Thursday, May 21, 2020
දඬුවම් කරන්නේ නැතුව විනයගරුක දරුවෙක් හදන්නේ මෙහෙමයි (10+ Brilliant Strategies to Discipline Your Kid Without Punishment in 2020)
හැම දෙමාපියෙක්ම කැමතියි තමන්ගේ දරුවා විනයගරුක දරුවෙක් වෙනවට. මේ බලාපොරොත්තුව බිඳ වැටෙනකොට දෙමාපියන්ට තරහක් ඇති වෙනවා. අන්තිමටම සිද්ද වෙන්නේ ඒක දඬුවමකින් කෙලවර වෙන එක තමයි. නමුත් අපි මතක තියා ගන්න ඕනේ කාරණය තමයි දඬුවම් කිරීම ගොඩක් පහසු වුනත් දඬුවමින් දරුවන්ව විනයගරුක මාර්ගයට ගන්න බැහැ කියන කාරණය. ඒක කොහෙත්ම ඵලදායී ක්‍රමයක් වෙන්නෙත් නැහැ.
ඇමරිකානු මනෝවිද්‍යා සංගමයට (American Psychological Association) අනුව "විනයගරුක භාවය කියන සංකල්පය ගොඩ නැගෙන්නේ හොඳින් සිටින දරුවන් හොඳින් හැසිරෙනවා කියන මතයේ සිතටයි. ඒ වගේම එක එක වයසට අදාළ ධනාත්මක හැසිරීම් දරුවන්ට ඉගැන්වීම විනයේ අරමුණ වෙනවා. ඒ නිසාම විනය විසින් දරුවන්ට සන්සුන්ව සිටීමට, ප්‍රශ්න විසඳා ගැනීමට, තරහ පාලනය කර ගැනීමට, හැගීම් ස්වයං පාලනය කර ගැනීමට වගේම ඔවුනගෙන් බලාපොරොත්තු වෙන හැසිරීම කුමක්ද යන්නත් උගන්වනවා.
කොයිතරම් ආදරය හිතේ හංගාගෙන හිටියත් ඔබ දරුවන්ට නිතර දඬුවම් කරන කෙනෙක් නම් දරුවන්ට එම ආදරයෙන් පලක් නැහැ . ඔවුන් දැඩි ලෙස ඔබේ සෙනෙහස බලාපොරොත්තු වෙනවා වගේම ඒක ඔවුන්ට දැනෙන්නේ නැති වුනාම දුකට පත්වෙනවා. ඒ වගේම සතුටු වීම පවා ප්‍රතික්ෂේප කරනවා.
දරුවන් ඉපදුනාට පස්සේ මුලින්ම එයාල දේවල් ඉගෙන ගන්නේ අම්මගෙනුයි තාත්තගෙනුයි. ඒ නිසාම ඔබ යහපත් දරුවන් බලාපොරොත්තු වෙනවනම් මුලින්ම ඔබ යහපත් චරිතයක් වන්න. අම්මගෙයි තාත්තගෙයි විනය තමයි දරුවනුත් ආදර්ශයට ගන්නේ. දරුවන් හැමවිටම අම්මා තාත්තා අනුකරණය කරන්න පෙළඹෙන නිසා ඔබ විනයගරුක නම් දරුවනුත් ඉබේම විනයගරුක බව ජීවිතයට එක කර ගනීවි.
භාවනාවේ විශ්මිත ප්‍රතිඵල 7ක්
මානසික ආතතිය දුරු කරයි
සිරුරේ ඇති ආතතිය වැඩි කරන කෝටිසෝල් හෝමෝනය පහත හෙලන්නට භාවනාව සමත් වෙනවා. මානසික වගේම කායික ආතතිය දුරු කරන්න භාවනා කිරීමේ පුරුද්දට පුළුවන්. දිගුකාලීන මානසික ආතතිය නිසා ඇතිවිය හැකි නින්ද නොයාමේ ගැටලුව, විශාදය ඇතිවීම, රුධිර පීඩනය ඉහළ යාම, කායික සහ මානසික විඩාවක් දැනීම, මතක ශක්තිය දුර්වල වීම වැනි ගැටලු ඇතිවීම වැළකෙනවා. මානසික ආතතිය වර්ධනය වීමෙන් පසු කාලීනව ඇතිවිය හැකි මානසික රෝග, පෞරුෂ අක්‍රමතා ආදිය වළක්වාගන්න භාවනාවෙන් උපකාර ලැබෙනවා. භාවනා කිරීමෙන් සමාජ භීතිකාව, කාංසාව, ව්‍යාකූල සිතුවිලි හට ගැනීම, උමතු හැසිරීම් වැනි රෝග ලක්ෂණ පාලනය කෙරේ. පීඩනය අධික ව්‍යාපාරික ස්ථාන තුළ සිය සේවකයන්ට භාවනාව අනිවාර්ය අංගයක් කොට තිබේ.
මතක ශක්තිය වර්ධනය වීම
අධ්‍යාපනය ලබන වයසේ දරුවන්ට සිය මතක ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා භාවනාව කියන්නේ හොඳ ක්‍රමයක්. ඒ වගේම වයස්ගත වීමත් සමඟ ඇතිවන මතක ශක්තිය දුර්වල වීමේ ගැටලුව පාලනය කරගන්නත් භාවනාව උදව් වෙනවා. අවධානය යොමු කිරීමේ හැකියාව සහ චින්තන ශක්තියේ ධනාත්මක බව වර්ධනය වීම වැනි ප්‍රතිඵල භාවනාවෙන් හිමිවෙනවා. ඩිමෙන්ෂියාව කියන මතකය නැති වී යන රෝගය අඩකින් පාලනය කරන්නට භාවනාව සමත් වෙනවා. ඒ වගේම රෝගීන් බලා ගන්න පවුලේ සාමාජිකයන්ට ද සිය මානසික ආතතිය දුරු කර ගැනීමට භාවනාව උපකාරී වෙනවා.
ඇබ්බැහිවීම් පාලනය කර ගැනීමේ හැකියාව
භාවනා කිරීම තුලින් පුද්ගලයකුගේ මානසික විනය, ආත්ම දමනය කර ගැනීමේ හැකියාව වර්ධනය වෙනවා. ඒ හරහා විවිධ ඇබ්බැහිවීම් පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. මත්පැන් පානය කිරීමේ කැමැත්ත, දුම්පානය කිරීමේ කැමැත්ත, අධික ලෙස ආහාරයට ඇතිවූ ගිජුකම, සිතෙහි ඇතිවන තෘෂ්ණාව වැනි හැඟීම් පලනය කර ගැනීමට භාවනා කරන්නෙකුට පහසුය. භාවනා කිරීම තුළින් මිනිසාගේ අධිෂ්ඨාන ශක්තිය වර්ධනය වීම නිසා සිය හැඟීම් සහ ආවේගයන් පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා.
සුවදායි නින්දක් ලබා ගැනීමේ හැකියාව
වර්තමානයේ බහුතරයක් දෙනා නින්ද නොයාමේ ගැටලුවෙන් පීඩා විඳිනවා. එවැනි අයකු භාවනාවට හුරු වීමෙන් සිය සිරුර ලිහිල් වීමත්, ආතතිය දුරු වීමත් නිසා සාමකාමී නින්දක් ලබා ගැනීමට උපකාරී වෙනවා. භාවනා කරන්නාගේ සිත සන්සුන් වීමෙන් ඔහුට සුවදායි නින්දක් ලබා ගැනීමේ හැකියාව අත්වෙනවා.
සිරුරට දැනෙන වේදනාව අඩු වීම
භාවනා කරන්නාගේ මොලේ රසායනිකයන් සහ මානසික හැකියාව සංවර්ධනය වෙනවා. එකම ස්වරූපයේ වේදනාවක් භාවනා කරන්නේකුට සහ භාවනා නොකරන්නෙකුට ලබාදුන් විට භාවනා කරන්නාගේ මනස එය නිසියාකාරව පාලනය කර ගන්නවා. භාවනා කරන්නෙකු කායික වේදනාව පිළිබඳව දක්වන සංවේදීතාවය අඩු බව සනාථ වී තිබෙනවා. රෝගීන්ට භාවනා කිරීමට හුරු කිරීමෙන් ඔවුන්ගේ වරින් වර ඇති වූ වේදනාව පිළිබඳ පැමිණිලි අඩු වන බව සොයාගෙන තිබෙනවා. මාරාන්තික රෝග වැළඳුන රෝගීන්ට භාවනා කිරීම හුරු කිරීමෙන් ඔවුන්ගේ ජීවිතයේ අවසාන භාගයේ ඇති වන වේදනාව අවම වන බව පැවසෙනවා. කෙටියෙන් පැවසුවොත් භාවනා කරන්නන් සිය සිරුරට දැනෙන වේදනාව සමඟ සාර්ථකව ගනුදෙනු කිරීමට සමත් වෙනවා.
හදිසි අවස්ථාවලදී සන්සුන් වීමේ හැකියාව
යම්කිසි පුද්ගලයකු භාවනා කිරීමට හුරුවී සිටින්නේ නම් ඔහුට නොසිතූ මොහොතක ඇතිවිය හැකි කරදර හමුවේ සිය සිත පාලනය කරගෙන ඒවාට සාර්ථකව විසඳුම් සොයාගැනීමට හැකියාව ලැබෙනවා. සෙසු පුද්ගලයන් කරදර අබියසදී කලබලයට පත්වී දෑසට හොඳින්ම පෙනෙන විසඳුම් පවා අහිමි කරගන්නා මොහොතවල් වලදී භාවනා කරන්නෙකු සංසුන්ව සිය ගැටලුවලට විසඳුම් සොයා ගනු ලබනවා. ඒ නිසා ඕනෑම ගැටලුකාරී අවස්ථාවකට සාර්ථකව මුහුණ දෙන්නට මේ අය සමත් වෙනවා.
අධි රුධිර පීඩනය අවම වීම
භාවනාව නිසා හදවතේ ඇතිවන පීඩනය අඩු වෙනවා. සාමාන්‍යයෙන් අධි රුධිර පීඩනය ඇති වන්නේ කාලයත් සමග රුධිරය පොම්ප කිරීම සඳහා හදවත දැරූ වෙහෙස නිසායි. පසුකාලීනව හදවත දුර්වල වීමට එය හේතු වෙනවා. අධි රුධිර පීඩනයේ දී සිදුවන ධමනි සිහින් වීම හෘදයාබාධ සහ අංශභාගය වැනි රෝග ඇති කරවනවා. නමුත් භාවනා කිරීමට හුරු වීමෙන් රුධිර පීඩනය අඩුකර ගැනීමේ හැකියාව ලැබෙනවා.
Wednesday, April 22, 2020
බිරිඳත් සමඟ දේශනයට
සාමාන්‍යයෙන් අපි හැමෝටම සිද්ධ වෙලා තියන අකරතැබ්බය මිනිහටත් වුනා. දේශනයේ හොදම උච්චතම වෙලාවේ ප්‍රේක්ෂකාගාරය පුදුම සාවධානව දේශනයට වශී වෙලා ඉන්න වෙලාවෙ මිනිහගෙ ෆෝන් එක රින්ග් උනා. ඔය වෙලාවට ෆෝන් එක තියන සාක්කුව අමතක වෙනවා. සාක්කුවට අත දාගන්න බැරි වෙනවා. කොටින්ම සයිලන්ට් කරන කී එක පවා හොයාගන්න බැරි වෙනවානෙ. මිනිහටත් ඒකම වුනා.
මිනිහා කලේ ෆෝන් එකේ බැට්‍රියම ගලවල දාන එක. බෝම්බයක් නිශ්ක්‍රීය කලා වගේ සැහැල්ලුවකින් මිනිහා වට පිට බැලුවා. එහා පැත්තෙ ඉන්න ප්‍රිය බිරිද තරහින් මූන රතු කරගෙන දත්මිටි කනවා. මුලු ප්‍රේක්ෂකාගාරයම මිනිහා දිහා බලාගෙන. හොදම දේ දේශකයා කතාව නතර කරල කන්න වගේ බලන් ඉන්නවා. මිනිහට දැනුනෙ ලැජ්ජාවෙන් මිරිකිලා පොලව යටට කිදා බහිනවා වගේ.
එතනින් පස්සෙ දේශනාවෙ මාතෘකාව වුනේ ජීවිතය සැලසුම් කිරීම නෙවෙයි. ජංගම දුරකතනයෙන් සිදුවන හානිය සහ මිනිහෙකුගේ තිබිය යුතු සාමාන්‍ය මූලික විනය. අපේ මනුස්සය ජීවිතේ අවලස්සනම කාලකන්නිම හෝරාව එදා ගතකලා. දේශනය ඉවර වුනා. වටේ මිනිස්සු කට කොනින් හිනා වෙමින් මිනිහා දිහා බල බල යනවා. සමහරු එතන නොහිටපු සිද්ධිය නොදැක්ක අයට මිනිහව පෙන්නනවා. දේශකයත් තවත් වැඩේ අත ඇරල නෑ. ලගට එන අයට මිනිහව පෙන්නමින් ඔවදන් දෙනවා. මිනිහා බිම බලාගෙන ඇවිත් කාර් එකට නැග්ගා. බිරිද ගෙදරට එනකල්ම දේශනයේ ඉතුරු ටික කන්ටිනිව් කලා. තව දුරටත් කිසිම තැනකට මිනිහ එක්ක යන්නෙ නැති බවට දිවුරමින් ආඩපාලි කිව්වා. වෙච්ච ලැජ්ජාව කිය කියා බැන්නා. පුලුවන් ඉක්මනින් මිනිහා ගෙදරට ආවා. බිරිද කාමරේට ගිහින් දොර වහගත්තා. අද කෑමත් නෑ.
මුලු ජීවිතේම කඩා වැටිල පුදුම පරාජිත හැගීමක් එක්ක මිනිහට තවත් ඉන්න බැරි වුනා. මිනිහා වාහනේට නැගල හිමින් හිමින් හවසට යාලු මිත්‍රයො හම්බවෙන තානායම පැත්තට ගියා. සිද්දිය මුල සිට අගට මතක් වෙනවා. අය අග සිට මුලට යනවා. ඔලුව විකාර වෙනවා.
අවසානෙ මිනිහා දැඩි තීරණයක් ගත්තා. අයනම් කවදාවත් කිසිම දේශනයක්, නාට්‍ය ක්, ඔපෙරාවක් තියා ලමයෙකුගෙ කොන්සට් එකක් වත් බලන්න යන්නෙ නෑ නෑමයි.
මිනිහා තමන්ගෙ සුපුරුදු බාර් ස්ටූල් එකේ ඉදගත්තා. "සර්, අද ටිකක් අසනීපෙන් වගේ. මොකද්ද ප්‍රශ්නෙ" වේටර් මල්ලි අහනවා.
"නෑ අයිසෙ. එහෙම එකක් නෑ."
"ඒ උනාට සර්ගෙ වෙනද මූඩ් එක අද නෑ. වෙනද බ්‍රෑන්ඩ් එකෙන්ම සීයක් දාන්නම් සර්."
"ඔව්. එහෙම දානවා."
"සර්ට අසනීපයි වගේ නම් බ්‍රැන්ඩි ටිකක් උණු වතුර එක්ක ගමුද..?"
"නෑ. ඕන නෑ."
"සර්ට මොනවම හරි ඕන නම් කතා කරන්න සර්. මොනවා උනත් හෙටත් අලුත් දවසක්නෙ සර්"
වේටර්ගෙ කතාවටයි සැලකිල්ලටයි මිනිහගෙ ඔලුව බර ගතිය ටිකක් අඩුවුනා.
මිනිහා ග්ලාස් එක උස්සල ස්ලිප් කරන්න යද්දිම අත ලිස්සල ගියා. ග්ලාස් එකත් කුඩු වෙලා වටේ ඉන්න අයගෙ ඇදුම් වලත් එක්ක විස්කි හැලිලා ගියා. අද නම් මහ කරුම දවසක්. වේටර් දුවගෙන ආවා.
"අයියෝ සර්. හරි හරි ඒව සේරම හරි. සර්ට ප්‍රශ්නයක් නෑනෙ. මම මේ ටික ඉක්මනට අස් කරන්නම්. සර් මේ ටවල් එකෙන් ඇදුමයි අතයි පිහදාගන්න"
තානායමේ කලමනාකරුටත් මේක ඇහිලා ඔහුත් දුවගෙන ආවා.
" සර්, කිසි ප්‍රශ්නයක් නෑ. ඕව ඔහොම තමයි. ඔතන අපේ අය අස් කරයි. සර් මෙන්න මෙතනට එන්න. මෙතන හොද හුලගකුත් එනවා. මම ජනේලෙ අරින්නම්. මල්ලී, අපේ සර්ට අලුත් ෂොට් එකක් දාන්න. අලුත් බයිට් ප්ලේට් එකකුත් ගේන්න. හරි නේද සර්."
විස්කි නාගෙන ඉන්න වටේ හිටපු අය දිහා මිනිහා බැලුවා.
" අනේ සොරි. මගෙ අත පොඩ්ඩක් ලිස්සුවා."
"පිස්සුද මිස්ටර් ඕව මොනවද..? නෑව්වත් විස්කි වලින්නෙ."
ලොකු හිනා හඩක් මුලු තැබෑරුම පුරාම විසිරිලා ගියා.
"හැලුන ෂොට් එක මතක් කරල චියර්ස්"
එහා කොනේ ටේබල් එකකින් ඇහුනා.
එහෙනම් චියර්ස්.
මිනිහා එදා දවසෙ තවත් තීරණයක් ගත්තා.
හැමදාම හවසට මෙතනට එන්න ඕන...
-උපුටා ගැනීමකී-
හීන ලෝකය
ඔන්න අද අපි කතා කරන්න යන්නෙ අපි හැමෝම අත්දැකල තියෙන අපූරු මාතෘකාවක් ගැන.. ඒ තමයි හීන.. හැබැයි අර TV එකේ එක එක්කෙනා කියවන ජාතියෙ බහුබූත හීන පලාඵල ගැන නම් නෙමෙයි. අපි මේ කතා කරන්නෙ හීන සම්බන්ධ විද්‍යාත්මක කරුණු ගැන.
පොඩ්ඩක් ඉන්න.. හීන ගැන කතා කරන්නෙ කොහොමද නින්ද අමතක කරලා? ඒක නිසා මුලින්ම අපි නින්ද ගැන ටිකක් වැඩිපුර හොයල බලමු.
නින්දෙන් අපිට ලැබෙන එක වාසියක් තමයි අපේ දරාගැනීමේ ශක්තිය වැඩිවෙන එක. අධ්‍යයන වලින් හෙළිවෙලා තියෙන හැටියට කාලයක් පුරාවට පුද්ගලයෙකුගෙ නින්ද 50%කින් කපාහැරියම ඔහුට දරාගත හැකි උපරිම වේදනාවත් සීඝ්‍රයෙන් අඩුවෙනවලු. හැබැයි ඒකට නිශ්චිත හේතුවක් නම් තාමත් විද්‍යාඥයො හොයාගෙන නැහැ. නින්ද කොච්චර අත්‍යවශ්‍යද කියනව නම් පුද්ගලයෙක් වැඩිම කාලයක් එක දිගට නිදි රහිතව හිටපු කාලයට හිමි ලෝක වාර්තාව දින 11ක් පමණයි. ඒ 1964දි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ රැන්ඩි ගාඩ්නර් විසින් පිහිටුවන ලද වාර්තාව. ඒ වාර්තාව ලඟට වත් එන්න උත්සහ කරපු හැමෝටම සිද්ධවුනේ වාර්තාව කඩන්න කලින් අකාලයේ ජීවිතයෙන් සමුගන්න. ඒ තරමට නින්ද ශරීරයට අත්‍යවශ්‍යයි. වාර්තාව පිහිටුවපු රැන්ඩිත් ජීවත්වෙන්න වාසනාව ලැබුවට මොකද පසු කාලීනව දැඩි මානසික රෝග වලට මුහුණදුන්නා.
නින්දෙන් වෙන තවත් ඉතාම ප්‍රයෝජනවත් ක්‍රියාවලියක් තමයි මොළය පිරිසිඳු වීම. ඒ කියන්නෙ අනවශ්‍ය මතකයන් ටික ඉවත් කරලා මොළය clear කිරීම. අපේ නින්දෙ ගැඹුරුම වෙලාවෙදි ඒ කියන්නෙ හීන පේන වෙලාවදි තමයි මේ මොළය පිරිසිඳු කිරීමේ ක්‍රියාවලිය උපරිමයෙන් සිදුවෙන්නෙ. මොකද අපි නිදාගත්තට අපේ subconscious brain එක සුපුරුදු පරිදිම වැඩනෙ (subconscious brain එක ගැන ලියපු ලිපිය මෙතනින් කියවන්න). ඒ වගේම brain cells ශක්තිමත් වීම, සිරුරේ පටක අළුත්වැඩියාව වගේම ප්‍රතිශක්තිය වැඩි වෙන්නෙත් මේ වෙලාවට. ඒක නිසා නිවැරදි නින්දක් ලබාගැනීම හැම කෙනෙකුටම අත්‍යවශ්‍යයි. එහෙම නැතිවුනොත් විවිධ මානසික ව්‍යාකූලතාවයන් හා ඒ නිසාම විවිධ කායික රෝගත් ඇතිවෙන්න පුළුවන්.
නින්දෙ ප්‍රධාන කොටස් 2ක් තියෙනවා.
1) Non REM sleep
2) REM sleep
මුලින්ම අපිට අත්දකින්නෙ Non REM නැත්තං NREM කියන අවස්ථාව. ඊට පස්සෙයි REM අවස්ථාවට එන්නෙ. ඔය ටික නින්දෙදි වෙන්නෙ මෙහෙමයි.
1) ඔයා ඇස් වහගෙන ඉන්නෙ. හැබැයි තාම හරියට නිදි නෑ. පහසුවෙන්ම අවදි කරන්න පුළුවන්. මේ අවස්ථාව විනාඩි 5 - 15 විතර කාලයක් පවතිනවා.
2) දැන් ඔයා ටික ටික සැහැල්ලු නින්දකට අවතීර්ණ වෙනවා. ඔයාගෙ හෘදස්පන්දනය අඩු වෙනවා, ශරීර උෂ්ණත්වයත් අඩුවෙනවා. ශරීරය ටික ටික ගැඹුරු නින්දට සූදානම් වෙනවා.
3) දැන් ඔයා ඉන්නෙ ගැඹුරු නින්දෙ. අර කලින් කියපු පටක අළුත්වැඩියාව වගේ දේවල් වෙන්නෙ මේ වෙලාවෙදි. බැරිවෙලාවත් මේ වෙලාවෙදි කවුරුහරි ඔයාව අවදිකරොත් ඔයාට සමහරවිට ටික වෙලාවක් යනකන් සමබරතාවය වත් තියෙන එකක් නැහැ.
4) ඔන්න දැන් එනවා REM sleep එකට. මොකක්ද මේ REM කියන්නෙ? REM කියන්නෙ Rapid Eye Movement කියන එකට. මේ වෙලාවෙදි ඔයාගෙ ඇස් ඉතාම වේගයෙන් චලනය වෙනවා. ඒක බලන් ඉන්න හරි අමුතුම දර්ශනයක්. මේ කෙටි වීඩියෝ එක බලන්නකො REM sleep එහෙම ඇස් චලනය වෙනකොට කොයි වගේද කියලා. ඔයාටත් නින්දෙදි අනිවාර්යයෙන් ඔය ටික වෙනවා.
මේ REM sleep එක ඇතිවෙන්නෙ අපි නිදාගෙන විනාඩි 90ක් විතර යද්දි. මේක විනාඩි 10ක් විතර පවතිනවා. ඊට පස්සෙ ආපහු පළවෙනි පියවරේ ඉඳල එනවා. මේක සාමාන්‍යයෙන් විනාඩි 90 විතර චක්‍රයක් හැටියටයි වෙන්නෙ. හැබැයි දෙවෙනි REM sleep එක නම් විනාඩි 10ට වඩා දිගයි. ඔහොම දිග වැඩිවෙලා අන්තිම එක පැයක් දක්වා උනත් වෙන්න පුළුවන්. පුංචි බබාලගෙ නින්දෙන් 50%ක්ම මේ REM sleep එකටයි වැටෙන්නෙ.
ඉතින් අපිට මොකක්ද මේ REM sleep එකෙන් ඇති වැඩේ? වැඩේ තමයි
අපිට හීන පේන්නෙ මෙන්න මේ REM sleep එකේදි!!
අර වීඩියෝ එකේ වගේ අපි ඇස් හොලවලා කරන්නෙ හීන ලෝකෙ අපිට පේන දේවල් දිහා බලන එක.
අපිට පෙනෙන හීනත් හරි අපූරුයි. හීන පේන්න නිශ්චිතම හේතුවක් තාමත් හොයාගෙන නෑ. ඒත් දැනට හොයාගෙන තියෙන දේවල් ටිකක් කියන්නම්.
අපිට හීනෙන් පෙනෙන එක දෙයක් තමයි අපි සාමාන්‍ය ජීවිතයෙදි අත්දකින දේවල්. දන්නවද ඉස්සර ඇමරිකාවෙ කළු සුදු රූපවාහිනි තිබුන කාලෙ. මිනිස්සුන්ගෙන් 12%කගෙ විතර හීනත් තනිකරම කළු සුදු විතරයි. ඒ වගේම කථන ආබාධ සහිත අය හීන දකිද්දි හස්ත සංඥා පාවිච්චි කරනවලු. කාලයක් ඇස් පෙනිලා පසුව අන්ධ වුණ අයත් හීන දකිනවලු. උපතින්ම අන්ධ අයත් එයාලට දැනෙන සංවේදන වලට අනුව හීන අත්විඳිනවා. වැඩිය ඕන නෑ සත්තුත් හීන දකිනවා. ඒ හැමෝම ගොඩක් වෙලාවට හීනෙන් දකින්නෙ සැබෑ ජීවිතේ අත්දැකීමකට සම්බන්ධ යම් දෙයක්. හැබැයි හැම වෙලාවෙම නෙමෙයි.
හීන හැබෑ වෙන්නෙ කොහොමද?
ආපහු මතක් කරනවා පුළුවන් නම් මම කලින් ලියපු "මනසින් වැඩ ගැනීම" කියන subconscious brain එක සම්බන්ධ ලිපිය කියවන්න කියලා. මොකද subconscious brain එක ඒ තරම් පුදුම දෙයක්. ඔයා දවස පුරාම දකින දේවල් ටික ඔයා නිදාගත්තම මේ subconscious brain එක analyze කරල බලනවා. ඊට පස්සෙ ඒ දත්ත අනුව එයා අනුමාන කරනවා ඔයාට හෙට මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා. උදාහරණයක් හැටියට ඔයා අද හොඳ ගොං වැඩ ටිකක් කරල නිදාගත්තා කියල හිතමු. නින්දෙදි subconscious brain එක ඔයාට රූප මවලම පෙන්නනවා අද ගොං වැඩ කරා නම් දැන් ඉතින් හෙට මේ විදියට තමයි විඳවන්න වෙන්නෙ කියලා.
Subconscious mind එක කියන්නෙ කොච්චර බලගතු දෙයක්ද කියලා කලින් ලිපිය කියෙව්ව නම් ඔයාලා හොඳටම දන්නවනෙ. ඉතින් මෙයා කියන දෙයක් ලේසියෙන් වරදින්නෙ නෑ. ඉතින් හෙට ඒකම ඇත්තටම සිද්දවෙනවා. එතකොට ඔයාට මතක් වෙනවා මම හීනෙන් දැක්කෙත් මේකම නේද කියලා. ඇත්තටම ඒක ගුප්ත දෙයක් වත් අහඹු සිදුවීමක් වත් නෙමෙයි. ඒක ඔයාගෙම මොළයෙන් කරපු prediction එකක්.
විහිළුවක් වගේ පෙනුනට දිමිත්‍රි මෙන්ඩලීෆ් ආවර්තිතා වගුව හොයාගත්තෙත්, August Kekulé බෙන්සීන් අණුවෙ හැඩය හොයාගත්තෙත් මෙහෙම හීනෙන්ම තමයි.
හීන හා සම්බන්ධ ගුප්ත දේවල්
නින්දෙන් ඇවිදීම
Parasomnia වගේ මානසික රෝග නිසා හීනෙන් ඇවිදින අය ඉන්නවා. මේක ප්‍රතිකාර ගතයුතු තත්වයක්. මොකද මෙහෙම හීනෙන් ඇවිදල ගිහින් අපරාධ කරපු අයත් ඉන්නවා. මේ ගැන ප්‍රසිද්ධ කතාවක් තමයි එක්තරා පුද්ගලයෙක් හැමදාම රෑට හීනෙන් පිහිනුම් තටාකයට ගිහින් නින්දෙන්ම පීනන්න පුරුදු වෙලා ඉඳලා. දවසක් එතනට ආපු එයාගෙ යාළුවෙක් මෙයාව අවදිකරලා. මේ පුද්ගලයා එක පාරටම ගිලෙන්න ගිහින්. හේතුව තමයි මෙයා හීන ලෝකෙදි කොච්චර දක්ෂ පිහිණුම් ශූරයෙක් වුණත් සැබෑ ජීවිතේදි මෙයාට කොහෙත්ම පිහිනන්න බැරිකම. මෙහෙම වෙන්න හේතුව නම් තාමත් හොයාගෙන නෑ.
Sleep Paralysis
ලිපිය මුලදිම මම කිව්වෙ මේක ගැන තමයි. ඔන්න ඔයා එක පාරටම නින්දෙන් අවදිවෙනවා. හැබැයි අතපය තියා ඇඟිල්ලක් වත් හොලවන්න බෑ. හරියට ඔයාගෙ ආත්මය ශරීරයෙන් එළියට ඇවිත් වගේ. කෑගහගන්න වත් බෑ. මේක ගොඩක් දුරට ඔයත් ජීවිතේ එක පාරක් හරි අත්විඳලා ඇති.
මෙතනදි වෙන්නෙ අර කලින් කියපු නින්දෙන් ඇවිදීමට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක්. මෙහෙමනෙ. අපි නිදාගත්තම අපේ ශරීරය තාවකාලිකව paralyze වෙනවා (මේකට අංශභාගය කියන වචනය කොච්චර දුරට හරිද කියන එක නොදන්න නිසා දිගටම paralyze කියන්නම්). එහෙම වෙන්නෙ අපි නින්දෙන් අනතුරු කරගන්න එකෙන් වැළකෙන්නයි. අපි අවදිවෙද්දි ආපහු ශරීරය ප්‍රකෘති තත්වයට පත්වෙනවා. ඒක ස්වභාවික ක්‍රියාවලියක්.
හැබැයි ඉතින් ඕනම යන්ත්‍රයක් වගේ කලාතුරකින් මේක ටිකක් අප්සෙට් වෙනවා. මොළය සම්පූර්ණයෙන් අවදිවෙලා. හැබැයි තාම ශරීරය අර කලින් කියපු paralyze අවස්ථාවෙමයි. එතකොට තමයි ඔය අත්භූත සිද්ධිය අපිට අත්දකින්න වෙන්නෙ. මේකෙ කිසිම අත්භූත දෙයක් නෑ. මේකට සමහරු astral body කතාවකුත් ඇදල ගන්නවා. එහෙම කෙහෙල්මලක් නෑ මේකෙ කිසිම ගුප්ත සිදුවීමක් නෑ. මේක සාමාන්‍යයි. මම නම් එහෙම වෙලාවට කරන්නෙ හෙමීට කකුලෙ ඇඟිල්ලක් හොලවන්න උත්සහ කරන එක. ඒ වේගය ටික ටික වැඩි කරාම එක වෙලාවකදි මුළු ඇඟම හෙලවෙන තැනකට එනවා. එතනදි ශරීරය අර paralysis එකෙන් මිදිලා සාමාන්‍ය පරිදි අවදිවෙනවා. ඕකට බයවෙන්න කිසිම හේතුවක් නෑ. හැබැයි ඉතින් නිතරම ඕක වෙනව නම් වහාම ගිහින් වෛද්‍ය උපදෙස් ගන්න. ඔයාට ලෙඩක් :D
එකම සිහිනය නැවත නැවත පෙනීම
සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නෙ අපිට එදිනෙදා ජීවිතේදි මොනවහරි ඉතාම වැදගත් දෙයක් මගහැරුණමලු. ඒ මගහැරුණු දේ නිසා ඔයාට ඇතිවෙන මානසික ආතතිය නිසයි මෙහෙම වෙන්නෙ. මොනවද මගහැරුනෙ කියලා හෙමීට මතක් කරගෙන ඒ වැඩේ සම්පූර්ණ කරගත්තා නම් ආපහු ඒ හීනය පේන එකක් නෑ.
උඩකින් වැටෙන හීන
ඔයාටත් සමහර වෙලාවට දැනිලා ඇති හීනෙන් කොහෙහරි උඩක ඉඳලා එක පාරට වැටෙනවා. ඒ වෙලාවට අපිව එක පාරට ගැස්සිලා ඇහැරෙනවා. එහෙම නැත්තං කවුරුහරි කකුලෙන් එක පාරට අදිනවා හරි උස්සල පොළොවෙ ගහනව වගේ දැනිල ඇති. එතකොටත් ගැස්සිලා ඇහැරෙනවා. නැගිටල බැලුවම කවුරුත් නෑ. ලේසියටයි නොදන්නකමටයි අපි මේවා භූත බලවේග වලට බාරදෙනවා. ඒත් මෙතන ඇති භූතයෙක් නම් නෑ.
එහෙනම්??
අපිට හීන පේන REM sleep එකේදි අපේ හෘදස්පන්දනය හා ශරීර උෂ්ණත්වය ඉතාම පහතට වැටෙනවා කියල මම කලින් කිව්වනෙ. ඉතින් ඔය අවස්ථාවෙදි අපේ මොළයට හිතාගන්න බැරිවෙනවා අපි නිදිද නැත්තං මැරිලද කියලා. ඉතින් ඒක පරික්ෂා කරගන්න මොළය කරන්නෙ ශරීරයට false signal එකක් එවලා ඒ signal එකට ශරීරය ප්‍රතිචාර දක්වනවද කියලා බලන එක. ඒ සිග්නල් එකට තමයි ඔය අපිව ගැස්සෙන්නෙ. දැන් පැහැදිලියිනෙ හිටපු භූතයා කවුද කියලා.
Lucid Dreaming
හීන කියන මාතෘකාවෙ තියෙන වැදගත්ම දෙයක් තමයි මේ ලුසිඩ් ඩ්‍රීම්ස් කියන්නෙ. Lucid dreams ඉතාම තාත්විකයි. කොච්චර තාත්විකද කියනව නම් ඔයාට හිතාගන්න බෑ ඔයා මේ ඉන්නෙ හීනෙකද හැබෑ ලෝකෙද කියලා. ඒක තහවුරු කරගන්න පුංචි වැඩ ටිකක් කරන්න පුළුවන්. එකක් තමයි තමන් මේ ඉන්න තැනට ආවෙ කොහොමද කියල හිතන එක. හිතන්නකො ඔයා රේල් පාරක් උඩ හිටගෙන ඉන්නවා. ඔයාට තියෙන්නෙ ඔයා මෙතනට ආවෙ කොහොමද කියලා ආපස්සට හිතන්නයි. ඔයා හීනෙක නම් ඉන්නෙ, ඔයාට මේ ප්‍රශ්නෙට උත්තරයක් නෑ. එතකොට ඔයාට තේරුම්ගන්න පුළුවන් ඔයා මේ ඉන්නෙ හීනයක් ඇතුලෙ කියලා. තව ක්‍රමයක් තමයි අත්ල දෙස බලන එක. ඔයා හීනයක් ඇතුලෙ ඉන්නව නම් ඔයාට අතේ රේඛා වගේ දේවල් පැහැදිලිව පේන්නෙ නෑ. Details ගොඩක් අඩුවෙන් පේන්නෙ. සමහරවිට ඇඟිලි ඇද වෙලා පෙනෙයි. එතකොට ඔයාට තේරුම්ගන්න පුළුවන් ඔයා මේ ඉන්නෙ හීනෙක කියලා.
ඒත් ඉතින් හීනෙදි ඔහොම අපිට ඕන ඕන දේවල් කරන්න බෑනෙ. අන්න ඒකයි lucid dreams වල විශේෂත්වය. මේකෙදි අපිට කැමති ඕන දෙයක් කරන්න පුළුවන්. පියාඹන්න ආස නම් ඒකට කිසිම බාධාවක් නෑ. මොකද මේ හීන ලෝකෙ පරිසරය තනිකරම තියෙන්නෙ ඔයාගෙ පාලනය යටතේ. කැමති දෙයක් ගොඩනගන්න, කැමති දෙයක් කරන්න කිසිම බාධාවක් නෑ.
හැබැයි ඉතින් lucid dreamer කෙනෙක් වෙන්න නම් ලේසි නෑ. ඒකට තරමක පුහුණුවක් අවශ්‍යයි. අපි නිදාගෙන අවදි වෙද්දිම අපිට අපි දැකපු හීන වලින් 50%ක් විතර අමතකයි. ඇහැරිලා පළවෙනි විනාඩි 15 වගේ ඇතුලත හීනෙන් 90%ක් 95%ක්ම අමතක වෙනවා. ඉතින් අපි කරන්න ඕනෙ අවදිවුන ගමන්ම ඉක්මණට දැකපු හීනය පොතක ලියන එක. මේ පොතට Dream Journal කියලයි කියන්නෙ. මේක ඇඳ ලඟින්ම තියාගන්න. හැමදාම නින්දට කලින් පොත අරන් කලින් දවසෙ දැකපු හීනය හොඳට කියවන්න. ඊට පස්සෙ ඒ හීනයටම ආපහු ඇතුළුවෙන්න උත්සහ කරන්න. කාලයක් පුහුණු වුණාම ඔයාට පුළුවන් ඔයාගෙ හීන වල පාලනය ඔයාගෙම අතට ගන්න. හීන ලෝකෙදි කාලය ගතවෙන වේගය වෙනස් නිසා විනාඩි 5ක 10ක හීනයක් ඇතුලෙ ඔයාට පැය ගානක් වුණත් ගතකරන්නත් පුළුවන්.
හීනයක් තුල හීනයක්..
හිතන්න ඔයා හීන ලෝකෙදි නිදාගන්නවා. දැන් ඔයා හීනයක් දකිනවා. හරියටම බැලුවොත් ඔයා මේ දකින්නෙ හීනයක් ඇතුලෙ තියෙන තවත් හීනයක්. ඔයා එක පාරක් අවදිවුණාට වැඩක් නෑ ඔයා තාමත් ඉන්නෙ හීනයක් ඇතුලෙ නිසා. දෙපාරක් අවදි වෙන්නම වෙනවා. මේක අත්දැකපු අය නම් සෑහෙන්න අඩුයි. ඒ වගේම මේක හේතුවක් හොයාගෙනත් නෑ.
හැබැයි මේ lucid dreaming සහ හීනයක් තුල හීනයක් කියන සංකල්පය යටතේ හැදුන අති විශිෂ්ට චිත්‍රපටයක් නම් තියෙනවා. හීන ලෝකය ගැන කුතුහලයක් ඇතිවුණා නම් මේ චිත්‍රපටය ඔයා බලන්නම ඕන. මේකෙ නම තමයි Inception. මේක 2010දි තිරගත වුණ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය ක්‍රිස්ටෝපර් නෝලන්ගෙන්. ප්‍රධාන නළුවා ලියනාඩෝ ඩිකැප්‍රියෝ. එහෙම කිව්වම දන්න අය දන්නවා මේක කොච්චර සුපිරි චිත්‍රපටයක් වෙන්න පුළුවන්ද කියන එක. හීන ලෝකෙ ගැන කිව්වට මේක සුරංගනා චිත්‍රපටයක් නම් නෙමෙයි..
-Inception 2010-
ලියනාඩෝ සහ ඔහුගේ කණ්ඩායම සිහින සොරුන්. ඔවුන් නිර්මාණය කරපු යන්ත්‍රයට පුළුවන් යම් පිරිසකට තවත් කෙනෙකුගේ හීනයක් තුලට ඇතුළුවෙන්න. ඊට පස්සෙ ලුසිඩ් ඩ්‍රීමිං වලින් ඒ හීනෙ අයිතිකාරයගෙ සේප්පු අංක වගේ දේවල් හොයාගෙන සැබෑ ලෝකයෙදි ඇත්තටම ඒ සෙප්පුව මංකොල්ල කනවා. සමහර වෙලාවට හීනයක් ඇතුලෙ හීනයකට යන්නත් වෙනවා. ඔය වගේ වැඩ තමයි මෙයාලගෙ බිස්නස් එක.
හැබැයි දවසක් ටිකක් අමාරු වැඩක් එනවා. මේකට මෙයාලට හීනයක් ඇතුලෙ තියෙන හීනයක් ඇතුලෙ තියෙන තවත් හීනයකට, යන්න වෙනවා. වැඩේ ගැස්සුනොත් කවදාවත් අවදිවෙන්නෙ නෑ. නමුත් වැඩේ අතරමගදි ලියනාඩෝට තවත් එක මට්ටමක් ගැඹුරට යන්න ඒ කියන්නෙ මේ ඉන්න හීනය ඇතුලෙත් තව හීනයකට යන්න සිදුවෙනවා. එතනින් එහාට මම කියන්නෙ නෑ. මේක ප්‍රසිද්ධ සම්මානනීය චිත්‍රපටයක් නිසා ගොඩක් අය බලලත් ඇති. බලපු නැති කෙනෙක් ඉන්නව නම් අනිවාර්යයෙන්ම බලන්න කියලත් අවසන් වශයෙන් ආරාධනා කරන්න කැමතියි.
2014 වර්ෂයේදී වසරේ නිර්මාණශීලීම ව්‍යවසායකයා
මේ ඔහුගේ ජීවිත කතාවේ සාරාංශයයි !
ජෝන් ඒබ්‍රහම් යනු දක්ෂ ව්‍යාපාරියෙකි. එසේම ඔහු අධ්‍යාපන සුදුසුකම්වලින් පරීපූර්ණ නළුවෙකුද වෙයි. මෙතෙක් බොලිවුඩයේ අධ්‍යාපන සුදුසුකම්වලින් පරිපූර්ණ රංගන ශිල්පියෙකු ලෙස හඳුන්වනු ලැබුවේ අමිතාබ් බච්චන්ය. අද එම ස්ථානයෙහිලා ජෝන්ද දැක්විය හැකිය.
" මම ගම්බදව සිට නගරයට ආපු කෙනෙක්. මගේ තාත්තා මලයානු ජාතිකයෙක්. මගේ මව පර්සියානු ජාතික කාන්තාවක්. මගේ ලෝකයේ අවංකම පුද්ගලයා මගේ තාත්තා. මමයි මගේ සහෝදරයයි එකම මතයක ජීවත් වූ දෙදෙනෙක්. අපි දෙන්නාගේම මතය වුණේ අපි හොඳින් ඉගෙන ගත යුතුය යන්නයි
මම පාසල් ගියේ බස් එකෙන්. අපේ පවුලට කාර් එකක් තිබුණේ නැහැ. නමුත් මගේ පාසලේ යහළුවන් බොහෝ දෙනෙක් පාසල් ආවේ කාර් එකෙන්. ඒක නිසා මමත් මගේ මුරණ්ඩුකමට තාත්තාගෙන් කාර් එකක් ඉල්ලුවා. තාත්තා කිව්වා අපිට කාර් එකක් ගන්න සල්ලි නැහැ කියලා.
ඔයා අනිත් මිනිසුන් වගේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න කියලා. නමුත් ඔහු එක දෙයක් කිව්වා. මම ඔයාට කාර් එකක් ගන්න පුළුවන් විදිහට උගන්නන්නම් කියලා. ඒ දේ මගේ හිතට වැදුණා. ඉතිං මම ඒ හීනයත් එක්ක ඉදිරියට ආවා. සාමාන්‍ය පවුලක හීන රැසක් තියෙන ළමා කාලයක් ගත කරන්න ලැබීම සතුටක්. මේ හැම දෙයක්ම ලබා ගන්න ඉගෙනීම වැදගත් වෙනවා.
මගේ ප්‍රථම උපාධිය වූ ආර්ථික විද්‍යාව සඳහා ගෞරව සාමර්ථ්‍යයක් ලබා ගත්තා. ඊට පස්සේ මම අලෙවිකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධියක් කළා. ඒ වගේම පශ්චාත් කළමනාකරණ උපාධියක්ද ලබා තිබෙනවා.
මම පාසල් කාලයේදී ගොඩක් කෙට්ටුයි. ඒ වගේම මගේ බරත් අඩුයි. උසත් අඩුයි. මීට වඩා මගේ ලොකුම මානසික වදය වුණේ මගේ මූණේ කුරුලෑ තිබීමයි. එක දවසක් ගෑනු ළමයෙක් මට ආදරෙයි කිව්වා. එයා කිව්වා ඔයාගේ මුණේ තියෙන කුරුලෑ ඔක්කොටම වඩා මම ඔයාට ආදරෙයි කියලා.
මට ඒ වචනෙ දැඩිවම හිතට වැදුණා. මගේ මුහුණේ තිබුණු කුරුලෑ නිසා මම අඬලත් තියෙනවා. මම දෙවියන්ගෙන් නිතරම අහන දෙයක් වුණේ ඇයි මට මේ වගේ මුහුණක් දුන්නේ කියලා. මම ලස්සනයි කියලා කවදාකවත් මට හිතුණේ නැහැ. දවසක් මම කණ්ණාඩියෙන් මූණ බලමින් ඉද්දී තාත්තා ආවා. එයා ඇහුව්වා මොකද ඔය කණ්ණාඩිය දිහා බලාගෙන කරන්නෙ කියලා. එදා මම තාත්තට විහිළුවට කිව්වා මම කවදහරි මේ මූණ කෝටි ගණනකට විකුණනවා කියලා. මට ඒ සිද්ධිය අද වගේ මතකයි.
මම තරුණ කාලේ රැකියා කිහිපයක් කළා. මම වැඩ කළේ ඉගෙනීම අතරතුරයි. මුලින්ම කළේ විකුණුම් රස්සාවක්. මම ගෙදරින් ගෙදරට ගිහින් යතුරුලියන විකුණුවා. ඊට පස්සේ මම මාධ්‍ය සැලැසුම්කරුවෙක් වශයෙන් වෙළෙඳ දැන්වීම් ආයතනය වැඩ කළා. ඒ කාලයේදී තමයි නිරූපණ ශිල්පියෙක් වශයෙන් වැඩ කළේ. මම එම ක්ෂේත්‍රයේ දිගු ගමනක් ආවා.
එහි පළමු ප්‍රතිඵලය වශයෙන් මට වයස 29දී Jism කියන චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණේ. එය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් වුණා. මාව මුලින්ම ක්ෂේත්‍රය දැනගත්තේ බිපාෂාගේ පෙම්වතා කියලා. මගේ ඇත්ත නම ෆර්හාන් ඒබ්‍රහම්. මම ක්‍රිස්තියානි නිසා ජෝන් කියන නම අමතරව පාවිච්චි කළා. ගොඩක් අය කිව්වා මට ෆර්හාන් ඛාන් කියලා නම වෙනස් කරන්න කියලා. මොකද ඒ කාලේ ඉඳන්ම ඛාන් යන නම ප්‍රසිද්ධයිනෙ. නමුත් මම ජෝන් ඒබ්‍රහම් කියන නම භාවිත කළා.
කවදාකවත් ආයෝජන අවස්ථා මඟ හරින්න එපා. අපි කොපි කරන්නේ නැතිව අපේම දේවල් නිර්මාණය කරන්න ඕනේ. හොලිවුඩයේ සිනමා තාක්ෂණය අපිට වඩා අවුරුදු ගාණක් ඉදිරියෙන් ඉන්නේ. තිත්ත වුණත් ඇත්ත ඒකයි. කවදත් ආදායම් අතින් ඉදිරියෙන් ඉන්නේ හොලිවුඩයයි. මේ දේවල් තාවකාලියකයි. මම නිෂ්පාදන සමාගමක් පටන් ගත්තේ ඒ හේතුව නිසයි. එමගින් තරමක් වෙනස් සිනමා නිර්මාණ කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම Wrangler නමින් ඩෙනිම් පෙළක් මගේ සමාගම විසින් හඳුන්වා දුන්නා.
මට ලෝකයේ බොහෝ තැන්වල වටිනා ඉඩම් සහ නිවාස තියෙනවා. එවැනි වත්කම් රැස් කිරීම ඉතාම වැදගත්. මම නිවාඩුවකට කොහේ හරි ගියත් ඒ තැන ගන්න පුළුවන් නම් මම ගන්නවා. මම අයෝජන අවස්ථා මඟ හරින කෙනෙක් නාෙවයි. මුදල් පරිහරණය ගැන කල්පනාකාරී වන්න. මට සල්ලි ගොඩක් වැදගත්. මගේ උපාධිය කරන විශ්වවිද්‍යලයේ ගැහැනු ළමයෙක් සමග සම්බන්ධයක් තිබුණා.
එය විවාහය දක්වාම ගියා. නමුත් විවාහ වෙන්න මං ගාව සල්ලි තිබුණේ නැහැ. ඒ කාලේ මගේ බැංකු පොතේ තිබුණේ රු. 550ක් පමණයි. මේ කතාව ඔයාලා විශ්වාස කරන එකක් නැහැ. නමුත් ඒක තමා ඇත්ත. ඉතිං ඒ නිසා ඒ සම්බන්ධය නැති වුණා. එදා මට විවාහය කරන්න සල්ලි තිබුණානම් වෙන්වීමක් වෙන්න සිදුවෙන්නේ නැහැ. ඒක නිසා මට අදත් රුපියලක මුදල රුපියල් 1000ක් තරම් වටිනවා. මම අභිමානයෙන් කියන දෙයක් තමයි මම සතපහක වංචාවක් කරලා නැහැ කියන එක.
මම කවදාකවත් දෙමවුපියන්ගේ සල්ලිවලින් මට අවශ්‍ය කිසිදෙයක් ගත්තෙ නැහැ. ඒ හැම දෙයක්ම වියදම් කළේ අධ්‍යාපනයට. මම සල්ලිවලට බොහොම ගෞරව කරනවා. ඒක නිසා නාස්තිකාර වියදම් කරන්නෙ නැහැ. මේ වෙද්දි මම වටිනා වාහන පාවිච්චි කරනවා. නමුත් මම මුලින්ම ගත්ත පරණ ටාටා කාර් එක මගේ ළඟ තාමත් තියෙනවා. මම ඒකාලේ වැදගත් ගමනක් සඳහා යන්න රු. 450කට ගත්ත සෙරෙප්පු කුට්ටම තාමත් මගේ ළඟ තියෙනවා. ඒ දේවල් එකතු කරන්නේ මම ආපු තත්ත්වය අමතක නොකරන්නයි.
මට ස්ථාවර වෙන්න කාලයක් ගියා. ඒක නිසා මගේ විවාහයත් පරක්කු වුණා. නමුත් මම විවාහ වුණේ මට වයස 42දී. එය ඉතාමත් සරල විවාහයක්. ඇගේ නම ප්‍රියා රන්චෝල්. ඇය මාව ගොඩක් තේරුම් ගත් සරල ආදරණීය බුද්ධිමත් තරුණියක්. බොහෝ දෙනා මාව දැක්කේ ස්ත්‍රී ලෝලියෙකු ලෙසයි. ඒක ඇත්තටම වැරදි දැක්මක්. මම කවදාකවක් ගැහැනු ළමයින් සමග අනවශ්‍ය දේවල්වලට යොමුවෙලා නැහැ. ජනප්‍රිය බවට ස්ත්‍රීන් ගොඩක් කැමතියි.
ඔබ කරන කියන හැම දෙයම ඉහළින් අගය කරන මෝඩයන් හතරක් පහක් ඔබ වටේට හිටියොත් ඔබ විනාශ වෙන්න පුළුවන්. දියුණු වෙද්දී බුද්ධිමත් අයට කන්දීම නතර කරලා, ඒ වෙනුවට බොරුවට අගය කරන මෝඩයන් වටකරගන්න පුද්ගලයන් විනාශ වෙනවා. මට අද ආඩම්බර වෙන්න දෙයක් නැහැ. ඒක නිසා මම සරලව ඉන්න උත්සාහ කරනවා.
මම කෙහොමත් මත්පැන් පානය කරන්නෙ නෑ. ඒක ප්‍රසිද්ධ කාරණයක්. ඒ වගේම මම සම්පූර්ණයෙන්ම නිර්මාංසයි. බොහෝ අය මම පාටිවලට නොයෑම නිසා මට චෝදනා කරනවා. මට පාටිවලට ගිහින් කෘත්‍රිමව හැසිරෙන්න අමාරුයි. මම සම්මාන ප්‍රදානෝත්සවවලට පවා යන්නේ බොහොම කලාතුරකින්. සම්මාන ප්‍රදානෝත්සව හරියට සත්තු නටවන සර්කස් වගෙයි. එවැනි සර්කස් එකක සතෙකු වෙන්න මට අවශ්‍ය නැහැ. ඇත්තටම මම අද මෙතැන ඉන්නේ මම හිතන විදිය වෙනස් නිසයි. සරලවම ඒක තමයි මගේ ජයග්‍රහණයේ රහස.
-උපුටා ගැනීමකි-
මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...






















