Tuesday, June 23, 2026

 අපේ සමාජයේ පිරිමියෙක් ගැන තියෙන expectation එක සරලයි.


"ඔයා පිරිමියෙක්. ඒ නිසා ශක්තිමත් වෙන්න, කවදාවත්ම අඬන්න එපා, මොන ප්‍රශ්නෙ ආවත් ඒක handle කරගන්න"


මේ වචන නිසාම මම සෙෂන් වලදි පිරිමින්ට මොන ප්‍රශ්නෙ තිබුණත් නිතරම දකින්නේ වෙනස්ම, සර්, මට කිසිම ප්‍රශ්නයක් නෑ” කියන පිරිමියෙක්ව. ඒත් ටිකක් වෙලා කතා කරගෙන යද්දි, ඇතුලේ මහා බරක් දරගෙන ඉන්න කෙනෙක් මට පේනවා. මේක තමයි නිහඬ පුරුෂ විශාදය, silent male depression කියන්නෙ. ලංකාවේ තවමත් අඩුවෙන් කතා වෙන, නමුත් ගොඩක් පිරිමින්ට තියෙන තත්ත්වයක්.


මේ depression එක සාම්ප්‍රදායික විදිහට පේන්නෙ නැහැ. මේ පිරිමි අඬන්නේ නැහැ, පේන්න දුක්වෙන්නෙ නැහැ. ඒ වෙනුවට වෙනස් ලක්ෂණ මෙයාලගෙ තියෙනවා. 


- වැඩ වලට හිරවෙලා, ගෙදර එක්ක emotionally disconnect වෙලා ඉන්න එක

- ගොඩක් තාත්තලා වගේ කතා කරන්න කැමති නැතිව නිශ්ශබ්දව ඉන්න එක. 

- සමහර වෙලාවට මත්පැන් හෝ දුම්බීමට යොමුවෙන එකත් තියෙනවා.


ඒත් එයාලා ඇතුලේ තියෙන්නේ එකම සිතුවිල්ලක් විතරයි. මම පිරිමියෙක්. මේක කාටවත් නොකියා මම දරාගන්න ඕනි කියන එක. මොකද පිරිමියෙක් තමන්ගේ දුක express කරන එක “දුර්වලකමක්” එකක් කියලා හිතන එක අපේ අයගෙ තියෙන ලොකුම වරදක් එක. 


ඒ නිසා මිත්‍රවරුනි මතක තියාගන්න, 


" පිරිමියෙක් ශක්තිමත් වෙන්නේ තමන්ගෙ දුක හංගලා නෙමෙයි,  දුක දැනගෙන, ඒක share කරන්න පුළුවන් වෙද්දි. අපි හැමෝටම තියෙන සීමාවට විතරක් දරාගද්දි"


Silent depression එකෙන් ඔයාගෙ ජීවිත කඩා වැටෙන්න ඉඩ දෙන්න එපා. උපදේශනයකට හරි යොමුවෙන්න! 


Pramod Weerarathna 

Motivator | Life Coach 

Transformation Mentor


#pramodweerarathna #හිනාවෙලා_හිටපං

 ලංකාවේ ගොඩක් අය හිතන්නේ ආදරේ කරලා Breakup වුණාම විතරයි රිදෙන්නේ කියලා. ඒත් ඇත්තම කතාව, යාළුවෙක් වගේ ඉඳලා, ඊට වඩා ටිකක් කිට්ටු වෙලා, හැබැයි Boy friend හෝ Girl friend කියලා නමක් නැතුව ඇදගෙන යන මේ "Situationship" එකක් ඉවර වුණාම දැනෙන රිදීම ඊට වඩා දරුණුයි. ඒක හරියට පොතක් කියව කියව ඉන්නකොට කවුරු හරි මැද පිටු ටිකක් ඉරා දැම්මා වගේ වැඩක්. අපිට තේරෙන්නේ නෑ මොකක්ද වුණේ කියලා. හැමදේම අතරමඟ නැවතුණාම, ඒක ඇයි වුණේ කියලා හිත හිතා අපේ මොළය අපිටම වද දෙන්න පටන් ගන්නවා.


සාමාන්‍ය ලව් එකක් කැඩෙද්දී "අපි මේ මේ හේතු නිසා වෙන් වෙමු" කියලා වචනයක් හරි ඉතිරි වෙනවා. හැබැයි මේකේ එහෙම නෑ. එකපාරටම මැසේජ් සීන් නොකර ඉන්නවා, නැත්නම් බ්ලොක් කරනවා, එහෙමත් නැත්නම් අහක බලාගෙන යනවා. කිසිම හේතුවක් නැතුව මෙහෙම මඟහැරලා යද්දී, ඒක දරාගන්න හරිම අමාරුයි. අනිත් පැත්තෙන්, මේ වගේ බැඳීමකදී හැමදාම එක විදිහට ආදරේ ලැබෙන්නේ නෑ. දවසක් පුදුම විදිහට ආදරේ පෙන්නනවා, ඊළඟ දවස් තුනේම නෑ. මේ නිසා අපේ හිත හරියට සූදුවකට ඇබ්බැහි වුණා වගේ වෙනවා. කවදා හරි එයා මගේම වෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නකොට එකපාරටම ඒක නැති වුණාම පිස්සු හැදෙනවා වගේ දැනෙන්නේ ඒකයි.


මේකේ තියෙන ලොකුම අසාධාරණය තමයි, අපිට කාටවත් කියලා අඬන්නවත් අයිතියක් නැති එක. කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි එක්ක බ්‍රේකප් වුණොත් යාලුවන්ට කියලා අඬන්න පුළුවන්. හැබැයි මේකක් කැඩුණාම යාලුවෙකුට කිව්වොත් කියන්නේ "ඉතින් උඹලා යාළුවෙලා හිටියේ නෑනේ, ඕකට ඔච්චර මැරෙන්න හදන්න එපා" කියලා. අන්න ඒ වෙලාවට තමන්ගේ දුක සාධාරණ නෑ වගේ හිතිලා, මිනිස්සු ඒක හිත ඇතුළේම තද කරන් තනිවම විඳවනවා. ඒ විතරක් නෙවෙයි, අපි මෙතනදී ඇත්තටම අඬන්නේ අර පුද්ගලයා නැති වුණාට විතරක් නෙවෙයි; "එයා එක්ක මෙහෙම ලස්සනට ඉන්න තිබුණා" කියලා අපි හිතින් මවාගත්ත ලස්සන අනාගතය නැති වුණු එකටයි.


මේ හැමදේටම වඩා තමන්ගේ හිතට දැනෙන ලොකුම පහර තමයි, "මම එයාට පෙම්වතා හෝ පෙම්වතිය කරගන්න තරම් වටින්නේ නැතිද?" කියන සිතුවිල්ල. තමන්ගේ අඩුපාඩුවක් නිසාද එයා මට ආදරෙයි කියන්න මැලි වුණේ කියලා හිතන්න ගත්තම තමන් ගැනම තියෙන විශ්වාසය පල්ලමටම වැටෙනවා. "අපි දෙන්නා අතර එච්චර ලස්සන බැඳීමක් තිබුණා, ඒත් එයා මාව තෝරාගත්තේ නෑ" කියන පරස්පර අදහස් දෙක අස්සේ හිරවුණාම ඔලුව පිස්සු හැදෙනවා වගේ වෙනවා.


අන්තිමේදී වෙන්නේ, කිසිම රණ්ඩුවක්වත් නැතුව මෙච්චර ළඟින් හිටපු කෙනෙක් එකපාරටම අන්‍යයෙක් වුණාම, මිනිස්සු කෙරෙහි තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන එකයි. මින්ස්සු හිතන්න පටන් ගන්නවා "මින්ස්සුන්ව විශ්වාස කරන්න බෑ" කියලා. ඊටපස්සේ ඇත්තටම තමන්ට ආදරේ කරන කෙනෙක් ආවත්, ලං කරගන්න බය වෙනවා. ඉතින්, කවුරු මොනවා කිව්වත්, සම්බන්ධතාවයට "නමක්" නැති වුණාට, හිතට දැනුණු ආදරේ වගේම ඒක කැඩුණාම දැනෙන රිදීමත් සියයට සියයක්ම ඇත්ත.


Hasitha A Pramoda

මනෝවිද්‍යාත්මක උපදේශක,

පෞරුෂ සහ චිත්තවේගීය සංවර්ධන විශේෂඥ,

Psychological Guidance ,

Therapist & Mental Health Advocate.


ඔබ වෙනුවෙන් ලියමී..✍️

#MotivationSinhala #SuccessMindset #NeverGiveUp #LifeLessons #SriLanka

 සතෙකුගේ මරණයකදී මිනිස් මරණයකට වඩා හඬන අය අව්‍යාජ ආදරය සහ බිඳුණු විශ්වාසයේ කතාව 💔


සමහර වෙලාවට අපිට දකින්න ලැබෙනවා තමන් ආදරයෙන් හදපු බල්ලෙක්, පූසෙක් මරුණාම දවස් ගණන් කෑම නොකා, පිස්සුවෙන් වගේ අඬන මිනිස්සු. හැබැයි ළඟම නෑදෑයෙක් මරුණත් ඔවුන් ඒ තරම්ම හැඟීම්බර වෙන්නේ නැති වෙන්න පුළුවන්. පිටතින් බලන කෙනෙකුට මේක පුදුමයක් වගේ පෙනුණත්, මේ හැසිරීම පිටුපස මිනිස් සබඳතාවලින් සිත් රිදවාගත් හදවතක රහසිගත වේදනාව සැඟවී තිබෙනවා.


මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන විදිහට, මිනිස් මරණයකට වඩා සතෙකුගේ වෙන්වීමකදී කෙනෙක් මෙතරම් කම්පා වීමට ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා


1. මිනිස් සබඳතාවලින් ලැබුණු සිත් රිදවීම් 


අපි ජීවිතයේ වැඩියෙන්ම රිදවාගන්නේ, පාවාදීම්වලට ලක්වෙන්නේ සහ කොන්වෙන්නේ මිනිසුන්ගෙන්. ආදරය, යාළුකම හෝ නෑදෑකම් ඇතුළේ කොන්දේසි, විනිශ්චයන් සහ අපේක්ෂාවන් ගොඩක් තියෙනවා. මිනිසුන්ගෙන් නැවත නැවතත් සිත් රිදවාගන්නා මිනිසා, කාලයත් එක්ක තමන් වටා ආරක්ෂිත පවුරක් හදාගන්නවා.


2. සතුන්ගේ කොන්දේසි විරහිත අව්‍යාජ ආදරය


සතුන් අපෙන් තරාතිරම, ලස්සන, සල්ලි හෝ වැරදි අඩුපාඩු හොයන්නේ නැහැ. ඔබ ලෝකයටම වැරදිකාරයෙක් වුණත්, ඔබේ සුරතලාට ඔබයි ඔවුන්ගේ මුළු ලෝකයම. ඔවුන්ගේ ආදරය 100%ක්ම අව්‍යාජයි, නිහඬයි, වංචාවක් නැහැ. මිනිසුන්ගෙන් බැටකාපු කෙනෙකුට මේ සත්ව ආදරය කියන්නේ ලොකු  සුව කිරීමක්


ඔබේ රහස් කාටවත් නොකියන, ඔබව විනිශ්චය නොකරන, ඔබව තනි නොකරන එකම ජීවියා මියගිය විට දැනෙන පාලුව, ඕනෑම මිනිස් වෙන්වීමකට වඩා දරුණු විය හැකියි.


සතෙකුගේ මරණයකදී ඔබ හඬන්නේ මිනිසුන්ට වෛර කරන නිසා නෙවෙයි මිනිසුන් අතරින් ඔබට අහිමි වුණු ඒ  අව්‍යාජත්වය සහ ආරක්ෂාව ඒ සතාගෙන් ඔබට නොඅඩුව ලැබුණු නිසයි. එම නිසා, එවැනි සංවේදී මිනිසුන් දෙස සත්තුන්ට විතරයි ආදරේ කියා වැරදි කෝණයකින් බලන්න එපා. ඔවුන් ළඟ තියෙන්නේ ලෝකයෙන් රිදුම් ලබා සතුන්ගෙන් සැනසීම සෙවූ අතිශය සංවේදී

 පිවිතුරු හදවතක්.


  #PetLoss #GriefPsychology #UnconditionalLove #HumanNature #EmotionalHealing #SmartAdvisor #Empathy #PureLove #SriLanka #MentalHealthAwareness

 ___🪷සතිය පිළිබඳ දැක්ම සියලු සැකයන් විනාශ කරයි..🌻✨️


    සතිමත් වන විට සියලු සැකයන් අතුරුදහන් වේ. සතිය ගැන ඇසීම එක දෙයකි, නමුත් සතිය හඳුනා ගැනීම ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. 


    හුදෙක් සතිය ගැන ඇසීම තුළින් මිනිසෙකුට සියයට සියයක් ඒත්තු ගැන්විය නොහැක. නමුත් ඔහු සතිය මුහුණට මුහුණ දැක හඳුනාගතහොත්, ඔහුට සම්පූර්ණයෙන්ම සතියේ බල මහිමය ඒත්තු ගැන්වේ."


    සතිය පිළිබඳ දර්ශනයෙන් පසු අවිධිමත් නමස්කාර පූජා විධි පහව යයි. මේ අනුව බාහිර ලෝකයෙන්  ආරක්‍ෂාව ඉල්ලා කරන යාදිනිය, යාඥා අවසන්.


"The vision of mindfulness destroys all doubts..


When one becomes mindful, all doubts disappear. Hearing about mindfulness is one thing, but truly recognizing it is something entirely different.


A person cannot be one hundred percent convinced merely by hearing about mindfulness. But if he sees and recognizes it face-to-face, he becomes completely convinced of the magnificent power of mindfulness."


After realizing the vision of mindfulness, ritualistic worship and offerings fade away. Accordingly, the pleas and prayers seeking protection from the external world come to an end.


#Bare_Attention 

#Seed_Of_Mindfulness 

#Power_Of_Mindfulness 

#Power_Of_Now

 සම්බන්ධතා බිඳදැමීමේ වටිනාකම - The Art of Disconnecting


"අනේ ඒ මනුස්සයා මගේ යාළුවෙක්නේ, මම කොහොමද එයාගෙන් අයින් වෙන්නේ?" "අපි පොඩි කාලේ ඉඳන් එකට හිටපු අය, මට එයාව දාලා යන්න හිත දෙන්නේ නෑ."


සමාජය අපිට උගන්නලා තියෙන්නේ හැමෝම එක්ක එකතු වෙලා, හොඳින් ඉන්න එක තමයි "මනුස්සකම" කියලා. හැබැයි, ඔයාගේ වර්ධනයට, ඔයාගේ මානසික නිදහසට බාධා කරන මිනිස්සුත් එක්කම ඉන්න එක "මනුස්සකමක්" නෙමෙයි—ඒක ඔයාගේම ජීවිතේට කරන අපරාධයක්!


1. ඔයාගේ 'ගුණාත්මක භාවය' (Quality of Life) තීරණය වෙන්නේ ඔයා වටේ ඉන්න මිනිස්සුන්ගෙන්


ඔයාගේ ආදායම, ඔයාගේ හිතන විදිහ, ඔයාගේ අරමුණු—මේ හැමදේම ඔයා නිතරම ඇසුරු කරන අයගේ සාමාන්‍ය එකතුවක් (Average) වෙන්න පුළුවන්. ඔයාගේ වටේ ඉන්නේ නිතරම මැසිවිලි නගන, අලුත් දෙයක් කරන්න බය, ඔයාව පහත් කරලා කතා කරන මිනිස්සු නම්, ඔයා කවදාවත් ඒ අච්චුවෙන් පිට පනින්නේ නැහැ. සම්බන්ධතා බිඳ දානවා කියන්නේ මිනිස්සුන්ට වෛර කරන එක නෙමෙයි, ඔයාගේ මනසට එන "සෘණාත්මක ශක්තිය" නතර කරන එකයි.


2. දොරවල් වහන්න බය වෙන්න එපා


සමහර දොරවල් වහන්න වෙන්නේ අලුත් දොරවල් විවෘත කරන්නම නෙමෙයි, ඔයාගේ සාමය ආරක්ෂා කරන්න. සමහර මිනිස්සු ඔයාගේ ජීවිතේට එන්නේ ඔයාගේ ගමනට උදව් වෙන්න නෙමෙයි, ඔයාගේ කාලය සහ ශක්තිය සූරාගෙන කන්නයි. ඔවුන්ව ඔබේ ජීවිතයෙන් ඉවත් කරන එක, ඔයා ඔයාටම කරගන්නා ලොකුම ගෞරවයයි.


3. 'තනිකම' කියන්නේ පරාජයක් නෙමෙයි, ඒක නිදහසක්


මිනිස්සු ගොඩක් අය සම්බන්ධතා බිඳ දාන්න බය වෙන්නේ තනියම ඉන්න වෙයි කියලා. හැබැයි, වැරදි මිනිස්සු පිරිසක් මැද තනිකම දැනෙනවාට වඩා, තනියම ඉන්න එක දහස් ගුණයකින් සැපයි. ඒ තනිකම ඇතුළේ තමයි ඔයාට ඔයාව හම්බවෙන්නේ, ඔයාට අලුත් දේවල් ගැන හිතන්න නිදහස ලැබෙන්නේ.


🔥 කොහොමද මේ 'Disconnecting' කලාව ප්‍රගුණ කරන්නේ?


ඔයාගේ සීමාවන් (Boundaries) නිර්මාණය කරන්න: ඔයාගේ සාමය කඩ කරන ඕනෑම කෙනෙක් එක්ක කෙලින්ම කතා කරන්න. ඒක වෙනස් වෙන්නේ නැත්නම්, නිහඬවම ඒ සම්බන්ධතාවයෙන් ඈත් වෙන්න. ඔයා කාටවත් එහෙම ඈත් වෙන්න ඕනේ කියලා පැහැදිලි කිරීමක් දෙන්න බැඳිලා නැහැ.


පැරණි බැඳීම්වලට වහල් වෙන්න එපා: "අපි අවුරුදු 10ක් යාළුවෝ" කියන එක, ඒ කෙනා අද ඔයාගේ ජීවිතේ විනාශ කරනවා නම් හේතුවක් වෙන්න බැහැ. අතීතය නෙමෙයි, වර්තමානය සහ අනාගතය තමයි වැදගත්.


ඔයාගේ වර්ධනයට උදව් කරන අයව තෝරාගන්න: ඔයාගේ අරමුණු තේරුම් ගන්නා, ඔයාව දිරිමත් කරන මිනිස්සුන්ව විතරක් ඔයාගේ "Inner Circle" එකට ගන්න.


සත්‍යය මේකයි: ඔයාගේ දියුණුවට බාධා කරන මිනිස්සුන්ව අයින් කරන්නේ නැතුව ඔයාට කවදාවත් ඉහළට යන්න බැහැ. ඒ දොරවල් වහන්න බය වෙන්න එපා. මොකද ඔයා ඒ දොර වහපු ගමන් තමයි, ඔයාට ඇත්තටම අවශ්‍ය මාවතේ දොරවල් ටික ටික විවෘත වෙන්න පටන් ගන්නේ.


ඔයාගේ ජීවිතේ අද ඉඳන් අයින් කරන්න ඕනේ, හැබැයි අයින් කරන්න බය වෙලා ඉන්න ඒ "පැරණි දොර" මොකක්ද? අදම ඒක වහන්න ලෑස්තිද?


#TheArtOfDisconnecting #SetBoundaries #ProtectYourPeace #PersonalGrowth #ToxicPeople #Mastery #ජීවිතයදිනමු #නිදහස

 මේ ලඟදි දවසක මම ඉන්න aprtment එකට ආපු යාලුවෙක් කිවුවා "උඹ නම් මාර Lucky නේ, තනියෙම ආතල් එකේ ඉන්නවා, හිතුනොත් උයනවා, නැත්තම් කඩෙන් කනවා,පට්ට ආතල් ජීවිතයක්නේ, අපිට නෑනේ ඔහොම". එයා දකිනවා මගේ නිදහස, හැබැයි මගේ පැත්තෙන් මම ආස කරනවා family එකක් විදියට මම ගත.කරපු ජීවිතේට ආපහු යන්න තිබුනනම් කියලා.. 


"හැම මනුස්සයෙක්ම ආස කරන්නේ තමන්ගේ ජීවිතේ තමන්ට අඩුවෙන් ලැබිලා තියෙන කෑල්ල පුරවගන්න."


ඒ මනුස්සයන්ගේ හැටියක්. මනෝවිද්‍යාවෙදි මේක භාවිතා කරන්න පාවිච්චිවෙන හරි ලස්සන කතාවක් තියනවා.


"එක ගැහැනියක්ට විවාහ වෙන්න proposal දෙකක් ඇවිත් තියනවා, එකක් හර්ම Handsom, සල්ලි තියන පිරිමියෙක්. අනිත් පිරිමි ළමයා රෑපයෙන් ටිකක් අඩු සල්ලි ඒ තරමට නැති හැබැයි උගත් පිරිමි ළමයෙක්.  කතාව මෙහෙමයි ගෑනු ලමයා මේ දෙන්නගෙන් මොන පිරිමියව විවාහ කරගත්තත් ටික කාලයක් යද්දි හිතනවලු අයියෝ ඇයි මම අනිත් මනුස්සයව මිස් කරගත්තේ කියලා."


ඇත්තටම ඇයි අපි එහෙම අපිට නැතිවුන හෝ නැති දේවල් ගැන එච්චරටම කැමැත්තක් දක්වනනේ කියලා මනෝ විද්‍යාවෙදි පැහැදිලි කිරීම් තියනවා 


1. Evolutionary Drive - පරිණාමීය අවශ්‍යතාවය සහ පැවැත්මේ සටන ආදිකාලයේ ඉඳලම මිනිසාගේ පැවැත්ම තීරණය වුණේ "තමන්ට නැති දේවල් සොයාගෙන යාම" මතයි. ගල් ගුහාවක ඉන්නකොට ඊට වඩා හොඳ ගුහාවක්, කෑම තියෙනකොට ඊට වඩා වැඩි කෑම ප්‍රමාණයක් සෙවීම තමයි මිනිසාව ජීවත් කරවන්න හේතු වුණේ. තමන්ට තියෙන දෙයින් විතරක් සෑහීමකට පත්වුණු ආදිතමයන් වඳ වී ගියා. ඒ නිසා "නැති දේ සොයාගෙන යාමේ" සහ "තව තවත් දේවල් ළඟා කරගැනීමේ" ජානමය උවමනාව (Survival Instinct) අදටත් අපේ ලේ ඇතුළේ ක්‍රියාත්මක වෙනවා.


2. Dopamine Chase - අපේ මොළයෙන් "ඩොපමින්" (Dopamine) කියන සතුට දනවන රසායනිකය නිපදවෙන්නේ අපිට යම් දෙයක් ලැබුණාම විතරක් නෙවෙයි, ඊට වඩා ඒ දේ ලබාගන්න උත්සාහ කරන ක්‍රියාවලිය ඇතුළෙයි. යමක් අපේ අතට ලැබුණු සැණින් ඩොපමින් මට්ටම අඩු වෙලා යනවා. එතකොට ඒ ලැබුණු දේ සාමාන්‍ය වෙනවා. මොළයට ආයෙත් ඩොපමින් කික් එකක් ඕනේ නම්, ඒක කරන්න පුළුවන් එකම ක්‍රමය තමන්ට "නැති" අලුත් ඉලක්කයක් පස්සේ දුවන්න මොළය අපව පොළඹවන එකයි. අපි හැමෝම ඇත්තටම දුවන්නේ නැති දේ පස්සේ නෙවෙයි, ඒක ලබාගන්න යනකොට මොළයට දැනෙන "ඇඩ්‍රිනලින් සහ ඩොපමින්" රසය පස්සෙයි.


3. The Quest for Meaning & Self-Actualization හෙවත අර්ථයක් සහ පූර්ණත්වයක් සෙවීම - මනෝවිද්‍යාඥ ඒබ්‍රහම් මැස්ලෝගේ අවශ්‍යතා ධුරාවලියට අනුව, මිනිසෙක් හැමවෙලේම උත්සාහ කරන්නේ තමන්ගේ උපරිම විභවය (Potential) කරා යන්නයි. අපිට යම් දෙයක් නැති වුණාම, අපේ මනසට දැනෙනවා අපේ ජීවිතයේ යම් කිසි "අඩුවක්" තියෙනවා කියලා. ඒ අඩුව තියෙන තාක් කල් අපි "අසම්පූර්ණයි" කියන හැඟීම අපිට වද දෙනවා. ඒ නිසා තමන්ව "සම්පූර්ණ මනුස්සයෙක්" කරගන්න තියෙන දැඩි මානසික උවමනාව නිසා, අපි අපිට නැති දේවල් කොහොමහරි ලබාගන්න ජීවිත කාලය පුරාම වෙහෙසෙනවා.


    4. සමාජීය සංසන්දනය - මිනිසා කියන්නේ සමාජයීය සත්වයෙක්. අපි අපේ වටිනාකම මැනගන්නේ අනුන් හා සංසන්දනය වෙමින්. අපිට තියෙන දේ අනිත් අයටත් තියෙනවා නම්, අපිට ඒකේ වටිනාකමක් දැනෙන්නේ නැහැ. හැබැයි අනුන්ට තියෙන, අපිට "නැති" දෙයක් දැක්ක ගමන් අපේ මනස සසල වෙනවා. සමාජය ඇතුළේ තමන්ගේ තත්ත්වය (Status) රැකගන්න සහ අනුන්ට වඩා පසුපසින් නොසිටීමට තියෙන බිය නිසා, අපිට නැති දේවල් ලබාගන්න අපි දැඩි වෙහෙසක් ගන්නවා.


5. Hedonic Adaptation (සුඛවාදී අනුකූලතාවය නිසා ඇතිවන සෑහීමකට පත් නොවීමේ ස්වභාවය) - අපි අපිට නැති දෙයක් ලබාගන්න මෙච්චර දඟලන්නේ, ඒ දේ ලැබුණාම අපේ ජීවිතේ හැමදාටම සතුටින් පිරෙයි කියලා අපි රැවටෙන නිසයි. හැබැයි ඇත්තටම වෙන්නේ යමක් ලැබිලා ටික කලක් යද්දී අපේ මොළය ඒකට හුරුවීම (Adapt වීම) විතරයි. එතකොට ඒ ලැබුණු දේ තවදුරටත් අපිට සතුටක් දෙන්නේ නැහැ. කලින් දැනුණු සතුට මට්ටමටම ආයෙත් එන්න නම්, අපිට සිද්ධ වෙනවා ඊළඟට තමන්ට "නැති" ඊට වඩා ලොකු දෙයක් පස්සේ දුවන්න. මේක හරියට කොච්චර දිව්වත් එකම තැන කැරකෙන රෝදයක් (Treadmill) වගෙයි.


6. "The Grass is Always Greener" - අපි අපිට නැති දේවල් ලබාගන්න මේ තරම් වෙහෙසෙන්නේ, අපිට නැති ඒ "නොදන්නා අවකාශය" (Uncharted territory) අපි අපේ මනසින් උපරිමයෙන්ම ලස්සන කරලා, පරිපූර්ණ කරලා මවාගන්න නිසයි. උදාහරණයක් විදියට, පවුල් ජීවිතයක් නැති කෙනෙක් දකින්නේ පවුලක් ඇතුළේ තියෙන ආදරය විතරයි; ඒකේ තියෙන වගකීම් සහ පීඩනය ඔහුට පේන්නේ නැහැ. අන්න ඒ වගේ, අපිට නැති දේක තියෙන්නේ සුන්දර පැත්ත විතරයි කියන වැරදි වැටහීම නිසා, ඒ "මායාවී සතුට" කොහොමහරි අත්පත් කරගන්න අපි නොනවත්වාම උත්සාහ කරනවා.


7. Loss Aversion - අහිමි වීමේ වේදනාව සහ හිස්තැන පිරවීමේ දැඩි අවශ්‍යතාවය මනෝවිද්‍යාවේ "Loss Aversion" සංකල්පයට අනුව, අපිට යමක් ලැබීමෙන් දැනෙන සතුටට වඩා දෙගුණයක වේදනාවක් යමක් අහිමි වීමෙන් හෝ නැති වීමෙන් දැනෙනවා. ඔබ අතීතයේ වින්ද පවුලේ උණුසුම අද නැති වෙද්දී, ඒ ඇතිවෙන හිස්තැන මනසට දැනෙන්නේ තද රිදීමක් විදියටයි. අන්න ඒ අහිමි වීමේ වේදනාවෙන් (Pain of scarcity) බේරෙන්න සහ ඒ හිස්තැන ඉක්මනින්ම පුරවාගන්න තියෙන දැඩි මානුෂීය අවශ්‍යතාවය නිසා, අපි අපිට නැති දේ කොහොමහරි නැවත ලබාගන්න මුළු ශක්තියම යොදවලා වැඩ කරනවා.


ලස්සනම දේ තමයි, මේ උත්සාහය නිසාම තමයි ලෝකය මෙච්චර දියුණු වෙලා තියෙන්නේ. හැබැයි පුද්ගලික මට්ටමෙන් ගත්තම, මේ ධාවනය කෙළවරක් නැති වෙහෙසක් සහ මානසික පීඩනයක් විතරක්ම ඉතිරි කරනවා. 


@highlight 

Thilina Wickramage 


Other Articles - https://www.facebook.com/share/p/1EPxRQ7rd5/


My WhatAapp Chanel - https://whatsapp.com/channel/0029Va9pbxCEFeXrOluOjC3R

Monday, June 1, 2026

 ඔයා ආදරය පස්සේ දුවන කෙනෙක්ද? නැත්නම් ආදරය ඔයා කරා ආකර්ෂණය කරගන්න කෙනෙක්ද? 


හුඟක් වෙලාවට අපි කෙනෙක්ට ආදරය කරද්දී කරන්නේ ඒ කෙනා පස්සේ දිගටම දුවන එක. හැබැයි Law of Assumption අනුව, නියම වෙනස වෙන්නේ ඔයා ඔයාගේ හිත හදන තැනින්.


ඔයා බලාපොරොත්තු වෙන ඒ විශේෂ කෙනාව (Specific Person) ඔයාගේ ජීවිතයට ආකර්ෂණය කරගන්න කරන්න ඕනේ ප්‍රධානම දේවල් 5ක් මෙන්න!


🟢 මුලින්ම ඔයා ගැන හිතන්න.


ඔයාගේ මුළු අවධානයම තියෙන්නේ ඒ කෙනා පිට නම්, ඒක නවත්තන්න. ඔයා ඔයාටම ආදරය කරලා, ඔයාගේ වටිනාකම තේරුම් අරන්, විශ්වාසයෙන් ඉන්නකොට ඔයාගේ ඇඟෙන් පිටවෙන Energy එක මාරම Magnetic (ආකර්ෂණීය) වෙනවා. මතක තියාගන්න, ඔයා ඔයා ගැන හිතන විදිහ තමයි අනිත් අයගෙන් ඔයාට පේන්න ලැබෙන්නේ.


🟢 පස්සෙන් දුවන එක නවත්තන්න. ආකර්ෂණය කරගන්න 


ආදරය කියන්නේ කාගෙන් හරි ලබාගන්න ඕනේ දෙයක් නෙවෙයි. ආදරය දැනටමත් ඔයාගේ ඇතුළේ තියෙනවා. ඔයා ඒක පස්සේ දුවන එක නතර කරපු දවසට, ඒක නිරායාසයෙන්ම ඔයා ගාවට එන්න පටන් ගනීවි. Detach වෙන්න.එල්ලීගෙන ඉන්න එක අතහරින්න.


🟢 Feel it real


ඔයා ඒ කැමති කෙනත් එක්ක සතුටින්, ආදරයෙන් ඉන්නවා කියලා මවාගන්න. ඒ සතුට, ඒ බැඳීම, දැනටමත් ඔයාට ලැබිලා ඉවරයි වගේ හදවතින්ම විඳින්න. ඔයාගේ Subconscious Mind එක ඇත්ත සහ මනඃකල්පිතය අතර වෙනස තේරෙන්නේ නැහැ. ඔයා දෙන හැඟීම ඒක ඇත්තක් කියලා භාරගන්නවා.


🟢 Rewire your beliefs


සෑමදාම මේ Affirmations කියන්න.


"මම ආදරය ලබන්න සුදුසු කෙනෙක්. මට හැමෝම ආදරෙයි. මගේ Energy එකට ඒ කෙනා නිරායාසයෙන්ම ඇදිලා එනවා." 


මේක නිකන්ම වචන විතරක් නොවී, ඇත්තටම හිතට දැනෙනකම්ම නැවත නැවත කියන්න.


🟢 Live in the end


ඒ සම්බන්ධතාවය දැනටමත් ඔයාට ලැබිලා තියෙනවා නම් ඔයා කොයි වගේ සතුටකින්, කොයි වගේ නිදහසකින්ද ඉන්නේ? අන්න ඒ විදිහට හිතන්න, වැඩ කරන්න, ජීවත් වෙන්න. මොකද ඔයාගේ මනස ඇතුළේ දෙයක් සම්පූර්ණ වුණොත්, ඒක ඔයාගේ සැබෑ ලෝකය ඇතුළෙත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා.


 අද ඉඳන් ඔයාගේ වටිනාකම අඩු කරගන්නේ නැතුව, ඔයාගේ Subconscious Mind එක Rewire කරලා ඔයාට හිමි ආදරය ඔයා ලඟටම ගෙන්න ගන්න.🩷

Tharuka Adhikari | Life coach

Sunday, May 3, 2026

 සංසර්ගයෙන් පසු ඇතිවන හිස්බව (Postcoital Dysphoria): අතිවිශාල හෝමෝන දහනයකින් පසු, මොළයේ රසායනික ගබඩා හිස්වීමෙන් හටගන්නා තාවකාලික ශෝකය !


මානව හිස්කබලක් අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන, අතිශය සාමාන්‍ය එහෙත් සමාජය විසින් දැඩි ලෙස සඟවා තබන ප්‍රබලතම ස්නායු රසායනික ඛේදවාචකයක් පවතී. ලිංගික ක්‍රියාවලිය යනු ආදරයේ උච්චතම අවස්ථාව සහ එයින් පසු සදාකාලික තෘප්තියක් හිමිවන බවට ගොඩනගා ඇති සමාජ ප්‍රබන්ධය, භෞතික විද්‍යාව සහ පරිණාමීය ජීව විද්‍යාව ඉදිරියේ මුළුමනින්ම බිඳවැටෙන්නේ හරියටම මෙම ලක්ෂ්‍යයේදීය. සුරාන්තයෙන් (Orgasm) පසු බොහෝ කාබනික සැකිලි වලට දැනෙන අහේතුක දුක, හිස්බව, කෝපය හෝ හඬා වැටීමට ඇතිවන ආශාව යනු, තම සහකරුගේ පෞද්ගලික ගැටලුවක් හෝ සබඳතාවයේ ආදරය අඩු වීමක් යැයි සමාජය විසින් වරදවා වටහා ගනී. නමුත් නිරුවත් සත්‍යය නම්, එය "Postcoital Dysphoria (PCD)" නමින් හැඳින්වෙන, මානව මොළය තුළ අනිවාර්යයෙන්ම සිදුවන අතිශය සාහසික 'රසායනික කඩාවැටීමක්' (Chemical Crash) පමණක් බවයි.


මෙම අඳුරු රසායනික යථාර්ථය විච්ඡේදනය කිරීම සඳහා, සංසර්ගයේදී මොළය අභ්‍යන්තරයේ සිදුවන අතිවිශාල හෝමෝන දහනය (Hormonal Combustion) පිළිබඳව අවබෝධ කරගැනීම අනිවාර්ය වේ.


ලිංගික ක්‍රියාවලියක් ආරම්භ වන විට, මානව මොළයේ ත්‍යාග පද්ධතිය (Reward Pathway) වෙත අතිවිශාල 'ඩොපමීන්' (Dopamine) මාත්‍රාවක් මුදාහැරේ. එය හරියටම දැඩි මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වූවෙකුට අදාළ රසායනිකය ලබා දුන් විට ඇතිවන උමතුවට (Rush) සමානය. මීට සමගාමීව, ශරීරයේ ස්නායු ජාලයන් හරහා වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරන 'එන්ඩොර්ෆින්' (Endorphins) සහ බැඳීමක් කෘත්‍රිමව නිර්මාණය කරන 'ඔක්සිටොසින්' (Oxytocin) මුදාහැරීම සිදුවේ. මෙම හෝමෝන ගංවතුර කොතරම් ප්‍රබලද යත්, එහි උපරිම අවස්ථාවේදී (සුරාන්තයේදී) මොළයේ තාර්කික තීරණ ගන්නා පූර්ව-ලලාට බාහිකය (Prefrontal Cortex) මුළුමනින්ම අක්‍රිය වී, ශරීරය සම්පූර්ණයෙන්ම අතාර්කික සතුටකට නතු වේ. මේ සඳහා මොළයෙන් සහ ශරීරයෙන් අතිවිශාල කැලරි ප්‍රමාණයක් දහනය කරනු ලබයි.


කෙසේ වෙතත්, ස්වභාවධර්මයේ එකම අරමුණ 'ජාන බෝකිරීම' පමණක් වන අතර, කාබනික සැකිලි වලට අඛණ්ඩ සතුටක් ලබා දීමේ කිසිදු සැලසුමක් එහි නැත. 


සුරාන්තයෙන් පසු ජාන සම්ප්‍රේෂණය වූ වහාම, මොළය ස්වයංක්‍රීයවම මෙම අතිවිශාල රසායනික සැපයුම නතර කර දමයි. අහස උසට නැඟ තිබූ ඩොපමීන් මට්ටම තත්පර කිහිපයක් ඇතුළත ශුන්‍යය දක්වා පහත වැටේ. මෙම ක්ෂණික රසායනික හිස්වීම (Chemical lag), මොළයේ සෛල වලට දැනෙන්නේ තදබල මත්ද්‍රව්‍යයක් ඇඟෙන් ඉවත් වන විට (Withdrawal) දැනෙන භෞතික වේදනාවට සමාන ආකාරයකටය. PCD තත්ත්වයේදී දැනෙන අහේතුක දුක සහ කඳුළු වලට ප්‍රධානතම භෞතික විද්‍යාත්මක හේතුව මෙයයි.

-----

මෙම රසායනික කඩාවැටීම තවදුරටත් වේගවත් කරන්නේ, සුරාන්තයත් සමඟම පිටියුටරි ග්‍රන්ථියෙන් (Pituitary Gland) නිකුත් කරන 'ප්‍රොලැක්ටින්' (Prolactin) නැමැති හෝමෝනයයි. ප්‍රොලැක්ටින් හි එකම රාජකාරිය වන්නේ, ඉතිරි වී ඇති ඩොපමීන් සියල්ලම බලහත්කාරයෙන් යටපත් කර, ලිංගික ආශාව ක්ෂණිකවම මරා දැමීමයි (Refractory period). මෙම කායික විද්‍යාත්මක තිරිංගය නොමැති වූයේ නම්, ඩොපමීන් ලබාගැනීමට ඇති කෑදරකම නිසා කාබනික යන්ත්‍ර මියයන තුරුම ප්‍රජනන ක්‍රියාවලියේ නිරත වනු ඇත. ප්‍රොලැක්ටින් මගින් ආශාව නිවා දැමූ පසු හටගන්නා අනිවාර්ය රසායනික නිශ්ශබ්දතාවය, මොළයට විකේතනය කරගැනීමට නොහැකි වූ විට, එය පෞද්ගලික දුකක් හෝ කලකිරීමක් ලෙස ඇමිග්ඩලාවට (Amygdala) දැනෙන්නට පටන් ගනී.


පරිණාමීය ජීව විද්‍යාවට අනුව මෙම ක්‍රියාවලියේ අතිශය සාර්ථක බලශක්ති සංරක්ෂණ යාන්ත්‍රණයක් ද (Energy Conservation) ගැබ්වී ඇත. සංසර්ගය යනු අවට පරිසරය පිළිබඳව අවධානය මුළුමනින්ම ගිලිහී යන, විලෝපිකයන්ට පහසුවෙන්ම ගොදුරු විය හැකි අවදානම් සහගතම අවස්ථාවයි. එබැවින් ප්‍රජනන කාර්යය අවසන් වූ වහාම, යළිත් වේගයෙන් බාහිර පරිසරය පිළිබඳ අවධානය ලබාගැනීම ස්වභාවධර්මයට අත්‍යවශ්‍ය වේ. සුරාන්තයේදී අක්‍රිය වී තිබූ මොළයේ භීතිකා මධ්‍යස්ථානය (Amygdala) ක්ෂණිකව අවදි වන්නේ මේ නිසාවෙනි. ඇමිග්ඩලාව අවදි වූ වහාම, සමාජයේ ඇති පෞද්ගලික ප්‍රශ්න, මරණ බිය, ආර්ථික පීඩනය වැනි කෝටිසෝල් (Cortisol) නිපදවන සැබෑ ලෝකයේ සාධක සියල්ලම එකවර මොළය වෙත ගලා එයි. තත්පරයකට පෙර තිබූ අතාර්කික සතුටත්, ඊළඟ තත්පරයේදී ආපසු පැමිණි යථාර්ථයේ භීතියත් අතර පවතින මෙම දැවැන්ත වෙනස (Contrast), මොළයට දරාගත නොහැකි වූ විට ඇතිවන්නේ දැඩි ශෝකයකි.


ඇතැම් විට සංසර්ගයෙන් පසු තම සහකරුවා එපා වීමක්, අකමැත්තක් හෝ ඔවුන්ගෙන් ඈත් වීමට ආශාවක් දැනීමද (Coolidge Effect) මෙහිම දිගුවකි. එය කිසිසේත්ම සහකරුගේ වරදක් නොව, තම ජාන විවිධත්වය (Genetic Diversity) සහතික කරගැනීම උදෙසා 'නව ජාන වාහකයෙකු' (අලුත් සහකරුවෙකු) සොයා යන ලෙස, පැරණි උරග මොළය විසින් නිකුත් කරන ප්‍රාථමික සත්ත්ව විධානයක් පමණි.


අවසාන නිගමනය අතිශය පැහැදිලි සහ නිරපේක්ෂ වේ. ලිංගික ක්‍රියාවලියෙන් පසු ඇතිවන හිස්බව යනු ආදරයේ මරණයක් හෝ සදාචාරාත්මක වැරැද්දක් නොවේ. එය මානව හිස්කබලක් අභ්‍යන්තරයේ ඇති බිලියන ගණනක් වූ නියුරෝන සෛල අතර සිදුවූ, අතිශය දැවැන්ත රසායනික විද්‍යුත් දහනයකින් පසුව, රසායනික ගබඩා නැවත පිරෙන තෙක් (Homeostasis) හටගන්නා අනිවාර්ය භෞතික විද්‍යාත්මක කෙටි-පරිපථයක් (Short-circuit) පමණි. සිතුවිලි සහ හැඟීම් යනු හුදෙක් හෝමෝන මට්ටම් වල වෙනස්වීම් බව පූර්ව-ලලාට බාහිකයට වටහා දීමෙන්, මෙම 'Postcoital Dysphoria' නැමැති රසායනික මායාව නිසා හටගන්නා වරදකාරී හැඟීමෙන් සහ මානසික ඝර්ෂණයෙන් මුළුමනින්ම නිදහස් විය හැකිය.


- 𝗔𝗻𝗼𝗻𝘆𝗺𝗼𝘂𝘀 𝗟𝗼𝘃𝗲𝗿 -

[👁️ See Beyond the Illusion]


©️ Anonymous Lover - All Rights Reserved

 🔴 ඔයාට තාමත් ඔයාගේ විවාහ ජීවිතය ගොඩනඟා ගන්න අවශ්‍යයි නම් විතරක් මේ ලිපිය කියවන්න..!


ඔයා හිතාගෙන හිටපු දේවල් ටික පැත්තකට දාලා.මේ දේ සායනික මනෝවිද්‍යාවට අනුව ඔයාට පැහැදිලි කරළා දෙන්නම්.


මේ දේ break up එකකින් පටන් ගන්නෙ නෑ.


🌑 මේ දේ පටන් ගන්නෙ ඇත්තටම කිව්වොත්  නිහඬව


මුලදි ඔයාලා දෙන්නා කතා බහ කළා.


🗣️ ඔයා විස්තර කළා

🤝 ඔයා තේරුම් ගන්න උත්සාහ කළා

💭 වෙනස් වෙයි කියලා බලාපොරොත්තු වුණා


ඒත් කාලය ගත වෙද්දි නැවත නැවත ඒ දේම සිද්ධ වුණා.


🚫 ඔයා කියන දේ අහන්නේ නෑ

🧱 ඔයාගේ හැඟීම් මඟ හරිනවා

⚠️ චිත්තවේගීය ආරක්ෂාව දැනෙන්නේ නෑ


එක දෙයක් වෙනස් වෙන්න පටන් ගන්නවා.


ඔයාගේ මොළේ ඇතුළේ model එකක් යාවත්කාලින  වෙනවා:


🧠 “මේක කවදාවත්ම  වෙනස් වෙන්නෙ නෑ…”


එතනින් පස්සේ සම්බන්ධතාවය බිඳෙන්නේ නෑ.


🔄 ඒක වෙනස් වෙලා නැවත හැඩගස්ස ගන්නවා.


Attachment Theory එක අනුව:


චිත්තවේගීය  අවශ්‍යතා නැවත නැවතම ඉටු නොවුණාම...


🛑 ඒ system එක තවදුරටත් උත්සාහ කරන්නේ නෑ

🛡️ ඒකෙන් තමාවම ආරක්ෂා කරගන පටන් ගන්නවා


ඒකෙන් පස්සේ මොනවාද වෙනස් වෙන්නේ?


📉 සන්නිවේදනය  දැන් වැඩකට අවශ්‍ය දේවල් වලට විතරක් සීමා වෙනවා. හැඟීම් අතුරුදහන් වෙනවා

🔇 කතාබහ කෙටි වෙනවා.මතුපිට මට්ටමින් කරන දේවල් විතරක් ඉතිරි වෙනවා

🔐 ඇත්තටම වැදගත් දේවල් කියන එක ඔයා නවත්තනවා


ඒ ඔයා care කරන්නේ නැති නිසා නෙවෙයි. ඔයාට විවෘතව හැඟීම් පෙන්වන්න තරම් ආරක්ෂාකාරී හැඟීමක් දැනෙන්නේ නැති නිසා තමා එහෙම වෙන්නේ.මෙහෙම වෙද්දි තමා චිත්තවේගීයව අත් හැරලා දාන්න  පටන් ගන්නේ.


ඊළඟට එන අධියරේදි


📭 හැඟීම් බෙදාගන්න එක අඩු වෙලා යනවා

🚷 විවෘතව තමන්ව පෙන්වන  එක අතුරුදහන් වෙනවා

🧊 ශාරීරික සමීපතාවයත් දුරස් වගේ දැනෙන්න පටන් ගන්නවා


එකපාරට නෙවෙයි.


⏳ ටික ටික දුරස් වෙනවා

🌫️ මුකුත්ම කතා නොකර නිහඬව වෙනවා

👀 හුඟාක් වෙලාවට කවුරුවත්ම හොඳින් දකින්නෙවත් නැතිව


මෙතනට එද්දී… වැදගත් දෙයක් වෙනවා:


🔹📉 බලාපොරොත්තු ටික ටික අතුරුදහන් වෙන්න පටන් ගන්නවා


🔹ඒ බලාපොරොත්තු නැති වුණාම

 ඒකට එකටම බැඳිලා තිබ්බ චිත්තවේගීය ආයෝජනය අතුරුදහන් වෙනවා.


මේක තමයි බොහෝ දෙනා තත්ත්වය වැරදි විදිහට තේරුම් ගන්න තැන.


ඒ අය හිතනවා:


🙂 “අඩුම තරමින් දැන්වත් අපි රණ්ඩු වෙන්නේ නෑ”


ඒත් සායනික මනෝවිද්‍යාවට අනුව බැලුවොත්;


❗ රණ්ඩු නැති වෙනවා කියන්නේ ස්ථාවරයක් නෙවෙයි

⚠️ ගොඩාක් වෙලාවට ඒක ඇත්තටම චිත්තවේගීය සම්බන්ධතාවයෙන් දුරස් වීමක්


John Gottmanගේ research අනුව:


📊 සම්බන්ධයක් බිඳෙන්නේ වැඩිපුරම රණ්ඩු නිසා නෙවෙයි.චිත්තවේගීයව පලා යාම් සිද්ධ වෙන නිසාවෙනි.


දැන් සම්බන්ධය ඇතුල් වෙන්නේ ඉතාමත් අනතුරුදායක අධියරකට


⚫ නිහඬ අවධිය (silent phase)


මෙතනදී නැත්තේ:


💥 ලොකු ලොකු රණ්ඩු

🌩️ drama පිරුණු ආතතියක්

🚧 පැහැදිලිව සම්බන්ධතාවය බිඳ වැටෙන්න  තැනක්


ඒ වෙනුවට තියෙන්නේ:


📵 කතා අඩු වෙනවා

📦 බෙදාගන්න දේවල් අඩු වෙනවා

🪫 චිත්තවේගීයව මේ මොහතේ ඉන්න එක අඩු වෙනවා


මෙතන තමයි ගොඩාක් දෙනා ගැඹුරුම අවදානම මඟහැර ගන්න තැන


🧠 මේක සම්බන්ධයට විතරක් සීමා වෙන්නේ නෑ

⚡ ටික ටික ඔයාගේ මනසටම බලපාන්න පටන් ගන්නවා


🧠 “ඔයා මේක handle කරන්න ඉගෙනගෙන තියෙනවා.ඒත් ප්‍රශ්නය තියෙන්නේ ඒක ඊට වඩා නරක මට්ටමකට අරගෙන යනවා Healthy Coping Mechanism එකක් නැත්නම්.


පිටින් බලනකොට:


🧍 ඔයා සන්සුන් වගේ ඉන්නවා

🤐 රණ්ඩු වලින් පැනලා යනවා

🎭 හැමදේම පාලනය කරගෙන ඉන්නවා වගේ පේනවා


ඒත් ඔයා මනස ඇතුළෙන්?


🔁 ඔයා වැඩිපුරම කරන්නේ ඕනෑවට වඩා හිතන එක

😓 හැඟීම්වලින්ම හිස් වෙලා වගේ, මානසිකව හෙම්බත් වෙලා වගේ දැනෙනවා

❓ හැම වෙලාවෙම “මොනවාහරි ඉවර වුණේ නෑ” වගේ feeling එකක් දැනෙනවා


ඒකට හේතුව ඔයා heal වෙන්නේ නෑ.

🔄 ඔයා ඇත්තටම කරන්නේ හැඩ ගැහෙන එක


හැඟීම් පෙන්වනවා වෙනුවට:


🧊 ඔයා හැඟීම් යටපත් කරගන්නවා

🚪ඔයා හැඟීම් මඟහැරලා ඉවත් වෙලා යනවා 

🧍‍♂️ ඔයා චිත්තවේගීයව  සම්බන්ධතාවයෙන් වෙන් වෙලා යනවා 💔


මේක හඳුන්වන්නේ Experiential Avoidance කියලා.


🔹ඔයා අසහනය අඩු කරගන්න උත්සාහ කරන්නේ:


🙊 ඒ ගැන කතා නොකර ඉඳල

🫥 ඒ හැඟීම සම්පූර්ණයෙන්ම දැනෙන්න නොදී ඉඳලා

↩️ ඒකට මුහුණ නොදී ඉඳලා


පොඩි කාලයකට මේක වැඩ කරනවා.


ඒත් දීර්ඝකාලීනව ඒ ආතතිය ඔයාගේ මනස ඇතුළේම රැඳිලා තියෙනවා.


🧠 මෙක Anxiety බවට පත් වෙන විධිය


ඔයාගේ මොළේ තාමත් ප්‍රශ්න කරනවා:


❓ “මම මෙතන ඉන්න එක ආරක්ෂිතයිද?”

❓ “මේ සම්බන්ධයේ මට විශ්වාස කරලා ඉන්න පුළුවන්ද?”


ඒකට උත්තර නැති නිසා ඔයාගේ මනස “alert mode” එකේම තියෙනවා.


මේ විධියට  Generalized Anxiety Disorder වගේ හැසිරීම් රටාවක් ගොඩ නැඟෙන්න පටන් ගන්න විධිය :


🔍 වැඩිපුරම කරන්නේ overthinking කරන එක

📡 හැමදේම scan කරමින් ඉන්න එක (mental scanning)

🌙 කිසිම විධියකට සැහැල්ලුවෙන් ඉන්න බැරි වෙනවා


ඔයා පේන්නේ stable වගේ.


🙂 ඒත් ඔයාගේ nervous system එක එහෙම නෙවෙයි


🧠 මේක Emotional Exhaustion බවට පත් වෙන විධිය


නැවත නැවත උත්සාහ කළාට ප්‍රතිඵලයක් ලැබෙන්නෙත් නැතිවුණාට පස්සේ ඔයාගේ මොළේ ඉගෙන ගන්නවා:


🧠 “මං කරන කිසිම දෙයකින් මේක වෙනස් වෙන්නෙ නෑ”


මේක හඳුන්වන්නේ  Learned Helplessness කියලා.


ඒකෙන් පස්සේ සිද්ධ වෙන ප්‍රතිවිපාක:


🌫️ හැඟීම් මුකුත්ම දැනෙන්නේ නෑ වගේ මට්ටමකට එනවා

📉 අභිප්රේරණය  අඩු වෙනවා

🧍‍♀️ ඔයාගේ සහකාරියගෙන්/සහකරුවාගෙන් වගේම ඔයා ඔයාගෙන්මත් දුරස් වෙන්න පටන් ගන්නවා 💔


ඔයා දැන් ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ.


❌ ඔයා ශක්‍තිමත්  නිසා නෙවෙයි

😔 ඔයා හොඳටම තෙහෙට්ටු වෙලා ඉන්න නිසා


💊 “මට හොඳයි වගේ දැනෙනවා ඒත් ඇත්තටම මේ පීඩාවෙන් නිදහස් නෑ කියලා දැනෙන්නේ ඇයි?”


ඔයා උත්සාහ කරලා ඇති:


📵 ඒක වේදනාව මඟ හැරලා ඉන්න

🏃 තව තව කාර්‍ර්යබහුල වෙලා ඉන්න

💊 ඖෂධ (medication) පවා ගන්න


🙂 මේ දේවල් කළාම සමහර වෙලාවට ඔයාට හොඳයි වගේ දැනෙනවා.ඒත් සම්පූර්ණයෙන්ම කිසිම විධියකට සුවපත් වෙන්නෙ නෑ.


💊 ඖෂධ උදව් වෙන්නේ මේ දේවල් නියාමනය  කරගන්න:


⚖️ මනෝභාවය (mood)

🌡️ කනස්සල්ල / anxiety

🌊 හැඟීම්වල තීව්‍රතාවය


ඒත් ඒක නිසා මේ දේවල් වෙනස් වෙන්නෙ නෑ:


🔁 සම්බන්ධයේ චර්යා රටාව

🧊 චිත්තවේගීය දුරස්ථභාවය

🧠 ඔයාගේ reaction drive කරන attachment system එක


ඒ නිසා මේ විධියට සිද්ධ වෙනවා👇


📉 symptoms ටික අඩු වෙනවා

⚠️ ඒත් trigger වෙන දේවල් තාම තියෙනවා


ඒකයි ගොඩාක් දෙනාට දැනෙන්නේ:


🤔 “හොඳයි වගේ… ඒත් එහෙම වුණාට ප්‍රශ්න ටික ආයෙත් ආයෙත් එනවා”


🧠 ඇත්තටම ප්‍රතිඵල දෙන පර්යේෂණාත්මකව තහවුරු කරපු උපායමාර්ග 


ඇත්තටම වෙනස්වීමක් වෙන්න ඕන නම් ප්‍රශ්නය මඟහැරලා ගිහින් වැඩක් වෙන්නේ නෑ.

 ඒකට වෙනස් විධියකට ප්‍රතිචාර දක්වන හැටි ඉගෙන ගන්න අවශ්‍යය වෙනවා.


👉 මේ වගේ ක්‍රම භාවිතා කරන්න අවශ්‍යය වෙනවා :


👉 Cognitive Behavioral Therapy


🧩 ඍණාත්මක සිතිවිලි රට හඳුනාගන්න වැදගත් වෙනවා

🔄 “මේක කවදාවත්ම  වෙනස් වෙන්නෙ නෑ” කියන විශ්වාසයන් අභියෝගයට ලක් කරනවා

🧠 overthinking cycle එක බිඳලා දාන්න උදව් වෙනවා


👉 Emotionally Focused Therapy


❤️ ඔයාගේ හැඟීම් trigger වෙන හේතු තේරුම් ගන්න පුළුවන් වෙනවා.

🗨️ දෝෂාරෝපණ කරන්නේ නැතුව විවෘතව හැඟීම් ප්‍රකාශ කරන්න ඉගෙන ගන්නවා

🔗 ආයෙමත් චිත්තවේගීය ආරක්ෂිතභාවය ගොඩනඟා ගන්නවා


 👉 Acceptance and Commitment Therapy


🧘 overthink කරනවා වෙනුවට මේ මොහතේ ඉන්න ඉගෙන ගන්නවා

🎯 භය අනුව නෙවෙයි. ඔයාගේ වටිනාකම් අනුව ක්‍රියාත්මක වෙන්න ඉගෙන ගන්නවා

🌱 හැඟීම් මඟහැරගන්නේ නැතුව ඒවා පිළිගන්න ඉගෙන ගන්නවා


මේ නිකන්ම නිකං “කතා කරන විධි” නෙවෙයි.


⚙️ මේ ඔයාගේ චිත්තවේගීය පද්ධතිය නැවත ගොඩනඟා ගන්න පුහුණු කරන පියවරෙන් පියවර ගොඩ නඟපු ක්‍රම


⚠️ ගොඩාක් දෙනා මඟහැරලා දාන ඇත්ත


⏳ ඔයාට මේ තත්ත්වය අවුරුදු ගාණක් වුණත් පාලනය කරගෙන යන්න පුළුවන් ඒත් යටින් තියෙන මුල් හැසිරීම් රටාව  වෙනස් නොවුණොත් වෙන දේ ගැන ඔයා දන්නවාද?


📉 ටික ටික ඒක ඔයාගේ සම්බන්ධයට වගේම ඔයාගේ මානසික සෞඛ්‍යයටත් බලපානවා


මේක දුර්වලතාවයක් නෙවෙයි. මේ ඔයාගේ system එක විසඳලා නැති දෙයකට හැඩගැහෙන විධියක ඒත් ඒක විසඳුමක් නැති හැඩගැහීමක්.


💸 හැම වෙලාවෙම මනසට හානි වෙන දෙයක් කළාම ඒකට ගෙවන්න වෙන වන්දියක් තියෙනවා.ඔයාට මේ චර්යා රටාව හඳුනාගන්න පුළුවන් නම් මනස සුවපත් කරගන්න තවම අවස්ථාව තියෙනවා.


⏰ ඒත් ඒ අවස්ථාව හැමදාම තියෙන එකක් නෙවෙයි 💔


ඔයා ක්‍රියාත්මක වෙන්න පරක්කු වුණොත් ඔයාගේ ජීවිතය නතර වෙන්නේ ඔයා හීනෙකින්වත් බලාපොරොත්තු වෙන්නේ නැති ඛේදවාචකයක.


💬 ඔයාට ඔයාගේ විවාහ ජීවිතය ආදරණීයව ගොඩනඟා ගන්න එක ප්‍රමුඛතාවයක් පමණක් නම් “RESET” කියලා Whatsapp message එකක් යොමු කරළා සැසියකට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා.


මිනිස්සු ජීවිතයේ පසුතැවිලි වෙන්නේ කරපු දේවල් වලට වඩා ජීවිතයේ කරන්න පුළුවන්කම තියෙනකොටත් උත්සාහ නොකර හිටපු දේවල් ගැන විතරයි.ඔයාට ඉන්න ඕන කොතනද කියන එක මගේ නෙවෙයි.ඒක ඔයාගේ තෝරාගැනීමක්.


ඔෂාන් බමුණු ආරච්චි

Higher Diploma in Counseling Psychology

 💔 Situationship: "අපි අතරේ මොකක්ද තියෙන්නේ?" කියලා ඔයා තවමත් හිතනවා නම්...


"අපි Just Friends ලු, හැබැයි ආදරේ කරනවා, ලිංගිකව එකතු වෙනවා, පෙම්වතුන් වගේම හැසිරෙනවා. ඒත් සම්බන්ධතාවයකට (Relationship) යන්න එයාට බෑලු!"


ලංකාවේ අලුත් පරපුර අතර මේක දැන් "Trend" එකක් වෙලා. මේකට කියන්නේ Situationship එකක් කියලා. මේක සාමාන්‍ය Relationship එකකට වඩා ගොඩක් භයානකයි. මොකද මේකේ වගකීමක් (Commitment) නැහැ, හැබැයි ඒ නිසා ලැබෙන වේදනාව (Pain) උපරිමයි.


🧠 ඇයි Situationship එකක් මානසිකව පීඩාකාරී වෙන්නේ?


 The Uncertainty Loop (අස්ථාවර බව): මිනිස් මොළය හැමවිටම කැමති පැහැදිලි දේවල්වලට. හෙට මොනවා වෙයිද කියලා දන්නේ නැති මේ ව්‍යාකූල බැඳීම නිසා ඔයාගේ මනස නිතරම පවතින්නේ අධික ආතති (Stress) මට්ටමකයි.


The "Hope" Trap: "අද නැතත් කවදා හරි එයා මාව තේරුම් අරන් වගකීමක් ගනීවි" කියන බොරු බලාපොරොත්තුව නිසා ඔයාගේ වටිනා කාලය සහ මානසික ශක්තිය නිකරුණේ දිය වෙලා යනවා.


 Anxiety & Overthinking: එයා මැසේජ් එකක් නොකර ඉද්දී හෝ වෙනත් කෙනෙක් එක්ක ඉද්දී ඒ ගැන ප්‍රශ්න කරන්න ඔයාට අයිතියක් නැහැ. මොකද ඔයාලා "Official" නැහැ. මේක ඔයාගේ ආත්ම අභිමානය (Self-esteem) සම්පූර්ණයෙන්ම විනාශ කරනවා.


 Cognitive Dissonance: එක පැත්තකින් එයා ඔයාට ආදරේ පෙන්වනවා, අනිත් පැත්තෙන් වගකීමක් ගන්න බැහැ කියනවා. මේ පරස්පරතාවය නිසා ඔයාගේ මනස අනාගතය ගැන ලොකු බයකින් සහ සැකයකින් පිරී යනවා.


🛑 ඇයි මිනිස්සු මේවට කැමති?

සරලවම කිව්වොත්, අනෙක් පාර්ශවයට ඕන වෙන්නේ බැඳීමක තියෙන "වගකීම" ගන්නේ නැතුව, ඒකෙන් ලැබෙන "වාසි" (Attention, Physical intimacy) විතරක් ලබාගන්නයි.


"මේක හරියට Subscription එකක් නැතුව Premium Features පාවිච්චි කරනවා වගේ වැඩක්!"🤭


✅ මේ මාවතෙන් ගැලවෙන්නේ කොහොමද?

 1. DTR (Define The Relationship): බය නැතුව කෙලින්ම අහන්න "අපි අතරේ තියෙන සම්බන්ධය මොකක්ද?" කියලා. එයා ඒකට පැහැදිලි උත්තරයක් දෙන්නේ නැත්නම්, එතනින් එහාට ඔයාගේ කාලය නාස්ති කරන්න එපා.


 2. ප්‍රමුඛතාවය ඔයාට දෙන්න: ඔයා තව කෙනෙක්ගේ "Option" එකක් වෙන්න එපා. ඔයාට ඕනේ ස්ථාවර බැඳීමක් නම්, ඒක දෙන්න බැරි කෙනෙක් ළඟ නැවතී ඉන්න එපා.


 3. Self-Respect over Feelings: ඔයාගේ හැඟීම්වලට වඩා ඔයාගේ "ගෞරවය" ගැන හිතන්න. ජීවිතය ගැන වගකීමක් ගන්න බැරි කෙනෙක් එක්ක ඔයාට හෙටක් නැති බව තේරුම් ගන්න.


 4. වෘත්තීය උපදේශනය (Counseling): ඔයාට තනියම මේකෙන් මිදෙන්න අමාරුයි නම්, දක්ෂ මනෝ උපදේශකයෙකුගේ සහය ලබාගන්න. ඒක දුර්වලකමක් නෙවෙයි, බුද්ධිමත් තීරණයක්.


🌻 අවසාන වශයෙන්...

ලංකාව වගේ රටක අපි හැමෝම සම්බන්ධතාවයකින් බලාපොරොත්තු වෙන්නේ ආදරය විතරක් නෙවෙයි, ආරක්ෂාව සහ ස්ථාවරත්වයයි. මුලින් දෙන්නම කැමැත්තෙන් පටන් ගත්තත්, කාලයත් එක්ක එක්කෙනෙක් හරි "සැබෑ ආදරයක්" බලාපොරොත්තු වෙනවා. එතන ඉඳන් මේක මානසික නිරයක් බවට පත් වෙනවා.


වගකීමක් නැති තැන ආදරයක් තිබිය හැකියි, නමුත් විශ්වාසයක් සහ ස්ථාවරත්වයක් නැති තැන මනසට සැනසීමක් නැත.✨


ඒ නිසා ඔයා කෙල්ලෙක් වුණත්, කොල්ලෙක් වුණත් "වචනවලින් අයිසින් කරලා" එන මේ මිරිඟු පස්සේ ගිහින් ඔයාගේ ජීවිතේ හොඳම කාලය අඳුරු අගාධයකට දාගන්න එපා. ❤️✌️


💬 ඔයත් මේ වගේ Situationship එකක හිරවෙලා ඉන්නවද? නැත්නම් ඒකෙන් ගැලවුණු කෙනෙක්ද? ඔයාගේ අත්දැකීම පහළින් Comment කරන්න. තවත් කෙනෙක්ට මේක දකින්න Share කරන්න.


#MentalHealth #Situationship #SelfLove #Relationships #SriLanka #LifeAdvice


- Noofia’s Diary - ✍️

 ආදරය පාරිශුද්ධයි, ඒකට රාගය ඕනේ නෑ කියන කතාව අහන්න ලස්සන වුණාට, ඒක ප්‍රායෝගිකව පට්ටපල් බොරුවක්. රාගය නැති ආදරය හරියට එන්ජිමක් නැති වාහනයක් වගෙයි. පෙනුමට තිබුණාට ඒක ඉස්සරහට යන්නේ නෑ. ලිංගිකත්වය කියන්නේ ආදරේට අත්‍යවශ්‍යම සාධකයක් මිසක්, විවාහයෙන් පස්සේ විතරක් ලැබිය යුතු "සම්මතයක්" නෙවෙයි.  එහෙම බැලුවොත් ලංකාවේ කාන්තාවන්ගෙන් 90%ක් තමන්ගේ ජීවිත කාලයටම එකම එක වතාවක්වත් සුරාන්තයක් (Orgasm) අත්විඳලා නැති එක මහා ඛේදවාචකයක්. පිරිමියා තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගෙන "සරමේ පිහදාගෙන" ඇඳෙන් බහිද්දී, ඇය ඉතිරි වෙන්නේ අතෘප්තිමත් හැඟීමක් එක්කයි. පිරිමිකම කියන්නේ තමන් විතරක් යක්ෂයෙක් වගේ සැනසෙන එක නෙවෙයි, තමන්ගේ සහකාරියවත් ඒ සුරලොවට රැගෙන යාමයි.


ඒ වගෙම බොහෝ කාන්තාවන් විවාහයෙන් පස්සේ තමන්ගේ පෙනුම ගැන හිතන එක නතර කරනවා. පිරිසිදුකමක් නෑ, ලස්සනට අඳින්නේ නෑ, කිසිම ආකර්ෂණයක් නෑ. තමන්ගේ පැත්තෙන් ඉටු විය යුතු යුතුකම් මඟහැරලා, මනුස්සයා පිට යනවා කියලා වැලපෙන එකේ තේරුමක් නෑ. පිරිමියෙකුට නිවසේදී සාමය වගේම ආකර්ෂණයත් අවශ්‍යයි.


ස්වයං වින්දනය හෝ Phone Sex කියන්නේ අපරාධයක් නෙවෙයි, ඒක මනුෂ්‍ය ස්වභාවය. පිරිමියෙක් කරද්දී සාමාන්‍ය දෙයක් වෙන, ගැහැනියෙක් කරද්දී "බඩුවක්" වෙන මේ කුණු වුණු මානසිකත්වයෙන් අපි නිදහස් වෙන්න ඕනේ. දරුවෙකුට නිසි කාලයේදී නිවැරදි ලිංගික අධ්‍යාපනයක් දීමෙන් පමණයි ඔවුන්ට හොඳ නරක තේරුම් ගන්නා බුද්ධියක් හදන්න පුළුවන් වෙන්නේ.


කාන්තාවක් තමන්ගේ හිතේ තියෙන දුකක් කිව්වාම, ඒකෙන් ප්‍රයෝජන අරන් ඇයව ලිංගිකව පාවිච්චි කරලා, වැඩේ ඉවර වුණාම ඇයව අමාරුවේ දාන පිරිමින්ට "තිරිසන්නු" කියන වචනයත් මදි. ආදරය සහ ලිංගිකත්වය කියන්නේ ගනුදෙනුවක් නෙවෙයි, ඒක දෙන්නෙකුගේ ආත්මීය බැඳීමක් විය යුතුයි.


ආදරණීය මතක් කිරීමක් ❤️🥀


ලිංගිකත්වය කියන්නේ විඳිය යුතු කලාවක් මිසක්, විඳවිය යුතු කරුමයක් නෙවෙයි. ආදරය පාරිශුද්ධ වෙන්නේ රාගය නැති නිසා නෙවෙයි, ඒ රාගය ඇතුළේ "ගෞරවය" සහ "සහයෝගය" තියෙන නිසායි. 


සංස්කෘතියට මුවා වෙලා තමන්ගේ සහකාරියව අතෘප්තිමත් කරන පිරිමියත්, තමන්ගේ ආකර්ෂණය නැති කරගෙන ඔහේ ජීවත් වෙන ගැහැනියත් දෙන්නම කරන්නේ බැඳීමට කරන අපරාධයක්.


ආදරෙන් ජීවත් වෙන්න!✨🌺


#RemovedNote #Srilanka #SexualHealth #SexualEducation #TabooTopics #RealLifeTruths #RelationshipAdvice #MarriageIssues #Mindset #Respect #OrgasmEquality #SriLankanSociety

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...