කබ්බා. ( පොර මානසිකත්වය)
අද කියන්න යන්නෙ කබ්බා ගැන කබ්රාල් නම්
නෙවෙයි කබ්බ ෆෝම් වෙලා මම තමයි සේරම දන්නෙ හිතාගෙන වැඩ කරන්න ගිහින්
අනාගන්න අය ගැන. හැමොටම මෙහෙම අද්දැකීම් ඇති. අපි අලුත් සබ්ජෙක්ට් එකක් ඉගන
ගනිද්දි " මොන මගුලක්ද මේ මේව හෙන Simple නේ කියල හිතාගෙන පටන් ගන්නව නේ
හෙන මොරාල් පිට. කාලයක් යද්දි මොරාල් බැහැලා සුනක ටයිප් එකටම වැටෙනව නේ
😂. ඇත්තටම ඒකට තියරියක් තියනවා මේකට කියනවා අපි dunning kruger Effect
කියල. ඇත්තටම කිව්වොත් තමන් දන්නැ කියල දන්නැතිකම😂 .
සරලව කියන්නම් මේ අවස්තා ටික.
1 mount of stupid
අලුත් සබ්ජෙක්ට් එකක් හො මොයනම් හරි ක්ශේත්‍රයක් තමන් දන්නව කියල හිතාගෙන පොර මානසිකත්වයෙන් ඉන්න අවස්තාව.
2 valley of despair ඇත්තටම තමන් දන්න මගුලක් නැ කියලා අවබෝද වෙන අවස්තාව
තමන් දන්නැ කියල අවබෝද වුන ගමන් කනට ගැහුව වගේ පොර මානසිකත්වය බිදිල යනව.
3 slope of enlightenment
මේහෙම මෝඩය වගේ ඉදල හරියන්නැ මම ඒ සබ්ජෙක්ට් එක ගැන හොයන්න ඕන කියන තැනට
හිත හැදිලා අන්තිමට තමන්ම self study කරන්න ගන්නව. ඊට පස්සෙ ටික ටික ඒ
subject එක ගැන දැනුම හොයාගෙන සන්නද්ද වෙනව
4 plateau of sustainability
දැං මෙයා ඇත්තටම දැනුම අද්දැකීම් එක්ක සන්නද්ධ වෙලා ඉන්නෙ තමන් ඒ සබ්ජෙක්ට් එක ගැන දන්නව කියල එයා දන්නව. මුල මැද අග දන්නව.
ඇයි ඉතිං මේක pesbuk දැම්මෙ 🥲
exams කරනකොට. Hall එකෙන් එලියට එන්නේ ඇට්ටි හැලෙන්න දුන්නා කියාගෙන
(Mount Stupid). හැබැයි රිසල්ට් එනකොට වෙන සීන් එකක්. අනෙක් අතට හොඳටම
ලියපු උන් ඉන්නේ සැකෙන් මට කොහේ හරි වැරදුනාදෝ කියාගෙන 😁
exam
ලියන්න තව මාසයක් වගේ නේ තියෙන්නෙ ඉතිං මුකුත් වැඩක් නොකර pesbuk එකට වෙලා
තමන් දන්නව කියල හිතාගෙන ඉන්නව නම් ඔයාලා ඇත්තටම දන්න &#+#+ නැ.ඒනිසා
දැම්ම ගිහින් පාඩම් කරන්න S එක C කරන්නත් C එක B එක කරන්නත් B එක Aඑක
කරන්නත් මේ කාලයෙ කරන කැපකිරීම තමයි හේතුවෙන්නෙ. ඒ නිසා විබාගෙ අතැරලා
ඉන්නව නම් මේ කාලෙත් ඇති ගේමක් ගහන්න 🤭
People who scored low
relative to other people greatly overestimated how well they did.
Conversely, the people who scored in the top quartile slightly
underestimated their performance. This kind of finding has been
replicated many times by researchers in different laboratories with
tests on a variety of subjects.
https://skepticalinquirer.org/exclusive/yes-the-dunning-kruger-effect-really-is-real/
©TECHAPI2022
Friday, March 1, 2024
Friday, December 30, 2022
Batman
චිත්‍ර කතා ඉතිහාසය තුළ වැඩියෙන්ම
කතාබහට ලක් වූ ඒ වගේම එතෙක්
මෙතෙක් බොහෝ චිත්‍රපට මාලා
සහ කතා මාලා නිර්මාණය වෙච්ච
චරිතයක් තමා වවුල් මිනිසා නොහොත්
Batman කියලා කියන්නේ.මේ චරිතය
නිර්මාණය කරළා තියෙන ආකාරය
නිසාම අපිට ඉගෙන ගන්න ගොඩක්
දේවල් තියෙනවා.ඉතින් අපි බලමු
කොමික් පොතකින් බිහි වෙච්ච
මේ චරිතය අපිට මොනාද කියලා
දෙන්නේ කියලා.
1.ජිවිතයේ සිඳු වූ ඛේදවාචක හැරවුම්
ලක්ෂ්‍යය බවට පත් කර ගැනීම.
කුඩා කල තම මව්පියන්
දෑස් අභියසම ඝාතනය වනු දුටු
පුංචි බෘස් වේන් ඉන් ලැබූ කම්පනය
හේතුවෙන් විඳි මානසික පීඩාවන්ගේ
ප්‍රතිඵලය වූයේ තමාට සිඳු වූ එම
අසාධාරණය කිසිදු දිනෙක මින් මතු
අන් අයට නොවනු පිණිස බැට් මෑන්
නම් අයුක්තියට හා අසාධාරණයට
එරෙහිව නැඟී සිටින කාල නයිට්වරයා
වීමට තීරණය කරන්නට විය.මඳක්
සිතන්න ජීවිතයේ ඔබටත් මෙවැනිම
අත්දැකීම් ඇති එනමුත් ඔබ එම
අවස්ථාවේදී ගත් තීරණය කුමනාකාරයේන් ඔබේ ජීවිතයට
බලපා ඇත්තේද ? එය කෙලෙසට
සමාජයට බල පා ඇත්තේද ?
2.බය පරාජය කොට නැඟී සිටීම.
පුංචි බෘස් වේන් කුඩා කල සිට
වවුලන්ට බිය විය.නමුත් ඔහු තම
බිය සැලසුම් සහගතව පරාජය කරමින්
තමාගේ බිය අන් අයට දැනෙන්නට
සලස්වමින් වවුලෙකු බඳු වූ ඇඳුමක්
නිර්මාණය කොටගෙන එය තම
ඇඳුම ලෙස භාවිතා කරන්නට විය.
මතක තබා ගන්න ඔබට ඔබේ බය
කුමක්දැයි කියා දැනගත යුතු නම් එයට
ප්‍රථමයෙන් මුහුණ දෙන්න.ඉන්
අනතුරුව බය පරාජය කිරීමට සුදුසු
සැලසුමක් සකස් කොටගෙන ඒ වෙනුවෙන් කටයුතු කරන්න.
3.ප්‍රතිපත්තිගරුක වීම.
ඔහු තම ප්‍රතිපත්තියක් ලෙස
ප්‍රතිවාදීන්ට එරෙහිව තුවක්කු භාවිතා
නොකිරීම,තම සතුරන් ඝාතනය නොකිරීම ආදි වු ප්‍රතිපත්ති කිහිපයක්
බැට්මෑන් ලෙස අනුගමනය කළේය.
එසේම එම ප්‍රතිපත්ති සෑම අවස්ථාවකදීම පවා ආරක්ෂා කිරීමට
සමත් විය.
4.සැලසුම්සහගත වීම.
බෑට්මෑන් කියලා කියන්නේ Justice league හි සිටි සාමාන්‍යය
මිනිසෙක් එනමුත් එම කණ්ඩායමේ
ක්රිප්ටෝනියානියෙකු වූ සුපර්මෑන්,
ඇමසෝනියානුවෙක් වූ වොන්ඩර් වුමන්,
ඇන්ට්ලාන්ටියානුවෙකු වූ ඇකුවාමෑන්
ආදි වූ සුපිරි බල සහිත වීරයන් වේ.
එනමුත් බැට් මෑන්ට ඒ අය එරෙහි
වුවහොත් මර්දනය කිරීමට අවශ්‍ය
සැලසුම් තිබුණි.එසේම ඔහුගේ ප්රබලතම ප්‍රතිවාදියා වූ ජෝකර් වැන්නවුන් අල්ලාගැනීමට,පාලනය
කිරීමට යාමේදී පවා සෑමවිටම සැලසුමක් භාවිතා කරන්නට විය.
5.කැපවීම
ඔහු බැට් මෑන් නම් සුපිරි වීර
චරිතය බවට පත් වනුයේ ආත්මාරක්ෂක සටන් ක්‍රම 127 ක
ප්‍රමාණයක් ප්‍රගුණ කිරීමෙන් අනතුරුවය.එසේම සෑමවිටම ශාරීරික
අභ්‍යාස සිඳු කරමින් තම යෝග්‍යතාව
පවත්වා ගැනීමට වෙහෙස විය.
ජිවිතයේ අභියෝග වලට මුහුණ දෙනා
ඔයාත් සාමාන්‍යය මනුස්සයෙක් වෙන්න
පුළුවන් නමුත් ඔයාවත් සුපිරි වීරයෙක්
කරන්නේ ඔයා කරන දේවල් නිසා
කියන එක අවබෝධ කරගන්න.
බැට්මෑන් කියන්නේ සාමාන්‍යය
මනුස්සයෙක් නමුත් ඔහුගේ කැපකිරීම්
මතින් තමා ඔහු සුපිරි වීරයෙක්
බවට පත් වෙන්නේ.
සටහන ලිව්වේ : Oshan Chamindu
Monday, July 6, 2020
නිකොලා ටෙස්ලා - Nikola Tesla
ඔබ තෝමස් අල්වා එඩිසන් යනු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු බව පිළිගන්නවාද?
ඔබ නිකොලා ටෙස්ලා නැමැත්තෙකු ගැන අසා තිබෙනවාද?
පළමු ප්‍රශ්නයට පිළිතුර 'ඔව්' සහ දෙවැන්නට 'නැත' නම් මේ ලිපිය ඔබ සඳහායි.

නිකොලා ටෙස්ලා උපත ලැබුවේ ක්‍රොයේෂියාවේ සර්බියානු පවුලකයි. ඒ 1856 ජූනි 10 වනදා අකුණු ගසන මධ්‍යම රාත්‍රියේයි. ඒ නිසාම ඔහුව විදුලියෙන් උපන් දරුවා ලෙසද හැඳින්වුනා. ඔහුගේ පියා ඕතොඩොක්ස් පූජකයෙකු වූ බැවින් ඔහුට තම පුතාවද පූජකයෙකු කිරීමට අවශ්‍ය වුණා. නමුත් තම මව නිවසේ වැඩ පහසු කරගැනීමට නිර්මාණය කළ විවිධ උපකරණ හා ක්‍රම දුටු කුඩා ටෙස්ලාට අවශ්‍ය වුණේ තාක්ෂණය ඉගෙනගැනීමටයි. දිනක් ඔහුගේ සුරතල් බළලාගේ ලෝම වලින් හටගත් කුඩා ස්ථිති විද්‍යුත් ධාරාවක් වැදුණු ටෙස්ලා තමන් විදුලිය ගැන ඉගෙනගත යුතු බව තීරණය කළා. කළක් තම උපන්බිමේ දුම්රිය සමාගමක ට්‍රොලි සම්බන්ධව සේවය කළ ටෙස්ලා තම ජීවිතයේ ගත් සාධනීයම තීරණයක් ගන්නවා. ඒ ඇමරිකාවට සංක්‍රමණය වීමටයි.
ඔහු ඇමරිකාවට එන්නේ ඇඳුම් කිහිපයක්, මග වියදමට මුදල් ස්වල්පයක් සහ තමාව හඳුන්වාදීමේ ලිපියක් පමණක් සහිතවයි. ඔහු සේවයට යන්නේ ඒ මහා "ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා" වූ තෝමස් අල්වා එඩිසන්ගේ විද්‍යාගාරයටයි. එහිදී ටෙස්ලා කලක් පුරාවට බොහෝ පර්යේෂණ වල නියැලෙමින් බොහෝ නිර්මාණ කරනවා. එඩිසන් දැන සිටියේ සහ අලෙවි කලේ DC (සරළ ධාරා) විද්‍යුතයයි. එකළ එය ඉතාම මිළ අධික සේවාවක් වුණා.
- සෑම වර්ග සැතපුමකටම පමණ බලාගාරයක් අවශ්‍ය වීම,
- සම්ප්‍රේෂණය සඳහා ඝනකම් රැහැන් අවශ්‍ය වීම,
- ගිණිගැනීම් අධික වීම,
- ගින්නෙන් විදුලි පද්ධතියට සිදුවන හානි ප්‍රතිසංස්කරණය කිරීමට අධික වියදමක් යාම
ටෙස්ලා තමන්ට වඩා අතිදක්ෂයෙක් බව තේරුම්ගන්නා එඩිසන් අවසන් වරට ටෙස්ලාට භාරදෙන ව්‍යාපෘතිය වූයේ ඔහුගේ DC ජෙනරේටර් සහ මෝටර් වල දෝෂ නිරාකරණය කර දෙන ලෙසටයි. ඒ සඳහා ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් ටෙස්ලාට දීමටත් ඔහු පොරොන්දු වෙනවා. ටෙස්ලා දිවා රෑ නොබලා මෙම කාර්යය අවසන් කර එඩිසන්ට භාරදී පොරොන්දු වූ මුදල් ඉල්ලනවා. එවිට එම මුදල් දීම ප්‍රතික්ෂේප කරමින් එඩිසන් ටෙස්ලාට මෙසේ පවසනවා
"Tesla, you don't understand our American humour"
("ටෙස්ලා, ඔබට අපේ ඇමරිකානු කවටකම් තේරෙන්නේ නෑ")
එඩිසන් සහ ටෙස්ලා බිඳීයාම මෙසේ ඇරඹෙනවා. නිකොලා ටෙස්ලා වෙනම විද්‍යාගාරයක් අරඹනවා. මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදීමට එකඟ වන්නේ J.P. Morgan සහ George Westinghouse සමාගම් දෙක පමණයි.
දැන් තමයි නිකොලා ටෙස්ලා නියමෙටම වැඩ පටන්ගන්නෙ. ඔහු AC (ප්‍රත්‍යාවර්ථ ධාරා) විදුලිය ලොවට ගෙනෙනවා. ඔහු ලොව ප්‍රථම ජල විදුලි බලාගාරය නයගරා දියඇල්ලේ ඉදිකරන්නේ ජලයෙන් මහා පරිමාණ විදුලිය නිපදවීම පිළිබඳව කිසිඳු අදහසක්ම ලෝකයට නොතිබූ යුගයකයි.
- මුළු පළාතකටම එක් බළාගාරයක් හොඳටම ප්‍රමාණවත් වීම,
- සම්ප්‍රේෂණය හා බෙදාහැරීම සඳහා තුනී රැහැන් ප්‍රමාණවත් වීම,
- නිෂ්පාදන හා නඩත්තු ගාස්තු ඉතා අවම වීම
එඩිසන් නිකන් සිටියේ නැත. ඔහු පාසැල් ළමුන්ට මුදල් ලබාදී නිව්යෝක් නිවෙස් වලින් සුරතල් බල්ලන් සහ පූසන් සොරාගත්තේය. අවසානයේ අශ්වයන් සහ ටොප්සි නම් ඇතින්නක්ද සොයාගත්තේය. ටෙස්ලාගේ AC විදුලිය අනතුරුදායක බව පෙන්වීමට මේ "ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා" එම සියළු සතුන් ප්‍රසිද්ධියේම AC විදුලිය වද්දවා පණපිටින් පුළුස්සා මරා දැම්මේය.
පහත දැක්වෙන්නේ වර්ෂ 1903දී එඩිසන් විසින් ටොප්සි නම් ඇතින්න විදුලිසැර වද්දා මරා දැමෙන වීඩියෝවයි. සංවේදී අය නැරඹීමෙන් වළකින්න
https://youtu.be/NoKi4coyFw0
අසමසම මොළයක් තිබූ ටෙස්ලා මීට කදිම උපායක් යෙදුවේය. Faraday Cage එකක් ආකාරයට සාදාගත් ඇඳුමක් ඇඳගත් නිකොලා ටෙස්ලා ප්‍රසිද්ධියේ තම සිරුර හරහා ඉතාමත් අධික විදුලියක් යවාගෙන පෙන්වමින් තම නිෂ්පාදනය ආරක්ෂිත බව පෙන්වුවා. මේ සමග නිරුත්තර වී යන එඩිසන්ගේ DC විදුලිය සැම අතින්ම ප්‍රතික්ෂේප වී දුප්පතාගේ හිතවතා වූ ටෙස්ලාගේ AC විදුලිය ලොව පුරා ජනප්‍රිය වෙනවා (අදටත් ඔබේ නිවසේ භාවිතා වන්නේ AC විදුලියයි).
ශ්‍රේෂ්ඨ විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන් පරාජය භාරගත්තා යැයි ඔබා සිතනවාද? ඔහු ටෙස්ලාගේ විද්‍යාගාරයට ගිණිතබා ටෙස්ලාගේ සටහන් විනාශ කරනවා. නමුත් එඩිසන්ගේ මෙම උත්සාහයද ව්‍යර්ථ වන්නේ මානව ඉතිහාසයේ බිහිවූ අසමසම හා අසාමාන්‍ය මොළයක් හිමි නිකොලා ටෙස්ලා ඉදිරියේ තෝමස් අල්වා එඩිසන්ට තිබුණේ ළදරු මොළයක් බව ඔහුට අමතක වීම නිසාය.
නිකොලා ටෙස්ලාට භාෂා 8ක් කතා කළ හැකි විය.
Serbian, English, Czech, German, French, Hungarian, Italian සහ Latin ඒවාය.
ඔහුට එක්වරක් පමණක් කියවීමෙන් පසූ සම්පූර්ණ පොතක්ම නැවත ඒ අයුරින්ම ලිවිය හැකි මතකයක් විය. ඉතාම සංකීර්ණ ත්‍රිමාණ සටහනක් මොළයෙන් නිර්මාණය කරගෙන කිසිඳු සටහනක් නොමැතිව 100%ක් අංගසම්පූර්ණව එය නිර්මාණය කළ හැකි විය. මෙවැනි මොළයකට සටහන් ගිණිතැබීමෙන් සිදුවූ හානිය ඉතාම අවම විය.
එඩිසන්ගේ මූල්‍ය අනුග්‍රහය යටතේ අප කවුරුත් දන්නා ගුග්ලි එල්මෝ මාකෝනි රේඩියෝව සොයාගත්තේය. නමුත් ඔහු සැබැවින්ම කලේ ටෙස්ලාගේ සොයාගැනීම් හා පේටන්ට් 17ක් භාවිතා කරමින් ලොව ප්‍රථම ගුවන්විදුලි පණිවුඩය යැවීමයි (රේඩියෝවක් ගලවා එහි ඇති ටෙස්ලා කොයිල්, ට්‍රාන්සිස්ටර් ආදිය බලන්න). ටෙස්ලා මේ ගැන මාධ්‍ය වලට පිළිතුරු දුන්නේ
"Marconi is a good fellow. Let him continue. He is using seventeen of my Patents"
ලෙසයි. ඉතාම මෑතකදි දුන් නඩු තීන්දුවකින් නැවතත් ගුවන්විදුලිය සොයාගැනීමේ සම ගෞරවය ටෙස්ලාට ලැබුණු නමුත් අදටත් බහුතර ලෝකය එය දන්නේ නැත.
රේඩාර් සොයාගැනීමේ ගෞරවය ලැබෙන්නේ රොබට් වොට්සන් හටයි (1935දී). නමුත් 1917දී පළමු ලෝක යුද්ධයේදී ඇමරිකානු නාවික හමුදාව වෙනුවෙන් මුලින්ම රේඩාර් තාක්ෂණය සොයාගන්නේ නිකොලා ටෙස්ලාය. අවාසනාවට එවකට නාවික හමුදාවේ Research & development අංශයේ ප්‍රධානියා වූයේ එඩිසන්ය. ඉතිරිය ඔබම සිතාගන්න.

ටෙස්ලා තවත් ඇදහිය නොහැකි සොයාගැනීම් රැසක් සිදුකලේය.
අදටත් පරීක්ෂණ මට්ටමේ ඇති Cryogenic Engineering පිළිබඳව වසර 100කට පෙර ඔහු පරීක්ෂණ කළේය.
- දුරස්ථ පාලකය.
- රැහැන් රහිත සන්නිවේදනය.
- නියෝන් ලයිට්.
- ෆ්ලොරොසන්ට් ලයිට් (ටියුබ් ලයිට්).
- AC induction මෝටරය (බ්ලෙන්ඩරයේ ෆෑන් එකේ වායුසමීකරණයේ සිට කර්මාන්තශාලා වල දැවැන්ත යන්ත්‍ර දක්වා ඇත්තේ AC මෝටර්ය).
- විද්‍යුත් චුම්බක ක්ෂේත්රයක් මත ගමන් කරන පාවෙන පීරිසිය.
- රැහැන් රහිත විදුලි සම්ප්‍රේෂණය

ටෙස්ලා ලොවට අවසන් වරට දායාද කලේ මෑන්හැටන් දූපතේ ඉදිකල ටෙස්ලා කුළුණයි. එම කුළුණ මගින් වායුගෝලයට ඉහලින් ඇති අයනගෝලය භාවිතාකර "මුළු ලෝකයටම රැහැන් රහිතව" නොමිලේ විදුලිය ලබාදීමට හැකිවිය.
නොමිලේ මිනිසුන්ට විදුලිය දෙනවිට ඉන් ලාභ උපයන්නේ කෙසේද? මේ නිසාම ආයෝජකයන් සියල්ල ටෙස්ලා අත්හැරියහ. ටෙස්ලා ණය වෙමින් ලොවට සෙත සැදුවේය. විශේෂයෙන් කුරුල්ලන්ට හා අනෙක් සියළු සතුන්ට ඉමහත් ආදරයක් දැක්වූ මේ අවිවාහකයා 86 හැවිරිදි වියේදී සිය හෝටල් කාමරය තුලදී දුප්පතෙකු ලෙස දිවියෙන් සමුගත්තේය. වංචනික ව්‍යාපාරික එඩිසන් ගැන සැවොම දන්නා නමුත් ලොවක් තැනූ ටෙස්ලා ගැන පාසැල් පෙළපොතක වත් උගන්වන්නේ නැත. නමුත් අපගේ දරු මුණුබුරන්ද ඔහුට ණයගැතිය.
ඉතින් සියවසේ විද්‍යාඥයා වීමට වඩා සුදුසු බොහෝදුරට සෛද්ධාන්තික විද්‍යාඥයෙකු පමණක් වූ ඇල්බට් අයින්ස්ටයින්ද නැතහොත් වසර සිය ගණනක පෘථිවියේ අනාගතය තනිව තම දෑතින් ගොඩනැගූ නිකොලා ටෙස්ලාද යන්න සිතා බැලීම ඔබ සතුය.
Tuesday, June 23, 2020
Thursday, May 21, 2020
දඬුවම් කරන්නේ නැතුව විනයගරුක දරුවෙක් හදන්නේ මෙහෙමයි (10+ Brilliant Strategies to Discipline Your Kid Without Punishment in 2020)
දෙමාපියන් දරුවන්ට දඬුවම් කිරීමට පෙළඹෙන්නේ ඇයි ?
හැම දෙමාපියෙක්ම කැමතියි තමන්ගේ දරුවා විනයගරුක දරුවෙක් වෙනවට. මේ බලාපොරොත්තුව බිඳ වැටෙනකොට දෙමාපියන්ට තරහක් ඇති වෙනවා. අන්තිමටම සිද්ද වෙන්නේ ඒක දඬුවමකින් කෙලවර වෙන එක තමයි. නමුත් අපි මතක තියා ගන්න ඕනේ කාරණය තමයි දඬුවම් කිරීම ගොඩක් පහසු වුනත් දඬුවමින් දරුවන්ව විනයගරුක මාර්ගයට ගන්න බැහැ කියන කාරණය. ඒක කොහෙත්ම ඵලදායී ක්‍රමයක් වෙන්නෙත් නැහැ.
ඵලදායී ක්‍රමයකින් දරුවන් යහ මගට ගැනීමට කාලය, දෙමාපියන්ගේ ඉවසීම ගොඩාක් අවශ්‍යයයි. ඒත් ප්‍රථිපලය බැලුවම ඒක අම්මලට තාත්තලට වගේම දරුවන්ටත් වඩාත්ම හොඳ ක්‍රමයක් වෙනවා. විවිධ ලෙඩ රෝග වලට විවිධ බෙහෙත් අවශ්‍යයි. ඒත් අපි පුරුදු වෙලා ඉන්නේ දරුවන්ගේ හැම ආකාරයකම වැරදි හැසිරීම් වලට දඬුවම කියන එකම බෙහෙත යොදා ගන්නයි.
විනය සහ දඬුවම යනු දෙකකි.
විනය
ඇමරිකානු මනෝවිද්‍යා සංගමයට (American Psychological Association) අනුව "විනයගරුක භාවය කියන සංකල්පය ගොඩ නැගෙන්නේ හොඳින් සිටින දරුවන් හොඳින් හැසිරෙනවා කියන මතයේ සිතටයි. ඒ වගේම එක එක වයසට අදාළ ධනාත්මක හැසිරීම් දරුවන්ට ඉගැන්වීම විනයේ අරමුණ වෙනවා. ඒ නිසාම විනය විසින් දරුවන්ට සන්සුන්ව සිටීමට, ප්‍රශ්න විසඳා ගැනීමට, තරහ පාලනය කර ගැනීමට, හැගීම් ස්වයං පාලනය කර ගැනීමට වගේම ඔවුනගෙන් බලාපොරොත්තු වෙන හැසිරීම කුමක්ද යන්නත් උගන්වනවා.
දඬුවම්
දඬුවම කියන සංකල්පය ගොඩනැගිලා තියෙන්නේ දරුවන්ට හොඳින් හැසිරෙන ආකාරය කියල දෙන්න නම් ඔවුන්ට නරක විදියට දැනෙන්න, රිදෙන්න, ලජ්ජාවට පත් වෙන්න වගේම හිංසනයට ලක් වෙන්නත් ඕනේ කියන කාරණය මත සිටයි. දඬුවම;
- බලය සහ බිය තුලින් හැසිරීම පාලනය කරයි.
- වැරදි හැසිරීම සැඟවීමට හෝ ඒ පිලිබඳ බොරු කියන්නට දරුවන්ට උගන්වයි.
- ඍණාත්මක හැසිරීම ඉලක්ක කරයි
- වැරදි හැසිරීමෙන් ඇතිවන නරක ප්‍රතිවිපාක වලින් ගැලවෙන්න උපක්‍රම උගන්වයි.
දඬුවම් හැමවිටම දඬුවම් කරන පාර්ශවය වගේම දඬුවම් ලබන පාර්ශවයද කෝපයට පත් කරනවා. අපි බලමු මේ ගැන තවත් විස්තර.
ඔබේ දරුවාට පහරක් ගහපු වෙලාවක් ගැන හිතන්නකෝ. ඒ ගැන හිතද්දී කොහොමද දැනෙන්නේ? මුලින්ම ඔබට දරුවාගේ හැසිරීම ගැන තරහක් ඇතිවෙන්න ඇති. ඊළඟට ඔබ ඔහුට දඬුවම් කරන්නට ඇති. ටික වෙලාවකින් මොකද වුනේ? ඔබට වරදකාරී හැගීමක්, දරුවා ගැන ලොකු දුකක් ඇති වුනා නේද? අන්තිමටම දරුවා ගැන හිතද්දී ඔබට මානසිකව දැඩි බලපෑමක් ඇති වුනා.
දැන් දරුවාගේ පැත්තෙන් හිතමු. දරුවාගේ වැරදි හැසිරීම සිදු වෙන්න ඇත්තේ සමහර වෙලාවට ඔබගේ අවධානය අවශ්‍ය වෙලා වෙන්නත් පුළුවනි. එතකොට අම්මගේ ආදරය ඉල්ලන දරුවෙක්ට පහර දුන්නම ඒ දරුවට ඇති වෙන මානසික බලපෑම කොහොම වේවිද?
ඔබ දරුවාට පහර දුන්නම මුලින්ම දරුවට වේදනාවක් දුකක් ඇති වෙන්න ඇති. ඊටපස්සේ තරහක් වගේම පස්සේ කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. අපි ආදරයෙන් හදන දරුවන්ව කලකිරීමට පත් කරන්න ඕනෙද? අපි දෙමාපියන් වශයෙන් කරන්න ඕනේ එයාලට සතුටුදායක ආරක්ෂක වටපිටාවක් ගොඩනගලා දෙන එකයි. අපි කරන්න ඕනේ දරුවන්ව විනයගරුක කිරීම මිසක් ඔවුන්ව කලකිරවීම නොවෙයි.
හරි. අපි දැන් මෙහෙම හිතමු. දරුවා මොකක් හරි වැරදි වැඩක් කරපු වෙලාවක ඔබ ගොඩාක් ඉවසීමෙන් කටයුතු කළා කියල අපි හිතමු.
මුලින්ම ඔබට ලොකු පීඩනයක් ඇති වෙන්න පුළුවන් ඔබේ තරහ, දරුවාට ප්‍රතික්‍රියා දැක්වීමට යොදා ගන්න බැරි වීම ගැන. ඒත් ටික වෙලාවක් යද්දී ඔබට ලොකු සැනසීමක් දැනේවි. ඔබ ගැනම සතුටු හිතේවි. වැදගත්ම කාරණය තමයි දරුවා දුකට පීඩාවට කලකිරීමට පත් නොවීම.
අනිත් අතට මේ ක්‍රමයෙන් දරුවාට අවස්තාවක් ලැබෙනවා එයා කරපු වරද ගැන හිතන්න. අම්මට, තාත්තට පුළුවන් ඒ වරද ගැන ආයෙත් පස්සේ දරුවත් එක්ක සාකච්ඡා කරන්න. විනය හදන්න දඬුවමට වඩා ඵලදායී ක්‍රම තියෙනවා නේද? අපි ඒවා විස්තරාත්මකව ඉදිරියේදී කතා කරමු.
ඔබ දරුවන්ගේ විනය හැදීමේදී දඬුවම් නොදිය යුත්තේ ඇයි?
දරුවන් විනයගරුක මාර්ගයට ගන්න අපි කවදාවත් දඬුවම් මත විශ්වාසය තියන්න හොඳ නැහැ. ඒකට හේතුව තමයි දරුවන්ගේ ජීවිතයට දඬුවම් වලින් කෙටි කාලීන වගේම දීගු කාලීන බලපෑම් සිදු වීම. දැන් ඒ ගැන කතා කරමු.
දඬුවම් වල කෙටිකාලීන අයහපත් ප්‍රතිපල
දඬුවම් දරුවන්ව කෝප ගන්වනවා
ඔබ දරුවාට දඬුවම් කරන්න පෙළඹෙන හැම වෙලාවකම ඒකෙන් දරුවා කෝප ගැන්වෙනවා. ඔබේ ළමා කාලය ගැන හිතන්නකෝ.
පුංචි කාලේ ඔබට කව්රුහරි දඬුවම් කලාම මතකද ඒ හැගීම? දඬුවම් කරපු කෙනා එක්ක ගොඩක් වෙලා යනකල් තරහින් හිටියා නේද? ඒ වෙලාවට පොඩ්ඩක්වත් හිතුනද තමන්ට ඒ දඬුවම ලැබුනේ තමනුත් වරදක් කරපු නිසා කියල? නැහැ නේද? එකට හේතුව තමයි දඬුවම් මගින් වරද ගැන ආයෙත් හිතලා බලන්න ඒ වැරැද්ද නිවැරදි කරගන්න අවස්ථාවක් දෙන්නේ නැති වීම.
දරුවනුත් ඔබට කෑගසන්නට ඉගෙන ගනීවි.
දඬුවම් කිසිවිටෙකත් ඉවසීම වගේ මෘදු ගුණාංග දරුවන්ට උගන්වන්නේ නෑ. ඔබ හැමවෙලාවෙම දරුවන්ගේ හැසිරීම හදන්න කියලා ඔවුන්ට දඬුවම් කරන්න ගියොත් වෙන්නේ ප්‍රශ්න වලින් ගැලවෙන්න තියෙන හොඳම මාර්ගය තමයි තරහ ගැනීම කියලා දරුවනුත් ඉගෙන ගන්න එක. ඔහොම දිගින් දිගටම යනකොට ඔබට තරහ යනකොට දරුවනුත් ඔබට කෑ ගහන්නට පුරුදු වේවි.
බලාපොරොත්තු කඩ වෙන කොට ඒවාට ප්‍රතිචාර දක්වන විදිය කෝපය කියල දරුවා අර්ථකථනය කර ගැනීම නිසා තමයි එහෙම වෙන්නේ.
ආතතිකාරී දරුවන්
දඬුවම් වලින් බිහිවන්නේ ආතතිකාරී දරුවන්. ඔබ දරුවන්ගේ හැම වැරද්දකටම දඬුවම් දෙන මව්පියන් නම් ඒ ගැන වහාම සිතා බැලීම අවශ්‍යමයි. ඒ නිතර දඬුවම් ලබන දරුවන්ට මානසික ආතතියට ලක්වීමට ලොකු හැකියාවක් තියෙන නිසයි.
දරුවන් වැරදි ක්‍රියාවන් වල නිරත වෙනවා.ඔවුන් ලෝකය ගැන ඉගෙන ගන්නා නිසා ඒක ඔවුන්ගේ වයසට සාමාන්‍යයි. දෙමාපියන් විදියට අපි කරන්න ඕනේ දරුවට වැරැද්ද අඳුරගන්න උදව් කරලා ඔවුන්ව යගමගට ගැනීමයි.
කලකිරුණු දරුවන්
දෙමාපියභාවය කියන්නේ දරුවන්ව සුවපහසුවෙන් තැබීමයි. ඔවුන්ව අසරණ කිරීම නොවේ. බොහෝ වෙලාවට දරුවන් නරක ලෙස හැසිරෙන්නේ ඔබේ අවධානය ගන්නයි. දරුවන්ට මව්පියන්ගේ අවධානය, වෙලාව සහ කාලය අවශ්‍යමයි.
දරුවන් ඔබේ අවධානය, කාලය, ආදරය බලාපොරොත්තු වෙන විට ඔබ ඔවුන්ට දඬුවම් කළහොත් ඔවුන් කලකිරීමට පත් වීම පුදුමයක් නෙවෙයි නේද?
ඒ නිසා දෙමාපියන් විදියට දරුවන්ගේ වුවමනා සහ හැගීම් තේරුම් ගැනීම අවශ්‍යයයි. අපිට අපේ දරුවන්ව යහමගට ගැනීමට හැකි වන්නේ එවිටයි.
අසතුටින් සිටින දරුවන්
කොයිතරම් ආදරය හිතේ හංගාගෙන හිටියත් ඔබ දරුවන්ට නිතර දඬුවම් කරන කෙනෙක් නම් දරුවන්ට එම ආදරයෙන් පලක් නැහැ . ඔවුන් දැඩි ලෙස ඔබේ සෙනෙහස බලාපොරොත්තු වෙනවා වගේම ඒක ඔවුන්ට දැනෙන්නේ නැති වුනාම දුකට පත්වෙනවා. ඒ වගේම සතුටු වීම පවා ප්‍රතික්ෂේප කරනවා.
දරුවන් රැක බලා ගැනීමේදී දරුවන්ව සතුටින් තැබීමත් ගොඩක් වැදගත් වෙනවා. ළමා කාලයේ ලබන සතුට වැඩිහිටි කාලයට පවා හේතු වෙනවා. ඒ නිසාම දරුවන්ව සුව පහසුව හා සතුටින් තැබීම අපේ වගකීමක් වගේම යුතුකමක්.
දෙමව්පියන් හා දරුවන් අතර ඇති සම්බන්ධතාවය පලුදු වීම
ඔබේ දරුවන්ගේ සම්පූර්ණම ලෝකය වෙන්නේ ඔබයි. ඒ නිසා ඔවුන් ඔබව දැඩිව විශ්වාස කරනවා. ඔවුන්ගේ හැමදේම ඔබත් සමග බෙදා හදා ගන්න පෙළඹෙනවා ඒත් දඬුවම් කියන්නේ මේ හැම සම්බන්ධතාවයක්ම බිඳලා දාන්න හේතු වෙන දෙයක්.
දරුවා හා දෙමව්පියන් අතර තියෙන බැඳීම පලුදු වීම කියන්නේ ගොඩක් බරපතල කාරණයක්. ඒ නිසාම කුමන හෝ තත්ත්වයක් යටතේ වුවත් එය ඇති වීම කෙසේ හෝ වලක්වා ගත යුතුම වෙනවා.
වර්තමානය වන විට දරුවන් රැක බලා ගැනීමේදී අවශ්‍යම දෙයක් තමයි මේ බැඳීම. ඒකට හේතුව තමයි දරුවන්ගේ ඕනෑම ප්‍රශ්නයක් ඔවුන් සමග කතා බහ කරලා විසඳන්න පුළුවන් වෙන එකත්, ඒ විදියට සම්බන්දතාවය පලුදු වුනොත් දරුවන් දෙමාපියන්ගෙන් ඈත් වීම නිසා ඔවුන් බරපතල අනතුරකට වුනත් මුහුණ පාන්න පුළුවන් වීමත් .
මෙම සම්බන්ධතාවය එක වරක් බිඳුනොත් ආයෙත් ඇති කරන්නත් අපහසු නිසා දරුවන් යහමගට ගන්න දරුවන්ට දඬුවම් කරද්දී මේ අනතුරු ගැන සැලකිලිමත් වීම ගොඩක් වැදගත්.
දඬුවම්වල දිගුකාලීන අයහපත් ප්‍රතිපල
දෙමාපියන්ව නොසලකා හැරීම.
මෙයත් ළමා කාලයේදී සිදු විය හැකි බරපතල තත්ත්වයක්. දරුවන් නිතර නිතර දඬුවම් වලට ලක් වනවිට වගේම දෙමාපියන් දරුවන්ගේ අවශ්‍යතා, හැගීම් නොසලකා හරින විට දරුවන් දෙමාපියන්ව වුවමනාවෙන්ම නොසලකා හරින්න පුරුදු වෙනවා.
ඒ නිසා පුංචි කාලයේ ඉඳලම ඔබේ දඬුවම් වලින් පීඩාවට පත් වුනාට පස්සේ දරුවන් ඔබේ අවවාද නොසලකා හරින්න පටන් ගන්න වුනත් පුළුවන්. ඒනිසාම නිවරදිය් කියන හැසිරීමට පිටින් තියෙන ඕනෑම වැරදි හැසිරීමකට ඔවුන් යොමු වෙන්න පුළුවන් ඔබව ප්‍රතික්ෂේප කිරීමට.
දෙමව්පියන් වශයෙන් ඕනෑවටත් වඩා දරුවන්ට බලපෑම් කරන්න යාම නිසා ඉහත තත්ත්වය නොවැලක්විය හැකි දෙයක් බවට පත් වෙන්න පුළුවන්.
මානසික අවපීඩනය
ළමා කාලයේ දඬුවම් වලට ලක් වූ දරුවන් කාලයක් යද්දී මානසික අවපීඩනය ආදී මානසික රෝගී තත්වයන්ට ගොදුරු වූ අවස්ථා අද සමාජයේ ඕනෑතරම් දකින්න පුළුවන්. මේ කතා කරන්නේ හැම මව්පියෙක් ගැනම නෙවෙයි. සමහර අම්මලා තාත්තලා ඉන්නවා පැන්සලක් නැති වුනත් දරුවන්ට ගහන බනින ඒ කියන්නේ පොඩිම පොඩි දෙකට වුනත් එයාලා දරුවන් එක්ක ගොඩක් තරහ ගන්නවා.
කාලයත් සමග මේ හැමදේම දරුවන් මානසික රෝග වලට ගොදුරු වෙන්න හේතු වෙන්න පුළුවන්. අන්තිමටම වෙන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම, ඔවුන් සාමාජීය සම්බන්ධතා වලින් ඈත් වී හුදකලාව ඉන්න පෙළඹීම වගේ තත්ත්වයන්.
මේ හැම දේම ගැන හිතල බැලුවම දරුවන් යහමගට ගන්න කියලා දඬුවම් කරන එක හොඳ පියවරක් කියලා හිතන්න පුලුවන්ද? දඬුවම් කිරීමෙන් කිසිසේත් විනයගරුක දරුවන් හදන්න බැහැ. එහෙනම් කොහොමද දරුවන් යහමගට අරගෙන විනයගරුක පුරවැසියෝ කරන්න පුළුවන් කියලා අපි කතා කරමු.
ඊට කලින්, "ඔබ දරුවන්ට දඬුවම් නොකළ යුත්තේ ඇයි" කියලා වැඩි දුරටත් දැන ගන්න කැමැතියි නම් click කරන්න.
දඬුවම් නොකර විනයගරුක දරුවන් හදන්නේ කොහොමද?
දඬුවම් වලින් තොරව විනය හදන එක මේ ලෝකේ තියෙන කරන්න අපහසුම වැඩේ නොවෙයි. ඒ වගේම දඬුවම් නොමැතිව විනයගරුකව ඔවුන්ව අනාගතයට හැඩ ගැස්වීම වැදගත්ම දෙයක්. ඒකට හේතුව වෙන්නේ දඬුවම්, දරුවන්ගේ අනාගත ජීවිතයම අඳුරු කරන නපුරු හෙවනැල්ලක් වෙන්න පුළුවන් නිසා.
ඒනිසා දෙමාපියන්ට පුළුවන් නම් යහපත් පුරවැසියෝ වෙන හැටි දරුවන්ට උගන්නන්න, ඒක තමයි ඔබට දරුවන්ට දෙන්න පුළුවන් හොඳම තෑග්ග. ඒ විතරක් නෙවෙයි අනාගත පරපුරත් දඬුවම් වලින් තොරව දරුවන් යහමගට ගන්න හැටි ආදර්ශයට ගන්න නිසා ඒක අනාගතය වෙනුවෙන් කරන ආධ්‍යාත්මික ආයෝජනයකුත් වෙනවා.
විනයගරුක දරුවන් බිහිකරන්න සරල පහසු පියවර
ඔබේ දරුවා තේරුම් ගන්න
දරුවන්ව නිවැරදි මාර්ගයේ යැවීමේදී වැදගත්ම දේ වෙන්නේ දරුවන්ව තේරුම් ගැනීමයි. කොහොමද දරුවන්ව තේරුම් ගන්නේ? දරුවන්ව තේරුම් ගන්න නම් ඔවුන්ට ගොඩාක් සමීප වෙන්නට සිදු වෙනවා.
ඔබ ඔබේ දරුවන්ට කිට්ටු වෙන තරමට ඔබට ඔවුන්ව තේරුම් ගැනීමේ හැකියාවත් වැඩි වෙනවා. එතකොට දරුවන්ගේ අවශ්‍යතා , වුවමනා වගේම හැගීම් හොඳින් තේරුම් ගැනීමට හැකි වෙනවා.
තවදුරටත් Psychology Today වෙබ් අඩවිය දරුවා හොඳින් තේරුම් ගැනීමට ප්‍රශ්න 6ක් දක්වා තියෙනවා. ඒ ලිපිය කියවීමෙන් ඔබට ඒ ගැන හොඳ වැටහීමක් ලබා ගන්න පුළුවනි.
දරුවන්ට ආදර්ශමත් චරිතයක් වන්න.
දෙමාපියන් කියන්නේ දරුවන්ගේ පූර්ව ගුරුවරුන්. ඉතින් දරුවන්ට හොඳ ආදර්ශමත් චරිත වෙන්න දෙමාපියන්ට පුළුවන්.
දරුවන් ඉපදුනාට පස්සේ මුලින්ම එයාල දේවල් ඉගෙන ගන්නේ අම්මගෙනුයි තාත්තගෙනුයි. ඒ නිසාම ඔබ යහපත් දරුවන් බලාපොරොත්තු වෙනවනම් මුලින්ම ඔබ යහපත් චරිතයක් වන්න. අම්මගෙයි තාත්තගෙයි විනය තමයි දරුවනුත් ආදර්ශයට ගන්නේ. දරුවන් හැමවිටම අම්මා තාත්තා අනුකරණය කරන්න පෙළඹෙන නිසා ඔබ විනයගරුක නම් දරුවනුත් ඉබේම විනයගරුක බව ජීවිතයට එක කර ගනීවි.
හරි දේ කුමක්ද වැරදි දේ කුමක්ද යන්න දරුවාට වටහා දෙන්න
හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියල වෙන් කරලා අඳුරගන්න දරුවන්ට අපහසුයි. ඒ නිසා ඔවුන්ට සුදුසුයි කියල හිතෙන ඕනෑම දෙයක් දරුවන් කරනවා. අපට දේවල් ගැන හොඳ තේරුමක් තියෙන නිසා හරි වැරැද්ද තෝරාගන්න හැටි දරුවාට කියල දීම අපේ යුතුකමක්.
ඒ විදියට දරුවාට හරි වැරැද්ද වටහලා දෙනකල් ඔවුන් නිවැරදි දේ කරලා වැරදි දේ නොකර ඉඳියි කියලා බලාපොරොත්තු වීම නුසුදුසුයි.
ඔබට පුළුවන් දරුවන් එක්ක සුහද සාකච්චා වලට මුල පුරලා ඒවගේ දේවල් දරුවන්ට පහසුවෙන්ම උගන්නන්න. " ආච්චි අම්මා කියන දේවල් අපි අහන්න ඕනේ පුතේ. ආච්චි අම්මා අපිට වඩා ගොඩාක් දේවල් දන්නවනේ" " අපි ගොඩාක් පැණිරස කෑම කෑවොත් පලතුරු වලට අපේ බඩේ ඉඩ නැති වෙයි නේද? " මේ වගේ සුහදව පුළුවන් ඕනෑම දෙයක් දරුවාට ඒත්තු ගන්වන්න.
ඒ වගේ මගපෙන්නීම් වලට විරුද්ධ වෙන්න දරුවන්ට බැහැ. මොකද ඒවා ආදරණීය නිසා. පුංචිම දරුවන් වුනත් ඔබේ වචන පුනරුච්චාරණය කරමින් ඒ මාර්ගයේ යන්න උත්සාහ කරාවි.
දරුවන්ට සීමා පනවන්න
ඒ ඒ වයසට සුදුසු විදියට දරුවන්ට විනය උගන්වන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි සීමා පැනවීම. යොවුන් වියේ සිටින දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන හොඳ හැසිරීම් කුඩා දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා වයසට අදාළ විදියට සීමා පනවන්න අපි පරිස්සම් වෙන්න ඕනේ.
සීමා පැනවීමෙන් අදහස් වෙන්නේ නැහැ දරුවන්ව දරුණු විදියට පාලනය කිරීමක්. ඔබේ දරුවා මුළු හවස් වරුවම TV බලනවානම් ඒක අඩු කරන්න සීමා පනවන්න පුළුවන්. ඒත් ඔබේ වචනය නොසලකමින් දරුවා දිගටම TV බලනවානම් ඔබට පුළුවන් ඔවුන්ට මෘදු ලෙස කියන්න රූපවාහිනිය නිවා දමන ලෙස. ඒත් ඔහු ගණන් නොගෙන දිගටම Tv බලනවානම් ඔබට පුළුවන් දැඩිව කියන්න රූපවාහිනිය නිවා දමන්න කියලා, ඒත් දරුවාට සැරවැර කරන්න යන්න එපා. ඒත් දරුවා දිගටම ඒ ක්‍රියාවම කරනවානම් ඔබට පුළුවන් ඔබේ කිසිදු තරහක් ඔවුන්ට නොපෙන්වා රූපවාහිනිය නිවා දමන්න.
ආයෙමත් මම ඔබට මතක් කරන්නේ සීමා පනවන විට හැම වෙලාවේම දරුවාගේ වයස ගැන සැලකිලිමත් වෙන්න කියලයි.
නම්‍යශීලී වෙන්න.ඒත් ස්ථිරසාර වෙන්න
මව්පියන් නම්‍යශීලී වෙන්න ඕනේ. අපි දන්නවා වේලුනු දැඩි අතු මහා සුළඟට කැඩිලා වැටෙනවා. ඒත් අමු අතු නම්‍යශීලී නිසාම ඕනම කුනාටුවකට වුනත් ඔරොත්තු දෙනවා. ඒකට හේතුව ඒ අතු අවස්ථාවට හරියන විදියට නම්‍යශීලී වීමයි.
දරුවන්ව රැක බලා ගැනීමේදී දෙමාපියනුත් ඒ අමු අතු වගේ වෙන්න ඕනේ. එහෙම නොවුනොත් අර වේලිච්ච අතු කෑලි වලට කැඩුනා වගේම අපේ ජීවිත වලත් සතුට නැති වෙන්න පුළුවන්. දරුවන් හැම වෙලේම කැමතියි දෙමාපියන් නම්‍යශීලී වෙනවට.
ඒත් මතක තියාගන්නම ඕනේ දෙයක් තමයි ස්ථිරසාර වීමත්. ඒ කියන්නේ එක දෙයක් සම්බන්ධයෙන් තියෙන ඔබේ අදහස විටින් විට වෙනස් කරන්න යන්න එපා. හැමවිටම ඔබ ඔබේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන ධනාත්මක හැසිරීමේ අගය තියා ගන්න. දරුවන් ඔබෙන් සෙල්ලම් කරන්න අවස්තාව ඉල්ලනවානම් ඒ අවස්තාව ඔවුන්ට දෙන්න. ඒත් පාසල් වැඩ ඉවරවෙලා සෙල්ලම් කරන්න කියලා මෘදුව දරුවට කියන්න.
එහෙම නැතුව " නෑ නෑ දැන් ඉස්කෝලේ වැඩ කරන්න ඕනේ. සෙල්ලම් කලාම කවුද ඒවා කරන්නේ? " කියල කියන්න එපා. එවැනි ක්‍රම වලින් දරුවාව යහපත් මාර්ගයට ගන්න බැහැ.
අපි කැමතියි අපෙන් ඉල්ලීම් කරනවට. ඒත් අපි කැමති නැහැ අණ කරනවට. ඉතින් අපේ දරුවනුත් ඒ වගේමයි නේද?
ඔබේ දරුවාට ඇහුම්කන් දෙන්න.
දරුවන්ට ඇහුම්කන් දීමත් දරුවන් යහමගට ගැනීමේ හොඳ උපක්‍රමයක්. ඔවුන්ට ඇහුම්කන් දීමෙන් ඔවුන්ට අවශ්‍ය මොනවද කියලා තේරුම් ගන්න පුළුවන්. සමහරවෙලාවට ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඔබ ඔවුන්ට ඇහුම්කන්දීම පමණක් වෙන්න පුළුවන්. ඒත් ඒ විදියට ඇහුම්කන් දුන්නම එයාලගේ ප්‍රශ්නයෙන් භාගයක්ම විසඳෙන්නත් ඉඩ තියෙනවා.
එතකොට ඔබගේ අවධානය දිනා ගන්න ඔවුන්ට ඔබව තරහ ගස්සන්න වුනත් අවශ්‍ය වෙන්නේ නැහැ. සරලවම කිව්වොත් ඔවුන් ඒකෙන් ඉගෙන ගන්නවා රණ්ඩු කරනවට වඩා සාකච්ඡා කරලා විසඳගන්න එක හොඳයි කියලා. ඔබ ඔබේ දරුවන් එක්ක ඉන්නවා කියන්නේ දරුවන් යහමගට ගැනීමම තමයි.
දරුවාගේ හොඳම යහළුවා වෙන්න
දෙමව්පියන් දරුවන්ගේ හොඳම යහළුවන් වෙනකොට ඔවුන් දෙගොල්ලොම වාසනාවන්ත වෙනවා. දරුවෝ එයාලගේ හදවත් හොඳම යාළුවො ඉදිරියේ විවෘත කරනවා. ඒ නිසා ඔබට පුළුවන් නම් දරුවාගේ හොඳම යාලුවා වෙන්න ඔබේ දරුවා ඔබේ වචන වලට ඉබේම කීකරු වේවි.
එතකොට දරුවන්ව නිවැරදි මාර්ගයට ගන්නට ගොඩාක්ම පහසු වෙනවා.
දරුවන්ට බල කරන්න එපා
මෙන්න මේ විදියට තමයි ඔයා හැසිරෙන්න ඕනේ, මෙන්න මේවා තමයි ඔයා කරන්න ඕනේ කියලා කවදාවත් දරුවට බලකරන්න එපා. බලෙන් අපිට දරුවන්ගෙන් කිසිම දෙයක් කරවගන්න බැහැ. ඔබේ බල කිරීමට දරුවන් දෙයක් කරන්න පෙළඹුනත් ඔවුන් ඒ දේ කවදාවත් ඔවුන්ගේ ජීවිතයට එකතු කර ගන්න එකක් නම් නැහැ.
අපිට දරුවන්ට විනය ඒ විදියට බලහත්කාරයෙන් උගන්වන්න බැහැ. එක දරුවන් කැමැත්තෙන් පුහුණු කරන්න ඕනේ දෙයක්.
දරුවන්ට දේවල් කරන්න බල කරනවා වෙනුවට ඒ දේ කැමැත්තෙන් කරන්න දරුවාට පෙළඹවීමක් ඇති කරන්න. ඒකෙන් ඔබටම ඉගෙන ගන්න පුළුවන් බල කිරීම ප්රතිපලදායක නැහැ කියලා
දරුවන්ට බල කරන්න එපා
"ගස් නගින්න එපා", "සෙල්ලම් බඩු කටේ දාන්න එපා" "ඒක කඩන්න එපා" ඒක කරනන එපා" "මේක කරන්න එපා". හැම ගෙදරකින්ම වගේ ඇහෙන වාක්‍ය තමයි ඒ. දරුවන් කොහොමත් අපි එපා කියන දේවල් කරන්න කැමතියි. ඒක ඔවුන්ගේ ස්වභාවය. ඒ නිසා නිවැරදිම දේ වෙන්නේ එපා කියන එක නෙවෙයි. ඒ වෙනුවට එපා කියන හේතුව කියලා දෙන්න. ඒක තමයි ළමයි යහමගට ගැනීමේ නිවැරදිම ක්‍රමය.
දරුවන්ට හැමදේම දැනගන්න කුතුහලයක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් ඒ කුතුහලය ප්‍රයෝජනයට අරගෙන හැමදේම එපා කියන්න යන්නේ නැතුව ඇයි කියලා කියා දෙන්න.
එපා කියන වචනය ඍණාත්මක වචනයක්. දරුවන්ව අපි පුළුවන් තරම් ධනාත්මක වචන වලට යොමු කරවන්න ඕනේ. මේ ලිපිය කියවන්න. මේකේ සඳහන් වෙන්නේ " කොහොමද ඍණාත්මක වචන දරුවන්ට බලපානේනේ සහ අයි ඒ වචන අපි සීමා කල යුත්තේ?" කියලයි.?”
දරුවන්ගේ යහපත් හැසිරීම අගය කරන්න
"හොඳ වැඩක් පුතා කලේ" "හොඳ පුතා" "හොඳ දුව". මේවා පුංචි වචන ටිකක් වුනත් පුංචි දරුවන්ගේ හිත සතුටින් පිරෙනවා මේ වගේ වචන ඇහෙනකොට.
ඒ නිසා පුළුවන් හැමවෙලාවෙම දරුවාගේ හොඳ ක්‍රියා අගය කරන්න. එතකොට ඊළඟ වතාවේ එයාල දෙයක් කරනකොට හරි දේ කරන්න ඉබේම යොමු වේවි. මොකද එයාලා දන්නවා හොඳ වැඩක් කලොත් අම්මයි තාත්තයි එයාලව ගොඩක් අගය කරනවා කියලා.
බලන්න, කොයිතරම් පුංචි දේවලින් දරුවන්ව යහමගට ගන්න පුලුවන්ද කියලා.
දරුවන්ගේ සුළු වැරදි නොසලකා හරින්න
දරුවන් කරන හැම වරදක් ගානෙම ඔවුන්ට දඬුවම් කරන්න යන්නෙපා. ඔවුන් අතින් සිද්ධ වෙන සුළු වැරදි ඔබට පහසුවෙන්ම නොසලකා හරින්න පුළුවන්. අපිට අවරුදු දෙකක දරුවෙක්ගෙන් නිවැරදිවම කෑම කන විදිය බලාපොරොත්තු වෙන්න බැහැ. එයාලා කෑම කද්දී ඇඟේ ගෑවෙනවා. මේසේ උඩ කෑම හැලෙනවා. ඉතින් ඒවා සාමාන්‍යයි.
අපි උදාහරනයකට ගනිමුකෝ දරුවාට වැසිකිලි පුහුණුව ලබා දෙනවා කියලා. එතකොටත් පොඩි පොඩි අතපසුවීම් එයාලගේ අතින් වෙන්න පුළුවන්. ඒවා බරපතල විදියට අරන් දරුවට දඬුවම් කරන්න යන්න හොඳ නැහැ. දරුවන් ඒවා ටිකෙන් ටික ඉගෙන ගනීවි. අපි කරන්න ඕනේ ඒ වගේ සුළු වැරදි නොසලකා හැරලා ඔවුන්ගේ යහපත් දේවල් අගය කරලා තව තවත් හොඳ දේවල් කරන්න යොමු කරන එකයි.
පවුලේ සාමාජිකයන්ට එක්ව සිටින්න වෙලාවක් වෙන් කර ගන්න
දෙමාපියන් දරුවන් සමග ගුණාත්මක විදියට එකට ගත කරන කාලය දරුවන් යහමගට ගන්න හේතු වෙනවා. ඔබ බලාවිනේ ඒ කිහොමද කියලා. ඉන්න මම විස්තර කරන්නම්.
ඔබ පවුලක් වශයෙන් එකට වැඩ කරන වේලාවන්වල දරුවන් ඉගෙන ගන්නවා මොනවද හොඳ දේවල් කියලා. ඒ වගේම ඒකෙන් ඔවුන් පවුලේ අයත් එක්ක ඉතා ලඟින් බැඳෙනවා. එතකොට එයාල පවුලේ තියෙන සංස්කෘතියත් එක්ක කැමැත්තෙන්ම බැඳීම සිද්ධ වෙනවා. එතකොට ඔබේ පවුලේ ඔබ බලාපොරොත්තු වෙන යහපත් ගතිගුණ දරුවන් තුල ඔබ නොදැනුවත්වම ගොඩ නැගෙන්න පටන් ගනීවි.
දරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් සිතා බලන්න
දරුවන් ලෝකය දකින විදිය වැඩිහිටි අපි ලෝකය දකිනවට වඩා ගොඩක් වෙනස්. ඒ නිසා අපිට සමහර වෙලාවට සිද්ද වෙනවා දරුවෝ බලන විදියට දරුවෝ හිතන විදියට හිතන්න එයාලා කරන දේවල් තේරුම් ගන්න. සරලවම කියනවනම් දරුවාගේ පැත්තෙන් හිතන්න වෙනවා.
"මම මගේ දරුවා වුනා නම් අම්මගේ අවධානය නැති වුනාම මම මොනවා කරාවිද?" මෙහෙම හිතල බැලුවොත් දරුවාගේ වැරදි හැසිරීම් වලට හේතුව ඔබට පහසුවෙන්ම හොයා ගන්න පුළුවන් වෙනවා.
දරුවන්ට ප්‍රතිචාර දක්වන්න. ප්‍රතික්‍රියා දක්වන්න එපා.
අපේ දරුවන්ට අපේ ප්රතිචාරයයි අවශ්‍ය වෙන්නේ. එයාල අපි ප්‍රතික්‍රියා දක්වන්වට කැමති නැහැ. ඔවුන් ඔබේ අවධානය ඉල්ලනවානම් අහන්න ඔවුන්ට මොනවද ඕනේ කියලා, එත් එයාලව කරදරයක් කියල හිතල ගහන්න යන්න එපා.
දරුවා කරදර කරමින් ඔබේ අවධානය ගන්න උත්සාහ කරනවා කියල හිතන්නකෝ. ඒක කොච්චර කරදරයක් වුනත් ඔබට පුළුවන් නම් තරහ යටපත් කරගෙන ඔවුන්ට මෘදු විදියට කතා කරලා ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න, ඊළඟ වතාවේ ඔවුනුත් මෘදු විදියට ඔබෙන් දේවල් ඉල්ලාවි.
සාරාංශය
දඬුවම් නොකර දරුවන් යහමගට ගැනීම කිසිසේත්ම කල නොහැකි දෙයක් නොවේ. ඕනෑම දෙමව්පියෙක්ට මේ ලිපියේ සඳහන් කරලා තියෙන සරල පියවර වලින් දරුවන් පහසුවෙන්ම ආදරණීය හා මෘදු විදියට යහමගට ගන්න පුළුවන්.
මම ඔබට ආරාධනා කරනවා වැඩිදුර විස්තර සඳහා “How to potty train your kid without yelling and smacking” කියන ලිපිය කියවීමට.
මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...









































