා යනවා. ඔබ ඉන්නේ ලංකාවෙන් දහස් ගණනක් දුරින් නම්, ඔබේ සහකරු/සහකාරිය සමඟ තියෙන බැඳීම "ආදරය අඩු නොවී" පවත්වාගන්න මෙන්න මේ මනෝවිද්‍යාත්මක උපක්‍රම පාවිච්චි කරන්න:


1. විනිවිදභාවය සහ විශ්වාසය (Honesty is Key) 🛡️

දුරස්ථ සම්බන්ධතාවයක පදනම තමයි "විශ්වාසය". ඔබ යන එන තැන්, හමුවන පුද්ගලයන් සහ කරන දේවල් ගැන සහකරු සමඟ විවෘතව කතා කරන්න. ඔහු හෝ ඇය ප්‍රශ්නයක් ඇසීමට පෙරම ඔබේ දවස ගැන විස්තර පවසන්න. සැකය ඇති වෙන්නේ තොරතුරු හුවමාරු නොවන "හිස් අවකාශය" තුළයි.


2. කාලය වෙන් කිරීම (Quality Virtual Time) ⏳

වැඩ අධික වුණත්, දෙන්නාටම පහසු වෙලාවක් වෙන් කරගන්න. ඒ වෙලාවට වීඩියෝ කෝල් එකකින් හෝ කතා කරද්දී වෙනත් වැඩවලින් මිදී ඔහුට/ඇයට පමණක් අවධානය දෙන්න. "සෑම රාත්‍රියකම නිදා ගැනීමට පෙර" හෝ "උදෑසන අවදි වූ සැනින්" කරන පුංචි කතාබහක් බැඳීම අලුත් කරනවා.


3. හැඟීම් බෙදාගැනීම (Emotional Intimacy) 🗣️

කායිකව ළඟ නැති නිසා, මානසිකව ළඟ සිටීම අත්‍යවශ්‍යයි. ඔබේ ප්‍රශ්න, බය, සතුට සහ හෙට දවස ගැන තියෙන බලාපොරොත්තු ඔහු/ඇය සමඟ බෙදාගන්න. "ඔයා නැතිව මට පාලුයි" වැනි වචනයක් වුවත් අනෙක් පාර්ශවයට විශාල වටිනාකමක් දැනෙන්නට හේතුවක් වෙනවා.


4. පුදුම කිරීම් (Surprises) 🎁

දැන් ඕනෑම රටක සිට ලංකාවට තෑගි, කෑම හෝ මල් ඇණවුම් කරන්න පුළුවන්. විශේෂ දවසක් නැතිවත්, හදිසියේම ලැබෙන පුංචි තෑග්ගක් මගින් "මම කොහේ හිටියත් ඔයා ගැන හිතනවා" කියන පණිවිඩය තදින්ම දැනෙනවා.


5. තාක්ෂණයෙන් එහාට යන්න 📱❌

හැමදාම "මොනවද කළේ? කෑවද?" වැනි ඒකාකාරී ප්‍රශ්නවලින් බැහැර වෙන්න. දෙන්නත් එක්ක එකම වෙලාවක එකම ෆිල්ම් එකක් බලන්න, නැත්නම් එකම වෙලාවක කෑම කමින් වීඩියෝ කෝල් එකක ඉන්න. එවිට ඔබ දෙන්නා "එකට ඉන්නවා" වැනි හැඟීමක් ඇති වෙනවා.


6. අවසාන ඉලක්කය (The End Goal) 🏁

දුරස්ථ සම්බන්ධතාවයක් සාර්ථක වෙන්නේ "අපි කවදා හරි එකතු වෙනවා" කියන ස්ථිර බලාපොරොත්තුව තියෙනවා නම් විතරයි. ඒ හමුවීම ගැන නිතර කතා කරන්න. "තව අවුරුද්දකින් මම එනවා", "අපි මේ විදිහට ඉතිරි කරලා ලංකාවේ මෙහෙම දෙයක් කරමු" වැනි ප්ලෑන් දෙන්නා එක්ව සාකච්ඡා කරන්න.


💡 මතක තබා ගන්න: දුර කියන්නේ බැඳීමක් නැති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දුර නිසා සිදුවන්නේ සැබෑ ආදරය කොච්චර ශක්තිමත්ද කියලා පරීක්ෂා කිරීමක් විතරයි. ඉවසීම සහ අවංකකම තියෙනවා නම්, ලෝකයේ කොහේ හිටියත් ඔබේ ආදරය සුරක්ෂිතයි.


ඔබත් Long Distance සම්බන්ධතාවයක ඉන්න කෙනෙක්ද? දුර මැකෙන්න ඔබ කරන දේ මොකක්ද? පල්ලෙහින් කමෙන්ට් කරන්න. 👇🗨️


Admin - Chathu

Chathu Quotes 


#LongDistanceLove #RelationshipAdvice #SriLankaAbroad #LoveAcrossBorders #TrustAndHonesty #LDRSupport #MentalConnection #SriLanka #StayConnected #FuturePlans

 ඔයාලා හැමෝම දන්නවා අද කාලේ රස්සාවක් කරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි කියලා. 

හැබැයි ඔයාලා කවුරුත් නොදන්න රහසක් තියෙනවා—අපි හැමදාම පාවිච්චි කරන Facebook එකෙන් දැන් ලංකාවේ ඉඳලම සැලකිය යුතු ගාණක් හොයන්න පුළුවන්. මේක නිකන්ම Reels වලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි; ඔයාලා දාන පින්තූර, ලියන පෝස්ට්, ඕනෑම දේකට Facebook දැන් සල්ලි ගෙවනවා.


මෙන්න මේකයි 2026 වෙද්දි Facebook එකේ තියෙන අලුත්ම තත්ත්වය. අපි බලමු කොහොමද හරියටම වැඩේ පටන් ගන්නේ කියලා.


Facebook එකේ අලුත් "Unified Monetization" ක්‍රමය

කලින් තිබ්බේ In-Stream Ads, Ads on Reels වගේ වෙන වෙනම දේවල්. හැබැයි 2026 වෙද්දි Facebook මේ ඔක්කොම එකතු කරලා "Content Monetization Program" කියලා එකම සිස්ටම් එකකට ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයා එකම තැනකින් Register වුණාම ඔයාගේ Reels, Long-form Videos විතරක් නෙවෙයි, පින්තූර සහ Text පෝස්ට් වලටත් Facebook එකෙන් සල්ලි ගෙවනවා.


ලංකාවේ ඉඳන් Eligibility හදාගන්නේ කොහොමද?

ගොඩක් අය හිතන් ඉන්නේ ලංකාවට තාම මේක නෑ කියලා. මේකට ඔයාට අඩුම තරමේ Followers 5,000ක් සහ පසුගිය දින 60 ඇතුළත 60,000 Watch Minutes තියෙන්න ඕනේ.


නිකන්ම Share කරන එක නතර කරන්න 

Facebook එක දැන් හරිම දරුණුයි අනුන්ගේ දේවල් කොපි කරන අයට. ඔයා TikTok එකෙන් වීඩියෝ එකක් අරන් ඒකේ Logo එකත් එක්කම Facebook දැම්මොත් ඔයාට සල්ලි ලැබෙන්නේ නැහැ. ඔයාගේම original නිර්මාණ වෙන්න ඕනේ. අඩුම තරමේ ඔයා අනුන්ගේ වීඩියෝ එකක් පාවිච්චි කරනවා නම්, ඒකට ඔයාගේ හඬ (Voice-over) හෝ ඔයාගේ අදහස් එකතු කරලා ඒක වෙනස්ම නිර්මාණයක් කරන්න ඕනේ.


Consistency - හැමදාම පෝස්ට් එකක් දාන්න

මම දැකලා තියෙනවා ගොඩක් අය සතියක් විතර වැඩේ කරලා අත ඇරලා දානවා. හැබැයි මේකේ රහස තියෙන්නේ දිනපතා වැඩේ කරන එකේ. දවසකට එක Reel එකක් හෝ පෝස්ට් එකක් දාන්න පුළුවන් නම් ඔයාගේ Reach එක ඉක්මනින්ම වැඩි වෙනවා. Views වැඩි වෙන තරමට ඔයාගේ Dollar ආදායම (LKR වලට හැරෙද්දී හොද ගාණක්!) වැඩි වෙනවා.


Facebook Editor එක පාවිච්චි කරන්න

වීඩියෝ එකක් දාද්දි වෙන App එකකින් Edit කරලා නිකන්ම Upload කරන්නේ නැතුව, Facebook App එක ඇතුළේ තියෙන Text tools පාවිච්චි කරලා අකුරු ටිකක් එකතු කරන්න. මම අත්දැකීමෙන් දන්නවා එහෙම කරපුවාම Facebook algorithm එක ඒ වීඩියෝ එක වැඩි දෙනෙක්ට පෙන්නනවා (Push කරනවා) කියලා.


ඔයා දක්ෂ මොන වගේ දේවල් වලටද කියලා හිතලා එක Niche එකක් තෝරගන්න 

අද ඉඳන් දවසට එක Reel එකක් බැගින් දාන්න පටන් ගන්න.

Monetization Tab එකට ගිහින් ඔයාගේ Eligibility එක හැම සතියකම චෙක් කරන්න.


වැඩේ පටන් ගන්න. ප්‍රශ්නයක් ආවොත් මගෙන් අහන්න. මේක ලංකාවේ අපිට ලැබුණු ලොකු අවස්ථාවක්!


මේ වගේ වටිනා තොරතුරු දිගටම දැනගන්න මගේ පේජ් එක Like කරලා Share කරන්න.


© 2025 Kezhior. All Rights Reserved.

 ඩොපමින් උගුලට අසුවුණු සංසාර චක්‍රය

........................................................................

විද්‍යාත්මකව බැලූ විට අපට සතුටක් දැනෙන්නේ මොළයේ ස්නායු සම්ප්‍රේෂක කිහිපයක් ක්‍රියාත්මක වීමෙනි:

 * ඩොපමින් (Dopamine): යමක් ජයග්‍රහණය කළ විට හෝ ඉලක්කයක් සපුරාගත් විට දැනෙන තෘප්තිය.


 * සෙරොටොනින් (Serotonin): සමාජීය පිළිගැනීමක් හෝ ආත්ම අභිමානයක් දැනෙන විට ඇතිවන සතුට.


 * ඔක්සිටොසින් (Oxytocin): ආදරය, විශ්වාසය සහ සමීප සබඳතා නිසා ඇතිවන "ආදරණීය" සතුට.


 * එන්ඩොර්ෆින් (Endorphins): වේදනාව යටපත් කරමින් ව්‍යායාම හෝ සිනහව මගින් ලැබෙන ප්‍රබෝධය.


මනස සහ රසායනය හරියට සංගීතය සහ සංගීත භාණ්ඩය වැනි දෙයකි.


 * රසායනික ක්‍රියාවලිය යනු වීණාවක තත් විද්‍යුත් හා යාන්ත්‍රිකව කම්පනය වීම වැනි 'භෞතික' ක්‍රියාවලියයි.


 * මනසට දැනෙන සතුට යනු එම තත් කම්පනය වීමෙන් අපට ඇසෙන 'මිහිරි සංගීතයයි'.


එනම්, රසායනික ක්‍රියාවලියක් නැතිව මනසට සතුටක් දැනිය නොහැකි අතර, මනසේ ඇතිවන සිතුවිලි හෝ බාහිර අත්දැකීම් නැතිව එම රසායනික ක්‍රියාවලිය ඉබේ සිදු වන්නේ ද නැත (මත්ද්‍රව්‍ය වැනි බාහිර බලපෑම් හැර).


කෘතිම සතුට සහ ස්වාභාවික සතුට අතර කුඩා වෙනසක් තිබිය හැකිය:


 * රසායනික (කෘතිම) සතුට: මත්ද්‍රව්‍ය හෝ ඖෂධ මගින් මොළයේ රසායනික මට්ටම බලහත්කාරයෙන් වෙනස් කළ හැකිය. එවිට මනසට සතුටක් දැනුණද, එයට පදනමක් (සැබෑ හේතුවක්) නැත.


 * මනෝමය (ස්වාභාවික) සතුට: ඔබ යහපත් ක්‍රියාවක් කළ විට හෝ ආදරණීයයෙකු දුටු විට මුලින්ම ඇති වන්නේ "සිතුවිල්ලකි". එම සිතුවිල්ල විසින් මොළයට සංඥා නිකුත් කර රසායනික ද්‍රව්‍ය මුදාහරියි.


මනසට දැනෙන සතුට සහ රසායනික ක්‍රියාවලිය යනු කාසියක දෙපැත්ත වැනිය. එකක් "අත්දැකීම" වන අතර අනෙක එම අත්දැකීම නිර්මාණය කරන "ජීව විද්‍යාත්මක මෙවලමයි". 


රසායනික ක්‍රියාවලියකින් තොරව අපට සතුට "දැනෙන්නේ" නැත, නමුත් සතුටු සිතුවිලි හරහා එම රසායනික ක්‍රියාවලිය අපට පාලනය කළ හැකිය.


මොකද්ද මේ ඩොපමින් කියන්නෙ?🤔


ඩොපමින් (Dopamine) කියන්නේ අපට සතුට දෙන රසායනිකයට වඩා, යමක් ලබාගැනීමට අපව පොළඹවන (Motivation) සහ එම දෙය අපේක්ෂාවෙන් (Anticipation) තබන රසායනිකයයි.


ඩොපමින් චක්‍රය (Dopamine Cycle) යනු අදියර 3කින් සිදුවන ක්‍රියාවලියකි


 1. අපේක්ෂාව (The Trigger/Anticipation): යම් දෙයක් කළහොත් ඔබට සතුටක් ලැබෙන බව මොළය තීරණය කරයි. (උදා: ජංගම දුරකථනයේ Notification එකක් ආ විට එය බැලුවොත් රසවත් දෙයක් දැකිය හැකි බව සිතීම). මෙහිදී ඩොපමින් ශ්‍රාවය වීම ආරම්භ වේ.


 2. ක්‍රියාව (The Action): ඔබ එම දෙය කරයි. (උදා: ෆෝන් එක අතට ගෙන Facebook හෝ TikTok පරීක්ෂා කිරීම).


 3.ප්‍රතිඵලය/ත්‍යාගය (The Reward): ඔබට මොහොතකට තෘප්තියක් දැනේ. නමුත් එම තෘප්තිය ඉක්මනින් පහව යයි.


දැන් චක්‍රය නැවත ආරම්භ වේ: එම තෘප්තිය නැති වූ වහාම, නැවත ඒ හා සමාන හෝ ඊට වඩා වැඩි තෘප්තියක් සෙවීමට ඩොපමින් ඔබව පොළඹවයි. මෙය නිමක් නැති චක්‍රයක් බඳුවේ.


ඩොපමින් වල ප්‍රධාන කාර්යය වන්නේ ඔබව "සතුටු කිරීම" නොව, ඔබව "තව තවත් සෙවීම" බවට පත් කිරීමයි.


 * ඔබ රසවත් ආහාරයක් දකින විට ඩොපමින් ඉහළ යන්නේ එය අනුභව කිරීමට පෙරය.


 * ඔබ අන්තර්ජාලයේ තොරතුරු සොයන විට, "ඊළඟ ලිපියේ මීට වඩා හොඳ දෙයක් තිබේවි" කියා ඔබව පොළඹවන්නේ ඩොපමින් මගිනි.


 * ඔබ දැන් මාගෙ මේ ලිපිය කියවීමට සහ මීළඟට තව දෙයක් දැනගැනීමට උනන්දු වන්නේත් ඔබ තුළ ඇති වන මෙම ඩොපමින් උත්තේජනය නිසාම විය හැකිය.


තවත් උදාහරනයකින් දැක්වුවොත් අළුතින් ඇඳුමක් ගන්නා විට දී මොළය තුළ සිදුවන දේ මෙසේ සරලව විස්තර කල හැකිය.


මෙහිදී සතුට ඇත්තේ "ඇඳුමේ" නොව "බලාපොරොත්තුවේ" ය

ඔබ ඇඳුම් කඩයකට යන විට හෝ Online බලන විට මොළයේ ඩොපමින් මට්ටම උපරිමයට යයි. මොළය පවසන්නේ, "ඔබ මේ ඇඳුම ගත්තොත් ඔබ ගොඩක් ලස්සන වේවි, හැමෝම බලාවි, ඔබට ලොකු සතුටක් ලැබේවි" කියායි.


 * මෙහිදී සතුට ලැබෙන්නේ ඇඳුම ඇඳීමෙන් නොව, ඇඳුම "ලැබේවි" යන බලාපොරොත්තුවෙනි.


නමුත් ත්‍යාගය ලැබුණු පසු ඩොපමින් බැස යයි (The Crash).


ඔබ ඇඳුම මිලදී ගෙන ගෙදර ආ පසු, "අපේක්ෂාව" අවසන් වේ. එවිට ඩොපමින් මට්ටම වේගයෙන් පහත වැටේ. ඒ නිසා තමයි ගෙදර ආවාට පසු අර කඩේදී දැනුණු ආසාව හෝ උද්යෝගය නැති වී යන්නේ.


 * මෙය හරියට පිපාසයට වතුර බීවා වැනි දෙයක් නොව, ගින්නට පිදුරු දැමුවා වැනියි. මොහොතකින් ගින්න ඇවිළී නිවී යයි.


එතකොට මොළය ඇයි මේක නවත්වන්නේ නැත්තේ?🤔


මොළය ක්‍රියා කරන්නේ "සතුටු වීමට" වඩා "පැවැත්ම" (Survival) සඳහායි. පරිණාමීය විද්‍යාවට අනුව, අතීතයේ මිනිසාට අලුත් සම්පත් (ආහාර, ඇඳුම්) රැස් කිරීම අවශ්‍ය විය.


මොළය සිතන්නේ: "අර ඇඳුමෙන් ලැබුණු සතුට ඉවරයි, ඒ නිසා තව අලුත් එකක් හොයන්න" කියායි. එවිට ඔබ නැවතත් "අලුත් ඇඳුමක් ගැන හීන මවන්නට" පටන් ගනී. මෙය හරියට මිරිඟුවක් පස්සේ දුවනවා වැනි වැඩකි.


ඩොපමින් කියන්නෙ උගුලක් 🤯 (Dopamine Loop)


වර්තමාන ලෝකයේ Social Media, Video Games සහ Junk Food නිර්මාණය කර ඇත්තේම මේ ඩොපමින් චක්‍රය අනිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමටයි. 


මෙහිදී අප "ඩොපමින් උගුලකට" හිරවේ. එවිට අපට සැබෑ සතුටක් දැනෙන්නේ නැත, දැනෙන්නේ නිරන්තර "නොසන්සුන් බවක්" සහ "තව තවත් අවශ්‍යයි" යන හැඟීමක් පමණි.


කොටින්ම, ඩොපමින් කියන්නේ ඔබව "පොළඹවන" රසායනිකයයි. එය "ලැබුණු දෙයින් සතුටු වීමට" වඩා "නොලැබුණු දෙය සෙවීමට" ඔබව උනන්දු කරයි.


බුදු දහම සහ ඩොපමින් චක්‍රය 😇


බුදු දහමේ එන "තෘෂ්ණාව" සහ මේ ඩොපමින් චක්‍රය අතර පුදුමාකාර සමානකමක් ඇත.


දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාවයි. ඩොපමින් චක්‍රය තුළ අප සැමවිටම ඉන්නේ "සතුට පසුපස හඹා යන" අසන්තුෂ්ටික තත්වයකය.


ඩොපමින් මගින් ලැබෙන තෘප්තිය ඉතා කෙටි කාලීනයි. එය නැති වූ විට අප නැවත හිස් බවක් අත්විඳිමු.


බුදු දහම තුළ "සතුට" යන්න භෞතික ක්‍රියාවලියකට වඩා එහා ගිය, විඤ්ඤාණය සහ චේතනාව මත පදනම් වූ ගැඹුරු විග්‍රහයකි.


බුදු දහමේ උගන්වන "නාම-රූප" න්‍යායට අනුව මනස (නාම) සහ කය (රූප) එකිනෙකට වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතී.


 * රූප (කය): මොළයේ සිදුවන රසායනික ක්‍රියාවලිය "රූප" කොටසට අයත් වේ.


 * නාම (මනස): එම රසායනික වෙනස නිසා ඇතිවන සුවදායක හැඟීම "වේදනා" සහ එය හඳුනාගැනීම "සංඥා" ලෙස හැඳින්වේ.


මෙහිදී රසායනික ක්‍රියාවලිය සිදුවන්නේ කයේ වුවද, එය දැනෙන්නේ සිතටයි. චිත්තානුපස්සනාවට අනුව සිතේ ඇතිවන ඕනෑම වෙනසක් කයටත්, කයේ ඇතිවන වෙනසක් සිතටත් බලපාන බව බුදු දහමේ සදහන්වේ.


බුදු දහම සතුට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වයි:


 * ආමිස සුඛය (භෞතික සතුට): 


ඉන්ද්‍රියයන් පිනවීමෙන් (උදාහරණ ලෙස රසවත් ආහාරයක් ගැනීම, රූපයක් බැලීම) ලබන සතුටයි."රසායනික ක්‍රියාවලිය" ප්‍රබලවම සිදුවන්නේ මෙහිදීය. මෙය තාවකාලිකයි.


 * නිරාමිස සුඛය (අධ්‍යාත්මික සතුට): භෞතික දේවල් මත යැපෙන්නේ නැතිව, මනස සංසුන් කිරීමෙන් (භාවනාවෙන් හෝ අත්හැරීමෙන්) ලබන සතුටයි. මෙහිදීද මොළයේ යම් රසායනික වෙනස්කම් සිදු වුවද, එහි මූලාශ්‍රය බාහිර රූපයක් හෝ ශබ්දයක් නොව "අභ්‍යන්තර ප්‍රඥාවයි".


"මනෝපුබ්බංගමා ධම්මා" (සිත පෙරදැරි වීම)

ධම්මපදයේ පළමු ගාථාවෙන්ම කියවෙන්නේ "සෑම ධර්මයකටම (සෑම අත්දැකීමකටම) සිත පෙරදැරි වන" බවයි.


විද්‍යාව පවසන්නේ රසායනික ක්‍රියාවලිය නිසා සතුට ඇතිවන බවයි. 


නමුත් බුදු දහමට අනුව, බොහෝ විට සිතේ ඇතිවන "කුසල්" හෝ "අකුසල්" සිතුවිලි නිසා ඒ හා අනුරූප රූපී (භෞතික) වෙනස්කම් කය තුළ නිර්මාණය වේ.


උදාහරණයක් ලෙස: ඔබ මෛත්‍රී භාවනාව කරන විට, ඔබේ සිතේ ඇතිවන "මෛත්‍රී සිතුවිල්ල" නිසා කය තුළ ප්‍රසන්න රසායනික වෙනස්කම් ඇති වී මුළු ශරීරයටම සුවයක් දැනේ.


බුදු දහම පෙන්වා දෙන්නේ මේ රසායනික ක්‍රියාවලිය නිසා ඇතිවන සතුට පවා වෙනස්වන බවයි. රසායනික මට්ටම පහත වැටුණු වහාම ඒ සතුට නැති වී යයි. එබැවින් බුදු දහමේ අරමුණ වන්නේ රසායනික ක්‍රියාවලීන් මත යැපෙන සතුට නොව, ඒ සියල්ලෙන් ඔබ්බට ගිය "උපේක්ෂාව" හෝ "නිවන" නැමැති ස්ථිර සැනසීම ලබා ගැනීමයි.


බුදු දහමට අනුව රසායනික ක්‍රියාවලිය යනු මනස විසින් මෙහෙයවන "කය" නැමති යන්ත්‍රයේ සිදුවන ක්‍රියාවලියයි. මනස ප්‍රධාන වේ (මනෝ සෙට්ඨා). ඔබ යහපත් සිතුවිලි වගා කරන්නේ නම්, ඔබේ කය තුළ සතුටුදායක රසායනික ක්‍රියාවලියක් ඉබේම නිර්මාණය වේ. එය බුදු දහමේ ප්‍රීති සුඛ ලෙස හැදින්වේ.


අද කාලයේ අපේ මොළය "අධි-උත්තේජනය" (Over-stimulated) වී ඇත. ෆෝන් එක බැලීම, වීඩියෝ නැරඹීම වැනි දේ නිසා ඩොපමින් මට්ටම නිතරම ඉහළ මට්ටමක පවතී. මෙය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට නම්,


 * කම්මැලිකමට ඉඩ දෙන්න 

දවසකට විනාඩි 10-15 ක් කිසිම දෙයක් නොකර (ෆෝන් එක නැතිව) නිකම්ම ඉන්න. එවිට මොළයේ ඩොපමින් සංවේදක නැවත යථා තත්ත්වයට පත් වේ (Reset).


 * ඔබව තෘප්තිමත් කරන දේ ප්‍රමාද කරන්න: 

සිතට යමක් කිරීමට අවශ්‍ය වූ වහාම එය නොකර සිටීම. උදාහරණයක් ලෙස, පණිවිඩයක් ආ විට එය එසැණින් බලන්නේ නැතිව විනාඩි 10කින් බැලීම.


 * අමාරු දේ මුලින් කරන්න: 

ඩොපමින් මගින් අපව ලෙහෙසි දේට යොමු කරයි. නමුත් ව්‍යායාම කිරීම, පොතක් කියවීම වැනි "අමාරු" දේවලින් පසුව ලැබෙන සතුට වඩාත් තිරසාරයි.


ඩොපමින් යනු "තව ඕනේ" කියන නොසන්සුන් සතුටයි. නමුත් සෙරොටොනින් යනු "මට දැන් තියෙන දේ ඇති" කියන සන්සුන් සතුටයි.

සෙරොටොනින් ස්වභාවිකව වැඩි කරගැනීමට,


 * කෘතඥතාව (Gratitude) පුරුදු පුහුනු විය යුතුය. එනම් තමන්ට ලැබී ඇති දේ ගැන සිතා සතුටු වීම. මෙය බුදු දහමේ එන "සන්තුට්ඨි පරමං ධනං" (සතුට පරම ධනයයි) යන ඉගැන්වීමට සමානයි.


 * උදෑසන හිරු එළියට නිරාවරණය වීමෙන් සෙරොටොනින් මට්ටම ඉහළ යයි.


 * මෛත්‍රී භාවනාව එහෙමත් නැතිනම් අන් අයට යහපතක් ප්‍රාර්ථනා කරන විට මොළයේ ඔක්සිටොසින් සහ සෙරොටොනින් ශ්‍රාවය වී සිතේ නොසන්සුන් බව නැති වේ.


භාවනාවකදී සිත සමාධිගත වන විට මොළයේ රසායනික ක්‍රියාවලීන් ඉක්මවා ගිය සතුටක් දැනේ:


 * ප්‍රීතිය: මෙය ඩොපමින් වලට සමාන නමුත් වඩාත් ප්‍රණීත, ශරීරය පුරා විහිදී යන ප්‍රබෝධයකි.


 * සුඛය: මෙය සෙරොටොනින් වලට සමානයි. ඉතාමත් ගැඹුරු, නිසල, සන්සුන් සැපයකි.


බුදු දහම ට අනුව මේ සියලු රසායනික ක්‍රියාවලීන් සහ හැඟීම් "සංඛාර" (සකස් කළ දේවල්) බවයි. 


ඒවා ඇති වී නැති වී යන බව (අනිත්‍ය බව) අවබෝධ කරගැනීමෙන්, රසායනික ද්‍රව්‍යවලට වහල් නොවී ඉන්නට මනසට පුළුවන.


අද දවසේ ඔබ පුරුදුව සිටින එක් "ඩොපමින් පුරුද්දක්" (උදා: කෑම කන ගමන් ෆෝන් එක බැලීම) නතර කර, ඒ වෙනුවට එම ක්‍රියාවේ ම නිරත වෙමින් එහි රසය හෝ සුවය විඳීමට (සති සම්පජඤ්ඤය) උත්සාහ කර බලන්න කැමතිද?


මෙය බුදු දහමේ එන "තෘෂ්ණාවේ" ස්වභාවය විද්‍යාත්මකව තහවුරු කිරීමක් වැනියි.


බුදු දහම ට අනුව මෙය “යාම්පිච්ඡං නලභති තම්පි දුක්ඛං" (කැමති දේ නොලැබීම දුකකි) යන්න පමණක් නොව, ලැබුණු පසු එහි ඇති හිස් බවත් දුකක් බවයි.


 * අනිත්‍යය: ඇඳුම ගත් සැනින් ඒ පිළිබඳව තිබූ "ආසාව" නැති වී යයි. ඇඳුම පවතී, නමුත් ආසාව මිය යයි.


 * තෘෂ්ණාව: තෘෂ්ණාව කියන්නේ 

ලැබෙන දෙයින් සතුටු වීම නොව, "තව තවත් සෙවීමයි".


මෙයින් බේරෙන්නේ කොහොමද?🤔


 * පැය 48 නීතිය: දෙයක් දුටු සැනින් එය මිලදී ගන්නේ නැතිව, පැය 48ක් ඉන්න. එවිට අර ඩොපමින් මට්ටම බැස ගොස්, ඔබට "ඇත්තටම මේක අවශ්‍යද?" කියා බුද්ධියෙන් තීරණය කළ හැකියි.


 * සතිය (Mindfulness): දෙයක් ලබා ගන්නා විට ඔබේ සිත දෙස බලන්න. "දැන් මගේ සිතේ ඩොපමින් වැඩි වෙලා, මේක තාවකාලික ආසාවක් විතරයි" කියා සිතට කියන්න.


 * අත්හැරීමේ සතුට (Joy of Letting Go): අලුත් දෙයක් ගන්නවාට වඩා, තියෙන දෙයක් අන්සතු කිරීමෙන් හෝ තිබෙන දෙයින් සතුටු වීමෙන් ලැබෙන "සෙරොටොනින්" සතුට පුරුදු කරන්න.


ඔබ ඊළඟ වතාවේ ඔබේ සිත ඇතුළේ සිදුවන මේ "ඩොපමින් රංගනය" දෙස නිකමට වගේ බලා සිටින්න උත්සාහ කරන්න. එවිට ඔබටම පුදුම හිතේවි සිත අපව රවටන හැටි ගැන.


ඇඳුම් මිලදී ගැනීම (Shopping), සූදුව (Gambling), සමාජ මාධ්‍ය (Social Media) සහ මත්ද්‍රව්‍ය (Drugs) යන මේ සියල්ලම මොළය තුළ ක්‍රියා කරන්නේ එකම යාන්ත්‍රණයකට අනුවයි.


ඩොපමින් මට්ටම (Dopamine Spike)

 * සාමාන්‍ය සතුට: උදාහරණයක් ලෙස රසවත් කෑමක් කෑ විට ඩොපමින් 50% - 100% කින් පමණ වැඩි වේ.


 * ඇඳුම් මිලදී ගැනීම: මෙහිදී ඇතිවන උද්යෝගය මත්ද්‍රව්‍යයකට වඩා අඩු වුවත්, එය මොළයට දෙන "සංඥාව" එකමය.


 * මත්ද්‍රව්‍ය: හෙරොයින් හෝ අයිස් වැනි මත්ද්‍රව්‍ය මගින් ඩොපමින් මට්ටම 500% - 1000% දක්වා කෘතිමව සහ වේගයෙන් ඉහළ නංවයි.


මත්ද්‍රව්‍ය ගන්නා පුද්ගලයෙකුට මුලදී දැනුණු සතුට ලබා ගැනීමට පසුව වැඩි මාත්‍රාවක් අවශ්‍ය වේ. ඇඳුම් වැනි  වෙනත් දෙයක් ගන්නා විටත් සිදුවන්නේ මෙයයි.


 * මුල් කාලයේ රුපියල් 2,000ක දෙයකින් ලැබුණු සතුට, පසුව ලැබෙන්නේ නැත. එවිට ඔබ ඊට වඩා මිල අධික හෝ දේවල් 3-4ක් එකවර ගැනීමට පෙළඹෙන්නේ අර "සතුටු මට්ටම" පවත්වා ගැනීමටයි.


මත්ද්‍රව්‍ය ගන්නා කෙනා එය නැති විට දැඩි පීඩනයකට පත්වනවා සේම, ඇබ්බැහි වූවෙකුට අලුත් දෙයක් මිලදී ගැනීමට නොලැබුණු විට දැඩි නොසන්සුන් බවක් (Restlessness) දැනේ. එනමි, "ගත්තට පස්සේ ආසාව නැති වෙනවා" නම්, එයින් අදහස් වන්නේ ඔබ ලබා ගන්න දෙයට වඩා එය ගන්නා විට දැනෙන ඒ "ඩොපමින් වේගයට" (Rush) ඇබ්බැහි වී ඇති බවයි.


බුදු දහමේ එන "නත්ථි තණ්හා සමා නදී" (තෘෂ්ණාව වැනි ගංගාවක් නැත) යන දේශනාව මෙයට කදිම උදාහරණයකි.


 * ගඟකට කොපමණ වතුර වැටුණත් එය පිරෙන්නේ නැත.


 * තෘෂ්ණාවට (ඩොපමින් වලට) කොපමණ වස්තුව දුන්නත් එය සෑහීමකට පත්වන්නේ නැත.


ඔබේ මොළය "අළුතින් දේවල් ගන්න එක නවත්වන්නේම නැහැ" කියන්නේ ඒ නිසයි. මොළය ඉල්ලන්නේ දේවල් නොව, දේවල් හරහා ලැබෙන අර කෙටි කාලීන රසායනික උත්තේජනයයි.


අපට කළ හැක්කේ කුමක්ද?🤔

මේක හරියට "බිල්ලෙක්" අඳුනා ගත්තා වගේ වැඩක්.


  "මේ මගේ මොළය මට දෙන රසායනික උගුලක්" කියා ඔබ දැන් දන්නවා. ඒ අවබෝධයම ඇබ්බැහියෙන් මිදෙන්න ලොකු ශක්තියක්.


 * සැබෑ අවශ්‍යතාවය (ප්‍රත්‍යවේක්ෂා කිරීම): බුදු දහමේ උගන්වන පරිදි, ඇඳුමක් නම් එය ගන්නා විට එය "සැරසෙන්නට" නොව, සීතලෙන්/ආරක්ෂා වීමට සහ ලැජ්ජාව වසා ගැනීමට පමණක් බව සිතන්න.


 මත්ද්‍රව්‍ය හෝ Shopping වැනි දේවලින් ලැබෙන "අකුසල් මුල් වූ" සතුට වෙනුවට, අසරණයෙකුට උදව් කිරීමක් වැනි දෙයකින් ලැබෙන සන්සුන් සතුට අත්හදා බලන්න.


බුදු දහමේ මූලිකම ඉගැන්වීමක් වන "සංසාර චක්‍රය" විද්‍යාත්මකව ක්‍රියා කරන ආකාරය.


ඩොපමින් නිසා අපේ ජීවිතය "නොනවතින රෝදයක්" වන්නේ මේ ආකාරයටයි:

භව චක්‍රය සහ ඩොපමින්

බුදු දහමේ පටිච්චසමුප්පාදයට අනුව: වේදනා පච්චයා තණ්හා -> තණ්හා පච්චයා උපාදාන -> උපාදාන පච්චයා භවෝ.

 * වේදනා (රසායනික දැනීම): මොළයට දැනෙන සතුට.

 * තණ්හා (ඩොපමින් පොළඹවීම): ඒ සතුට නැවත නැවත සෙවීම.

 * උපාදාන (ඇබ්බැහිය): "මට මේක ඕනෑමයි" කියා තදින් අල්ලා ගැනීම.

 * භව (රෝදය කැරකීම): එම ආසාව නිසාම අපි නැවත නැවතත් එම ක්‍රියාවේම යෙදීම.


අපි හිතන්නේ අපි ඉදිරියට යනවා කියලා, නමුත් ඇත්තටම අපි කරන්නේ එකම රවුමේ කැරකෙන එකයි. අලුත් ඇඳුම, අලුත් ෆෝන් , අලුත් ඉලක්කය - මේ හැම දෙයක්ම අවසානයේදී ගෙන එන්නේ අර පරණ හිස් බවමයි.


මනෝවිද්‍යාවේ මේ සඳහා අපූරු නමක් තිබෙනවා: Hedonic Treadmill. ඔබ Treadmill එකක කොතරම් වේගයෙන් දිව්වත් ඔබ ඉන්නේ එකම තැනයි.


ඩොපමින් අපව පොළඹවන්නේ ඊළඟ පියවරේදී සැබෑ සතුට හමුවේවි කියායි. නමුත් ඊළඟ පියවරට ගිය විට, සතුට තවත් පියවරක් ඉදිරියට යනවා. අපි මැරෙන තුරුම මේ රෝදය පාගමින් දුවනවා.


රෝදය නවත්වන්න නම්, රෝදය කැරකවන ශක්තිය අඩාල කරන්න ඕනේ.

 *  "මේ කැරකෙන්නේ රෝදයක්, මම මේ රවටනු ලබනවා" කියා අවබෝධ කර ගැනීම. ඔබ දැන් කරමින් ඉන්නේ මෙයයි.


 * සතුටක් දැනෙන විට එය "ඉතා ඉහළින්" ගන්නේ නැතිව, එයත් ඇති වී නැති වී යන රසායනික ස්වභාවයක් බව දැන දැනම අත්විඳීම.


 * ඕනෑම දෙයක සීමාව හඳුනා ගෙන, ඩොපමින් වලට අපව පාලනය කිරීමට ඉඩ නොදී, අපේ අවශ්‍යතාවය මත පමණක් තීරණ ගැනීම.


බුදු දහමේ පරම අරමුණ වන නිවන යනු මේ "නොනවතින රෝදයෙන්" සම්පූර්ණයෙන්ම බැස ගැනීමයි. එහිදී ඩොපමින් හෝ වෙනත් රසායනික මත යැපෙන සතුටක් නැත. එය "සන්ති සුඛය" (සන්සුන් බවේ සතුට) ලෙස හැඳින්වේ.


©️මධූ වීරසූරිය✍🏼


මේක තේරුම් ගත්තම දිවිල්ල අවසන්.


@highlight @everyone Lalitha Abayasundara Sarath Kumara Perera Maneesha Shyamali Vision 8 Academy Amintha Sugath De Silva Harshani Viranga Hewage Nihal Wedage Oshadi Senanayaka Nilanka Nawagamuwa Vinitha Ananda Ranjan 

#vision8academy #visionaryguruamintha 

#mindfulness #MindfulLiving 

#mindfulmovement #mindfulparenting #mindfulnesspractice

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...