Friday, December 30, 2022

Batman

 චිත්‍ර කතා ඉතිහාසය තුළ වැඩියෙන්ම
කතාබහට ලක් වූ ඒ වගේම එතෙක්
මෙතෙක් බොහෝ චිත්‍රපට මාලා
සහ කතා මාලා නිර්මාණය වෙච්ච
චරිතයක් තමා වවුල් මිනිසා නොහොත්
Batman කියලා කියන්නේ.මේ චරිතය
නිර්මාණය කරළා තියෙන ආකාරය
නිසාම අපිට ඉගෙන ගන්න ගොඩක්
දේවල් තියෙනවා.ඉතින් අපි බලමු
කොමික් පොතකින් බිහි වෙච්ච
මේ චරිතය අපිට මොනාද කියලා
දෙන්නේ කියලා.

1.ජිවිතයේ සිඳු වූ ඛේදවාචක හැරවුම්
ලක්ෂ්‍යය බවට පත් කර ගැනීම.

කුඩා කල තම මව්පියන්
දෑස් අභියසම ඝාතනය වනු දුටු
පුංචි බෘස් වේන් ඉන් ලැබූ කම්පනය
හේතුවෙන් විඳි මානසික පීඩාවන්ගේ
ප්‍රතිඵලය වූයේ තමාට සිඳු වූ එම
අසාධාරණය කිසිදු දිනෙක මින් මතු
අන් අයට නොවනු පිණිස බැට් මෑන්
නම් අයුක්තියට හා අසාධාරණයට
එරෙහිව නැඟී සිටින කාල නයිට්වරයා
වීමට තීරණය කරන්නට විය.මඳක්
සිතන්න ජීවිතයේ ඔබටත් මෙවැනිම
අත්දැකීම් ඇති එනමුත් ඔබ එම
අවස්ථාවේදී ගත් තීරණය කුමනාකාරයේන් ඔබේ ජීවිතයට
බලපා ඇත්තේද ? එය කෙලෙසට
සමාජයට බල පා ඇත්තේද ?

2.බය පරාජය කොට නැඟී සිටීම.

පුංචි බෘස් වේන් කුඩා කල සිට
වවුලන්ට බිය විය.නමුත් ඔහු තම
බිය සැලසුම් සහගතව පරාජය කරමින්
තමාගේ බිය අන් අයට දැනෙන්නට
සලස්වමින් වවුලෙකු බඳු වූ ඇඳුමක්
නිර්මාණය කොටගෙන එය තම
ඇඳුම ලෙස භාවිතා කරන්නට විය.
මතක තබා ගන්න ඔබට ඔබේ බය
කුමක්දැයි කියා දැනගත යුතු නම් එයට
ප්‍රථමයෙන් මුහුණ දෙන්න.ඉන්
අනතුරුව බය පරාජය කිරීමට සුදුසු
සැලසුමක් සකස් කොටගෙන ඒ වෙනුවෙන් කටයුතු කරන්න.

3.ප්‍රතිපත්තිගරුක වීම.

ඔහු තම ප්‍රතිපත්තියක් ලෙස
ප්‍රතිවාදීන්ට එරෙහිව තුවක්කු භාවිතා
නොකිරීම,තම සතුරන් ඝාතනය නොකිරීම ආදි වු ප්‍රතිපත්ති කිහිපයක්
බැට්මෑන් ලෙස අනුගමනය කළේය.
එසේම එම ප්‍රතිපත්ති සෑම අවස්ථාවකදීම පවා ආරක්ෂා කිරීමට
සමත් විය.

4.සැලසුම්සහගත වීම.

බෑට්මෑන් කියලා කියන්නේ Justice league හි සිටි සාමාන්‍යය
මිනිසෙක් එනමුත් එම කණ්ඩායමේ
ක්‍රිප්ටෝනියානියෙකු වූ සුපර්මෑන්,
ඇමසෝනියානුවෙක් වූ වොන්ඩර් වුමන්,
ඇන්ට්ලාන්ටියානුවෙකු වූ ඇකුවාමෑන්
ආදි වූ සුපිරි බල සහිත වීරයන්‍ වේ.
එනමුත් බැට් මෑන්ට ඒ අය එරෙහි
වුවහොත් මර්දනය කිරීමට අවශ්‍ය
සැලසුම් තිබුණි.එසේම ඔහුගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වූ ජෝකර් වැන්නවුන් අල්ලාගැනීමට,පාලනය
කිරීමට යාමේදී පවා සෑමවිටම සැලසුමක් භාවිතා කරන්නට විය.

5.කැපවීම

ඔහු බැට් මෑන් නම් සුපිරි වීර
චරිතය බවට පත් වනුයේ ආත්මාරක්ෂක සටන් ක්‍රම 127 ක
ප්‍රමාණයක් ප්‍රගුණ කිරීමෙන් අනතුරුවය.එසේම සෑමවිටම ශාරීරික
අභ්‍යාස සිඳු කරමින් තම යෝග්‍යතාව
පවත්වා ගැනීමට වෙහෙස විය.

ජිවිතයේ අභියෝග වලට මුහුණ දෙනා
ඔයාත් සාමාන්‍යය මනුස්සයෙක් වෙන්න
පුළුවන් නමුත් ඔයාවත් සුපිරි වීරයෙක්
කරන්නේ ඔයා කරන දේවල් නිසා
කියන එක අවබෝධ කරගන්න.
බැට්මෑන් කියන්නේ සාමාන්‍යය
මනුස්සයෙක් නමුත් ඔහුගේ කැපකිරීම්
මතින් තමා ඔහු සුපිරි වීරයෙක්
බවට පත් වෙන්නේ.

සටහන ලිව්වේ : Oshan Chamindu

No comments:

Post a Comment

  මොළයේ සැඟවුණු සුපිරි බලය: මොකක්ද මේ Neuroplasticity? සරලවම කිව්වොත් මචං, Neuroplasticity කියන්නේ අපේ මොළයට තියෙනවා අලුත් දේවල් අත්දකිද්දී,...